අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.10.7–9 උක්‌කොටනාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 10. චතුත්‌ථ ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.10.4–6 තුලාකූටාදි සූත්‍ර

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 10. චතුත්‌ථ ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.10.3. දූතෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 10. චතුත්‌ථ ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.10.2. කයවික්‌කය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 10. චතුත්‌ථ ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.10.1. ඛෙත්‌තවත්‌ථු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 10. චතුත්‌ථ ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ... වීර්ය්‍ය කටයුතු යි.