ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 4. මාර සංයුත්‌තය » 1. ආයු වර්ගය

4.1.9. පඨමආයුසුත්තං

4.1.9. පඨම ආයු සූත්‍රය

145. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. යො1 භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යොති.

මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

දීඝමායු මනුස්සානං න නං හීළෙ සුපොරිසො,
චරෙය්ය ඛීරමත්තොව නත්ථි මච්චුස්ස ආගමොති.

මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (සත්තන්ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.

[භගවා:]

[භගවත්හු:]

අප්පමායු මනුස්සානං හීළෙය්ය නං සුපොරිසො,
චරෙය්යාදිත්තසීසොව නත්ථි මච්චුස්ස නාගමොති.

මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේ ය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ නොඊමෙක් නැත.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.

ඉක්බිති පවිටු මාරයා … එහි ම අතුරුදහන් වි ය.