102. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
102. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
අථ ඛො සිවො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සිවො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
එකල්හි මනා ඡවිවර්ණ ඇති සිව දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සිව දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය සෙෙය්යා හොති න පාපියො.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියහුට) අභිවෘද්ධියෙක් වෙයි. පිරිහීමෙක් නො වෙයි:
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන (සිටියහුට) ප්‍රඥාව ලැබෙයි. අනෙකෙකින් නො ලැබෙයි.
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය සොකමජ්ඣෙ න සොචති.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන (සිටියේ) ශෝක කාරණයන් මැද ශෝක නො කෙරේ.
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය ඤාතිමජ්ඣෙ විරොචති.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියේ) නෑයන් මැද වෙසෙසින් බබලයි.
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටි) සත්ත්‍වයෝ සුගතියට යෙත්.
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතන්ති.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (ගත්) සත්වයෝ බොහෝ කල් සුවසේ සිටිත්.
අථ ඛො භගවා සිවං දෙවපුත්තං ගාථාය පච්චභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක.
සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චතීති.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියේ) සියලු දුකින් මිදෙයි.