ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දේවපුත්‌ත සංයුත්‌තය » 3. නානාතිර්ථය වර්ගය

2.3.3. සෙරීසුත්තං

2.3.3. සෙරී සූත්‍රය

104. සාවත්ථියං---

104. සැවැත්නුවර -

එකමන්තං ඨිතො ඛො සෙරී දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:

1. එකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

අන්නමෙවාභිනන්දන්ති උභයෙ දෙවමානුසා,
අථ කො නාම සො යක්ඛො යං අන්නං නාභිනන්දතීති.

දෙව්මිනිස් දෙකොටස ආහාරය ම පතත්, යම්හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර සත්ත්වයෙක් ද?

[භගවා:]

[භගවත්හු:]

යෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා,
තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.

යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

තස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ,
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.

එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වේ.

අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා:

වහන්ස, ආශ්චර්යයෙකි. වහන්ස, අත්භුතයෙකි. වහන්ස, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය:

“යෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා,
තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.

“යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

තස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ,
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.”

එහෙයින් මසුරුමල මැඬලනසුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය.

භූතපුබ්බාහං භන්තෙ සෙරි නාම රාජා අහොසිං දායකො දානපති දානස්ස වණ්ණවාදී. තස්ස මය්හං භන්තෙ චතුසු1 ද්වාරෙසු දානං දීයිත්ථ සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං. අථ ඛො මං භන්තෙ ඉත්ථාගාරං උපසඞ්කමිත්වා එතදවොච: දෙවස්සෙව2 ඛො දානං දීයති අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම පුඤ්ඤානි කරෙය්යාමාති.

පෙර වූවක් කියමි. වහන්ස, මම දායක වූ දානපති වූ දීමෙහි ගුණ කියන සේරී නම් රජෙක් වීමි. වහන්ස, ඒ මගේ (නුවර) සිටු දොරටුවෙහු මහණ බමුණු දුගී මගී වර්ණබබ්බක යාචකයන්ට දන් දෙනු ලැබී ය. වහන්ස, එකල්හි අන්තඃපුරය මාවෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් ම දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනව”යි මෙය කී ය.

තස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදනත්තානං3 කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ පඨමං ද්වාරං ඉත්ථාගාරස්ස අදාසිං. තත්ථ ඉත්ථාගාරස්ස දානං දීයිත්ථ, මම දානං පටික්කමි.

වහන්ස, ඒ මට “මම වනාහි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම පළමු වන දොරටුව අන්තඃපුරයට දිනිමි. එහි අතොවුරන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

අථ ඛො මං භන්තෙ ඛත්තියා අනුයුත්තා4 උපසඞ්කමිත්වා මං එතදවොචුං: දෙවස්ස ඛො දානං දීයති, ඉත්ථාගාරස්ස දානං දීයති, අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම, පුඤ්ඤානි කරෙය්යාමාති.

වහන්ස, ඉක්බිති සහකාර ක්ෂත්‍රියයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනූ ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය මට කීහ.

තස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං3 කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ, දුතියං ද්වාරං6 ඛත්තියානං අනුයුත්තානං7 අදාසිං. තත්ථ ඛත්තියානං අනුයුත්තානං දානං දීයිත්ථ. මම දානං පටික්කමි.

වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම දෙවන දොරටුව සහකාර ක්ෂත්‍රියයන්ට දිනිමි. එහි සහකාර ක්ෂත්‍රියයන්ගේ දන්දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

අථ ඛො මං භන්තෙ බලකායො උපසඞ්කමිත්වා එතදවොච: දෙවස්ස ඛො දානං දීයති. ඉත්ථාගාරස්ස දානං දීයති. ඛත්තියානං අනුයුත්තානං7 දානං දීයති. අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම, පුඤ්ඤානි කරෙය්යාමාති.

වහන්ස, ඉක්බිති බලසෙනඟ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.

තස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං3 කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ තතියං ද්වාරං බලකායස්ස අදාසිං. තත්ථ බලකායස්ස දානං දීයිත්ථ. මම දානං පටික්කමි.

වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යී මේ අදහස විය. වහන්ස, ඒ මම තෙවන දොරටුව බලසෙනඟට දිනිමි. එහි බලසෙන්හුගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

අථ ඛො මං භන්තෙ, බ්රාහ්මණගහපතිකා උපසඞ්කමිත්වා එතදවොචුං: දෙවස්ස ඛො දානං දීයති. ඉත්ථාගාරස්ස දානං දීයති. ඛත්තියානං අනුයුත්තානං7 දානං දීයති. බලකායස්ස දානං දීයති. අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම. පුඤ්ඤානි කරෙය්යාමාති.

වහන්ස, ඉක්බිති බමුණු ගැහැවියෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. බලසෙන්හුගේ දන් දෙනු ලැබේ.. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම්, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.

තස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං3 කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ චතුත්ථං ද්වාරං බ්රාහ්මණගහපතිකානං අදාසිං. තත්ථ බ්රාහ්මණගහපතිකානං දානං දීයිත්ථ, මම දානං පටික්කමි.

වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම සිව්වන දොරටුව බමුණු ගැහැවියන්ට දිනිමි. එහි බමුණු ගැහැවියන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.

අථ ඛො මං භන්තෙ පුරිසා උපසඞ්කමිත්වා එතදවොචුං: න ඛො දානි දෙවස්ස කොචි දානං දීයතීති.

වහන්ස, ඉක්බිති රාජපුරුෂයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දානයක් දන් කිසි තැනෙක නොදෙනු ලැබේ ය"යි මෙය කීහ.

එවං වුත්තො1හං භන්තෙ තෙ පුරිසෙ එතදවොචං: තෙන හි භණෙ යො බාහිරෙසු ජනපදෙසු ආයො සඤ්ජායති, තතො උපඩ්ඪං අන්තෙපුරෙ2 පවෙසෙථ, උපඩ්ඪං තත්ථෙව දානං දෙථ සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානන්ති.

වහන්ස, මෙසේ මම කියනලදුයෙම් ඒ පුරුෂයන්ට “සගයෙනි, එසේ නම් පිටත දනවුවල යම් අයෙක් උපදී ද? එහෙයින් අඩක් ඇතොවුර කෙරෙහි යවවු. අඩකින් එහි ම මහණ බමුණු දුගී මගී වර්ණබබ්බක යාචකයන්ට දන් දෙව් ය"යි මෙය කීයෙමි.

සො ඛ්වාහං භන්තෙ එවං දීඝරත්තං කතානං පුඤ්ඤානං එවං දීඝරත්තං කතානං කුසලානං3 පරියන්තං නාධිගච්ඡාමි, එත්තකං පුඤ්ඤන්ති වා එත්තකො පුඤ්ඤවිපාකොති වා එත්තකං සග්ගෙ ඨාතබ්බන්ති වාති. අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ භගවතා:4

වහන්ස, ඒ මම මෙසේ දිගුකලක් මුළුල්ලෙහි කළ පින්කම්වල මෙසේ දිගුකලක් කළ කුසල්වල පිණ මෙතෙකැයි කියා හෝ පුණ්‍යවිපාකය මෙතෙකැයි කියා හෝ මෙපමණ කලක් සගෙහි සිටියයුතු යයි කියා හෝ කෙළවරක් නො දනිමි.

“යෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා,
තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.

තස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ,
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.

වහන්ස, ආශ්චර්යයෙකි! වහන්ස, අද්භුතයෙකි!! වහන්ස, “යම් කෙනෙක් සැදැහැයෙන් පහන්සිතින් ඒ අහාරය දෙද් ද? මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය. එහෙයින් මසුරු මල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වෙයි" යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් වදාරණ ලද්දේ ම ය.