11. සාවත්ථියං–
11. සැවැත්නුවර–
චත්තාරොමෙ භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබලිඞ්කාරො1 ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය.
මහණෙනි, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි: කවර සතරෙක් ද? යත්: දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර (=පිඬු කොට බුදින බත් ආදි) ආහාරය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චෙතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ සතර ආහාරයෝ උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් වෙති.
ඉමෙ ඛො භික්ඛවෙ,2 චත්තාරො ආහාරා කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා, තණ්හාසමුදයා, තණ්හාජාතිකා, තණ්හාපභවා3
මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (කරුණු) කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට ඇත්තෝ ද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට, තෘෂ්ණාව හේතු කොට, තෘෂ්ණාව ජාති කොට, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තෝ ය.
තණ්හා චායං භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? තණ්හා වෙදනානිදානා, වෙදනාසමුදයා, වෙදනාජාතිකා, වෙදනාපභවා.
මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට, ඇත්තී ද? තෘෂ්ණාව වේදනාව නිදාන කොට, වේදනාව හේතු කොට, වේදනාව ජාති කොට, වේදනාව ප්‍රභව කොට ඇත්තී ය.
වෙදනා චායං භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? වෙදනා ඵස්සනිදානා, ඵස්සසමුදයා, ඵස්සජාතිකා, ඵස්සප්පභවා.
මහණෙනි, මේ වේදනාවත් කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී ද? වේදනාව ස්පර්‍ශය නිදාන කොට, ස්පර්‍ශය හේතු කොට, ස්පර්‍ශය ජාති කොට, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය.
ඵස්සො චායං භික්ඛවෙ, කින්නිදානො? කිංසමුදයො? කිඤ්ජාතිකො? කිම්පභවො? ඵස්සො සළායතනනිදානො, සළායතනසමුදයො, සළායතනජාතිකො, සළායතනප්පභවො.
මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට, ඇත්තේ ද? ස්පර්‍ශය ෂඩායතනය කරුණු කොට, ෂඩායතනය හේතු කොට, ෂඩායතනය ජාති කොට, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ ය.
සළායතනඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? සළායතනං නාමරූපනිදානං, නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපප්පභවං.
මහණෙනි, මේ ෂඩායතනය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? ෂඩායතනය නාමරූප කරුණු කොට, නාමරූප හේතු කොට, නාමරූප ජාති කොට, නාමරූප ප්‍රභව කොට ඇත්තේ ය.
නාමරූපඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? නාමරූපං විඤ්ඤාණනිදානං, විඤ්ඤාණසමුදයං, විඤ්ඤාණජාතිකං, විඤ්ඤාණප්පභවං.
මහණෙනි, මේ නාමරූප කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? නාමරූප විඥානය කරුණු කොට, විඥානය හේතු කොට, විඥානය ජාති කොට, විඥානය ප්‍රභව කොට ඇත්තේ ය.
විඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං, සඞ්ඛාරසමුදයං, සඞ්ඛාරජාතිකං, සඞ්ඛාරප්පභවං.
මහණෙනි, මේ විඥානය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? විඥානය සංස්කාරයන් කරුණු කොට, සංස්කාරයන් හේතු කොට, සංස්කාරයන් ජාති කොට, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ ය.
සඞ්ඛාරා චිමෙ භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා, අවිජ්ජාසමුදයා, අවිජ්ජාජාතිකා, අවිජ්ජාපභවා.
මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සංස්කාරයෝ අවිද්‍යාව කරුණු කොට, අවිද්‍යාව හේතු කොට, අවිද්‍යාව ජාති කොට, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු ය.
ඉති ඛො භික්ඛවෙ, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො –පෙ– එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
අවිද්‍යාවේ ම අනවශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරොධයෙන් සංස්කාර නිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ.