295. එකං සමයං ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච සාරිපුත්තො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකස්සපං එතදවොච:
295. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටියෝ ආයුෂ්මත් කසුප් තෙරුන් වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරුන්ට මෙය කීහ.
කින්නු ඛො ආවුසො, කස්සප හොති තථාගතො පරම්මරණාති? %%
ඇවැත්නි, කාශ්‍යපයෙනි, කිමෙක් ද, තථාගත (සත්ත්ව) තෙමේ මරණින් මතුවේ ද?
අබ්යාකතං ඛො එතං ආවුසො, භගවතා “හොති තථාගතො පරම්මරණා”ති.
ඇවැත්නි, “සත්ව තෙමේ මරණින් මතු වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
කිං පනාවුසො, න හොති තථාගතො පරම්මරණාති?
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු නො වේ ද?
එතම්පි1 ඛො ආවුසො, අබ්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති.
ඇවැත්නි “සත්ත්ව තෙමේ මරණින් මතු නො වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
කින්නු ඛො ආවුසො, හොති ච න හොති ච තථාගතො පරම්මරණාති?
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ ද?
අබ්යාකතං ඛො එතං ආවුසො භගවතා, “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති.
ඇවැත්නි, “සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි” යන මෙද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
කිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති?
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ ද?
එතම්පි ඛො ආවුසො, අබ්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
ඇවැත්නි, “සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
කස්මා චෙතං ආවුසො, අබ්යාකතං භගවතාති?
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද්දේ ද?
න හෙතං ආවුසො අත්ථසංහිතං ආදිබ්රහ්මචරියකං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. තස්මා තං අබ්යාකතං භගවතාති.
ඇවැත්නි, මෙය අර්ථ සහිත වූයේ නො වෙයි. මගබඹසරට මුල් වූයේ නො වෙයි. කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරොධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බොධිය පිණිස, නිවන පිණිස නො පවතී.
එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
අථ කිඤ්චරහාවුසො,2 බ්යාකතං භගවතාති?
ඇවැත්නි, වැලි, කිමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද?
ඉදං දුක්ඛන්ති ඛො ආවුසො, බ්යාකතං භගවතා. අයං දුක්ඛසමුදයොති බ්යාකතං භගවතා. අයං දුක්ඛනිරොධොති බ්යාකතං භගවතා. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති බ්යාකතං භගවතාති.
ඇවැත්නි, ‘මේ දුකැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. ‘මේ දුක හටගැණීමේ හේතුව’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ‘මේ දුක නැති වීම වූ නිවන’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි ‘මේ දුක් නැති වීමට පමුණුවන පිළිවෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.
කස්මා චෙතං ආවුසො බ්යාකතං භගවතාති?
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ද?
එතං හි ආවුසො, අත්ථසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං, එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මා තං භගවතා බ්යාකතන්ති.
ඇවැත්නි, මෙය අර්ථ සහිත ය. මෙය මගබඹසරට මුල් වූයේ ය. මෙය කළකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරොධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බොධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.