මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හෙතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හෙතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්‍ය කට යුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් හිස්බසින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් හිස්බසින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් සත්ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.