අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.4.10. වාද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 4. සීසපාවන වර්ගය

මහණෙනි, යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ඉදුනුදු දොස් කැමති දොස් සොයනසුලු මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණුදිගින් එන්නේ නම් කරුණු ...

12.4.9. ඉන්‌දඛීල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 4. සීසපාවන වර්ගය

මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම ...

12.4.8. දුතිය සුරියූපම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 4. සීසපාවන වර්ගය

මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එලිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එලිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ. මහණෙනි, එසෙයින් ම අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදීත් ...

12.4.7. සුරියූපම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 4. සීසපාවන වර්ගය

මහණෙනි, යම් මේ අරුණොදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.

12.4.6. පාණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 4. සීසපාවන වර්ගය

මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේ ය. ...