අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.3.10. ගවම්‌පති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 3. කොටිගාම වර්ගය

එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරොධයත් දකී. දුක්ඛනිරොධගාමිනීපටිපදාවත් දකී” යි. මෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හෙතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හෙතුව දකී ...

12.3.9. පරිඤ්‌ඤෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 3. කොටිගාම වර්ගය

මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙන් පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. ප්‍රහාණ කළයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. සාක්ෂාත් කටයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. වැඩියයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. මහණෙනි, පිරිසිඳ දත යුතු ආර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුතු ය. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු ය. ...

12.3.8. ලොක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 3. කොටිගාම වර්ගය

මහණෙනි, මේ අරීසස් සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි තථාගතයන් ආර්‍ය්‍යහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

12.3.7. තථ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 3. කොටිගාම වර්ගය

මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර තථ්‍ය ය, නො වෙනස්වනසුලු ය, අන් පරිදි නො වනසුලු ය. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

12.3.6. මිත්‌ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 3. කොටිගාම වර්ගය

මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් සිවු අරීසස් අවබොධ කිරීම පිණිස සමාදන් කරවිය යුතු ය. වැස්වියයුතු ය. පිහිටියයුතු ය. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ...