132. සාවත්ථියං---
132. සැවැත්නුවර -
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිකොසලං භගවා එතදවොච: චත්තාරො මෙ මහාරාජ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? තමොතමපරායණො5 තමොජොතිපරායණො ජොතිතමපරායණො ජොතිජොතිපරායණොති.
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි.
කථඤ්ච මහාරාජ, පුග්ගලො තමොතමපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො, කාණො වා හොති කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභොජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඩු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ නොමනා පැහැ ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් බොහෝ අබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් අඬක්නටුයෙක් හෝ වේ ද, අහාරපාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන් ලැඟුම් පහන් උපකරණ නො ලබන්නෙක් වෙ යි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ ය.
සෙය්යථාපි මහාරාජ පුරිසො අන්ධකාරා වා අන්ධකාරං ගච්ඡෙය්ය, තමා වා තමං ගච්ඡෙය්ය, ලොහිතමලා වා ලොහිතමලං ගච්ඡෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො තමොතමපරායණො හොති.
මහරජ, පුරුෂයෙක් අඳුරෙකින් අඳුරකට යන්නේ හෝ වේ නම් කළුවරින් කළුවරට යන්නේ හෝ වේ නම් ලෙහෙමලට යන්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුඟුල් තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ.
කථඤ්ච මහාරාජ, පුග්ගලො තමොජොතිපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති, චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ1 වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො2 කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභොජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු වූ සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදිකුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේත් නො මනා පැහැඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් බොහෝ ආබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් පක්ෂඝාතයෙක් හෝ වෙයි. අහාරපාන වස්ත්‍රයාන මල් ගඳ විලෙවුන් යහන් ලැඟුම් ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි.
සෙය්යථාපි මහාරාජ පුරිසො පඨවියා වා පල්ලඞ්කං ආරොහෙය්ය පල්ලඞ්කා වා අස්සපිට්ඨිං ආරොහෙය්ය අස්සපිට්ඨියා වා හත්ථික්ඛන්ධං ආරොහෙය්ය හත්ථික්ඛන්ධා වා පාසාදං ආරොහෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො තමොජොතිපරායණො හොති.
මහරජ, යම්සේ පුරුෂයෙක් තෙමේ බිමින් පලඟකට නගින්නේ හෝ වේ නම් පලඟින් අසුපිටට නගින්නේ හෝ වේ නම් අසුපිටින් ඇත්කඳකට නගින්නේ හෝ වේ නම් ඇත්කඳින් පහයකට නගින්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ.
කථඤ්ච මහාරාජ, පුග්ගලො ජොතිතමපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. සෙය්යථාපි මහාරාජ පුරිසො පාසාදා වා හත්ථික්ඛන්ධං ඔරොහෙය්ය, හත්ථික්ඛන්ධා වා අස්සපිට්ඨිං ඔරොහෙය්ය, අස්සපිට්ඨියා වා පල්ලඞ්කං ඔරොහෙය්ය, පල්ලඞ්කා වා පඨවිං ඔරොහෙය්ය, පඨවියා වා අන්ධකාරං පවිසෙය්ය1, තථූපමාහං මහාරාජ, ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො ජොතිතමපරායණො හොති.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ මනවඩන දෑ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උසස් කුලයෙක උපන්නේ වේ. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්තේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යානවාහන මල්ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපොපකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පහයෙන් ඇත්කඳකට බස්නේ හෝ නම් ඇත්කත්කඳෙකින් අසුපිටකට බස්නේ හෝ වේ නම් අසුපිටෙකින් පලඟකට බස්නේ හෝ වේ නම් පලඟෙකින් පොළොවට බස්නේ හෝ වේ නම් පොළොවින් අඳුරකට පිවිසෙන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වෙයි.
කථඤ්ච මහාරාජ, පුග්ගලො ජොතිජොතිපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සෙය්යථාපි මහාරාජ පුරිසො පල්ලඞ්කා වා පල්ලඞ්කං සඞ්කමෙය්ය, අස්සපිට්ඨියා වා අස්සපිට්ඨිං සඞ්කමෙය්ය, හත්ථික්ඛන්ධා වා හත්ථික්ඛන්ධං සඞ්කමෙය්ය පාසාදා වා පාසාදං සඞ්කමෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො ජොතිජොතිපරායණො හොති.
මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහද්ධන ඇති, මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවි මහසල් කුලයෙහි හෝ උසස්කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්නේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපොකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පලඟෙකින් පලඟකට යන්නේ හෝ වේ නම් අසුපිටෙකින් අසුපිටකට යන්නේ හෝ වේ නම් පහයෙකින් පහයකට යන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වෙයි.
ඉමෙ ඛො මහාරාජ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
මහරජ, මේ පුද්ගලයෝ සිවුදෙන ලොව ඇත.
දළිද්දො2 පුරිසො රාජ අස්සද්ධො හොති මච්ඡරී,
කදරියො පාපසඞ්කප්පො මිච්ඡාදිට්ඨි අනාදරො.
මහරජ, දිළිඳු පුද්ගල තෙමේ සැදැහැ නැත්තේ වේ ද, මසුරු වේ ද, තදමසුරු වේ ද, පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ බුද්ධාදීන් කෙරෙහි ආදර නැත්තේ වේ ද,
සමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ3,
අක්කොසති පරිභාසති නත්ථිකො හොති රොසකො,
දදමානං නිවාරෙති යාචමානාන භොජනං.
මහනුන්ටත් බමුණන්ටත් (මෙයින්) අන්‍ය වූ වණිබ්බකයන්ටත් අක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැයි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළකා ද,
තාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප,
උපෙති නිරයං ඝොරං තමොතමපරායණො.
ජනාධිපති මහරජ, අඳුරෙන් අඳුරට යන එබඳු පුද්ගල තෙමේ මැරෙන්නේ දරුණු නිරයට පැමිණේ.
දළිද්දො පුරිසො රාජ සද්ධො හොති අමච්ඡරී,
දදාති සෙට්ඨසඞ්කප්පො අබ්යග්ගමනසො4 නරො.
රජතුමනි, දිළිඳු පුරිස් තෙමේ සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, ශ්‍රේෂ්ඨ අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟ සිත් ඇත්තේ දන් දේ ද,
සමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ,
උට්ඨාය අභිවාදෙති සමචරියාය සික්ඛති,
දදමානං න වාරෙති1 යාචමානාන භොජනං.
මහණුන් ද, බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද හුනස්නෙන් නැගිට වදී ද, සමචරියයෙහි හික්මේ ද, යාචකයන්ට බොජුන් දෙන්නහු නොවළහා ද,
තාදිසො පුරිසො රාජ මීයමානො2 ජනාධිප,
උපෙති තිදිවං ඨානං තමොජොතිපරායණො.
ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, අඳුරෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
අඩ්ඪො චෙ පුරිසො රාජ අස්සද්ධො හොති මච්ඡරී,
කදරියො පාපසඞ්කප්පො මිච්ඡාදිට්ඨි අනාදරො.
මහරජ, අඪ්‍ය වූ පුරිස් තෙමේ ඉදින් සැදැහැ නැත්තේ මසුරු වූයේ තද මසුරු වූයේ පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ (බුද්ධාදීන් කෙරෙහි) ආදර රහිත වූයේ වේ ද,
සමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ,
අක්කොසති පරිභාසති නත්ථිකො හොති රොසකො,
දදමානං නිවාරෙති යාචමානාන භොජනං.
මහණුන්ටත් බමුණන්ටත් මෙයින් අන්‍ය වූ වණිබ්බකයන්ටත් ආක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැ’යි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළහා ද,
තාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප,
උපෙති නිරයං ඝොරං ජොතිතමපරායණො.
ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, එළියෙන් අඳුරට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දරුණු නිරයට පැමිණෙයි.
අඩ්ඪො චෙ පුරිසො රාජ සද්ධො හොති අමච්ඡරී,
දදාති සෙට්ඨසඞ්කප්පො අබ්යග්ගමනසො නරො.
මහරජ, අඪ්‍ය වූ පුද්ගල තෙමේ ඉදින් සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, උසස් අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟසිත් ඇත්තේ දන් දේ ද,
සමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ,
උට්ඨාය අභිවාදෙති සමචරියාය සික්ඛති,
දදමානං න වාරෙති යාචමානාන භොජනං.
මහණුන් ද බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද, හුනස්නෙන් නැගිට වඳී ද, සමචරියයෙහි හික්මේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු නො වළාහා ද,
තාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප,
උපෙති තිදිවං ඨානං ජොතිජොතිපරායණොති.
ජනාධිපති වූ මහරජ, එළියෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.