ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 7. බ්‍රාහ්‌මණ සංයුත්‌තය » 2. උපාසක වර්ගය

7.2.2. උදයසුත්තං

7.2.2. උදය සූත්‍රය

198. සාවත්‍ථියං---

198. සැවැත් නුවර

අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්‍වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්‍රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අථ ඛො උදයො බ්‍රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙසි. දුතියම්පි ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්‍වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්‍රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. දුතියම්පි ඛො උදයො බ්‍රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙසි. තතියම්පි ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්‍වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්‍රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තතියම්පි ඛො උදයො බ්‍රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙත්‍වා භගවන්තං එතදවොච: පකට්ඨකොයං1 සමණො ගොතමො පුනප්පුනං ආගච්ඡතීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. දෙවන දිනෙහි දූ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. දෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. තෙවන දිනෙහි දු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. තෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරවා භාග්‍යවතුන් වහන්සේට “රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුනපුනා ඒ ය”යි මෙය කීය.

[භගවා:]

[භගවත්හු:]

පුනප්පුනං චෙව වපන්ති බීජං පුනප්පුනං වස්සති දෙවරාජා,
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.

(ගොවියෝ) පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්. ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.

පුනප්පුනං යාචකා2 යාචයන්ති පුනප්පුනං දානපතී දදන්ති,
පුනප්පුනං දානපතී දදිත්‍වා පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.

යදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දෙත්. දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්ගස්ථානයට පැමිණෙත්.

පුනප්පුනං ඛීරනිකා3 දුහන්ති පුනප්පුනං වච්ඡො උපෙති4 මාතරං,
පුනප්පුනං කිලමති ඵන්දති ච පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.

කිරි දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ. (සත්ව තෙමේ) පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි. බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.

පුනප්පුනං ජායති මීයති ච පුනප්පුනං සීවථිකං හරන්ති,
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤොති.

පුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්. නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.

එවං වුත්තෙ උදයො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

මෙසේ වදාළ කල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.