ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 4. කළාරඛත්‌තිය වර්ගය

1.4.7. නතුම්හසුත්තං

1.4.7. නතුම්හ සූත්‍රය

37. සාවත්ථියං–

37. සැවැත්නුවර–

නායං භික්ඛවෙ, කායො තුම්හාකං තාපි2 අඤ්ඤෙසං. පුරාණමිදං භික්ඛවෙ කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදයිතං3 දට්ඨබ්බං.

මහණෙනි, මේ කය තොපගේ නො වේ. අනුන්ගේ ද නො වේ. මහණෙනි, මේ පුරාණ කර්‍මයෙකි. ප්‍රත්‍යයයෙන් කරණ ලද්දේ ය. වේතනාව මුල් කොට ඇත්තේ ය. වේදනාවට වස්තු වූයේ යයි දතයුතු යි.

තත්ර ඛො භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදඤ්ඤෙව සාධුකං යොනිසො මනසිකරොති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදුදුක් රැසේ හට ගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදුදුක්රැසේ නිරෝධය වේය යන යමක් ඇද්ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ ය” යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි.