1. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තදහුපොසථෙ පණ්ණරසෙ කොමුදියා චාතුමාසිනියා පුණ්ණාය පුණ්ණමාය රත්තියා රාජාමච්චපරිවුතො උපරිපාසාදවරගතො නිසින්නො හොති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තදහුපොසථෙ උදානං උදානෙසි:
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වු මහත් භික්ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමිපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වු, වෛදේහීපුත්‍ර වු අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන් වු සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනී ය:
‘‘රමණීයා වත භො දොසිනා රත්ති, අභිරූපා වත භො දොසිනා රත්ති, දස්සනීයා වත භො දොසිනා රත්ති, පාසාදිකා වත භො දොසිනා රත්ති, ලක්ඛඤ්ඤා වත භො දොසිනා රත්ති. කන්නු ඛවජ්ජ සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්යාම යන්නො පයිරුපාසතො චිත්තං පසීදෙය්යා!’’ති.
“භවත්නි, ආශ්චර්‍ය යි! රාත්‍රිය සඳ රැසින් සිත්කළු වෙයි (අභ්‍රමහිකාදි දෝෂයන්ගේ පහ වු රාත්‍රිය රමණීය ය)! භවත්නි, රාත්‍රිය සඳරැසින් විශේෂයෙන් ශෝභන ය! භවත්නි, රාත්‍රිය සඳරැසින් දැකුම් කළු ය! භවත්නි, රාත්‍රිය සඳ රැසින් ප්‍රසාදජනකය! භවත්නි, රාත්‍රිය සඳ රැස කරණ කොට ගෙන ලක්ෂණීය ය! යමක්හු ඇසුරු කරන අපගේ සිත පහදනේ නම් එසේ වු කවර නම් මහණකු බමුණකු අද ඇපි එළැඹ ඇසුරු කරන්න මෝ ද !” යනු යි.
2. එවං වුත්තෙ අඤ්ඤතරො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො1 සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො. තං දෙවො පූරණං කස්සපං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස පූරණං කස්සපං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
2. රජහු මෙසේ කී කල්හි, එක්තරා රජ ඇමැතියෙක් වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාසත් රජහට “දේවයන් වහන්ස, මේ කාශ්‍යප ගෝත්‍රික පූරණයෝ පැවිදි මුළුවක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද වෙති. ගණාචාර්‍ය ද වෙති. ප්‍රකටයහ. කීර්තිමත්හ. බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකැ යි සම්මත වූ තීර්ථංකර කෙනෙක. චිරරාත්‍රඥ හ. පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ ය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝ ය. මහළු වියට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ කාශ්‍යපගෝත්‍රික පූරණයන් වෙත එලැඹ ඇසුරු කරණ සේක්වා. කාශ්‍යපීය පූරණයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ වචනය කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තුෂ්ණීම්භූත විය.
3. අඤ්ඤතරො’පි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව මක්ඛලී ගොසාලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො මක්ඛලිං ගොසාලං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස මක්ඛලිං ගොසාලං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
3. අන් කිසි රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජු හට “දේවයන් වහන්ස, මේ ගෝසාල මක්ඛලීහු පැවිදි පිරිසක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට යහ. කීර්ථිමත් හ. තීර්ථංකර කෙනෙක. බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත හ. රාත්‍රඥ හ. පැවිදිවූ බොහෝ කල් ඇත්තෝ ය. රජපරපුර දෙක තුනක් ඉක්මැ යන තරම් දික් කලක් ගෙවුවෝ ය. පැසිම් වයසට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්ඛලීන් ඇසුරු කරන සේක් වා. ගෝසාල මක්ඛලීන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම්, ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තූෂ්ණීම්භූත විය.
4. අඤ්ඤතරො’පි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව අජිතො කෙසකම්බලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො. තං දෙවො අජිතං කෙසකම්බලං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස අජිතං කෙසකම්බලං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
4. අන් එක්තරා රජඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ කේශකම්බල අජිතයො සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට වූ කීර්තිමත් වු බොහෝ දෙනා විසින් සාධුසම්මත වු, රාත්‍රඥ වු, දික්වයස් ගිය, මහළු විය පැමිණි තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කේශකම්බල අජිතයන් ඇසුරු කරන සේක් වා. කේශකම්බල අජිතයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඉතා යෙහෙකැ” යි. මේ බස් කීය. මෙසේ කී කලැ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ මුවෙන් කිසිත් නො බැණ හුන්නේ ය.
5. අඤ්ඤතරො’පි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව පකුධො කච්චායනො1 සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො. තං දෙවො පකුධං කච්චායනං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස පකුධං කච්චායනං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
5. අන් එක් ඇමැතියෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, කාත්‍යායනගෝත්‍රික මේ පකුධයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද, වෙති. ප්‍රකට වූ, කීර්ථිමත් වු, බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වූ බොහෝ කල් ඇති, දික්වයස් ගිය, මහළු වියට පැමිණි, තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කාත්‍යායන පකුධයන් වෙත එලැඹ ඇසුරු කරන සේක් වා. කාත්‍යායන පකුධයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
6. අඤ්ඤතරො’පි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව සඤ්ජයො බෙළට්ඨපුත්තො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො. තං දෙවො සඤ්ජයං බෙළට්ඨපුත්තං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස සඤ්ජයං බෙළට්ඨපුත්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
6. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ වෛරාටිපුත්‍ර සංජයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධු සම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගිය, පැසීම් වයසට පැමිණි, ප්‍රකට වු, කීර්තිමත් තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ වෛරාටිපුත්‍ර සංජයයන් ඇසුරු කරන සේක් වා. වෛරාටිපුත්‍ර සංජයන් ඇසුරු කරන දේවහන් වහන්සේගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
7. අඤ්ඤතරො’පි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච: ‘අයං දෙව නිගණ්ඨො නාතපුත්තො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයො අනුප්පත්තො. තං දෙවො නිගණ්ඨං නාතපුත්තං පයිරුපාසතු. අප්පෙවනාම දෙවස්ස නිගණ්ඨං නාතපුත්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
7. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වූ, පැවිදි වු බොහෝ කල් ඇති, දික් කලක් ගත කළ, මහළු විය පත්, ප්‍රකට වූ, කීර්තිමත් තීර්ථංකර කෙනෙකි. දේවයන් වහන්සේ ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන සේක් වා. ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි. කීය මෙසේ කී කල්හී වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
8. තෙන ඛො පන සමයෙන ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස අවිදූරෙ තුණ්හීභූතො නිසින්නො හොති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො ජීවකං කොමාරභච්චං එතදවොච: ‘ත්වං පන සම්ම ජීවක කිං තුණ්හී?’ති
8. ඒ වේලෙහි වනාහි කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට නොදුරෙහි නිහඬ වැ හුණ්නේ වෙයි. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ තෙමේ කෝමාරභච්ච ජිවිකයා අමතා, “යහළු ජීවකය, යුෂ්මතා වූ කලී කවර හෙයින් කිසිත් නොබැණ ඉදින්නේ හි ද?” යි කී ය.
‘‘අයං දෙව භගවා අරහං සම්මාසම්බුද්ධො අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තං දෙවො භගවන්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්යා’ති.
එ විට කෝමාරභච්ච ජීවක කියුයේ, “දේවයන් වහන්ස, මේ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ එක්දහස් දෙසිය පණසක් පමණ භික්ෂුන් ඇති මහත් භික්ෂුසමූහයක් හා අපේ අඹවනයෙහි වැඩ වසන සේක. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’යි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නංඟේ ය. මහරජ, තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසුරු කෙරේ වා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරණ මහරජුගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකකි” යි කීයේ ය.
‘‘තෙන හි සම්ම ජීවක හත්ථියානානි කප්පාපෙහී”ති.
“යහළු, ජීවකය, එසේ නම් හස්තියාණයන් සරසව”යි රජ කී ය.
9. ‘එවං දෙවා’ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා1 පඤ්චමත්තානි හත්ථිනිකාසතානි2 කප්පාපෙත්වා රඤ්ඤො ච ආරොහණීයං නාගං, රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිවෙදෙසි: ‘කප්පිතානි ඛො තෙ දෙව හත්ථියානානි යස්ස’දානි කාලං මඤ්ඤසී’ති.
9. ‘දේවයිනි, එසේ යැ’යි කියා, කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට පිළිවදන් දී (පිරිවර ස්ත්‍රීන් සඳහා) පන්සියයක් පමණ ඇතින්නන් සරසවා, රජුට ද නැගීමට සුදුසු ඇතකු සදවා, වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට ‘‘දේවයිනි, ඔබට හස්ථියාන සරසවන ලදි. යම් ගමනකට දැන් කැලැ යි ඔබ සිතත් නම් එය කරන්නැ”යි දැන්වී ය.
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පඤ්චසු හත්ථිනිකාසතෙසු පච්චෙකා ඉත්ථියො ආරොපෙත්වා ආරොහණීයං නාගං අභිරූහිත්වා උක්කාසු ධාරියාමානාසු රාජගහම්හා නිය්යාසි මහච්ච රාජානුභාවෙන. යෙන ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනං තෙන පායාසි.
එ විට වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පන්සියයක් ඇතින්නන් මතැ එක් එක් ස්ත්‍රිය බැගින් නංවා, තෙමේ තමාට නැඟීමට සුදුසු ඇතු පිට නැඟ, දඬුවැට පහන් දරනු ලබන කල්හී, මහත් රාජර්ද්ධියෙන් රජගහ නුවරින් නික්මුණේ ය. නික්මැ කෝමාරභච්ච ජීවකයාගේ අඹවනය කරා ගියේ ය.
10. අථ ඛො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස අවිදූරෙ අම්බවනස්ස අහුදෙව භයං අහු ඡම්භිතත්තං අහු ලොමහංසො. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො ජීවකං කොමාරභච්චං එතදවොච: ‘කච්චි මං සම්ම ජීවක න වඤ්චෙසි? කච්චි මං සම්ම ජීවක න පලම්භෙසි? කච්චි මං සම්ම ජීවක න පච්චත්ථිකානං දෙසි? කථං හි නාම තාවමහතො භික්ඛුසඞ්ඝස්ස අඩ්ඪතෙළසානං භික්ඛුසතානං නෙව ඛිපිතසද්දො භවිස්සති න උක්කාසිතසද්දො න නිග්ඝොසො?’ති.
10. ඉක්බිත්තෙන් අඹවනයට නොදුරෙහිදී වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාතශත්‍රැ රජුට බියෙක් වූයේ ම ය, ඇඟ වෙවුලුමෙක් වූයේ ම ය, ලොමුදැහැ ගැන්මෙක් වූයේ ම ය, එවිට … අජාතශත්‍රැ රජතෙමේ බිය ගත්තේ, තැතිගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, කෝමාරභච්ච ජීවකයා අමතා “කිමෙක් ද? යහළු ජීවකය, මට වංචා නොකෙරෙයි ද, කිමෙක් ද යහළු ජීවකය, මා නො රවටයි ද? කිමෙක් ද, යහළු ජීවකය, මා සතුරනට පාවා නොදෙයි ද? භික්ෂුන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඒ සා මහත් භික්ෂුසමූහයකගේ කිවිසුම් හඬෙක් කෙසේ නම් නො වන්නේ ද? උකැසි හඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ ද? කටහඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ දැ?” යි ඇසී ය.
‘‘මා භායි මහාරාජ3 න තං දෙව වඤ්චෙමි. න තං දෙව පලම්ෙභමි. න තං දෙව පච්චත්ථිකානං දෙමි. අභික්කම මහාරාජ, අභික්කම මහාරාජ. එතෙ මණ්ඩලමාළෙ4 දීපා ඣායන්තී’’ති.
එ විට “මහ රජාණෙනි, බිය නො ගන්නැ. දේවයිනි, ඔබට වංචා නොකරමි. දේවයිනි, ඔබ නො රවටමී. දේවයිනි, ඔබ සතුරනට පාවා නොදෙමි. මහරජාණනි, ඉදිරියට වඩින්නැ. මහරජාණෙනි, ඉදිරියට වඩින්නැ. තෙල, මණ්ඩලමාළයෙහි (වට හලෙහි හෙවත් හිඳුනා හලෙහි) පහන් දැල්වේ” යැ යි කෝමාරභච්ච ජීවක කීය.
11. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො යාවතිකා නාගස්ස භූමි නාගෙන ගන්ත්වා නාගා පච්චොරොහිත්වා පත්තිකො’ව යෙන මණ්ඩලමාළස්ස ද්වාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: කහං පන සම්ම ජීවක භගවා?ති.
11. එක්බිති වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ ඇතුපිටින් යා හැකි තෙක් දුරැ ඇතුපිටින් ගොස්, ඇතුගෙන් බැස, පාගමන් ඇතියේ ම (පයින් ම) මණ්ඩලමාලද්වාරය (වට හල් දොර) කරා එළැඹීයේ ය. එලැඹැ කෝමාරභච්ච ජීවකයාගෙන් ‘යහළු ජීවකය, භාග්‍යවත් තෙමේ කොහි දැ?’යි ඇසී ය.
‘‘එසො මහාරාජ භගවා. එසො මහාරාජ භගවා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසින්නො පුරක්ඛතො භික්ඛුසඞ්ඝස්සා’’ති.
“මහ රජාණෙනි, තෙල භාග්‍යවතුන් වහන්සේ ය. මැදුම් ටැඹ නිසා (මැද කණුවට පිටු දී) පෙර දිගට මුහුණ ලා, භික්ෂුසමූහයා විසින් පෙරටු කරන ලදු වැ තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේ යැ” යි කෝමාරභච්ච ජීවක කීය.
12. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා රහදමිව විප්පසන්නං, උදානං උදානෙසි: ‘ඉමිනා මෙ උපසමෙන උදායිභද්දො1 කුමාරො සමන්නාගතො හොතු යෙනෙතරහි උපසමෙන භික්ඛුසඞ්ඝො සමන්නාගතො’ති.
12. එ විට වෛදේහීපුත්‍ර වු මගධේශ්වර වු අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. එසේ සිටි රජ තෙමේ වෙසෙසින් පහන් වූ, කැළැඹුම් නැති විලක් සේ බැලූ බැලූ පැත්තෙහි තුෂ්ණීම්භූත වැ හුන් භික්ෂු සංඝයා දෙස නැවත නැවත බලා, “දැන් මේ භික්ෂුසංඝයා යම් සංහුන්බවෙකින් යුක්ත ද මගේ උදායිභද්‍ර කුමාර තෙමේ ද මෙබඳු වූ ම සංහුන්බැවින් සමන්විත වේ වා” යි උදන් ඇනී ය.
‘‘අගමා ඛො ත්වං මහාරාජ යථාපෙමං’’ති?
එවිට, භාග්‍යවතුන් වහන්සේ “මහරජ, තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැ” යි වදාළ සේක.
‘‘පියො මෙ භන්තෙ උදායිභද්දො1 කුමාරො. ඉමිනා මෙ භන්තෙ උපසමෙන උදායිභද්දො1 කුමාරො සමන්නාගතො හොතු යෙනෙතරහි උපසමෙන භික්ඛුසඞ්ඝො සමන්නාගතො’’ති.
“වහන්ස, උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රිය ය. වහන්ස, භික්ෂුසංඝයා දැන් යම් බඳු සංහිදීමෙකින් සමන්විත ද, මගේ උදායිභද්‍ර කුමාර තෙමේ මේ බඳු වූ සංහිඳීමෙන් සමන්විත වේවා” යි රජ කීය.
13. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං අභිවාදෙත්වා භික්ඛුසඞ්ඝස්ස අඤ්ජලිම්පණාමෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච: ‘‘පුච්ඡෙය්යාමහං භන්තෙ භගවන්තං කිඤ්චිදෙව දෙසං, සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායා’’ති.
13. එක්බිති වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, භික්ෂුසංඝයා ද ඇඳිලි බැඳ, පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හිඳගත් රජ තෙමේ “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ පැණයක් විසඳන්නට කිසි ලේශමාත්‍ර අවකාශයක් ගන්නා සේක් නම්, මම විචාරන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
‘‘පුච්ඡ මහාරාජ යදාකඞ්ඛසී’’ති.
“මහරජ, ඉඳින් කැමැත්තෙහි නම් විචාරන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
14. ‘‘යථා නු ඛො ඉමානි භන්තෙ පුථුසිප්පායතනානි සෙය්යථීදං2: හත්‍ථාරොහා අස්සාරොහා රථිකා ධනුග්ගහා3 චෙලකා චලකා පිණ්ඩදායකා4 උග්ගා රාජපුත්තා පක්ඛන්‍දිනො මහානාගා සූරා චම්මයොධිනො දාසකපුත්තා5 ආළාරිකා6 කප්පකා නහාපකා8 සූදා8 මාලාකාරා9 රජකා පෙසකාරා නළකාරා10 කුම්භකාරා ගණකා මුද්දිකා, යානි වා පනඤ්ඤානි’පි එවංගතිකානි11 පුථුසිප්පායතනානි, තෙ දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සිප්පඵලං උපජීවන්ති. තෙ තෙන අත්තානං සුඛෙන්ති පීනෙන්ති.12 මාතාපිතරො සුඛෙන්ති පීනෙන්ති. පුත්තදාරං සුඛෙන්ති පීනෙන්ති. මිත්තාමච්චෙ සුඛෙන්ති පීනෙන්ති. සමණෙසු බ්රාහ්මණෙසු13 උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙන්ති14 සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. සක්කා නු ඛො භන්තෙ එවමෙව15 දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතුන්ති’’.16
14. “වහන්ස, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැනවදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය, මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මාලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, මෙබඳු වු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම අත් දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්. ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත්, පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි රජ විචාළේ ය.
15. ‘‘අභිජානාසි නො ත්වං මහාරාජ ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්රාහ්මණෙ පුච්ඡිතා’’ති.
15. “මහරජ, ඔබ මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දන්නෝ ද (මතෙක ඇද්දැ)?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘‘අභිජානාමහං භන්තෙ ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්රාහ්මණෙ පුච්ඡිතා’’ති.
“වහන්ස, මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දනිමි (මතෙක ඇතැ)”යි රජ කීය.
‘‘යථාකථං පන තෙ මහාරාජ බ්යාකරිංසු, සචෙ තෙ අගරු භාසස්සූ’’ති.
“මහරජ, කෙසේ නම් ඔබට ඔහු මෙය විසැඳුවෝ ද? ඉදින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘‘න ඛො මෙ භන්තෙ ගරු යත්ථස්ස භගවා වා නිසින්නො, භගවන්තරූපො වා’’ති. ‘‘තෙන හි මහාරාජ භාසස්සූ’’ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නකු හෝ ඉන්නා තැනෙක එය කීම මට බරෙක් නොවේ” යැ යි රජ කීය.
“මහරජ, එසේ නම් කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
16. ‘‘එකමිදාහං භන්තෙ සමයං යෙන පූරණො කස්සපො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පූරණෙන කස්සපෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ පූරණං කස්සපං එතදවොචං: යථා නු ඛො ඉමානි භො කස්සප පුථුසිප්පායතනානි සෙය්යථිදං: හත්ථාරොහා -පෙ- යානි වා පනඤ්ඤානි’පි එවංගතිකානි පුථුසිප්පායතනානි. තෙ දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සිප්පඵලං උපජීවන්ති. තෙ තෙන අත්තානං සුඛෙන්ති පීනෙන්ති මාතාපිතරො සුඛෙන්ති පීනෙන්ති පුත්තදාරං සුඛෙන්ති පීනෙන්ති මිත්තාමච්චෙ සුඛෙන්ති පීනෙන්ති සමණෙසු බ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙන්ති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. සක්කා නු ඛො භො කස්සප එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතුන්ති.
16. (එවිට රජ මෙසේ කී ය:) “වහන්ස, මම් එක් වරෙක කාශ්‍යපපූර්ණයන් කරා එළඹියෙමි. එළැඹ ඔහු හා සතුටු වීමි. සතුට උපදවන, සිතැ රැඳැවියැ යුතු කතාබස් අවසන් කොට පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ පසෙක ඉදැගත් මම් කාශ්‍යප පූර්ණයන් අමතා ‘භවත් කාශ්‍යපයිනි, යම්සේ අතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත් ද, ඔහු එයින් තමන් … මා පියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙත් ද පිනවත් ද, මහණ බමුණු කෙරෙහි ... දන් පිහිටුවත් ද, භවත් කාශ්‍යපයිනි, එසේ ම මහණදමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදැ” යි විචාළෙමි.
17. එවං වුත්තෙ භන්තෙ පූරණො කස්සපො මං එතදවොච: කරොතො ඛො මහාරාජ කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො සොචාපයතො කිලමයතො1 කිලමාපයතො ඵන්දයතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙ’පි චක්කෙන යො ඉමිස්සා පඨවියා2 පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථිපාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙ’පි ගඞ්ගාය3 තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙ’පි ගඞ්ගාය3 තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යජාපෙන්තො, නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති.
17. ‘වහන්ස, මෙසේ කී කල්හි කාශ්‍යප පූරණයෝ මට මෙය කීහ:
“මහරජ, තමා ම කරන්නහුට ද අනුන් ලවා කරවන්නහුට ද, අනුන්ගේ අත් ආදිය සිඳිනහුට ද සිඳුවන්නහුට ද, අනුන් දඬු ආදියෙන් පෙළන්නහුට ද පෙළවන්නහුට ද, පරා සතු දෑ පැහැරැ ගැනුම් ආදියෙන් මෙරමා තවන්නහුට ද අනුන් ලවා තවවන්නහුට ද, අහර වැළැක්වීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුට ද මෙරමා ලවා වෙහෙසවන්නහුට ද, මෙරමා කම්පිත කරන්නහුට ද අනුන් ලවා කම්පිත කරවන්නහුට ද, පණ නසන්නහුට ද නස්වන්නහුට ද, නොදුන් දෑ ගන්නහුට ද ගන්වන්නහුට ද, ගෙවල් බිඳින්නහුට ද බිඳුවන්නහුට ද, කිසිත් නො ඉතිරි කොට සියල්ල පැහැරැ ගන්නහුට ද පැහැර ගන්වන්නහුට ද, එක් ගෙයක් වටා සිට එහි ඇති බඩුමූට්ටු පැහැර ගන්නහුට ද ගන්වන්නහුට ද, මඟැ රැක සිට එහි යනෙනුවන්ගේ බඩු පැහැරැ ගන්නහුට ද, පරඹුවන් කරා යන්නහුට ද, මුසවා තෙපලන්නහුට ද, පවක් කරමි යි සිතා කරන්නහුට ද, පවක් නොකැරෙයි. යමෙක් කරකැත්තක් සේ තියුණු නිම්වලල්ලක් ඇති චක්‍රයකින් මේ පොළොවෙහි සතුන් මරා එක් මස්ගොඩක් එක් මස්රැසක් කරන්නේ නම්, ඒ හේතුවෙන් වන පවක් නැත, පාපයාගේ පැමිණීමක් නැත. සතුන් මරමින් මරවමින්, සිඳිමින් සිඳුවමින්, පෙළමින් පෙළවමින්, ගංගා නදියේ දකුණු තෙරට නමුදු යන්නේ නම්, ඒ හේතුවෙන් පවෙක් නැත, පවේ පැමිණිමෙක් නැත. දෙමින් දෙවමින්, යාග කරමින් කරවමින්, ගංගා නදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැත. දීමේන් ඉඳුරන් දැමීමෙන් (හෝ පෙහෙවස් වීසීමෙන්) ශිලසංයමයෙන්, සබවස් රැකීමෙන් පිනෙක් නැත. පින් පැමිණිමෙක් නැත” යනු යි.
ඉත්ථං ඛො මෙ භන්තෙ පූරණො1 කස්සපො සන්‍දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අකිරියං බ්‍යාකාසි.2
සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය2 ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය2, එවමෙව ඛො මෙ භන්තෙ පූරණො1 කස්සපො සන්‍දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අකිරියං බ්‍යාකාසි.2
වහන්ස, මෙසේ කෘශ්‍යප පූර්ණයෝ මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය දැක්වූහ. වහන්ස, අඹ කෙබඳු දැ? යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේත් දෙල් විචාරණ ලදු වැ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම වහන්ස, කාශ්‍යප පූර්ණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය පැවැසූහ.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: ‘කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤය්‍යා’ති. සො ඛො අහං භන්තෙ පූරණස්ස කස්සපස්ස භාසිතං නෙව අභිනන්දිං නප්පටික්කොසිං.3 අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො4 අනිකුජ්ජන්තො5 උට්ඨායාසනා පක්කාමිං.6
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතනු හැක්කේ දැ?’ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාශ්‍යප පූර්ණයන්ගේ වචනය නො පැසසීමි. විරුද්ධ බසකුදු නො කීමි. නො පසසා විරුදු බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නොසතුටු බසක් නො නික්මවා, ඔවුන් බස සාරවශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබන්නෙම්, උනස්නෙන් නැගී නික්මිණිමි.
18. එකමිදාහං භන්තෙ සමයං යෙන මක්ඛලි ගොසාලො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්‍වා මක්ඛලිනා ගොසාලෙන7 සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං8 වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ මක්ඛලිං ගොසාලං9 එතදවොචං:10 ‘යථා නු ඛො ඉමානි භො ගොසාල පුථුසිප්පායතනානි සෙය්යථීදං: හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො භො ගොසාල එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතුන්ති11.
18. වහන්ස, අන් එක් වරෙක මම් ගෝසාල මක්ඛලී වෙත එළෑඹියෙමි. එලැඹ ඔහුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිතැ රැඳැවියැ යුතු වු කතා බස් කොට අවසනැ පසෙක ඉඳ ගතිමි. පසෙක ඉඳ ගත්තෙම්, වහන්ස, මම් ගෝසාල මක්ඛලීහු අමතා ‘භවත් ගෝසාලයිනි, යම්සේ අතරුවෝ ය, අසරුවෝ ය, ... යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත් ද, ඔහු එයින් තමන් ... මාපියන් ... අඹුදරුවන් … හා යහළුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණු විෂයයෙහි ... දන් පිහිටුවත් ද, භවත් ගෝසාලයිනි, මෙසේ ම මහණ දමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵලවිපාකයක් දක්වන්නට හැකිදැ” යි මෙය විචාළෙමි.
19. එවං වුත්තෙ භන්තෙ මක්ඛලී ගොසාලො මං එතදවොච: ‘නත්ථි මහාරාජ හෙතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහෙතු අපච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. අහෙතූ අපච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි අත්තකාරෙ නත්ථි පරකාරෙ නත්ථි පුරිසකාරෙ නත්ථි බලං නත්ථි වීරියං නත්ථි පුරිසථාමො නත්ථි පුරිසපරක්කමො. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති.
19. වහන්ස, මෙසේ විචාළ කල්හි ගෝසාල මක්ඛලීහු මට මෙය කීහ: “මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයෙක් නැත. හේතුවක් නැති වැ ප්‍රත්‍යයක් නැතිවැ (ඉබේ ම) සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ පිරිසිදු වීමට ද හේතුවෙක් නැත., ප්‍රත්‍යයයෙක් නැත. හේතුව නැති වැ ප්‍රත්‍යය නැති වැ සත්ත්වයෝ පිරිසිදු වෙත්. තමාගේ යහපත සඳහා තමා විසින් කළ යුතු කර්මයෙක් නැත. අනුන්ගේ යහපත සඳහා කළයුතු අවවාදානුශාසනාදී කර්මයෙක් ද නැත. කරන්නහු සැපතට පමුණුවන … පුරුෂ කාර්‍යයෙක් ද නැත. සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. වීර්‍යය කියා එකෙක් නැත. පුරුෂශක්තිය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් වීර්‍යයක් නැත්තෝ ම නියමය, සංගතිය (තම තමා අයත් වර්ගයට පැමිණීම), ස්වභාවය යන මේ තුනින් පරිණාමයට පැමිණීයෝ අභිජාති සයෙක්හිම සැප දුක් විඳිත්.
චුද්දස ඛො පනිමානි යොනිප්පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි, පඤ්ච ච කම්මුනො සතානි, පඤ්ච ච කම්මානි, තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච.
මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්ෂ හදහස් හසියෙකි. කර්ම පන්සීයෙකි. (අන් සැටියෙකින්) කර්ම පසෙක් ද කර්ම තුනෙක් ද වෙත්. (කායවාක්කර්ම වූ) පූර්ණ කර්ම ද, (මනඃකර්ම වූ) අර්ධ කර්ම ද වේ.
ද්වට්ඨි පටිපදා, ද්වට්ඨන්තරකප්ෙපා, ඡළභිජාතියො, අට්ඨ පුරිසභූමියො එකූනපඤ්ඤාස ආජීවකසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රියසතෙ, තිංස නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත ෙපසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පවුටසතානි, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්ත සුපිනා, සත්ත සුපිනසතානි, චූළාසීති මහාකප්පුනො සතසහස්සානි යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
ප්‍රතිපත්ති දෙසැටෙකි. අන්තඃකල්ප දෙසැටෙකි. අභිජාති සයෙකි. පුරුෂභූමි අටෙකි. ජිවිකාවෘත්ති සාරදහස් නවසියෙකි. පරිව්‍රාජකයන් පිළිබඳ ප්‍රව්‍රජ්‍යා සාරදහස් නවයෙකි. නාගමණ්ඩල සාරදහස් නවයෙකි. ඉන්ද්‍රියයො දෙදහසෙකි. නිරයයො තුන්දහසෙකි. අත්පිටු පාපිටු ආදි ධුලි තැවැරෙන තැන් සතිසෙකි. සංඥී ගභර් සතෙකි. අසංඥී ගභර් සතෙකි. නිර්ග්‍රන්ථ ගභර් සතෙකි. (පුරුකින් පැල වෙන උක් හුණු ආදී ගභර් සතෙකි.) දේව වර්ග සතෙකි. මනුෂ්‍ය වර්ග සතෙකි. පිශාච ජාති සතෙකි. මහවිල් සතෙකි. මහා පර්වත සතෙකි. කුඩා පර්වත සත්සියෙයකි. මහා ප්‍රපාත සතෙකි. කුඩා ප්‍රපාත සත්සියෙයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සියෙයකි. අනුවණයනුත් නුවණැත්තනුත් සසරැ දිවැ හැවිදැ දුක් කෙළෙවර කිරීමට ගෙවියැ යුතු කල්ප අසූහාර ලක්ෂයකි.
තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමීති පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තී කරිස්සාමීති හෙවං නත්ථි. දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකතෙ. සංසාරෙ නත්ථි හායනවඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පළෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තීති.
එහි මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමුහු කළ කර්මය මුහුකුරුවන්නෙමි යි කියා කළ යුත්තක් නැත. මුහුකළ කර්මය විඳ විඳ ක්ෂීණ කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුතු දැයෙක් නැත. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණවත් කරන ලද්දක් සේ සුව දුක් දෙක (කියන ලද කාල සීමාව ගෙවුනු කල්හි) කෙළවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩු වීමෙක් වැඩීවීමෙක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම්සේ දමාලූ හූවටෙක් ලිහෙමින් දිග ඇති තෙක් යේ ද, එයින් මතු නොයේ ද, එ පරිදි ම අනුවණයෝත් නුවණැත්තොත් (සසරැ) දිව හැවිද දුක් කෙළෙවර කරන්නාහ’ යනු යි.
ඉත්ථං ඛො මෙ භන්තෙ මක්ඛලී ගොසාලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො සංසාරසුද්ධිං බ්යාකාසි. සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ මක්ඛලී ගොසාලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො සංසාරසුද්ධිං බ්යාකාසි.
වහන්ස, මෙසේ ගෝසාල මක්ඛලීහූ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම සංසාර ශුද්ධිවාදය පැවසූහ. වහන්ස, අඹ කෙබඳු දැ යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේත් දෙල් කෙබඳු දැ යි විචාරණ ලදුයේ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම ගෝසාල මක්ඛලීහු මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම සංසාර ශුද්ධිය පැවැසූහ.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්යාති. සො ඛො අහං භන්තෙ මක්ඛලිස්ස ගොසාලස්ස භාසිතං නෙව අභිනන්දිං නප්පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කමිං.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටැ වසන මහණකු හෝ බමුණකු පෙළියැ යුතු කොට කෙසේ නම් සිතියැ හැකිදැ’යි මේ සිත විය. වහන්ස, ඒ මම් ගෝසාල මක්ඛලීන්ගේ වචනය නො පැසැසිමි, එයට විරුද්ධ බසකුත් නො කීමි. මෙසේ නො පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැත්තෙම් නුමුදු, නො සතුටු බසක් නො නික්මවා, එ ම බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ ද නො තබන්නෙම්, හුනස්නෙන් නැඟී නික්මිණිමි.
20. එකමිදාහං භන්තෙ සමයං යෙන අජිතො කෙසකම්බලො1 තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා අජිතෙන කෙසකම්බලෙන2 සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං3 වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ අජිතං කෙසකම්බලං4 එතදවොචං:5 ‘යථා නු ඛො ඉමානි භො අජිත පුථුසිප්පායතනානි සෙය්යථීදං6 හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො භො අජිත7 එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතුන්ති?’8.
20. වහන්ස, මම් එක් විටෙක කේශකම්බල අජිතයන් කරා එළැඹියෙමි. එලැඹ ඔහු හා සතුටු විමි. සතුටට කරුණු වු සිතැ රැඳැවියැ යුතු වූ කතා බස් නිමවා එක් පසෙක හිඳැ ගතිමි. එසේ හිඳ ගත්තෙම්, ඔහු අමතා ‘භවත් අජිතයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා ජීවත් වෙත් ද, ඔහු එයින් තමන් … තම මාපියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුව පත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණන් විෂයයෙහි … දන් පිහිටුවත් ද, භවත් අජිතයෙනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි මැ දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකි දැ” යි මෙය විචාළෙමි.
එවං වුත්තෙ භන්තෙ අජිතො කෙසකම්බලො1 මං එතදවොච: ‘‘නත්ථි මහාරාජ දින්නං. නත්ථි යිට්ඨං. නත්ථි හුතං. නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො. නත්ථි අයං ලොකො. නත්ථි පරො2 ලොකො. නත්ථි මාතා. නත්ථි පිතා. නත්ථි සත්තා ඔපපාතිකා. නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා3 සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුම්මහාභූතිකො අයං පුරිසො යදා කාලං කරොති, පඨවී පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති. යාව ආළහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්මන්තා ආහුතියො. දත්තුපඤ්ඤත්තං යදිදං දානං. තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරම්මරණා’’ති.
වහන්ස, මෙසේ මා විචාළ කල්හී, කේශකම්බල අජිතයො මට මෙය කීහ: “මහරජ, දුන් දැයෙහි පල නැත. කළ මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත, මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරිමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක (මෙයින් සැව නැවත උපදනා) සත්ත්වයෝ නැත. සම්‍යග්ගත (නිවැරදි මඟින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නිසි මඟ පිළිපන්), මෙ ලොවත් පරලොවත් තුමු ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. තේජෝධාතුව බාහිර තේජෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායුධාතුව බාහිර වායුධාතුව කරා යයි, එය අනුගමනය කරයි. ඇස් ආදී ඉන්ද්‍රිෙයා් අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයෝ (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ). දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවෙකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්” යනුයි.
ඉත්ථං ඛො මෙ භන්තෙ අජිතො කෙසකම්බලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො උච්ඡෙදං බ්යාකාසි. සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය, එවමෙව ඛො භන්තෙ අජිතො කෙසකම්බලො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො උච්ඡෙදං බ්යාකාසි.
වහන්ස, මෙසේ කේශකම්බල අජිතයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවැසූහ. වහන්ස, යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් කියන්නේ ද, දෙල් හෝ විචාරණ ලද්දේ අඹ හෝ කියන්නේ ද, එසේ ම, වහන්ස, කේශකම්බල අජිතයෝ සාන්දෘෂ්ටික සාමාණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවසූහ.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: ‘කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්යා’ති. සො ඛො අහං භන්තෙ අජිතස්ස කෙසකම්බලස්ස භාසිතං නෙව අභිනන්දිං නප්පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කාමිං.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසිය යුතු කොට කෙසේ නම් සිතියැ හෙන්නේදැ?’යි මේ සිත විය. වහන්ස, ඒ මම් කේශකම්බල අජිතයන්ගේ බස නොම පැසැසීමි, එයට විරුද්ධ බසක් ද නො කීමි. එය නොම පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු සිතැත්තෙම්, නො සතුට හඟවන බසකුත් නො නික්මවා, ඔවුන්ගේ ඒ වචන සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො පිහිටුවන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණීමි.
21. එකමිදාහං භන්තෙ සමයං යෙන පකුධො කච්චායනො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පකුධෙන කච්චායනෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ පකුධං කච්චායනං එතදවොචං: යථා නු ඛො ඉමානි භො කච්චායන පුථුසිප්පායතනානි, සෙය්යථීදං: හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො භො කච්චායන එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතු?න්ති.
21. වහන්ස, අන් එක් වරෙක මම් කාත්‍යායනග්‍රෝත්‍රික පකුධයන් වෙත ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු විමි. සතුටට කරුණු වූ සිතැ රැදැවියැ යුතු වු කතාබස් නිමවා පසෙක ඉඳගතිමි. එසේ ඉඳගත් මම් කාත්‍යායන පකුධයන් අමතා “භවත් කාත්‍යායනයිනි, යම් සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් දැක්ක හැකි ඵල ඇති ශිල්ප නිසා ජීවත් වෙත්ද, ඔහු එයින් තමන් ... තම මා පියන් ... අඹුදරුවන් … මිතුරන්, කම්කරුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් කාත්‍යායනයිනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලයක් දක්වන්නට හැකි දැ?”යි මෙය විචාළෙමි.
එවං වුත්තෙ භන්තෙ පකුධො කච්චායනො මං එතදවොච: ‘‘සත්තිමෙ මහාරාජ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පඨවිකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තමෙ. ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යො’පි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කිඤ්චි ජීවිතා වොරොපෙති. සත්තන්නං යෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතතී’’ති.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි කාත්‍යායන පකුධයෝ මට මෙය කීහ:
“මහරජ, කිසිවෙකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉඳු බෙලෙනුදු නො මවන ලද, අන් කිසිදු ලෙසෙකින් නො ම මවනලද, වඳ වු (කිසිවක් නො උපදවන), පවුකුළක් සේ ස්ථීර (හෙවත් පරිණාම රහිත), ඉන්ද්‍රඛීලයක් සේ තර වැ සිටිනුයෙන් තහවුරු වූ, කය (සමූහ) සතෙක් වෙත්. කවර සතෙක් ද? යත්: පඨවිකාය, ආපෝකාය, තෙජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ, සත්වන ජීවය ද වෙත්. ඔහු නො සැලෙත්. නො පෙරැළෙත්. උනුනට බාධක නො වෙත්. උනුනට සුවය හෝ දුක හෝ සුව දුක් දෙකම හො දීමට සමත් නො වෙත්. ඒ කාය සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ, අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ, දැන ගන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳින්නේ නම්, එහි කිසිවෙක කිසිවකු දිවියෙන් තොර නො කරයි. වැලි, සප්තකායයන් අතරින් ආයුධය විවරයට වැද ගනී” යනුයි.
ඉත්ථං ඛො මෙ භන්තෙ පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්යාකාසි. සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්යාකාසි.
වහන්ස, මෙසේ මා විසින් සාන්දෘෂ්ඨික ශ්‍රාමණ්‍යඵල විචාරන ලද කාත්‍යායන පකුධයෝ අනෙකකින් අනෙකක් (ඉඳුරාම එයට විරුද්ධ දැයක්) පැවසූහ. වහන්ස, අඹ විචාරන ලද්දේ දෙල් ගැන කරුණු කියන්නේත් දෙල් විචාරණ ලද්දේ අඹ ගැන කරුණු කියන්නේත් යම් සේ ද, එසේම, වහන්ස කාත්‍යායන පකුධයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම අනෙකෙන් අනෙකක් (ඉඳුරාම වෙනස් දැයක්) පැවසී ය.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්යා?’ති. සො ඛො අහං භන්තෙ පකුධස්ස කච්චායනස්ස භාසිතං නෙව අභිනන්දිං. නප්පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කාමිං.
වහන්ස, ඒ මට “සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසිය යුතු කොට මා වැන්නෙක් කෙසේ නම් සිතන්නේ දැ?” යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාත්‍යායන පකුධයන්ගේ වචනය නො පැසසිමි. නො ද විරුද්ධ බසක් කීමි. නො පසසා, විරුද්ධ බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නො සතුට හඟවන බසක් නො කියා, ඒ ඔවුන්ගේ බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබා ගන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණිමි.
22. එකමිදාහං භන්තෙ සමයං යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා නිගණ්ඨෙන නාතපුත්තෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ නිගණ්ඨං නාතපුත්තං එතදවොචං:
22. වහන්ස, තවත් එක් විටෙක මම ඥාතපුත්‍රනිර්ග්‍රන්ථයන් කරා එළැමුණෙමි. එලැඹැ, ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිත රැඳැවියැ යුතු වු කතාබස් නිමවා එක් පසෙක හුන්නෙමි. වහන්ස, පසෙක හුන් මම් ඔවුන් අමතා “භවත් අග්නිවෙශ්‍යායනයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, ...යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් අත් දැක්කැ හැකි ශිල්ප නිසා ජීවත් වෙත් ද, ඔහු එයින් තමන් ... මාපියන් … අඹුදරුවන් … මිතුරන් … කම්කරුවන් ... සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් අග්නිවෙශ්‍යායනයෙනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලවිපාකයක් පෙන්විය හැකි දැ?”යි මෙය විචාළෙමි.
‘‘යථා නු ඛො ඉමානි භො අග්ගිවෙස්සන, පුථුසිප්පායතනානි සෙය්යථීදං: හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො භො අග්ගිවෙස්සන එවමෙවං දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතු’’?න්ති
වහන්ස, මෙසේ මා විචාළ කල්හි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ මට මෙය කීය:
එවං වුත්තෙ භන්තෙ නිගණ්ඨො නාතපුත්තො මං එතදවොච: ‘‘ඉධ මහාරාජ නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති. කථඤ්ච මහාරාජ නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති? ඉධ මහාරාජ නිගණ්ඨො සබ්බවාරිවාරිතො ච හොති, සබ්බවාරියුතො ච, සබ්බවාරිධුතො ච, සබ්බවාරිඵුටො1ච. එවං ඛො මහාරාජ නිගණ්ඨො චාතුයාමසංවරසංවුතො හොති. යතො ඛො මහාරාජ නිගණ්ඨො එවං චාතුයාමසංවරසංවුතො හොති, අයං වුච්චති මහාරාජ නිගණ්ඨො ගතත්තො ච යතත්තො ච ඨිතත්තො චා’’ති.
“මහරජ, මේ නිර්ග්‍රන්ථශාසනයෙහි නිර්ග්‍රන්ථ තෙමේ යාම (භාග) සතරක් ඇති ශීලසංවරයෙන් වැසුණේ වේ. මහරජ, කෙසේ නම් නිර්ග්‍රන්ථ තෙමේ යාම සතරක් ඇති සංවරයෙන් සංවෘත වේ ද? යත්: මහරජ, මෙහි නිර්ග්‍රන්ථ තෙමේ වැළැකුණු සියලු සිසිල් දිය ඇත්තේ වේ. සර්වප්‍රකාර සංවරලක්ෂණයෙන් සමන්විත වේ. පිඹ හළ සියලු වාර්‍යයන් (හෙවත් පව්) ඇත්තේ වේ. (කර්මක්ෂය ලක්ෂණ වු) සියලු පාපවාරණයෙන් (මෝක්ෂය) ස්පර්ශ කොට සිටියේ වේ. මහරජ, මෙසේ නිර්ග්‍රන්ථ තෙමේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වූයේ වේ. මහරජ, යම් හෙයෙකින් නිර්ග්‍රන්ථ තෙමේ මෙසේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වේ ද, එහෙයින් (මෝක්ෂාධිගමයෙන් ම කෙළෙවරට) පත් සිතැත්තේ ද, (කායාදි ඉන්ද්‍රියයන්හි තව දුරටත් සංයම කළ යුත්තක් නැති බැවින්) සංයත ආත්ම ඇත්තේ ද, (මොනොවට) පිහිටි සිතැත්තේ ද වේ යැ යි කියනු ලැබේ.”
ඉත්ථං ඛො මෙ භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො චාතුයාමසංවරං බ්යාකාසි. සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය, එවමෙව ඛො භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො චාතුයාමසංවරං බ්යාකාසි.
වහන්ස, මෙසේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් තෙමේ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද්දේ ම චාතුර්යාමසංවරය පැවසී ය. යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් දක්වන්නේ ද, දෙල් විචාරණ ලද්දේ අඹ දක්වන්නේ ද, එසේ ම, වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම චාතුර්යාමසංවරය පැවසූහ.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්යා?’ති. සො ඛො අහං භන්තෙ නිගණ්ඨස්ස නාතපුත්තස්ස භාසිතං නෙව අභිනන්දිං. නප්පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කාමිං.
වහන්ස, ඒ මට “කෙසේ නම් මා වැන්නෙකු සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසියැ යුතු කොට සිතන්නේ දැ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් වනාහි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන්ගේ වචනය මැනැවැයි නො පැසසිමි, විරුද්ධ බසකුදු නො කීමි. නොම පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැතියෙම්, නොසතුට හඟවන වචනයක් ද නොකියා, ඔවුන් කී ඒ බස් සාරවශයෙන් ද නො පිළිගත්තෙම්, සිතැ ද නො ම තබා ගත්තෙම්, හුනස්නෙන් නැඟී නික්මැ ගියෙමි.
23. එකමිදාහං භන්තෙ සමයං යෙන සඤ්ජයො බෙලට්ඨිපුත්තො2 තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා සඤ්ජයෙන බෙලට්ඨිපුත්තෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං භන්තෙ සඤ්ජයං බෙලට්ඨිපුත්තං එතදවොචං: ‘‘යථා නු ඛො ඉමානි භො සඤ්ජය පුථුසිප්පායතනානි, සෙය්යථීදං -හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො භො සඤ්ජය, එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතු’’?න්ති
23. නැවත ද වහන්ස, එක් වරෙක මම් වෛරාටිපුත්‍ර සංජයන් කරා ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වු කථාව නිමවා පසෙක ඉඳැ ගතිමි. වහන්ස, එසේ ඉඳ ගත්තෙම්, ඔවුන් අමතා, “භවත් සංජයයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් අත් දැක්කැ හැකි ශිල්ප නිසා ජීවත් වෙත් ද, එයින් තමන් ... මාපියන් … තම අඹුදරුවන් ... තම මිතුරන් කම්කරුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් සංජයයෙනි, මේ පරිද්දෙන්ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලයක් දැක්වියැ හැකි දැ”? යි මෙය කීමි.
එවං වුත්තෙ භන්තෙ සඤ්ජයො බෙලට්ඨිපුත්තො මං එතදවොච: ‘අත්ථි පරො ලොකො?’ති ඉති චෙ මං පුච්ඡසි, ‘අත්ථි පරො ලොකො’ති ඉති චෙ මෙ අස්ස, ‘අත්ථි පරො ලොකො’ති ඉති තෙ නං බ්යාකරෙය්යං. එවන්ති’පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො ‘ති’පි මෙ නො. නො නො ‘ති’පි මෙ නො. ‘නත්ථි පරො ලොකො’ති -පෙ- ‘අත්ථි ච නත්ථි ච පරොලොකො?’ -පෙ- නෙවත්ථි න නත්ථි පරො ලොකො’ -පෙ- ‘අත්ථි සත්තා ඔපපාතිකා?’ -පෙ- ‘නත්ථි සත්තා ඔපපාතිකා?’ -පෙ- ‘අත්ථි ච නත්ථි ච සත්තා ඔපපාතිකා?’ -පෙ- ‘නෙවත්ථි න නත්ථි සත්තා ඔපපාතිකා?’ -පෙ- ‘අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො?’ -පෙ- ‘නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො?’ -පෙ- ‘අත්ථි ච නත්ථි ච සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො?’ -පෙ- ‘නෙවත්ථි න නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො?’ -පෙ- ‘හොති තථාගතො පරම්මරණා? -පෙ- ‘න හොති තථාගතො පරම්මරණා?’ -පෙ- ‘හොති ච න හොති ච තථාගතො පරම්මරණා?’ -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා?’ති ඉති චෙ මං පුච්ඡසි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති ඉති චෙ මෙ අස්ස, ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති ඉති තෙ නං බ්යාකරෙය්යං. එවන්ති’පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො’ති.
වහන්ස, මෙසේ මා කී කල්හී වෛරට්ටීපුත්‍ර සංජයෝ මට මෙය කීහ:
‘පරලොවක් ඇත් දැ?’යි ඉඳින් මා විචාරයි නම්, (පරලොවෙක් ඇතැ) යි මට අදහස් වී නම්, ‘පරලොවෙක් ඇතැ’ යි යුෂ්මත්හට එය විසඳන්නෙමි. එහෙත් මෙසේත් මගේ අදහසෙක් නැත. ‘පරලොවක් ඇතැ’යි එ පරිදි වු අදහසෙකුත් මට නැත. අන් පරිද්දෙකිනුත් මගේ අදහසෙක් නැත. ‘පරලොවෙක් ඇත්තේ නො වෙ'යි කියාත් මගේ අදහසෙක් නැත. ‘පරලොවක් නො මැත්තේ නො වේ’ කියාත් මගෙ අදහසෙක් නැත. ‘පරලොවක් නැත් දැ?’යි ඉඳින් මා විචාරයි නම් ... ‘පරලොවෙක් ඇත්තේත් නැත්තේත් වේ දැ?’ යි මා විචාරයි නම්, … ‘පරලොවෙක් නො ම ඇත්තේත් නැත්තේත් නො ම වේ දැ?’යිත් මා විචාරයි නම් … ‘පරලොවෙක් නො ම ඇත්තේ නැත්තේත් නො ම වේ දැ’ යිත් මා විචාරයි නම් … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්දැ?’යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු නැත් දැ?’ යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නැත්තෝත් වෙත් දැ?’යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නොම වෙත් ද, නැත්තෝත් නො ම වෙත් දැ?’ යි … ‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇද්දැ?’යි … ‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක නැද් දැ?’යි … ‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ?’යි … ‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් නොවේ දැ?’යි … ‘සත්ත්වයා මරණීන් මත්තෙහි වන්නේ දැ?’ යි … ‘සත්ත්වයා මරණීන් මත්තෙහි නො වන්නේ දැ?’ යි ... ‘සත්ත්වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ දැ?’ යි … ‘සත්ත්වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් නො වේ දැ?’ යි, මෙසේ මා විචාරයි නම්, ‘සත්ත්වයා මරණින් මත්තෙහි නො ම වන්නේ යැ’ යි, ‘නො වන්නේ නො වෙයි’ කියා මට අදහසක් වී නම්, ‘සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේ ය, නො වන්නේ නො වෙ’යි කියා යුෂ්මත්හට එය විසඳන්නෙමි. ‘මේ කාරණය මෙසේ ම යැ’යිත් මට අදහසක් නොවේ. එසේම ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ. ‘අන් සැටියකින් මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නො වේ. ‘මේ කාරණය මෙසේ නො වෙතැ’යිත් මට අදහස් නො වේ. ‘මෙය මෙසේ නො වන්නේ නැතැ’ යි ද මට අදහසක් නොවේ යනු යි.
ඉත්ථං ඛො මෙ භන්තෙ සඤ්ජයො බෙලට්ඨිපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො. සමානො වික්ඛෙපං බ්යාකාසි. සෙය්යථාපි භන්තෙ අම්බං වා පුට්ඨො ලබුජං බ්යාකරෙය්ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්යාකරෙය්ය, එවමෙව ඛො භන්තෙ, සඤ්ජයො බෙලට්ඨිපුත්තො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො වික්ඛෙපං බ්යාකාසි.
වහන්ස, මා විසින් වෛරට්ටීපුත්‍ර සංජයයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අපර්‍යන්තවික්ෂේපය (ඉමක් කොණක් නැති සේ වචනයන්ගෙන් ප්‍රශ්ණය ඉවත් කිරීම) පැවසූහ. වහන්ස, අඹ විචාරණ ලද්දේ දෙල් ගැන කියනුයේත්, දෙල් විචාරන ලදුයේ අඹ ගැන කියනුයේත් යම් සේ ද, එසේ ම, වහන්ස, වෛරට්ටීපුත්‍ර සංජයයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම වික්ෂේපය පැවසූහ.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: අයඤ්ච ඉමෙසං සමණබ්රාහ්මණානං සබ්බබාලො සබ්බමූළ්හො. කථං හි නාම සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො වික්ඛෙපං බ්යාකරිස්සතී?ති. තස්ස මය්හං භන්තෙ එතදහොසි: කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්යා?ති. සො ඛො අහං භන්තෙ, සඤ්ජයස්ස බෙලට්ඨිපුත්තස්ස භාසිතං නෙව අභිනන්දිං. නප්පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කමිං.
වහන්ස, ඒ මට “මේ තෙමේ මහණබමුණන් අතුරෙන් හැම ගෙන් ම බාලතම ය, මූඩතම ය. සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුයේ ම කෙසේ නම් වික්ෂේපය කියා පාන්නේදැ?” යි මේ අදහස විය. වහන්ස, ඒ මට “කෙසේ නම් මා වැන්නෙක් මා රටවැසි මහණකු හෝ බමුණකු හෝ වෙහෙසිය යුතු කොට සිතන්නේ දැ?’’ යි මේ සිත විය. වහන්ස, ඒ මම් වෛරට්ටීපුත්‍ර සංජයයන්ගේ වචනය නො ම පැසැසීමි. එයට විරුද්ධ බසකුත් නො කීමි. නො පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු වූයෙම් නමුදු නො සතුට හඟවන බසක් නො නික්මවා, ඒ ඔහුගේ වචන සාර විසිනුදු නො පිළිගනුයෙම්, සිතැ ද නො තබනුයෙම්, හුනස්නෙන් නැගී නික් මැ ගියෙමි.
24. සො’හං භන්තෙ භගවන්තම්පි පුච්ඡාමි: යථා නු ඛො ඉමානි භන්තෙ පුථුසිප්පායතනානි, සෙය්යථිදං: හත්ථාරොහා -පෙ- සක්කා නු ඛො මෙ භන්තෙ එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතු?න්ති”.
‘‘සක්කා මහාරාජ”. තෙන හි මහාරාජ තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි”.
24. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. වහන්ස, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය … යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි සිප් සතර නිසා ජීවත් වෙත් ද, එයින් තමන් … මාපියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, වහන්ස, එපරිද්දෙන් ම මේ අත්බව්හි ම සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැකි දැ?” යි රජ විචාළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: මහරජාණෙනි, හැක්කේ ය. එසේ නම් තොප පිළිවිසමි. තොප රිසි ලෙසකින් උත්තර දෙන්නැ.
25. “තං කිම්මඤ්ඤසි, මහාරාජ, ඉධ තෙ අස්ස පුරිසො දාසො කම්මකරො පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී මුඛුල්ලොකකො. තස්ස එවමස්ස: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, පුඤ්ඤානං ගති පුඤ්ඤානං විපාකො. අයං හි රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො මනුස්සො. අහම්පි මනුස්සො. අයං හි රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති දෙවො මඤ්ඤෙ. අහම්පනම්හි’ස්ස දාසො කම්මකරො පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී මුඛුල්ලොකකො. සො වතස්සාහං පුඤ්ඤානි කරෙය්යං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති.
25. මහරජාණෙනි, මතු දැක්වෙන කරුණු තෙපි කිමැ යි (කෙසේ) සිතන්නහු ද? මෙහි තොපගේ වැඩ පල කරන, පලමුවෙන් නැගී සිටින, ස්වාමීයාට කළයුතු වතාවත් හැම කොට නිමවා පසු වැ හෝනාසුලු, කීකරු වැ හැසිරෙන, තොප මනාප දෑ ම කරන, ප්‍රිය කථා ඇති, තොපගේ තුටුපහටු මුහුණ ම බලමින් හැසිරෙන(=මුහුණ සතුටු කරන්නට ම උත්සාහ කරන) දාසයෙක් ඇත්තේ නම්, ඔහුට ‘‘පිනෙහිගතිය, පිනෙහි ඵල විපාක අහෝ ආශ්චර්‍ය යි! අහෝ පුදුම යි! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වූ කලී ඔහුගේ වැඩ පල කරන, පලමුවෙන් නැඟී සිටින, සියළු කටයුතු නිමවා හැමට ම පසුව වැදැ හෝනා, කීකරු වැ පවත්නා, ඔහුට මනාප සේ හැසිරෙන, ප්‍රිය වචන කියන, ඔහු සතුටු මුහුණ දක්නට බලා සිටින දාසයෙක්මි. පින් කෙළම් වීම් නම්, ඒ මමත් මොහු සේ වන්නෙමි. එබැවින් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වදින්නෙම් නම්, ඉතා යෙහෙකැ” යි මෙසේ සිතෙක් වෙයි.
සො අපරෙන සමයෙන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය. සො එවං පබ්බජිතො සමානො කායෙන සංවුතො විහරෙය්ය, වාචාය සංවුතො විහරෙය්ය, මනසා සංවුතො විහරෙය්ය, ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨො අභිරතො පවිවෙකෙ.
හේ පසු කලෙක කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමට වදනේ නම්, මෙසේ පැවිදි වූයේ දැහැමින් ලබන කන බොන දෑ හා හඳනා පොරෝනා සිවුරු ම පරම කොටැති බැවින් (එයින් මත්තෙහි අන්කිසි ආමිසයක් නොසොයන බැවින්) පරමසංලේඛයෙන් (කෙලෙස් තුනී කරන අග්‍ර පැවැත්මෙන්) තෘප්ත වූයේ, කායචිත්තවිවේක දෙක්හි ඇලුණේ, කායද්වාරයෙන් සංවෘත වැ (අකුසල් නො කැරෙන සේ කය රැක ගෙන) වසන්නේ නම්, වාග්ද්වාරයෙන් සංවෘත වැ (වාග්ද්වාරයෙන් අකුසල් නො කැරෙන සේ වචනය රැක ගෙන) වසන්නේ නම්, මනෝද්වාරයෙන් සංවෘත වැ (සිතෙන් අකුසල් නො කැරෙන සේ සිත රැක ගෙන) වසන්නේ නම් -
තඤ්චෙ තෙ පුරිසා එවමාරොචෙය්යුං: ‘යග්ඝෙ දෙව ජානෙය්යාසි, යො තෙ පුරිසො දාසො කම්මකරො පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී මුඛුල්ලොකකො, සො දෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො. සො එවං පබ්බජිතො සමානො කායෙන සංවුතො විහරති, වාචාය සංවුතො විහරති, මනසා සංවුතො විහරති, ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨො අභිරතො පවිවෙකෙ’ති. අපි නු ත්වං එවං වදෙය්යාසි: එතු මෙ භො සො පුරිසො. පුනදෙව හොතු දාසො කම්මකරො පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී මුඛුල්ලොකකො’’ති.
ඉඳින් තොපගේ රාජපුරුෂයෝ තොපට ‘අවසර! දේවයන් වහන්ස, දැනගන්න: ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරන, කලින් නැගී සිටින, හැමට ම පසුවැ සැතැපෙන, කීකරු වැ හැසිරෙන, ඔබ වහන්සේට මනාප දෑ ම කරන, පිය බස් ඇති, ඔබ වහන්සේගේ තුටු පහටු මුහුණ ම බලමින් හැසිරෙන, ඔබ වහන්සේගේ යම් දාසපුරුෂයෙක් වී නම්, දේවයන් වහන්ස, හෙ තෙමේ කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ, දැහැමින් ලැබෙන ආහාර පාන වස්ත්‍ර ම පරම කොටැති බැවින් තෘප්ත වැ, ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් සංවෘත වැ වෙසෙයි. වචනයෙන් සංවෘත වැ වෙසෙයි. සිතින් සංවෘත වැ, වෙසේ යැ’ යි දන්වන්නෝ නම් - ‘භවත්නි, ඒ මගේ පුරුෂ තෙමේ ඒ වා. නැවත ද මගේ වැඩපල කරන, පලමුවෙන් නැගී සිටින, හැමට ම පසු වැ සැතපෙන, කීකරු වැ හැසිරෙන, මනාපචාරී ප්‍රියවාදී, මා මුහුණ සතුටු කරන්නට බලා සිටින, මගේ දාසයෙක් වේවා’ යි තෙපි මෙසේ කියන්නහුදැ?” යි. (භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.)
‘‘නො හෙතං භන්තෙ. අථ ඛො නං මයමෙව අභිවාදෙය්යාමපි, පච්චුට්ඨෙය්යාමපි, ආසනෙනපි නිමන්තෙය්යාම. අභිනිමන්තෙය්යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. ධම්මිකම්පි’ස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාමා’’ති.
“වහන්ස, එය එසේ නොවෙයි. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැඟී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝ ද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද, වමු. ඔහුට ධාර්මික රක්ෂාවරණගුප්තිය (දැහැමි රකවල) ද සලසන්නමු” යි රජ කීය.
‘‘තං කිම්මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ හොති වා සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං නො වා?’’ති
“මහරජාණෙනි, එය කිමැයි සිතන්නවු ද? ඉඳින් මෙසේ ඇති කල්හී මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිකඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
‘‘අද්ධා ඛො භන්තෙ එවං සන්තෙ හොති සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං’’ති.
“වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)
‘‘ඉදං ඛො තෙ මහාරාජ මයා පඨමං දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤත්ත’’න්ති.
“මහරජ මේ වනාහී තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන පලමු වන සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය වේ” යි (භාග්‍යවතුන් වහන්සේ වාදළ සේක.)
26. ‘‘සක්කා පන භන්තෙ අඤ්ඤම්පි එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤපෙතු?’’න්ති
26. “වහන්ස, මෙසේ ම අනෙකුදු මේ අත්බව්හි වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැක්කේදැ?” යි (රජ පුළුවුත.)
‘‘සක්කා මහාරාජ. තෙන හි මහාරාජ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි මහාරාජ ඉධ තෙ අස්ස පුරිසො කස්සකො ගහපතිකො කාරකාරකො රාසිවඩ්ඪකො, තස්ස එවමස්ස: ‘‘අච්ඡරියං වත භො අබ්භුතං වත භො පුඤ්ඤානං ගති පුඤ්ඤානං විපාකො. අයං හි රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො මනුස්සො. අහම්පි මනුස්සො. අයං හි රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති දෙවො මඤ්ඤෙ. අහම්පනම්හි’ස්ස කස්සකො ගහපතිකො කාරකාරකො රාසිවඩ්ඪකො. සො වතස්සාහං පුඤ්ඤානි කරෙය්යං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති.
“හැක්කේ ය, මහරජාණෙනි. එසේ වී නම්, මහරජාණෙනි, තොප ම මෙහි ලා පිළිවිසිමි. තොපට රිසියෙන පරිදි එය කියන්නැ. මහරජාණෙනි, ඒ කිමැයි හඟනාහු ද? මෙහි ගොවිතැන් කරන, එක් ගෙයකට අධිපති වූ, තොප අයබදු සපයන ධනධාන්‍ය වඩාලන, තොපගේ පුරුෂයෙක් ඇත්තේ නම්, ඔහුට ‘පින්වත්නි, පිනෙහි ගතිය, පිනෙහි ඵලය ආශ්චර්‍ය ය! අද්භූතය! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මේ … රජ වනාහි පස්කම් ගුණයෙන් යුක්ත වැ, සමන්විත වැ, දෙවියකු සේ ඉඳුරන් හසුරුවයි. මම් වු කලී එක් ගෙයකට ම අධිපති, අයබදු පසයන, ධනධාන්‍ය වඩා ලන, ඔහුගේ ගොවියෙක් වෙමි. ඒ මම් ඉඳින් පින් කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මොහු බඳු වන්නෙමි. ඒ මම් කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදනෙම් නම්, ඉතා යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ නම් -
සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය. සො එවං පබ්බජිතො සමානො කායෙන සංවුතො විහරෙය්ය, වාචාය සංවුතො විහරෙය්ය, මනසා සංවුතො විහරෙය්ය, ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨො අභිරතො පවිවෙකෙ.
හේ පසු කලෙක මඳ වූ හෝ සම්පත්රැස හැර දමා, මහත් වූ හෝ සම්පත් රැස හැර දමා, මඳ වූ හෝ ඥාතිවර්ගයා හැර දමා, මහත් වූ හෝ ඥාතිවර්ගයා හැර දමා, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදින්නේ නම්, මෙසේ පැවිදි වූ ම හේ දැහැමින් ලත් ආහාර පාන චීවර පමණෙකින් ම සතුටු වැ, කයචිත්ත විවේකයෙහි ඇලුණෙක් වැ, කයින් සංවෘත වැ වචනයෙන් සංවෘත වැ මනසින් සංවෘත වැ වෙසෙන්නේ නම් -
තං චෙ තෙ පුරිසා එවමාරොචෙය්යුං: ‘යග්ඝෙ දෙව ජානෙය්යාසි. යො තෙ පුරිසො කස්සකො ගහපතිකො කාරකාරකො රාසිවඩ්ඪකො, සො දෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො. සො එවං පබ්බජිතො සමානො කායෙන සංවුතො විහරති, වාචාය සංවුතො විහරති, මනසා සංවුතො විහරති, ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨො අභිරතො පවිවෙකෙ’ති. අපි නු ත්වං එවං වදෙය්යාසි: ‘එතු මෙ භො සො පුරිසො. පුනදෙව හොතු කස්සකො ගහපතිකො කාරකාරකො රාසිවඩ්ඪකො’ති?
තොපගේ පුරුෂයෝ තොපට “අවසර! දේවයන් වහන්ස, කාරණයක් දැන ගන්න. ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන, ඔබ වහන්සේගේ ගොවියෙක් වූ යම් පුරුෂයෙක් වී ද, හේ කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ ම, දැහැමින් ලත් ආහාරපානචීවර පමණෙකින් තෘප්ත වැ ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් … වචසින් … මනසින් සංවෘත වැ වෙසේ යැ’යි මෙසේ දන්වන්නෝ නම් - ‘භවත්නි, ඒ මගේ පුරුෂ තෙමේ ඒ වා. නැවැතත් ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන මගේ ගොවියෙක් වේවා’යි තෙපි කියන්නහු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
‘‘නො හෙතං භන්තෙ. අථ ඛො නං මයමෙව අභිවාදෙය්යාමපි පච්චුට්ඨෙය්යාමපි, ආසනෙනපි නිමන්තෙය්යාම, අභිනිමන්තෙය්යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකම්පිස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාමා’’ති.
“වහන්ස, එය එසේ නො වන්නේ ය. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැගී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් ඔහු වෙසෙසින් නිමතන්නමෝ ද වමු. ඔහුට දැහැමි වූ රැකවල් ද සලසන්නමු”යි රජ කීය.
‘‘තං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ හොති වා සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං නො වා?’’ති
“මහරජාණෙනි, ඉඳීන් මෙසේ ඇති කලැ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙක් වේද? නොවේ ද? ඒ කිමැ යි සිතවු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක).
‘‘අද්ධා ඛො භන්තෙ එවං සන්තෙ හොති සන්දිට්ඨිකං සාමඤ්ඤඵල’’න්ති.
“වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් වේ” යැ යි රජ කීය.
‘‘ඉදං ඛො තෙ මහාරාජ මයා දුතියං දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤත්තන්ති”.
“මහරජාණෙනි, මේ - තොපට මා විසින් පෙන්වන ලද මේ අත්බව්හි ම වූ දෙවෙනි සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය යැ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
27. ‘‘සක්කා පන භන්තෙ අඤ්ඤම්පි දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතුං ඉමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්චා?’’ති
27. “වහන්ස, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනාප වූ වඩා උතුම් වූ මේ අත්බව්හි ම ලැබෙන අනෙකුදු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පැණවිය හැක්කේ දැ” යි (රජ පුළුවුත.)
‘‘සක්කා මහාරාජ. තෙන හි මහාරාජ සුණොහි සාධුකං මනසි කරොහි භාසිස්සාමී’’ති.
“හැකි යි, මහරජාණෙනි. එසේ නම් අසන්නැ. මොනවට සිත යොමු කරන්නැ. කියන්නෙමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
‘‘එවං භන්තෙ’’ති ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පච්චස්සොසි.
“එසේ ය, වහන්සැ” යි කියා වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පිළිවදන් දුන්නේ ය.
28. භගවා එතදවොච: ‘‘ඉධ මහාරාජ තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
28. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහරජාණෙනි, මෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්‍යසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක (නිවරද)කොට, අවසන භද්‍රක (නිවරද) කොට, අර්ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්වප්‍රකාරයෙන් පූර්ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
29. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජාපථො1. අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති.
ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් මන්විත වූයේ, ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.
සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන. පරිසුද්ධාජීවො සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො සන්තුට්ඨො.
හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිසි හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ, සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.
29. කථඤ්ච මහාරාජ භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ මහාරාජ භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො. සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
29. මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ අදත්තාදානය හැරැ දමා, නොදුන් දෑ ගැන්මෙන් මුළුමනින් වළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිඳු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී1 විරතො මෙථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ අබ්රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො2 පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
පිසුණං වාචං3 පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සංහිතානං වා අනුප්පදාතා4 සමග්ගාරාමො5 සමග්ගරතො සමග්ගනන්දිං සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ කේළාම් කීම දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ, මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟ කරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමඟියෙන් වසන්නවුනට කැමැත්තේ, සමඟ වැ සිටිනන්නවුනට සතුටු වනුයේ, සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
ඵරුසං වාචං6 පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා7 හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං8 වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.
සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතං. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්තම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
30. බීජගාමභූතගාමසමාරම්භා1 පටිවිරතො හොති. එකභත්තිකො2 හොති රත්තූපරතො3 පටිවිරතො4 විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා5 පටිවිරතො හොති. මාලාගන්‍ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා6 පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා6 පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා6 පටිවිරතො හොති. ඉත්‍ථිකුමාරිකපටිග්ගහණා6 පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා6 පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා6 පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා6 පටිවිරතො හොති. හත්‍ථිගවස්සවළවා7පටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්‍ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්‍යපෙහණ8ගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා9 පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචි10යොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්‍ධනවිපරාමොසආලොපසහසාකාරා11 පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
30. හේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළෑක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
චූළසීලං12 නිට්ඨිතං.
චූල්ලසීලය නිමියේ ය.
31. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං13 අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං: මූලබීජං ඛන්‍ධබීජං ඵළුබීජං14 අග්ගබීජං බිජබීජමෙව15 පඤ්චමං. ඉති වා ඉතිඑවරූපා16 බීජගාමභූතගාමසමාරම්භා17 පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
31. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධවීජ ද (නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද (වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වූ වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
32. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
32. යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම, වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
33. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූනං සොභනකං1 චණ්ඩාලං වංසං ධොපනකං2 හත්ථියුද්ධං අස්සයුද්ධං මහිංසයුද්ධං3 උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං4 කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං5 නිබ්බුද්ධං උෙය්යාධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං6. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
33. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයෝගුඩ ක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙතෙමේ මේ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයක් වේ.
34. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
34. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් ආදීන් සේ ඉරියව් පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
35. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
35. යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසේයිය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරිලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
36. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං1 මුඛලෙපනං2 හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්රෑපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
36. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත් පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
37. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං [කුමාරකථං කුමාරිකථං]3 සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
37. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
38. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මා පටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං4 තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතො ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’’ති. ඉති වා ඉතිඑවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
38. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැය’යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
39. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං ‘‘ඉධ ගච්ඡ. අමුත්රාගච්ඡ. ඉදං හර. අමුත්ර ඉදං ආහරා’’ති. ඉති වා ඉතිඑවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
39. යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ, මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළෑක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
40. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ච ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉතිඑවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
40. යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
මජ්ඣිමසීලං නිට්ඨිතං.
මධ්‍යමශීලය නිමියේ ය.
41. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං1 කප්පෙන්ති, සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාතං2 සුපිණං3 ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා4 සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං5 සරපරිත්තාණං මිගපක්ඛං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
41. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
42. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං6 අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං7 ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං8 උසභලක්ඛණං ගොලක්ඛණං9 අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං10 කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
42. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
43. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති, රඤ්ඤං අනිය්යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
43.. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
44. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථීදං: චන්දග්ගාහො භවිස්සති. සූරියග්ගාහො භවිස්සති. නක්ඛත්තග්ගාහො භවිස්සති. චන්දිමසූරියානං පථගමනං භවිස්සති. චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති. නක්ඛත්තානං පථගමනං භවිස්සති. නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. උක්කාපාතො භවිස්සති. දිසාඩාහො භවිස්සති. භූමිචාලො භවිස්සති. දෙවදුන්දුභි භවිස්සති. චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං1 සංකිලෙසං වොදානං භවිස්සති. එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති. එවංවිපාකො සූරියග්ගාහො භවිස්සති. එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති. එවංවිපාකං චන්දිමසූරියානං පථගමනං භවිස්සති. එවංවිපාකං චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකො උක්කාපාතො භවිස්සති. එවංවිපාකො දිසාඩාහො භවිස්සති. එවංවිපාකො භූමිචාලො භවිස්සති. එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති. එවංවිපාකං චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
44. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නො මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චිනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
45. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සුබ්බුට්ඨිකා භවිස්සති. දුබ්බුට්ඨිකා භවිස්සති. සුභික්ඛං භවිස්සති. දුබ්භික්ඛං භවිස්සති. ඛෙමං භවිස්සති. භයං භවිස්සති. රොගො භවිස්සති. ආරොග්යං භවිස්සති. මුද්දා ගණනා සංඛානං කාවෙය්යං ලොකායතං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
45. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම)ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
46. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං2 හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හානං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
46. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
47. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
47. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, ගිහියනට ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
48. ස ඛො1 සො මහාරාජ භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි මහාරාජ ඛත්තියො මුද්ධාවසිත්තො2 නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො, එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො මහාරාජ භික්ඛු සීලසම්පන්නො හොති.
48. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.
49. කථඤ්ච මහාරාජ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ මහාරාජ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වස්සවෙය්යුං3 තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො මහාරාජ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
49. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස ආස්වාද කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්ශ කොට … සිතින් ධර්මාලම්බන දැන, ශුභාදීවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රෙන්ද්‍රියය … ඝ්‍රාණේන්ද්‍රියය … ජිහ්වේන්ද්‍රියය … කායේන්ද්‍රියය … මනඉන්ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂමලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නොහොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද), ඒ ශ්‍රෝත්‍රෙන්ද්‍රියයාගේ … ඝ්‍රාණේන්ද්‍රියයාගේ …ජිහ්වේන්ද්‍රියයාගේ … කායේන්ද්‍රියයාගේ … මනඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර … ඝ්‍රාණ … ජිහ්වා … කාය … මන ඉන්ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි, මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
50. කථඤ්ච මහාරාජ භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ මහාරාජ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සමිඤ්ජිතෙ1 පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො මහාරාජ භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
50. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
51. කථඤ්ච මහාරාජ භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ මහාරාජ භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන2 පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි මහාරාජ පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරො’ව ඩෙති, එවමෙව ඛො මහාරාජ භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො මහාරාජ භික්ඛු සන්තුට්ඨො හොති.
51. මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද? යත්:
මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
52. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන3 සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා.
52. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
53. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
53. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
54. සෙය්යථාපි මහාරාජ පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස එවමස්ස: ‘‘අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො හං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තී අකාසිං. අත්ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරභරණායා’’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
54. මහරජාණෙනි, යම්සේ පුරුෂයෙක් (පොලියට) ණය මුදලක් ගෙන කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කෙළෙමි, ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි, අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ”යි, මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැති බව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
55. සෙය්යථාපි මහාරාජ පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: ‘‘අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තං ච මෙ නච්ඡාදෙසි. නචස්ස මෙ ආසි කායෙ බලමත්තා. සො’ම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තා’’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
55. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟ පත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟ පත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
56. සෙය්යථාපි මහාරාජ පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන1, න චස්ස කිඤ්චි භොගානං වයො, තස්ස එවමස්ස: ‘‘අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සො’ම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්භයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො’’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
56. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
57. සෙය්යථාපි මහාරාජ පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො, තස්ස එවමස්ස: ‘‘අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො’ම්හි එතරහි තම්හා දාසබ්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
57. මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ, කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
58. සෙය්යථාපි මහාරාජ පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්ය ඛෙමං අප්පටිභයං, තස්ස එවමස්ස: ‘‘අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි එතරහි තං කන්තාරං තිණ්ණො සොත්ථිනා ගාමන්තං අනුප්පත්තො ඛෙමං අප්පටිභය’’න්ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
58. මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
59. එවමෙව ඛො මහාරාජ භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි මහාරාජ ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං එවමෙව ඛො මහාරාජ භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති.
59. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිඳුණු බව යම්සේ ද, නිවහල් බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
60. තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
60. තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
61. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්තෙති1 පරිසන්තෙති2 පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
61. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි, සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
62. සෙය්යථාපි මහාරාජ දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය3 සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරණී-
62. මහරජාණෙනි, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද -
63. එවමෙව ඛො මහාරාජ භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්තෙති පරිසන්තෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
63. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරාලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලයනට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
64. පුන ච පරං මහාරාජ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
64. මහරජාණෙනි, නැවැත ද (අනෙකක් කියමි.) මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් පීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
65. සෙය්යථාපි මහාරාජ උදකරහදො ගම්භීරො උබ්භිදොදකො, තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුපවෙච්ඡෙය්ය. අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස වාරිනා සීතෙන අප්ඵුටං අස්ස–
65. මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් පීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ ද වඩා උතුම් ද වේ.
66. පුන ච පරං මහාරාජ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
66. නැවත ද (අනෙකක් කියමි:) මහරජ, මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ යැ’යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
67. සෙය්යථාපි මහාරාජ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි1 තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි2 පරිසන්නානි3 පරිපූරානි පරිප්ඵුටානි නාස්සා4 කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස.
67. මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නො ගත් තැනෙක් නො වන්නේ ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූත් වඩා ප්‍රණීත වූත් එකකි.
68. පුන ච පරං මහාරාජ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
68. මහරජ, නැවත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව් ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිඳු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිරැ වැදගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිර වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
සෙය්යථාපි මහාරාජ පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස, එවමෙව ඛො මහාරාජ භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
මහරජ, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙව හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නොවන්නේ ද, මහරජ, එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැරැ වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා ප්‍රණීත වූ එකෙක.
69. පුන ච පරං මහාරාජ සො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: ‘‘අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධ’’න්ති.
69. තව ද (අනෙකක් කියමි:) මහරජ, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම) සිත එයට අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
70. සෙය්යථාපි මහාරාජ මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො, තත්ර’ස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය ‘‘අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො, අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’’ති.
70. මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකාරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරියම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
71. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය1 චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං,
71. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
සෙය්යථාපි මහාරාජ පුරිසො මුඤ්ජම්හා ඉසිකං2 පවාහෙය්ය3. තස්ස එවමස්ස: අයං මුඤ්ජො අයං ඉසිකා අඤ්ඤො මුඤ්ජො අඤ්ඤා ඉසිකා මුඤ්ජම්හාත්වෙව ඉසිකා පවාළ්හාති4.
මහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර (තණබඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදුතණ ගස කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
සෙය්යථාපි වා පන මහාරාජ පුරිසො අසිං කොසියා පවාහෙය්ය. තස්ස එවමස්ස: ‘‘අයං අසි අයං කොසි, අඤ්ඤො අසි අඤ්ඤා කොසි, කොසියාත්වෙව අසි පවාළ්හො’’ති.
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
සෙය්යථාපි වා පන මහාරාජ පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය. තස්ස එවමස්ස: ‘‘අයං අහි අයං කරණ්ඩො. අඤ්ඤො අහි අඤ්ඤො කරණ්ඩො, කරණ්ඩාත්වෙව අහි උබ්භතො’’ති5.
මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මහරජ, මෙය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා කාන්ත වූ ද ... සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
72. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ, පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථා’පි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්ථෙති.
72. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි, ලබයි). පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (=පෙනීසිටී). අප්‍රකට බව කෙරෙයි (=නොපෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (=යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්) යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි (=අල්ලයි), (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
73. සෙය්යථාපි මහාරාජ දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය.
73. මහරජ, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද -
සෙය්යථාපි වා පන මහාරාජ දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
මහරජ යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ) දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (=දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද,
සෙය්යථා වා පන මහාරාජ දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
මහරජ, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, නිපදවන්නේ ද,
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති. බහුධා’පි හුත්වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකා’පි කායෙන වසං වත්ථෙති.
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී, කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි, බොහෝ දෙනෙක් වැ එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, පවුරෙන් පිටතට විනිවිදැ අහසෙහි මෙන් කිසිවෙකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළොව මතු පිටැ සේ නො බිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මෙය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණයඵලයෙකි.
74. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
75. සෙය්යථාපි මහාරාජ පුරිසො අද්ධානමග්ගපටිපන්නො. සො සුණෙය්ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි තස්ස එවමස්ස: භෙරිසද්දො ඉති’පි මුදිඞ්ගසද්දො ඉති’පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දො ඉති’පි. එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
75. මහරජ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟුබෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟුබෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬැ’යි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුෂක වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ ද පලමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
76. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
76. හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
77. සෙය්යථාපි මහාරාජ ඉත්ථි වා පුරිසො වා දහරො වා යුවා මණ්ඩණජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති ජානෙය්ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්ය-
77. මහරජ, යම්සේ සැරැසෙනසුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදොස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳැ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැයි ද … සෝත්තර සිත සෝත්තර සිතැ යි ද ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ, වඩා උතුම්, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
78. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
78. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්ලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු සුව දුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහිද මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි.
79. සෙය්යථාපි මහාරාජ පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය. සො තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගච්ඡෙය්ය. තස්ස එවමස්ස: ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං තත්රා එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං තත්රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. සො’ම්හි තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගතො’ති.
79. මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමින් සිය ගමට පෙරළා ආයෙම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි, මේ බඳු ගොත් ඇතියෙම් විමි, මේ බඳු පැහැ ඇතියෙම් විමි, මේ බඳු ආහාර ඇතියෙම් විමි, මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මේ බඳු ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇතියෙම්, මේ නම් ගොත් ඇතියෙම්, මෙ බඳු පැහැ ඇතියෙම්, මෙ බඳු ආහාර ඇතියෙම්, මෙ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප දැ යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ක ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රමණ්‍යඵලයෙකි.
80. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
80. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්‍යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනඃසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ ගත්තා වූද, හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත, දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
81. සෙය්යථාපි මහාරාජ මජ්ඣෙ සිංඝාටකෙ පාසාදො. තත්ථ චක්ඛුමා පුරිසො ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙ’පි නික්ඛමන්තෙපි රථියා වීථිසඤ්චරන්තෙ’පි මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නෙ’පි, තස්ස එවමස්ස: එතෙ මනුස්සා ගෙහං පවිසන්ති. එතෙ නික්ඛමන්ති. එතෙ රථියා වීථිසඤ්චරන්ති. එතෙ මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නා’ති.
81. මහරජ, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද -
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මනුෂක විෂයය ඉක්මැ වූ පිරිසිඳු වූ දිවැසින්, “අහෝ මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්මයෙන් උපන් ගතිය වු, තමනට තමන් අවශග වැ වැටෙන තැන වු, නිරයට වන්හ. එහෙත්, මේ භවත් සත්ත්වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනඃසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තහ. මොහු කාබුන් මරණින් මතු, ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ ගත්තන් වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියන් වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්වයන් දකී. මෙසේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගත, දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
ඉදම්පි ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
82. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
82. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ දුකැ’ යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි (=දුක් නැස්මට අරමුණු වන නවනැ’යි) යි ඇති සැටි ලෙස දනී, ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි (=ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ’යි) ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදේ. (ඔහු) සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ සිත මිදුණු කල්හී ‘මා සිත (ආස්‍රව කෙරෙන්) මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය (හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි), ‘මඟ බඹසර වැස නිමැවිණි. (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළොස් වැදෑරුම්) කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
83. සෙය්යථාපි මහාරාජ පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි මච්ඡගුම්බා’පි චරන්තිපි තිට්ඨන්තිපීති.
83. මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුලැ හැසිරෙන්නා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත්, මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත්, මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
එවමෙව ඛො මහාරාජ භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති.
මහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව සමුදය යැ (ඉපැද්මට කරුණැ)’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පැමිණෙන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී.
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති, භවාසවා’පි චිත්තං විමුච්චති, අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
මෙසේ දන්නා, මෙසේ දක්නා, ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ, මිදුණු කල්හී ‘මිදුණේ යැ’යි දැනීම වේ. භවෝත්පත්තිය ක්ෂීණ විය, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය, (සිවු සස්හි සිවු මඟින්) කළයුතු (සොළොස් වැදෑරුම්) කෘත්‍යය කොටැ නිමැවිණ. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂයය පිණිස) කළ යුතු අන් කිසිත් නැතැ’යි හේ දනී.
ඉදං ඛො මහාරාජ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. ඉමස්මා ච පන මහාරාජ සන්දිට්ඨිකා සාමඤ්ඤඵලා අඤ්ඤං සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං උත්තරිතරං වා පණීතතරං වා නත්ථී’ති.
මහරජ, මේ වූ කලී පළමුවෙන් දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ , වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි. “මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙන් අන්‍ය වූ, මෙයට වඩා මනෝඥ වූ හෝ මෙයට වඩා උතුම් වූ හෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් නැතැ”යි (වදාළ සේක).
84. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච: ‘අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භන්තෙ භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යො’හං පිතරං ධම්මිකං ධම්මරාජානං ඉස්සරියස්ස කාරණා ජීවිතා වොරොපෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’ති.
84. මෙසේ වදාළ කල්හී මගධේශ්වර වෛදේහීපුත්‍ර අජාතශත්‍රැ රජ තෙම, “වහන්ස, ධර්ම දේශනාව අභිකාන්ත ය. (අතිමනෝඥ ය) වහන්ස, ධර්මදේශනාව අභිකාන්තය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මූළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියෝ රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා. වහන්ස, යම් බඳු මම් සිය පිය වූ දැහැමි දැමිටු රජහු ඉසුරු කරුණින් දිවියෙන් තොර කෙළෙම් වෙම් ද, වහන්ස, ඒ අපරාධය බාලබවට ගැළපෙනසේ මූඩබවට අනුරූපසේ අදක්ෂ බවට නිසිසේ මා මැඩගෙන ගියේ ය. වහන්ස, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් පැවැසී ය.
85. තග්ඝ ත්වං මහාරාජ අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යො ත්වං පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා වොරොපෙසි. යතො ච ඛො ත්වං මහාරාජ අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි. තං තෙ මයං පටිගණ්හාම. වුද්ධි හෙසා මහාරාජ අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතීති.
85. (එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:) “මහරජ, යම්බඳු තෝ පිය වූ දැහැමි දැමිටු රජහු දිවියෙන් තොර කෙළෙහි වෙයි ද, ඒකාන්තයෙන් ඒ වරද බාලබවට, අනුරිවින් මූඩබවට අනුරිවින් අකුසලට අනුරිවින් තා ඉක්මැ ගියේ යැ. (මැඩ ගෙන පැවැත්තේ ය.) මහරජ, යම් හෙයකින් යුෂ්මත් තෙමේ වරද වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කෙරෙහි නම්, යුෂ්මත්හුගේ ඒ වරද අපි පිළිගනුම්හ (=ඉවසමු). මහරජ, යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ නම්, මත්තෙහි ඒ වැන්නක් නොකරනුවට සංවරයට පැමිණෙන්නේ නම් (=ආයතිසංවරයෙහි පිහිටන්නේ නම්) මෙය ආර්‍යවිනයයෙහි (බුදු සස්නෙහි) වෘද්ධිය (=වැඩීම) නම් වේ” යැ යි වදාළ සේක.
86. එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවන්තං එතදවොච: හන්ද ච දානි මයං භන්තෙ ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයා’ති.
86. මෙසේ වදාළ කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
“යස්ස’දානි ත්වං මහාරාජ කාලං මඤ්ඤසී’’ති.
“මහරජ, යුෂ්මත් තෙමේ යම් ගමනකට කල් දනිහි ද එයට යුෂ්මත් ම කල් දැන ගන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් වැ උනස්නෙන් නැඟිට පැදකුණු කොට නික්මැ ගියේ ය.
87. අථ ඛො භගවා අචිරපක්කන්තස්ස රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස භික්ඛූ ආමන්තෙසි: ඛතායං භික්ඛවෙ රාජා, උපහතායං භික්ඛවෙ රාජා. සචායං භික්ඛවෙ රාජා පිතරං ධම්මිකං ධම්මරාජානං ජීවිතා න වොරොපෙස්සථ ඉමස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජිස්සථාති.
87. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ නික්මැ ගිය නොබෝ වේලායෙහි භික්ෂූන් අමතා, “මහණෙනි, මේ රජ සිය පියා නැසීමෙන් කළ කර්මාපරාධයෙන් උදුරාලූ උපනිඃශ්‍රය සම්පත් නැමැති මුල් ඇත්තේ ඉදුරුණේ වෙයි. එහෙයින් ම (නටුවා වූ ප්‍රතිෂ්ඨා ඇත්තෙන්) නටුයේ වෙයි. මහණෙනි, ඉදින් මේ රජ දැහැමි වූ, දැහැමෙන් රජ බවට පැමිණි පියා ජිවිතයෙන් තොර නො කෙළේ වී නම්, මේ අස්නෙහි ම (මෙතන්හි දි ම) රාගාදි කෙලෙස් රජස් රහිත, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස (සෝවාන්මඟනැණ) මොහුට පහළ වූයේ වනැ”යි වදාළ සේක.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එ මහණහු සතුටු සිතැත්තෝ උන්වහන්සේගේ වචන පිළිගත්හ.
සාමඤ්ඤඵලසුත්තං නිට්ඨිතං දුතියං.
දෙවෙනි වූ ශ්‍රාමණ්‍යඵල සූත්‍රය නිමියේ ය.