ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දේවපුත්‌ත සංයුත්‌තය » 3. නානාතිර්ථය වර්ගය

2.3.4. ඝටීකාරසුත්තං

2.3.4. ඝටීකාර සූත්‍රය

105. සාවත්ථියං ---

105. සැවැත්නුවර -

එකමන්තං ඨිතො ඛො ඝටීකාරො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඝටීකාර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.

අවිහං උපපන්නාසෙ විමුත්තා සත්ත භික්ඛවො,
රාගදොසපරික්ඛීණා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.

භික්ෂුහු සත්නමක් අවිහ බඹලොවට පැමිණියාහු මිදුනාහු රාගදේවෂයන් ක්ෂය කළාහු (පඤ්චස්කන්ධ) ලෝකයෙහි තෘෂ්ණාව ක්ෂය කළාහු ය.

[භගවා:]

[භගවත්හු:]

කෙ ච තෙ අතරුං සඞ්ඝං මච්චුධෙය්යං සුදුත්තරං,
කෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුන්ති.

තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් කවුරු කවුරු තරණය කළාහු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සඞ්ඛ්‍යාත ඕරම්භාගිය සංයෝජයන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජයන පස) ඉක්ම ගියාහු ද?

[දෙවපුත්තො:]

[දෙව්පුත්:]

උපකො පලගණ්ඩො5 ච පුක්කුසාති ච තෙ තයො,
භද්දියො භද්දදෙවො ච බාහුදන්තී ච පිඞ්ගියො6,
තෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුන්ති.

උපක, පලගණ්ඬ, පුක්කුසාති යන තිදෙන ද, භද්දිය, භද්‍දදෙව, බාහුදනති, පිඬගිය යන (සිවුදෙන ද) ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.

[භගවා:]

[භගවත්හු:]

කුසලී භාසසී තෙසං මාරපාසප්පහායිනං,
කස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනන්ති.

මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට අනවද්‍ය කර්ම ඇතියහයි පසස්නෙහි ය. ඔහු කවරකුගේ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ද?

[දෙවපුත්තො:]

[දෙව්පුත්:]

න අඤ්ඤත්ර භගවතා නාඤ්ඤත්ර තව සාසනා,
යස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.

ඔහු යමකුගේ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ද, (ඒ) භාග්‍යවතුන් වහන්සේ නො හැරයි. මුබවහන්සේගේ සසුන ද නො හැරයි.

යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති,
තං තෙ ධම්මං ඉධඤ්ඤූය අච්ඡිදුං භවබන්ධනන්ති.

යම් තැනක නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, ඔහු මේ සසුනෙහි ඒ නිර්වාණ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ය.

[භගවා:]

[භගවත්හු:]

ගම්භීරං වාචසි වාචං දුබ්බිජානං සුදුබ්බුධං,
කස්ස ත්වං ධම්මමඤ්ඤාය වාචං භාසසි ඊදිසන්ති.

ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරකුගේ ධර්මය දැන මෙබඳු වචන කියහු ද?

[දෙවපුත්තො:]

[දෙව්පුත්:]

කුම්භකාරො පුරෙ ආසිං වෙහලිඞ්ගෙ ඝටීකරො,
මාතාපෙත්තිභරො ආසිං කස්සපස්ස උපාසකො.

පෙර වෙහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයෙම් මවු පියන් පෝෂණය කෙළෙම් වීමි.

විරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො,
අහුවා තෙ සගාමෙය්යො අහුවා තෙ පුරෙ සඛා.

මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිෂ (=අනාගාමි) බ්‍රහ්මචාර ඇතියෙම් තොප හා එක්ගම විසූයෙම් විමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.

සොහං එතෙ පජානාමි විමුත්තෙ සත්ත භික්ඛවො,
රාගදොසපරික්ඛීණෙ තිණ්ණෙ ලොකෙ විසත්තිකන්ති.

ඒ මම රාගදොසයන් ක්ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්ෂූන් සත් නම දනිමි.

[භගවා:]

[භගවත්හු:]

එවමෙතං තදා ආසි යථා භාසසි භග්ගව,
කුම්භකාරො පුරෙ ආසි වෙහලිඞ්ගෙ ඝටීකරො.
මාතාපෙත්තිභරො ආසි කස්සපස්ස උපාසකො.

භාර්ගව, යම්සේ කියහි නම් එකල්හි මෙය එසේ වී ය. පෙර වෙහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් විය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයේ මවුපියන් පෝෂණය කෙළේ විය.

විරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො,
අහුවා මෙ සගාමෙය්යො අහුවා මෙ පුරෙ සඛාති.

මෙවුන්දමින් වැළකුනු නිරාමිෂ බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක් ගම විසූයෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් විය.

[ථෙරා:]

[තෙරහු:]

එවමෙතං පුරාණානං සහායානං අහු සඞ්ගමො,
උභින්නං භාවිතත්තානං සරීරන්තිමධාරිනන්ති.

වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනෙකුන්ගේ මේ එක් වීම මෙසේ විය.