ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 11. සක්‌ක සංයුත්‌තය » 3. සක්කපඤ්චකය

11.3.4. අච්චයසුත්තං

11.3.4. අච්‌චය සූත්‍රය

270. 1එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සම්පයොජෙසුං. තත්‍රෙකො භික්ඛු අච්චසරා. අථ ඛො සො භික්ඛු තස්ස භික්ඛුනො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙති2. සො භික්ඛු න පටිගණ්හාති.3

270. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිබවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.

අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ ද්වෙ භික්ඛූ සම්පයොජෙසුං. තත්රෙකො භික්ඛු අච්චසරා. අථ ඛො සො භන්තෙ භික්ඛු තස්ස භික්ඛුනො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙති. සො භික්ඛු න පටිගණ්හාතීති.

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිබවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.

ද්වෙ මෙ භික්ඛවෙ බාලා: යො ච අච්චයං අච්චයතො න පස්සති, යො ච අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං න පටිගණ්හාති. ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ බාලා. ද්වෙ මෙ භික්ඛවෙ පණ්ඩිතා: යො ච අච්චයං අච්චයතො පස්සති, යො ච අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං පටිගණ්හාති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතා.

මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.

භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුධම්මායං සභායං දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:

මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.

කොධො වො වසමායාතු මා ච මිත්තෙ හි වො ජරා,
අගරහියං මා ගරහිත්ථ මා ච භාසිත්ථ පෙසුණං,
අථ පාපජනං කොධො පබ්බතො වාභිමද්දතීති.

ක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍රධර්මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්ෂීණාස්‍රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.