මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් නිරයෙන් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසේයින් ම යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙහි ච්‍යුත වූවාහු ප්‍රෙතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසේයින් ම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසේයින් ම යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.