මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්‍ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො ...
මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ. මහණෙනි, ...
මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන් වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවූ ද? ඒ කණකැස්බා ...
මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවූ ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක ...
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ...