ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 2. අහාර වර්ගය

1.2.5. කච්චානගොත්තසුත්තං

1.2.5. කච්‌චානගොත්‌ත සූත්‍රය

15. සාවත්‍ථියං–

15. සැවැත්නුවර–

අථ ඛො ආයස්මා කච්චානගොත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කච්චානගොත්තො භගවන්තං එතදවොච: “සම්මාදිට්ඨි සම්මාදිට්ඨී”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සම්මාදිට්ඨි හොතීති?

ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?

2ද්වයංනිස්සිතො ඛො’යං කච්චාන ලොකො යෙභුය්‍යෙන අත්‍ථිතඤ්චෙව නත්‍ථිතඤ්ච. ලොකසමුදයඤ්ච ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්‍ථිතා, සා න හොති. ලොකනිරොධං ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ අත්‍ථිතා, සා න හොති. උපායුපාදානාභිනිවෙසවිනිබද්ධො3 ඛ්වායං කච්චාන ලොකො යෙභුය්‍යෙන තඤ්ච උපායුපාදානං චෙතසො අධිට්ඨානං අභිනිවෙසානුසයං න උපෙති, න උපාදියති, නාධිට්ඨාති ‘අත්තා මෙ’ති. දුක්ඛමෙව උප්පජ්ජමානං උප්පජ්ජති, දුක්ඛං නිරුජ්ඣමානං නිරුජ්ඣතීති න කඞ්ඛති. න විචිකිච්ඡති. අපරප්පච්චයා ඤාණමෙවස්ස එත්‍ථ හොති. එත්තාවතා4 ඛො කච්චාන, සම්මාදිට්ඨි හොති.

කච්චාන, මේ ලෝකයා අස්තිත්වය (ශාශ්වතය) ද නාස්තිත්වය (උච්ඡෙදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ. කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරොධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවෙසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ. ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි. ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි (සලකයි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ. විචිකිච්ජා නූපදවයි. මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්ෂඥානයම වේ. කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.

සබ්බමත්ථිති ඛො කච්චාන, අයමෙකො අන්තො. සබ්බං නත්ථිති අයං දුතියො අන්තො. එතෙ තෙ කච්චාන උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.

කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.