මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් (විවාහක) ඉතිරි (අවිවාහක) කුමරියන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් ඉතිරිකුමරියන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කට යුතුයි.