මහණෙනි, එසේයින් ම යම් සත්වකෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ . වැළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු ප්‍රෙතවිෂයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්ය්‍ය කටයුතු යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ" යි? "වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ". මහණෙනි, එසේයින් ම යම් කෙනෙක් මිනිසුන් ...
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍යය දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, ...