ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය

1. බ්‍රහ‍්මජාලසුත‍්තං

1. බ්‍රහ්මජාල සූත්‍රය

1. එවං මෙ සුතං එකං සමයං භගවා අන්තරා ච රාජගහං අන්තරා ච නාලන්‍දං අද්ධානමග්ගපටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. සුප්පියො’පි ඛො පරිබ්බාජකො අන්තරා ච රාජගහං අන්තරා ච නාලන්‍දං අද්ධානමග්ගපටිපන්නො හොති සද්ධිං අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන.

තත්‍ර සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා1 හොන්ති භික්ඛුසඞ්ඝංච.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමඟ රජගහනුවරටත් නාලන්දා නුවරටත් අතරෙහි දීර්ඝමාර්ගයට පිළිපන්සේක් වෙති. සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතරැ වූ දික් මඟට පිළිපන්නේ වේ. එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේ පසසයි, ධර්මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් බික්සඟපිරිසත් අනුව ගියෝ වෙත්.

2. අථ ඛො භගවා අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගංඡි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. සුප්පියො’පි ඛො පරිබ්බාජකො අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගංඡි සද්ධිං අන්තෙවාසිනා බ්රහ්මදත්තෙන මාණවෙන. තත්ර’පි සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්රහ්මදත්තො මාණවො බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා විහරන්ති.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරයෙහි (රජ ගෙහි) බික්සඟන සමඟ එක් රැයක් නවාතැනට එළැඹිසේක. බඹදත් නම් තරුණ අතැවැස්සා හා සුප්පිය පිරිවැජ්ජාත් එක් රැයක් විසීමට එහි ම එළැඹියේ ය. එහි දී ද සුප්පියපිරිවැජ්ජා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට නින්දා කෙරෙයි, ධර්මයට නින්දා කෙරෙයි, සංඝයාට නින්දා කෙරෙයි. ඔහුගේ අතැවැසි තරුණ බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ වැ වෙසෙත්.

3. අථ ඛො සම්බහුලානං භික්ඛූනං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියාධම්මො උදපාදි: “අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයං හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ’මෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්ති භික්ඛුසඞ්ඝං චා”ති.

3. ඉක්බිති රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් බොහෝ භික්ෂූන් අතරැ මේ කථාව පහළ විය: “ඇවැත්නි, සත්ත්වයන්ගේ ආශයානුශයයන් දක්නා, අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම් මැනවින් සියල්ල දන්නා ලද්දේ ද යන මෙය ආශ්චර්ය ය, අද්භූත ය. මේ සුප්පියපිරිවැජියා වනාහි නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් මොහු තරුණ අතැවැසි බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධකථා ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂුසංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යනු යි.

4. අථ ඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සඞ්ඛියාධම්මං විදිත්වා යෙන මණ්ඩලමාළො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කාය නු’ ත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා? කා ච පන වො අන්තරාකථා විප්පකතා?”ති.

4. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගේ මේ කථාව දැන, නිෂීදනශාලාව කරා එළැඹිසේක. එළැඹ, පණවන ලද අස්නෙහි හිඳගත් සේක. හිඳ ගෙන ම, භික්ෂූන් අමතා “මහණෙනි, තෙපි දැන් කවර කථාවෙකින් හුන්නෝ වහු ද? කවර නම් අතුරු කථාවෙක් තොප විසින් අඩාළ කරන ලද දැ?” යි විචාරා වදාළ සේක.

එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ අම්හාකං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියාධම්මො උදපාදි “අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයං හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ’මෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා’ති. අයං ඛො නො භන්තෙ අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තො”ති.

මෙසේ වදාළ කල්හී, ඒ භික්ෂුහු “වහන්ස, මෙහි රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදනශාලායෙහි රැස් ව හුන් අප අතරැ මේ කථාව පහළ විය: ‘ඇවැත්නි, සත්ත්වයන්ගේ ආශයානුශය දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්වයන් එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියා කොතරම් මැනවින් දන්නා ලද ද’ යන මෙය ආශ්චර්ය ය, අද්භූත ය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහු තරුණ අතැවැසි බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධ කථා ඇති වැ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යි, වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහි එළැඹි සේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.

5. “මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්යුං, තත්ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්යුං, තත්ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්යුං, තත්ර තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, අපි නු පරෙසං සුභාසිතං දුබ්භාසිතං තුම්හෙ ආජානෙය්යාථා?”ති.

5. (ඒ භික්ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය.

“මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හී තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.

“නො හෙතං, භන්තෙ.”

“වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ මැ යැ)” යි ඒ භික්ෂූහු උත්තර දුන්හ.

“මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්යුං, තත්ර තුම්හෙහි අභූතං අභූතතො නිබ්බෙඨෙතබ්බං: ‘ඉති’පෙතං අභූතං. ඉති’පෙතං අතච්ඡං. නත්ථි චෙතං අම්හෙසු. න ච පනෙතං අම්හෙසු සංවිජ්ජතී’ති.

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය”.

6. “මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්යුං, තත්ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උබ්බිලාවිතත්තං1 කරණීයං. මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්යුං, තත්ර චෙ තුම්හෙ අස්සථ ආනනන්දිනො සුමනා උබ්බිලාවිනො2, තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං භාසෙය්යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්යුං, තත්ර තුම්හෙහි භූතං භූතතො පටිජානිතබ්බං: “ඉති’පෙතං භූතං, ඉති’පෙතං තච්ඡං. අත්ථි චෙතං අම්හෙසු. සංවිජ්ජති ච පනෙතං අම්හෙසූ’ති.”

6. “මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය. සොම්නස නො කළ යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණුබව නො කළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තෙපි ප්‍රීති වන්නහු නම්, සතුටු වන්නහු නම්, තොපට ම එයින් අන්තරාය වේ. (=තොපගේ ම ධ්‍යානාදීගුණලාභයට එය බාධක වේ.) මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ‘මේ කරුණිනුත් මෙය ඇත්ත ය. මේ කරුණිනුත් මෙය එසේ ම ඇති එකෙක. මෙය අප කෙරෙහි ඇත්තේ වේ. මෙය අප තුළ විද්‍යාමාන ම යැ’ යි ඇතිගුණ ඇතිගුණ වශයෙන් පිළින කට යුතු යි.

7. “අප්පමත්තකං ඛො පනෙතං භික්ඛවෙ ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය. කතමඤ්ච තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය?

7. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් (=ඔවුන් වහන්සේ කෙරෙහි වූ යම් ගුණයක් කරණ කොට ගෙන) කියන්නේ නම්, ඔහු කියන ඒ ගුණය අල්පමාත්‍ර එකෙක. ස්වල්පමාත්‍ර එකෙක. ආචාරශීලගුණ පමණක් ම වූ මඳ දැයෙක. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් කියන්නේ නම්, ඔහු කියන ඒ අල්පමාත්‍ර වූ ස්වල්පමාත්‍ර වූ ශීලමාත්‍ර වූ ගුණය කවරේ ද? යත්:-

8. “පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො සමණො ගොතමො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරතී”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

8. “ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු ඇත්තේ ය. (දඬු මුගුරු නො දරන්නේ ය). බහා තැබූ ආයුධ ඇත්තේ ය (ආයුධ නො දරන්නේ ය). පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය (මෛත්‍රියෙන් යුක්තය). සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

9. “අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො සමණො ගොතමො දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරතී”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

9. “ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. දුන් දැය ම පිළිගන්නාසුලු ය. දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු ය. නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

10. “අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී සමණො ගොතමො ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

10. “ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. ගැමි දහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ එයින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

11. “මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්සා”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

11. “ශ්‍රමණගෞතම තෙමේ බොරු කීම දුරැලා, බොරු කීමෙන් වැළැක්කේ ය. ඇත්ත කියන්නේ ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු වැ පිහිටි කථා ඇත්තේ ය. ඇදැහිය යුතු කථා ඇත්තේ ය. ලොව නො රවටන්නෙකැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

12. “පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො සමණො ගොතමො, ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසම්භෙදාය. අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසම්භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා. සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

12. “ශ්‍රමණගෞතම තෙමේ පිසුණු බස් දුරැ ලා, පිසුණු බිණීමෙන් වැළැක්කේ ය. මෙ තැනින් අසා ගෙන මොවුන් බිඳුවනු පිණිස එ තන්හි නො කියනසුලු ය. එ තැනින් අසා ගෙන ඔවුන් බිඳුවනු පිණිස මෙ තන්හි නො කියන සුලු ය. මෙ සේ බිඳුණවුන් ගළපන්නේ (සමඟ කරන්නේ) ද වෙයි. එකට ගැළැපුණවුන්හට (=සමඟියට පැමිණ සිටිනවුන් හට) රුකුල් දෙන්නේ ද වෙයි. සමඟියෙන් සිටිනවුන් හා වාසය කැමැත්තේ ය. සමඟියෙන් වසන්නවුන්ට කැමැත්තේ ය. සමඟ ව සිටින්නවුනට සතුටු ය. සමඟිය ඇති කරන බස් කියන්නේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

13. “ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො සමණො ගොතමො. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

13. “ශ්‍රමණ ගෞතම තෙමේ රළුබිණුම් දුරැ ලා, රළුබිණුම්වලින් වැළැක්කේ ය. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුයෙන් සිතැ වැදැගන්නා, නොගැමි (මොළොක්) වු, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාට මනාප යම් බසෙක් වේ නම්, එ බඳු වූ බස් කියන්නේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියණ පුහුදුන් තෙමේ කියන්නේ ය.

14. “සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො සමණො ගොතමො, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතන්ති” ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

14. “ශ්‍රමණ ගෞතම තෙමේ හිස් දෙඬුම් හැරැ දමා, හිස් දෙඬුමෙන් වැළැක්කේ ය. සුදුසු කාලයෙහි කථා කරන්නේ ය. ඇත්තක් ම කියන්නේ ය. වැඩ සලසන බසක් ම කියන්නේ ය. නවලොවුතුරාදහම් ඇසුරු කොට ම කියන්නේ ය. හික්මුම ඇසුරු කළ (=හික්මුම් ඇති කරන) බසක් ම කියන්නේ ය. සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, සීමාවක් ඇති (=ප්‍රමාණවත් වු), දෙ ලෝ වැඩ පසස්නා වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

15. “බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො සමණො ගොතමො. එකභත්තිකො සමණො ගොතමො රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො සමණො ගොතමො. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො සමණො ගොතමො. උච්චාසයනමහාසයනා පටිවිරතො සමණො ගොතමො. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. ආමකමංසපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. දාසිදාසපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. අජෙළකපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. හත්ථිගවාස්සවළවපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො. කයවික්කයා පටිවිරතො සමණො ගොතමො. තුලාකූට-කංසකූට-මානකූටා පටිවිරතො සමණො ගොතමො. උක්කොටන-වඤ්චන-නිකති-සාචියොගා පටිවිරතො සමණො ගොතමො. ඡෙදන-වධබන්ධන-විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

15. “ශ්‍රමණගෞතම තෙමේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූත සමූහ (=පැළ වුණ දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ ය. එක් වේලේ (පෙරවරු) වළඳන බත් ඇත්තේ ය. රෑබොජුනෙන් වැළැක්කේ ය. නොකල්බොජුනෙන් වැළැක්කේ ය. නටනු - ගයනු - වයනු - විසුළුදස්නෙන් වැළැක්කේ ය. ඇඟ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ ය. පමණ ඉක්මැ වූ උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ ය. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමු (නොපිසූ) ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමුමස් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. එළුබැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ ය. ගිහියනට දූතමෙහෙවර කැරුමෙහි ද, ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙනයෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ ය. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ ය. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් ආදිය පෑමෙන්, හොරමිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ ය. අල්ලස් ගෙන හිමියන් නොහිමි කැරුමෙන්, නානාඋපායයෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායාවෙන්, මෙකී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ ය. අත්පා ආදිය සිඳුමෙන්, මැරුමෙන්, රැහැන් ආදියෙන් බැඳුමෙන්, මං පැහැරුමෙන්, ගම් පැහැරුමෙන්, සැහැසිකම් කැරුමෙන් වැළැක්කේ ය” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

චූල්ලසීලං නිට්ඨිතං.

චුල්ලසීලය නිමි.

16. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති සෙය්යථිදං: මූලබීජං ඛන්ධබීජං ඵලුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං. ඉති වා ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

16. “තව ද, යම් සේ සමහර භවත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ ද (හිඟුරු ඈ පැළ වන මුල් ද) ස්කන්ධබීජ ද (නුග ඈ පැළ වන කඳ ද) පරුබීජ ද (උක් උණ බට ඈ පැළවන පුරුක් ද) අග්‍රබීජ ද (ඉරිවේරිය ඈ පැළ වන දළු ද) පස් වන බීජබීජ ද (වී ඈ පැළ වන ඇට ද) යන මෙ කී බිජසමුහ ද (=පැළ වන දෑ ද), භූතසමූහ ද (=පැළ වුණු දෑ ද), පෙළිමෙහි (=සිඳුම් බිඳුම් තැළුම් තැවුම් යැ යි කියන ලද සමාරම්භයෙහි) යෙදුණෝ වැ වෙසෙත් ද, මේ ආදී වූ හෝ මෙ බඳු වූ බීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් ශ්‍රමණ ගෞතම තෙමේ වැළැක්කේ යැ” යි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන ලෞකික ජන තෙමේ කියන්නේ ය.

17. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

17. “යම් සේ වනාහී සමහර පින්වත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අන්නසන්නිධි (=කෑම රැස් කොට තබා ගැන්ම), පානසන්නිධි (=බොන දෑ රැස් කොට තබා ගැන්ම), වස්ත්‍රසන්නිධි (=වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම), යානසන්නිධි (=රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද රැස් කොට තබා ගැන්ම), ශයනසන්නිධි (=යහන් රැස්කොට තබා ගැන්ම), ගන්ධසන්නිධි (=සුවඳ දෑ රැස්කොට තබා ගැන්ම), ආමිසසන්නිධි (=ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස්කොට තබා ගැන්ම) යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (=පසය රැස් කොට තබා ගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ සන්නිධිකාර පරිභෝගයෙන් (=පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙන්) වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

18. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං1 කුම්භථූණං සොභනකං2 චණ්ඩාලං වංසං ධොවනං3 හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං4 කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උෙය්යාධිකං බලග්ගං සෙනාබ්යූහං අනීකදස්සනං. ඉති වා ඉතිඑවරූපා විසූකදස්සනා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

18. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (=නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්), ආඛ්‍යාන (=මහාභාරත රාමායණාදී කථා කීම හෝ ඇසීම්), පාණිස්වර (=අතින් ලොහොබෙර ගැසීම් හෝ අත්තල ගැසීම්), වේතාල (=ලීමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මලසිරුරු නැගිටුවීම්), කුම්භථූන (සිවුරස් බෙර වැයීම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවනට ස්තෝත්‍රවශයෙන් නාන්දීගීත ගායනය නොහොත් ප්‍රතිභානචිත්‍ර කිරීම්), සණදොවුන් කෙළිය(හෝ අයෝගුඩ ක්‍රිඩාව), උණගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රිඩාව, අස්ථිධාවනය (=මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කැරුම), ඇත් යුද (=ඇතුන් පිට නැග යුද කැරුම), අස් යුද (=අසුන් නැග යුද කැරුම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාම, බලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනිඈ බලඇනි දක්නට යෑම යන විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ විසුළුදස්නෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

19. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති - සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලිකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉතිඑවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

19. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙලිය, අහස්දූකෙළිය, මඬුලුපැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලිගැසුම, ලහඅත් කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹීම, කෙළි නගුලින් සෑම, කරණම්පැනුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ආදිය මැනුම, කුඩා රිය පැදවීම, කුඩා දුනුයෙන් විදුම, ඇකිරි කෙළිය, සිතු දෑ කීම, විකලාංගානුකරණය යන ආදී වූ හෝ මෙ බඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද , මහණගොයුම් තෙමේ එසේ පමාවට කරුණු වූ දූ කෙළිවලැ යෙදීමෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මේ පරිද්දෙන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

20. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං1 චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. ඉති වා ඉතිඑවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

20. “යම් සේ වනාහි සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පලඟය, මහකොඳුපලස ය, වියමනින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුඇතිරිය, ගන මල් යෙදූ එළුලොම්ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහාදී රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙ පැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කොට තැනූ පසතුරුණ, කෝසෙය්ය නූලින් වියූ පසතුරුණ, සොළොසක් නිළියනට සිටැ නටන්නට තරම් දිග පුලුල ඇති එළුලොම්මුවා ඇතිරිය, ඇතුන් පිටැ එළන ඇතිරිය, අසුන් පිටැ එළන ඇතිරිය, රියවලැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන්දිවිසමින් මසා කළ පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතුකොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන ආදි වූ හෝ මෙ බඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද, මහණගොයුම් තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ උස්යහනින් මහයහනින් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

21. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති - සෙය්යථිදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං අසිං ඡත්තං චිත්රෑපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉතිඑවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

21. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බෝජුන් වළඳා සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත් පා ආදියේ මනා සටහන් ගන්වනු පිණිස තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ආදියේ මස් වැඩෙනුවට මුගුරින් තැලීම, කැඩපතින් මුහුණ බැලීම, ඇඟ ඔප්ගන්වනුවට අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්භිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ උනු තැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ එබඳු දෑ පරිභෝග කැරුමෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

22. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං1 සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

22. “යම්සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්ව ප්‍රේතකථා, නානාත්වකථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභවකථා, යන මේ කී හෝ අන් මෙබඳු වූ තිරශ්චීනකථාවල යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.‍

23. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං2 තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො නිග්ගහිතො ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. ඉති වා ඉතිඑවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

23. “යම් සේ අතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘තෝ මේ දහම්විනය නො දන්නෙහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම්විනය කිමැ’ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි ය. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුවෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුවෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණි. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (=ඒ ඒ තැන ගොස් උගනුව). හැක්කෙහි නම් එය විසඳව’ යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, මහණගොයුම් තෙමේ මෙ බඳු වූ බැණුමෙන් දෙඩුමෙන් වැළැක්කේ යැ” යි කියා හෝ, මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

24. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං ‘ඉධ ගච්ඡ. අමුත්රාගච්ඡ. ඉදං හර. අමුත්ර ඉදං ආහරා’ති. ඉති වා ඉතිඑවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

24. “යම් සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා ‘මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ යි (කළ නියෝග පිළිගෙන) රජුන්ගේ, රජමහමැතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, රජකුමරුවන්ගේ මෙ බඳු වූ දූතමෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මෙ බඳු දැයෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

25. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉතිඑවරූපා කුහනලපනා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

25. “යම් සේ වනාහි සමහර පින්වත් මහණබමුණෝ අනුන් සැදෑහෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර තකා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවුපසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මෙ බඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

මජ්ඣිමසීලං නිට්ඨිතං.

මජ්ඣිමසීලය නිමි.

26. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං1 සරපරිත්තාණං මිගපක්ඛං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො”ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

26. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශීවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ වනාහි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

27. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: මණිලක්ඛණං දණ්ඩලක්ඛණං වත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරීලක්ඛණං දාසලක්ඛණං දාසීලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

27. “යම්සේ වනාහි ඇතැම් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු ය, දඬුලකුණු ය, වත්ලකුණු ය, කඩුලකුණු ය, ඊලකුණු ය, දුනුලකුණු ය, අවිලකුණු ය, ඉතිරිලකුණු ය, පුරිස්ලකුණු ය, කුමරලකුණු ය, කුමරිලකුණු ය, දස්ලකුණු ය, දැසිලකුණු ය, ඇත්ලකුණු ය, අස්ලකුණු ය, මියුලකුණු ය, වහප්ලකුණු ය, ගොන්ලකුණු ය, එළුලකුණු ය, බැටෙළුලකුණු ය, කුකුළුලකුණු ය, වටුලකුණු ය, ගොයිලකුණු ය, කැණිලකුණු ය, කසුබුලකුණු ය, මුවලකුණුය යන ආදි වූ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යා ආජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ වනාහි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිරශ්චීණ විද්‍යායෙන් මෙබඳු වූ මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

28. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති. රඤ්ඤං අනිය්යානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති. බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති. බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති’. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

28. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ (අසෝ නැකැතින්) අසෝ රජුන්ගේ සිය නුවරින් (යුද සඳහා) නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට ඇතුළත වූ රජුන්ගේ පිටත සිටින සතුරුරජුන් හමුවට යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුන්ගේ රට ඇතුලත සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. (අසෝ නැකතින්) ඇතුළත සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළත සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුනට ජය වනනේ ය. රට ඇතුළත සිටින රජුනට පරාජය වන්නේ යැ යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වූ මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජිවිකායෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

29. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, උක්කාපාතො භවිස්සති, දිසාඩාහො භවිස්සති, භූමිචාලො භවිස්සති, දෙවදුන්දුභි භවිස්සති, චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති. එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති, එවංවිපාකො සූරියග්ගාහො භවිස්සති, එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං පථගමනං භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකො උක්කාපාතො භවිස්සති, එවංවිපාකො දිසාඩාහො භවිස්සති, එවංවිපාකො භූමිචාලො භවිස්සති, එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති”. ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

29. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනාගේ නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සූර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්ද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ උත්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙබඳු පල දෙන්නේ ය. දිග්දාහය මෙබඳු පල දෙන්නේ ය. භූමීකම්පනය මෙබඳු පල දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැ’ යි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය.

30. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: සුබ්බුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්යං භවිස්සති, මුද්දා ගණනා සඞ්ඛානං කාවෙය්යං ලොකායතං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති.” ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

30. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘මේ සමයෙහි වැසි වස්නේ ය. මෙසමයෙහි නියං වන්නේ ය. මෙසමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙසමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු නැති වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග දුරු වන්නේ යැ’ යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් දිගටම කියා ගෙන යමින් ගිණීම) ද, සංඛ්‍යානය (පිණ්ඩ ගණනාව) ද, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යා ආජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

31. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදනං සඞ්කිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං1 හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හානං. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති.” ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

31. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹු සැමියන් වෙන් වන්නට නැකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති කරනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු කිරීම් ආදී නිඃශ්‍රීක බව ඇති කරන යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම , නැසෙන්නට යන දරු ගබ රැකෙන්නට පිළියම් කිරීම, මන්ත්‍රාදි බලයෙන් දිවගුළු බැඳීම, මන්ත්‍රාදියෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙනුවට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම (අංජනම් බැලීම), කුමරියකට දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම (කුමරියක ලවා පේන කියැවීම), ජිවිකා පිණිස හිරු වැඳීම හා පිදීම, බහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරි කත කැඳවීම යන මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජිවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජිවයෙන් වැළැක්කේ යැ” යි, මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

32. “යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති – සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං භූරිකම්මං1 වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉතිඑවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති.” ඉති වා හි භික්ඛවෙ පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

32. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම (දෙවියනට බාර වීම), ප්‍රණිධිකර්ම (බාර ඔප්පු කිරීම), භූරිකර්ම (බිම ගෙහි ඉඳ පිරුවැහු මන්ත්‍රයට උපචාර කිරීම), පණ්ඩකයා (බෙහෙත් බලයෙන් ) පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තු කර්මය (අළුත් බිම්හි ගෙවල් නැංවීම), වාස්තු පරිකිරණය (ගෙබිම්හි උවදුරු දුරැ ලන්නට බිලියම් කිරීම), මතුරු දපා මුව සේදීම, මතුරු දපා අනුන් නෑවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, වමන කැරැවීම, විරේක කැරැවීම, ඌර්ධව විරේචනය, අධෝ විරේචනය (වස්ති කිරීම), ශීර්ෂ විරේචනය, ගිහියන්ගේ කන් ලෙඩට තෙල් පිසීම, ඇස සිසිල් කරන බේත් තෙල් පිසීම, නස්‍ය කිරීම, ඇස පටල කැපෙන්නට කාරම් අඳුන් සාදා දීම, ඇසැ සිසිල ගන්වන අඳුන් සාදා දීම, අනුන් ඇසැ උල් ඇන ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කාය චිකිත්සාව), කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ යි මෙසේ වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මෙබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැ” යි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.

33. “ඉදං ඛො තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය.

33. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් එය කියන්නේ නම්, මේ (ඔහු කියන) ඒ ගුණය වනාහී මඳ වූ සුළු වූ හුදෙක් සිල් පමණක් ම වූ එකෙක.

මහාසීලං නිට්ඨිතං.

මහාසීලය නිමි.

34. අත්ථි භික්ඛවෙ අඤ්ඤෙව ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං. කතමෙ ච තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං?

34. මහණෙනි, තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වා ද, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ යම් දහම් කෙනෙකුන්ගෙන් එය මොනොවට කිය හැකි වන්නෝ ද, එසේ වූ, ගැඹුරු වූ, එ හෙයින් ම දුක සේ දැක්ක යුතු, දුක සේ දැන ගත යුතු, ශාන්ත වූ, උතුම් වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ, (හෙවත් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ම බැස ගත යුතු වූ), සියුම් වූ, නුවණැත්තන් විසින් ම දත යුතු වූ , අන්‍ය වූ ම ධර්ම කෙනෙක් ඇත්තාහ. මහණෙනි, තථාගත බුදු රජ තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වා ද, ... සියුම් වූ, නුවණැත්තන් විසින් ම දත යුතු වූ ඒ ධර්මයෝ නම් කවුරු ද? යත්:

35. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාදසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි?

35. මහණෙනි, පූර්වාන්තකල්පික වූ (අතීත ආත්මභාවසංඛ්‍යාත ගත වූ ස්කන්ධපරම්පරා කොටස තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්), ඒ අතීත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇති සමහර මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු අතීතස්කන්ධපරම්පරා කොටස ඇරැබැ කරුණු අටොළොසෙකින් අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන කියත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අතීත ස්කන්ධපරම්පරා කොටස වරදවා කල්පනා කොට ගත්තෝ, අතීත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීත ස්කන්ධපරම්පරා කොටස ඇරැබැ අටළොස් කරුණෙකින් නොයෙක් වැදෑරූම් දෘෂ්ටිප්‍රකාශකවචන කියත් ද? යත්:

36. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි?

36. මහණෙනි, යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි (සදාභාවී යැ යි) කරුණු සතරෙකින් පණවත් (උගන්වත්) ද, එසේ වූ ශාශ්වත දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඒ භවත් මහණබමුණෝ කුමක් ඇසුරු කොට, කිමෙකැ එල්බැ, ශාශ්වතදෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි කරුණු සතරෙකින් ලොවට කියා පාත් ද? යත්:

37. ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: “එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකානි’පි ජාතිසතානි අනෙකානි’පි ජාතිසහස්සානි අනෙකානි’පි ජාතිසතසහස්සානි අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං1 තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති.”

37. මහණෙනි, මෙහි කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්‍යය ප්‍රත්‍යය කොට ගෙන (වැර වඩා), උත්සාහය ප්‍රත්‍යය කොට ගෙන (උත්සාහ වඩා), යලි යලි වීර්‍ය්‍යයෙහි යෙදීමට පැමිණ (පුන පුනා වැර වඩා), නොපමා බවට පැමිණ (එළඹැ සිටිය සිහිය නිසා), නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි අනේකවිධ වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. ඒ මෙසේ යි: “අසෝ තැනැ වීමි, එහි මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මේබඳු ආහාර ඇතියෙම් වීමි, මේ බඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් වයස් සීමාවක් ඇතියෙම් වීමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මේබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නනෙම් වීමි, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සිය ගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාමගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට නොයෙක් වැදෑරුම් පෙරැ වූසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.

ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සො එවමාහ: ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො -පෙ- අනෙකානිපි ජාතිසතසහස්සානි ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො -පෙ- ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනාමහං එතං ජානාමි: යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති අත්ථිත්වෙව සස්සතිසම”න්ති.

මෙසේ ධ්‍යානානුභාවයෙන් යුක්ත හෙ තෙමේ දෘෂ්ටිගතික වූයේ මෙලෙස කියයි: “ආත්මයත් ලෝකයත් ශාශ්වත ය (සදාභාවී ය), වඳ ය (අඵල ය හෙවත් කිසිවක් නො උපදවන්නේ ය), ගිරි කුළක් සේ නිශ්චල වැ සිටියේ වෙයි. ගැඹුරු වළ කැන සිටුවන ලද ඉන්ද්‍රකීලයක් සේ ස්ථීර වැ සිටියේ වෙයි. ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනට යෙති. භවයෙන් භවයට හැසිරෙති, මැරෙති, මැරී උපදිති, (මහාපෘථිවි ආදී) සදාභාවී වස්තූන් මෙන් ඒ ආත්මය ද ලෝකය ද සදාභාවී වැ විද්‍යාමාන ම ය. එසේ (මා) කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි වීර්‍ය්‍ය වඩා, උත්සාහ වඩා, පුන පුනා වැර වඩා, නොපමා බව නිසා, නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි නොයෙක්වැදෑරුම් පෙරැ වූසු කඳ පිළිවෙළ සිහි කෙරෙම් ද, එබඳු වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මෙ නම් ඇතියෙම් විමි … ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, … නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට, නොයෙක්වැදෑරුම් පෙරැ වූසු කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් මම, යම්සේ ආත්මයත් ලෝකයත් ශාශ්වත ද, වඳ ද, ගිරිකුළක් සේ තහවුරු වැ සිටියේ ද, ඉන්ද්‍රකීලයක් සේ නිසල වැ සිටියේ ද, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනට යෙතැ යි, ඒ සත්ත්වයෝ ම භවයෙන් භවයට යෙතැ යි, ඒ සත්ත්වයෝ ම මැරෙතැ යි, මැරී යලි උපදිතැ යි මෙසේ ආත්මයත් ලෝකයත් පොළොව ආදී නො නැසී පවත්නා වස්තුනට සම වැ හැම කල්හි ම විද්‍යාමාන යහ යි මෙය දනිමි.”

ඉදං භික්ඛවෙ පඨමං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් අරමුණු කොට ඇතැම් මහණබමුණෝ ශාශ්වත දෘෂ්ටි ඇත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, මේ ඒ පලමු කාරණය යි.

38. දුතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති?

38. දෙවෙනි කාරණයෙහිත් භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරමුණු කොට ශාශ්වතදෘෂ්ටික වූවෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථා සමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති – සෙය්යථිදං: එකම්පි සංවට්ටවිවට්ටං ද්වෙ’පි සංවට්ටවිවට්ටානි තීණි’පි සංවට්ටවිවට්ටානි චත්තාරි’පි සංවට්ටවිවට්ටානි පඤ්ච’පි සංවට්ටවිවට්ටානි දස’පි සංවට්ටවිවට්ටානි. ‘අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති.” ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට, වීර්‍ය්‍ය කොට, පුන පුනා වැර වඩා, ස්මෘතිසම්ප්‍රයුක්ත බව නිසා, සම්‍යග්මනස්කාරය* නිසා, යම් සමාධියකින් සිත මනා වැ පිහිටි කල්හී අනේකවිධ වූ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වූ චිත්ත සමාධියක් ලබයි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමී, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මේ බඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් සංවර්තවිවර්තයක් ද, සංවර්තවිවර්ත දෙකක්ද, සංවර්තවිවර්ත තුනක් ද, සංවර්තවිවර්ත සතරක් ද, සංවර්තවිවර්ත පහක් ද, සංවර්තවිවර්ත දශයක් ද, පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නම් ගොත් විසින් උදෙසුම් සහිත කොට, නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.

සො එවමාහ: ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථා සමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි – සෙය්යථිදං: එකම්පි -පෙ- දස’පි සංවට්ටවිවට්ටානි. ‘අමුත්රාසිං එවන්නාමො -පෙ- ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනා’පාහං එතං ජානාමි යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති. අත්ථිත්වෙව සස්සතිසමං’ති.”

මෙබඳු ධ්‍යානානුභාව ඇති හේ දෘෂ්ටිගතික වුයේ මෙසේ කියයි: “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉන්ද්‍රකීලයක් සේ තහවුරු ය, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනකට යෙති, භවයෙන් භවයට හැවිදිති, මැරෙති , මැරී උපදිති, (මහාපෘථිව්‍යාදී) සදාකාලික වස්තූන් මෙන් ආත්මය ද ලෝකය ද හැම කල්හි විද්‍යාමාන ම ය. “මෙසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහ කොට, වීර්‍ය්‍ය කොට, පුන පුනා වැර වඩා, ස්මෘතිසම්ප්‍රයුක්ත බව නිසා, සම්‍යග්මනස්කාරය නිසා, යම් සමාධියෙකින් සිත මනා ව පිහිටි කල්හි නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙල සිහි කෙරෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: ‘අසෝ තැන විමි ... මෙසේ එක් සංවර්තවිවර්තයක් ද, සංවර්තවිවර්ත දෙකක් ද ... සංවර්තවිවර්ත දශයක් ද ආකාර සහිත කොට උද්දේශ සහිත කොට පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් යම්සේ ආත්මයත් ලෝකයත් සදාකාලික ද, වඳ ද, ගිරිකුළයක් සේ නිසල ද, ඉන්ද්‍රකීලයක් සේ තහවුරු ද, ඒ සත්ත්වයෝ ම මෙයින් අන් තැනකට යෙත් ද, භවයෙන් භවයට හැවිදිත් ද, මැරෙත් ද, මැරී උපදිත් ද (මහාපෘථිව්‍යාදිය මෙන්) හැම දා ම ඇත්තාහු ද, එසේ මේ කාරණය දනිමි.”

ඉදං භික්ඛවෙ දුතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් නිසා යමෙක එල්බැ ගෙන ශාශ්වතදෘෂ්ටිගතික වූවෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණයයි.

39. තතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති?

39. තෙවෙනි කාරණයෙහි ද භවත් මහණබමුණෝ කුමක් නිසා, කිමෙක එල්බැ ගෙන, ශාශ්වත දෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත් :

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති – සෙය්යථිදං: දස’පි සංවට්ටවිවට්ටානි වීසතිම්පි සංවට්ටවිවට්ටානි තිංසම්පි සංවට්ටවිවට්ටානි චත්තාරීසම්පි සංවට්ටවිවට්ටානි. “අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං.1 තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නො’ති.” ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහය නිසා, වීර්‍ය්‍ය නිසා, පුන පුනා වැර වැඩුම් නිසා, අප්‍රමාදය නිසා, සම්‍යඞ්මනස්කාරය නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි නන් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙල සිහි කෙරේ ද, එසේ වූ චිත්ත සමාධියක් ලබයි. එය (සිහි කරනුයේ) මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මේ නම් ඇතියෙම් වීමි, මේ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි, එහිද මේ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමී, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි සංවර්තවිවර්ත දශයක් ද, සංවර්තවිවර්ත විස්සක් ද, සංවර්තවිවර්ත තිසක් ද, සංවර්තවිවර්ත සතළිසක් දැ යි මෙසේ ආකාර සහිත වූඋද්දේශ සහිත වූ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.

සො එවමාහ: “සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසාමි. යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි – සෙය්යථිදං: දස’පි සංවට්ටවිවට්ටානි -පෙ-චත්තාරීසම්පි සංවට්ටවිවට්ටානි. ‘අමුත්රාසිං එවන්නාමො -පෙ- ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනාමහං එතං ජානාමි: යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති අත්ථිත්වෙව සස්සතිසමං’ති.”

හේ මෙසේ කියයි: “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ තරය, ඒ සත්හු ම මෙයින් අන් තැනට යෙති, භවයෙන් භවයට යෙති, මැරෙති මැරී උපදිති, මහාපෘථිව්‍යාදී ශාශ්වත වස්තුනට සම ව හැම කල්හිම ඇත්තාහු ය. මෙසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය නිසා, වීර්‍ය්‍යය නිසා, පුන පුනා වැර වැඩුම් නිසා, නොපමා බව නිසා, මනාසේ මෙනෙහි කැරුම් නිසා, යම් සමාධියෙකින් සිත මොනොවට පිහිටි කල්හී නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙල සිහි කෙරෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එයින් සැව මෙහි උපනිමි” යි සංවර්තවිවර්ත දශයක් ද ... සංවර්තවිවර්ත සතළිසක් දැ යි මෙ සේ ආකාර සහිත, උද්දේශ සහිත නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කරුණින් මම් යම්සේ ආත්මයත් ලෝකයත් ශාශ්වත ද, වඳ ද, ගිරි කුළක් සේ නිසල ද, ඉඳුකිලක් සේ තහවුරු ද, ඒ සත්හු ම මෙයින් අන් තැනට යෙත් ද, භවයෙන් භවයට හැවිදිත් ද, මැරෙත් ද, මැරී උපදිත් ද, මහාපෘථිව්‍යාදී ශාශ්වත වස්තූන් හා සම වැ හැම දා ම ඇත්තාහු ද , එසේ මේ කාරණය දනිමි” යනු යි.

ඉදං භික්ඛවෙ තතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානං ච ලොකං ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ ශාශ්වතදෘෂ්ටි ඇත්තෝ, යමක් නිසා, යමෙක එල්බැ ගෙන, ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණයයි.

40. චතුත්ථෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති?

40. සිවු වන කරුණෙහි ද, භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ගෙන ශාශ්වතවාදී වූවෝ, ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං එවමාහ: ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො. තෙව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති අත්ථිත්වෙව සස්සතිසමන්ති.

මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි. හේ ඒ ඒ කරුණින් තර්ක කොට, විමැසුම් නුවණ පමණින් ම කාරණය මැන “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරිකුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ තර වැ සිටියේ ය, ඒ සත්හු ම මෙයින් අන් තැනකට යෙත්, භවයෙන් භවයට යෙත්, මැරෙත්, මැරී උපදිත්, මහාපෘථිව්‍යාදී ශාශ්වතීනට (සදාකාලික වස්තූන්හට) සම වැ හැමදා ම ඇත්තාහ” යි, මෙසේ තමාගේ හුදු වැටහීම කියයි.

ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා, යමක් ඇරැබැ, ශාශ්වත දෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම් මේ ඒ සිව්වන කාරණයයි.

41. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි එතෙසං වා අඤ්ඤතරෙන නත්ථි ඉතො බහිද්ධා.

41. මහණෙනි, ශාශ්වතදෘෂ්ටි ගත් ඒ මහණබමුණෝ මේ සතර කරුණින් ආත්මයද ලෝකය ද ශාශ්වත කොට පණවත්. මහණෙනි, ශාශ්වත දෘෂ්ටි ගත් යම් මහණ බමුණු කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුනු සතරින් ම හෝ මොවුන් අතුරෙන් එකෙකින් හෝ එසේ පණවත්. මේ සතර කරුණින් පිටත අන් කරුණෙක් ඔවුනට නැත.

42. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති: ‘ඉමෙ ඛො දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවිස්සන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති තතො ච උත්තරිතරං පජානාති. තං ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො භික්ඛවෙ තථාගතො.

42. මහණෙනි, මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු වූ නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ, මෙබඳු පරලොවක් ඇතියෝ වන්නාහ’ යි ඒ මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ නන් අයුරින් දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වූ (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්ශන සර්වඥතාඥාන යන මේ) සියල්ලත් දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි, එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුව පත් වමු යි අසෝ තැන සුව පත් වමු යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇළුණු අන් තොටුවෝ නානාවිධ දෘෂ්ටිගහනයට වදිත් ද), තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශයද ආස්වාදය ද ආදීනවය ද ඒ වේදනාවන්ගේ නික්මීම ද තත් වූ පරිදි දැන, ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.

43. ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා1 අතක්කාවචරා නිපුණා පණ්ඩිත වෙදනීයා2 යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

43. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ, සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වූ, එ හෙයින් ම සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ ප්‍රණීත වූ, තර්කයෙන් බැස නො ගත හැකි වූ, සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය.

පඨමකභාණවාරං.

පලමු බණවර යි.

44. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි?

44. මහණෙනි, යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොට ද කරුණු සතරෙකින් පණවත් නම්, එසේ වූ ඒකත්‍යශාශ්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික වූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.

ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ එකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවාහු (එක් කොටසක් සදාකාලික යැයි ද එක් කොටසක් සදාකාලික නොවේ යැයි ද යන දෘෂ්ටි ඇත්තාහු) ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත යැ යිත් එක් කොටසක් අශාශ්වතැ යිත් කියා සතර කරුණෙකින් පණවත් ද? යත්:

45. හොති ඛො සො භික්ඛවෙ සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුෙය්යන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.

45. මහණෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව නස්නේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එසේ ලොව නැසෙන කල්හී සත්හු බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබළෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්.

හොති ඛො සො භික්ඛවෙ සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං පාතුභවති. අථඤ්ඤතරො සත්තො ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්‍වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. සො තත්‍ථ හොති මනොමයො පීතිභක්ඛො සයම්පභො අන්තලික්ඛචරො සුභට්ඨායී චිරං දීඝමද්ධානං තිට්ඨති. තස්ස තත්‍ථ එකකස්ස දීඝරත්තං නිබ්බුසිතත්තා අනභිරති පරිතස්සනා උප්පජ්ජති: ‘අහො වත අඤ්ඤෙ’පි සත්තා ඉත්‍ථත්තං ආගච්ඡෙය්‍යුන්ති’. අථ අඤ්ඤතරෙ’පි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්‍වා බ්‍රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහව්‍යතං. තෙපි තත්‍ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයම්පභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.

තත්‍ර භික්ඛවෙ යො සො සත්තො පඨමං උපපන්නො තස්ස එවං හොති: ‘අහමස්මි බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්‍ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා1 වසී පිතා භූතභව්‍යානං. මයා ඉමෙ සත්තා නිම්මිතා. තං කිස්ස හෙතු? මමං හි පුබ්බෙ එතදහොසි: අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්‍ථත්තං ආගච්ඡෙය්‍යුන්ති. ඉති මමඤ්ච2 මනොපණිධි. ඉමෙ ච සත්තා ඉත්‍ථත්තං ආගතා’ති. යෙපි තෙ සත්තා පච්ඡා උපපන්නා3 තෙසම්පි එවං හොති: අයං ඛො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්‍ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභව්‍යානං. ඉමිනා මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා. තං කිස්ස හෙතු? ඉමං හි මයං අද්දසාම ඉධ පඨමං උපපන්නං. මයං පනම්හා පච්ඡා උපපන්නා’ති.

මහණෙනි, දික් කලක් ඉක්මීමෙන් යම් කිසි සමයෙක මෙලොව නැවත හටගන්නේ නම් එසේ වූ කාලයෙක් වෙයි. එසේ ලොව හට ගන්නා කල්හී හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හී එක්තරා සත්ත්වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් සැව ඒ හිස් බඹවිමනෙහි උපදී. හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුරු එළියෙන් ම බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කළු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි. එහි ඔහු හුදකලා වැ බොහෝ කලක් වුසූ හෙයින් ‘අන් සත්හු ද මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි ප්‍රාර්ථනාවෙක් තෘෂ්ණාවෙක් ඔහුට පහළ වෙයි. ඉක්බිති එක්තරා සත්ත්ව කෙනෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් සැව ඒ බඹවිමනට, ඔහුගේ සහභාවයට පැමිණෙත්. ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙත්, ස්වයම්ප්‍රභ වෙත්, ආකාශචාරී වෙත්, සිත්කළු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොහොත් සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ) වෙත්. ඔහු එහි ඉතා දික් කලක් සිටිත්. මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පළමු වැ උපන්නේ ද, ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, අන් හැම මැඩ පවත්වා සිටින්නෙම් වෙමි, අනුන් විසින් නොමඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් වශයෙහි පවත්වන්නෙම් වෙමි, ඊශ්වර වෙමි, කර්තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින? යත්: ‘අන් සත්ත්ව කෙනෙකුත් මෙහි මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’යි පූර්වයෙහි මට මේ සිත පහළ විය. මෙසේ මාගේ ප්‍රාර්ථනාව ද විය. මේ සත්ත්වයෝත් මගේ ඒ ප්‍රාර්ථනාව අනු ව මේ අත්බවට ආහ” යනු යි. යම් සත්ත්ව කෙනෙක් පසුව උපන්නෝ ද ඔවුනට මේ සිත වෙයි. ‘මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නා ය, අනුන් විසින් නො මැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්තෘ ය, නිර්මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය, පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ භවත් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින? යත්: මොහු වනාහී අපට පළමු ව මෙහි උපන්නහු අපි දුටුවමු. අපි වනාහී පසු වැ උපන්නම්හ” යනුයි.

46. තත්‍ර භික්ඛවෙ යො සො සත්තො පඨමං උපපන්නො, සො දීඝායුකතරො ච හොති වණ්ණවන්තතරො ච මහෙසක්ඛතරො ච. යෙ පන තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පෙසක්ඛතරා ච. ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්‍වා ඉත්‍ථත්තං ආගච්ඡති.

ඉත්‍ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථා සමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති. සො එවමාහ:

‘යො ඛො සො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්‍ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභව්‍යානං, යෙන මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා, සො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සති. යෙ පන මයං අහුම්හා තෙන භොතා බ්‍රහ්මුනා නිම්මිතා, තෙ මයං අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්‍ථත්තං ආගතා’ති.

46. මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පළමු වැ උපන්නේ ද, හේ සෙස්සනට වඩා දීර්ඝායුෂ්ක වෙයි, සෙස්සනට වඩා වර්ණවත් වෙයි, සෙස්සනට වඩා මහායශස් ඇත්තේ වෙයි. යම් කෙනෙක් වනාහී පසු වැ උපන්නෝ ද ඔහු පළමු උපන්නහුට වඩා මන්දායුෂ්ක ද වෙති, ඔහුට වඩා වර්ණයෙන් හීන ද වෙති, ඔහුට වඩා අල්පයශස් ඇත්තෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් ඔවුන් අතුරෙන් කිසි සත්ත්වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන කාරණයෙක් ඇද්ද මෙය විද්‍යාමාන ය (වන එකෙක). එසේ හේ මේ මිනිසත්බවට ආයේ ම ගිහි ගෙයින් පැවිදි බිමට වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම, හේ උත්සාහ වඩා වැර වඩා පුන පුනා වෑයම් කොට නොපමා බව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි මෙයින් පෙරැ වූ ජාතිය සිහි කෙරේ ද, එයින් ඔබ්බෙහි සිහි නො කෙරේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හෙ තෙම මෙසේ කියයි: “යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද, පුරුදු කළ වශීතා ඇත්තේ ද, උපනුන්හටත් උපදනාවුන්හටත් පීතෘ ද, යම් භවත් මහබඹක්හු විසින් අප මවන ලදුමෝ ද, ඒ මහබඹ තෙමේ නිත්‍ය ය, ධ්‍රැව ය (නො මැරෙන්නේ ය), සදාකාලික ය, නොවෙනස් වන ස්වභාව ඇත්තේ , මහාපෘථිවි ආදී ශාශ්වත වස්තූන් හා සම වැ එසේ ම නොවෙනස් වැ සිටින්නේ ය. යම් බඳු අපි ඒ භවත් බඹහු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අල්පායුෂ්කයම්හ, මැරෙන ස්වභාවය ඇත්තම්හ, එ බැවින් බඹ ලොවින් සැව මෙහි මේ මිනිසත් බවට ආම්හ” යනු යි.

ඉදං ඛො භික්ඛවෙ පඨමං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් නම්, මේ ඒ පලමු කාරණය යි.

47. දුතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති?

47. දෙවෙනි කාරණයෙහිත් - පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වතත් එක්කොටසක් අශාශ්වතත් කොට පණවත් ද? යත්:

සන්ති භික්ඛවෙ ඛිඩ්ඩාපදොසිකා නාම දෙවා. තෙ අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තෙසං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති මුස්සති. සතියා සම්මොසා තෙ දෙවා තම්හා කායා චවන්ති.

මහණෙනි, ඛිඩ්ඩාපදෝසික නම් දෙවි කෙනෙක් ඇත්තාහ. ඔහු ආහාරෝපභෝගකාලය ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩායෙහි ද යෙදුනෝ වැ වෙසෙත්. බොජුන් ගන්නා කාලසීමාව ද ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රිඩායෙහි ද ඇලෙන ස්වභාවයට පැමිණ වසන ඔවුන්ගේ බොජුන් ගැන්මෙහි සිහි නැති වේ. එසේ සිහි නැති වීමෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.

ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති. යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති.

මෙසේ වූ එක්තරා සත්ත්වයෙක් ඒ දේවනිකායයෙන් සැව මේ මිනිස් බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මෙය ඇති එකෙක. එසේ මේ මිනිසත්බවට පැමිණියා වූ ම හේ ගිහිගෙන් නික්ම පැවිදි වේ. පැවිදී වූයේ ම උත්සාහ වඩා, වැර වඩා, පුනපුනා වැර වඩා, එළැඹ සිටි සිහිය වඩා, නුවණ වඩා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හී ඒ පෙරැ අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

සො එවමාහ: යෙ ඛො තෙ භොන්තො දෙවා න ඛිඩ්ඩාපදොසිකා, තෙ න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තෙසං න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති න මුස්සති. සතියා අසම්මොසා තෙ දෙවා තම්හා කායා න චවන්ති, නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හ ඛිඩ්ඩාපදොසිකා, තෙ මයං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරිම්හ. තෙසං නො අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති මුස්සි. සතියා සම්මොසා එවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති.

හේ මෙසේ කියයි: “යම් පින්වත් දෙවි කෙනෙක් ඛිඩ්ඩාපදෝසික නො වෙත් ද, ඔහු බොජුන් වේලාව ඉක්මවා මෙවුන්දම්හිත් කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණියෝ වැ නො වෙසෙත්. එසේ වේලාව ඉක්මවා මෙවුන්දම්හිත් සෙසු කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණ නොවසන ඔවුනට බොජුන් ගැන්මෙහි සිහි නැති නොවේ. එසේ සිහි නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත නො වෙත්. ඔහු නිත්‍ය හ. ඒකාන්ත හ. සදාකාලික හ. නො පෙරැළෙන සුලු හ. ශාශ්වතිනට (පෘථිවි ආදී සදාකාලික වස්තුනට) සම වැ එසේ ම සිටුනාහ. යම් බඳු වූ අපි වනාහී ඛිඩ්ඩාපදෝසික වමෝ ද, ඒ අපි වේලාව ඉක්මවා හෂික්‍රීඩාරතිධර්මයට පැමිණියෝ වැ වසන ඒ අපට බොජුන් ගැන්මෙහි සිහි නැති විය. සිහි නැති වීමෙන් මෙසේ අපි ඒ දිව්‍යනිකායයෙන් ච්‍යුත වූවමෝ එ හෙයින් ම අනිත්‍ය වූවමෝ අධ්‍රැව වූවමෝ අල්පායුෂ්ක වූවමෝ මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිස්බවට පැමිණියම්හ” යනුයි.

ඉදං භික්ඛවෙ දුතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වතද කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.

48. තතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති?

48. තෙවෙනි කරුණෙහි ද - පින්වත් බමුණබමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද, එක්ත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වත වශයෙනුත් කොටසක් අශාශ්වත වශයෙනුත් පණවත් ද? යත්:

සන්ති භික්ඛවෙ මනොපදොසිකා නාම දෙවා. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤම්හි පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. තෙ දෙවා තම්හා කායා චවන්ති.

මහණෙනි, මනෝපදෝසික නම් දෙවි කෙනෙක් ඇත්හ. ඔහු කිපුණු සිතින් බොහෝ වේලා උනුන් බලත්. ඔහු කිපුණු සිතින් උනුන් බලන්නෝ, උනුන් කෙරෙහි හිත් දූෂිත කෙරෙත්. මෙසේ උනුන් කෙරෙහි දූෂිත කළ සිත් ඇති ඔහු (එ හෙයින් ම) මිරිකුණු කය ඇත්තෝ මිරිකුණු සිත් ඇත්තෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.

ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති තතො පරං නානුස්සරති.

එක්තරා සත්ත්වයෙක් ඒ දේවනිකායෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මහණෙනි, මේ කාරණය ඇති එකෙකි. එසේ හේ මේ මිනිසත්බවට පැමිණියේ ම ගිහිගෙන් නික්මැ පැවිදි බිමට පැමිණේ. පැවිදි බිමට පැමිණි හෙ තෙමේ උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා නැවත නැවත වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා, යම්සේ සිත මොනවට පිහිටි කල්හි ඒ පෙර අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

සො එවමාහ: යෙ ඛො තෙ භොන්තො දෙවා න මනොපදොසිකා, තෙ න අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ න අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි අප්පදුට්ඨචිත්තා අකිලන්තකායා අකිලන්තචිත්තා. තෙ දෙවා තම්හා කායා න චවන්ති නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හ මනොපදොසිකා, තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායිම්හ. තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි1 චිත්තානි පදූසිම්හ. තෙ මයං අඤ්ඤමඤ්ඤම්හි පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. එවං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති.

හේ මෙසේ කියයි: “යම් පින්වත් දෙවි කෙනෙක් මනෝපදෝසික නොවෙත් ද, ඔහු බොහෝ වේලාවක් උනුන් කිපි සිතින් නො බලත්. ඉතා බොහෝ වේලාවක් කිපි සිතින් උනුන් නො බලන ඔහු උනුන් කෙරෙහි සිත් රිදුවා නො ගනිත්. උනුන් කෙරෙහි සිත් රිදුවා නො ගත් ඔහු ක්ලාන්ත නො වූ කය ඇත්තෝ, ක්ලාන්ත නො වූ සිත් ඇත්තෝ, ඒ දිව්‍ය නිකායයෙන් ච්‍යුත නො වෙත්. යම් බඳු වූ අපි වනාහී මනෝපදෝසික වූමූ ද, ඒ අපි බොහෝ වේලාවක් උනුන් කිපී සිතින් බැලුම්හ. ඒ අපි ඉතා බොහෝ වේලා උනුන් කිපි සිතින් බලන්නමෝ උනුන් කෙරෙහි සිත් රිදුවා ගතුම්හ. ඒ අපි උනුන් කෙරෙහි රිදුවා ගත් සිත් ඇත්තමෝ ක්ලාන්ත වූ කය ඇත්තමෝ ක්ලාන්ත වූ සිත් ඇත්තමෝ මෙසේ ඒ දේවනිකායයෙන් ච්‍යුත වූවමෝ (එහෙයින් ම) අනිත්‍යයම්හ. අධ්‍රැවයම්හ. අල්පායුෂ්කයම්හ. මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිස්බවට ආම්හ” යනු යි.

ඉදං භික්ඛවෙ තතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් උදෙසා යමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණය යි.

49. චතුත්ථෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති?

49. මහණෙනි, සතර වන කරුණෙහි - භවත් මහණබමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං එවමාහ: යං ඛො ඉදං වුච්චති චක්ඛුන්ති’පි සොතන්ති’පි ඝාණංති’පි ජිව්හාති’පි කායොති’පි, අයං අත්තා අනිච්චො අද්ධුවො අසස්සතො විපරිණාමධම්මො. යං ච ඛො ඉදං වුච්චති චිත්තන්ති වා මනො’ති වා විඤ්ඤාණන්ති වා අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතී’ති.

මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක විතර්ක කරන්නේ වෙයි, අයෝනිසෝමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවැති, තමාගේ හුදු වැටැහීම මෙසේ පවසයි: “ඇස යැ යි ද, කණ යැ යි ද, දිව යැ යි ද, කය යැ යි ද, කියා මේ යමක් කියනු ලැබේ නම්, එසේ වූ මේ ආත්මය අනිත්‍ය ය, අධ්‍රැව ය, අශාශ්වත ය, පෙරැළෙනසුලු ය. සිත ය කියා හෝ මනසය කියා හෝ විඥානය කියා හෝ යමක් කියනු ලැබේ නම්, එසේ වූ මේ ආත්මය වනාහී නිත්‍ය ය, ධ්‍රැවය, ශාශ්වත ය, නොපෙරැළෙනසුලු ය, (මහාපෘථිව්‍යාදී) සදාකාලික වස්තූන් හා සම වැ එසේ ම නො වෙනස් වැ සිටුනේ ය” යනු යි.

ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් උදෙසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොටද පණවත් නම්, මේ ඒ සතරවන කාරණය යි.

ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි.

මහණෙනි, ඒ මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවෝ මේ සතර කරුණින් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත්.

යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

මහණෙනි, යම් මහණකෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක් කරුණෙකින් හෝ එසේ පණවත්. මෙයින් පිටත් අන් කරුණක් නැත.

50. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති: “ඉමෙ දිට්ඨිට්ඨානා එවං ගහිතා එවං පරාමට්ඨා එවං ගතිකා භවිස්සන්ති එවංඅභිසම්පරායා”ති. තං ච තථාගතො පජානාති. තතො ච උත්තරිතරං පජානාති. තං ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තංයෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො භික්ඛවෙ තථාගතො.

50. මහණෙනි, ‘මේ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමර්ශනය කරන ලද්දෝ මෙබඳු නිරයාදී විපාකගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොව් ඇතියෝ වෙත් යැ’ යි මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එය ද එයින් මත්‍තෙහි වූ සියල්ල ද දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙ යි. එය පරාමර්ශනය නො කරන්නා වූ ඔහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (සුව ඇති තැන් පතපතා අන්‍යතීර්ථකයෝ නානාදෘෂ්ටිගහනයට පිවිසෙත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උපත ද නැස්ම ද රසය ද දොස ද නික්මුම ද ඇති සැටි දැන උපාදාන රහිතව මිදුණේ වෙයි.

51. ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

51. මහණෙනි, තථාගත බුදුරජ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කොට පවසා නම්, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන කියන්නෝ නම්, මේ වනාහී ගැඹුරු වූ දූර්දර්ශී වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ සියුම් වූ පණ්ඩිතවේදනීය වූ ඒ ධර්මයෝ ය.

52. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි?

52. මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ලොව කෙළවරක් ඇති නැතිබව පිළිබඳ උපදවා ගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු සතරෙකින් ලොවෙහි අන්තය හෝ අනන්තය පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අන්තානන්තකවාද ඇත්තෝ කරුණු සතරෙකින් ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරති. සො එවමාහ: “අන්තවා අයං ලොකො පරිවටුමො. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි: යථා අන්තවා අයං ලොකො පරිවටුමො”ති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුනපුනා වැර වැඩුම් නිසා අප්‍රමාදය නිසා නුවණ නිසා, යම් සමාධියකින් සිත මොනවට පිහිටි කල්හි ලොවෙහි අන්තසංඥී වැ වෙසේ නම්, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හේ මෙසේ කියයි: “මෙ ලොව අන්තවත් ය, හාත්පසින් ම වට ය.* ඒ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය නිසා ... යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හී ලොවෙහි අන්තසංඥී ව වෙසෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. මේ කරුණින් මෙලොව යම්සේ අන්තවත් ද, හාත්පසින් වට ද, එසේ මෙය මම් දනිමි” යනු යි.

ඉදං භික්ඛවෙ පඨමං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් නම්, මේ ඒ පලමු වන කාරණය යි.

53. දුතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති?

53. දෙවෙනි කරුණෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරති. සො එවමාහ: “අනන්තො අයං ලොකො අපරියන්තො. යෙ තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: අන්තවා අයං ලොකො පරිවටුමො’ති, තෙසං මුසා. අනන්තො අයං ලොකො අපරියන්තො. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි යථා අනන්තො අයං ලොකො අපරියන්තො’ති.”

මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් (ධ්‍යානයෙකින්) සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥි වැ වෙසේ ද, එසේ වූ චිත්තසමාධියක් උපදවයි. හේ මෙසේ කියයි: “මේ ලොව අනන්ත ය, අපරියන්ත ය. යම් ඒ මහණබමුණු කෙනෙක් ‘මේ ලෝකය කෙළෙවරක් ඇත්තේ ය. හාත්පසින් වට යැ’ යි මෙසේ කීහු ද, ඔවුන්ගේ කීම බොරු ය. මේ ලෝකය අනන්ත ය, අපරියන්ත ය. කවර හෙයින? යත්: මම් වනාහී උත්සාහය නිසා ... යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥී වැ වෙසෙම් ද, එබඳු වූ චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ අනන්ත ද අපර්‍යන්ත ද, මම් මේ කාරණයෙන් මෙය එසේ දනිමි” යනුයි.

ඉදං භික්ඛවෙ දුතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකය පිළිබඳ අන්තානන්තය පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.

54. තතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති?

54. මහණෙනි, තෙවෙනි කරුණෙහි ද - මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරති තිරියං අනන්තසඤ්ඤී. සො එවමාහ: “අන්තවා ච අයං ලොකො අනන්තො ච. යෙ තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ති, තෙසං මුසා. යෙපි තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: ‘අනන්තො අයං ලොකො අපරියන්තො’ති, තෙසම්පි මුසා. අන්තවා ච අයං ලොකො අනන්තො ච. තං කිස්ස හෙතු? අහං හි ආතප්පමන්වාය -පෙ- තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි තිරියං අනන්තසඤ්ඤී. ඉමිනාමහං එතං ජානාමි: යථා අන්තවා ච අයං ලොකො අනන්තො” චාති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා විර්‍ය්‍යය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාබව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි, ‘ලොවෙහි උඩින් යටින් කෙළවරක් ඇතැ’යි යන සංඥා ඇති වැ , එහෙත් ‘ලොවෙහි සරසින් කෙළවරක් නැතැ’ යි යන සංඥා ඇති වැ වෙසේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හේ මෙසේ කියයි: “මේ ලොව කෙළවරක් ඇත්තේ ද කෙළවරක් නැත්තේ ද වේ. යම් මහණබමුණුකෙනෙක් ‘මෙලොව කෙළවරක් ඇත්තේ ය, වටැ යැ’ යි කීහු ද, ඔවුන්ගේ වචනය හිස් ය. යම් මහණබමුණු කෙනෙක් වනාහි ‘මේ ලොව කෙළවරක් නැත්තේ ය. සීමාවක් නැත්තේ යැ’යි කීහු ද, ඔවුන්ගේ වචන ද හිස් ය. මේ ලොව අන්තවත් ද අනන්ත ද වේ. ඒ කවර හෙයින? යත්: මම් වනාහී උත්සාහය වඩා, විර්‍ය්‍යය වඩා ... යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ලොවෙහි උඩින් යටින් කෙළෙවරක් ඇතැයි ද සරසින් කෙළවරක් නැතැ යි ද යන සංඥා ඇති වැ වෙසෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ කෙළෙවරක් ඇත්තේත් නැත්තේත් වේ ද, මේ කරුණින් එසේ මෙය මම් දනිම්.” යනු යි.

ඉදං භික්ඛවෙ තතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් ද, මේ ඒ තෙවෙනි කාරණය යි.

55. චතුත්ථෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති?

55. සිවුවන කාරණයෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා, කුමක් ඇරැබැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවේ අන්තානන්තය පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං එවමාහ: “නෙවායං ලොකො අන්තවා, න පනානන්තො. යෙ තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ති, තෙසං මුසා. යෙ’පි තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: ‘අනන්තො අයං ලොකො අපරියන්තො’ති, තෙසම්පි මුසා. යෙ’පි තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: ‘අන්තවා ච අයං ලොකො අනන්තො චා’ති තෙසම්පි මුසා. නෙවායං ලොකො අන්තවා න පනානන්තො”ති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි. හේ ඒ ඒ කරුණින් තර්ක කළ, විමැසුම්නුවණ පමණින් ම මැන ගන්නා ලද සිය වැටහීම මෙසේ පවසයි: “මේ ලොව අනන්තයක් (කෙළෙවරක්) ඇත්තේත් නො වෙයි. අනන්තයක් නැත්තේත් නො වෙයි. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තවත් ය, වට යැ’ යි කියත් නම්, ඔවුන්ගේ වචන හිස් ය. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තයක් නැත්තේ යැ යි, කොණක් නැත්තේ යැ’ යි කීහු නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තවත් ද වේ, අනන්ත ද වේ’ යැ යි කියත් නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. ‍මෙ ලොව අන්තයක් ඇත්තේත් නොවේ ම ය. අන්තයක් නැත්තේත් නො වේ ම ය” යනුයි.

ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තික වූවෝ ලොවේ අන්තානන්තය පණවත් නම්, මේ ඒ සිව්වන කාරණය යි.

56. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

56. මහණෙනි, ඒ මහණබමුණෝ අන්තානන්තික දෘෂ්ටි ගත්තෝ මේ සතර කරුණින් ලෝකයේ අන්තානන්තය පණවත්. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අන්තානන්තික දෘෂ්ටිගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් නම්, ඒ සියල්ලෝ මෙ කී සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණෙක් එයට නැත.

57. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති: “ඉමෙ දිට්ඨිට්ඨානා එවං ගහිතා එවං පරාමට්ඨා එවං ගතිකා භවිස්සන්ති එවං අභිසම්පරායා”ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති. තඤ්ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො භික්ඛවෙ තථාගතො.

57. මහණෙනි, “මේ දෘෂ්ටීහු හෝ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙබඳු නිරයාදීවිපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වූ පරලොව් ඇතියෝ වන්නාහ” යි තථාගත තෙමේ ඒ මේ සතර දෘෂ්ටිගතය ම නන් අයුරින් දනී. තථාගත තෙමේ එය ද දනී. එයින් මත්තෙහි වූ (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්ශන සර්වඥතාඥාන යන මේ ) සියල්ලත් දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒ දැනීම පරාමර්ශනය නො කෙරෙයි. එය පරාමර්ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුවපත් වමු යි, අසෝ තැන සුවපත් වමුයි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නානාවිධදෘෂ්ටිගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් වූ පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වෙයි.

58. ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

58. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් පරෝපදේශ රහිතැ වැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වූ සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වූ, සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් බැස ගත නොහැකි වූ සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ යි.

59. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි?

59. මහණෙනි, අමරාවික්ෂේපක වූ සමහර මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්ෂේපයට අමාරාවික්ෂේපයට පැමිණෙත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ තන්හි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:

60. ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාති. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති: “අහං ඛො ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාමි. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙව ඛො පන ඉදං කුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං කුසලන්ති වා ව්යාකරෙය්යං, ඉදං අකුසලන්ති වා ව්යාකරෙය්යං, තත්ථ මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා. යත්ථ මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා, තං මමස්ස මුසා. යං මමස්ස මුසා, සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො, සො මමස්ස අන්තරායො’ති.

60. මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසලැ’ යි ඇති සැටි නො දනී. ‘මේ අකුසලැ’ යි ඇති සැටි නො දනී. ඔහුට ‘මේ කුසලැ’ යි මම් ඇති සැටි නො දනිමි. ‘මේ අකුසලැ’ යි ඇති සැටි නො දනිමි. මම් වනාහී ‘මේ කුසලැ’ යි ඇති සැටි නො දන්නේම්, ‘මේ අකුසලැ’ යි ඇති සැටියෙන් නො දන්නෙම්, ‘මේ කුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ‘මේ අකුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ඒ පැවසුමෙහි මට ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ පටහැණිබවෙක් හෝ වන්නේ ය. යම් කරුණෙක්හි මට ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ පටහැණිබව හෝ වන්නේ නම්, ඒ මගේ ප්‍රකාශය බොරුවෙක් වන්නේ ය. මගේ යම් ප්‍රකාශයෙක් බොරු වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන්නේ යැ” යි මෙසේ සිතෙක් වෙයි.

ඉති සො මුසාවාදභයා මුසාවාදපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති ව්යාකරොති. න පනිදං අකුසලන්ති ව්යාකරොති. තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං: “එවම්පි මෙ නො. තථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො”ති.

මෙසේ හෙතෙම මුසාවාදයට බියෙන් මුසාවාදයට පිළිකුලෙන් ‘මෙය කුසලැ’ යි නොම පවසයි. ‘මෙය අකුසලැ’ යි නො ද පවසයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරණ ලද්දේ ම “මෙසේත් මාගේ පිළිගැන්මෙක් නැත. එසේත් මගේ පිළිගැන්මෙක් නැත, ඒ දෙකින් ම අන් පරිද්දකිනුත් පිළිගැන්මෙක් මට නැත. ‘නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැත. ‘නොම නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැතැ. ‘නො ම නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැතැ” යි වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණේ.

ඉදං භික්ඛවෙ පඨමං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමාරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙන්නාහු නම්, මේ ඒ පලමු කරුණ යි.

61. දුතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං?

61. මහණෙනි, දෙවෙනි කරුණෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාති. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති: “අහං ඛො ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාමි. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙ ව ඛො පන ඉදං කුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං කුසලන්ති වා ව්යාකරෙය්යං, ඉදං අකුසලන්ති වා ව්යාකරෙය්යං, තත්ථ මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා. යත්ථ මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා, තං මමස්ස උපාදානං. යං මමස්ස උපාදානං, සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො, සො මමස්ස අන්තරායො”ති.

මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනියි. ‘මේ අකුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනියි. ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම් වනාහි ‘මේ කුසල් යැ’ යි ඇති සැටියෙන් නොදනිමි. ‘මේ අකුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනිමි. ‘මේ කුසලැ’ යි ඇතිසැටියෙන් නොදන්නෙම් ‘මේ කුසලැ’ යි පැවසුයෙම් නම්, ‘මේ අකුසලැ’ යි ඇතිසැටියෙන් නො දන්නෙම් ‘මේ අකුසලැ’ යි පැවසුයෙම් නම්, එ කරුණෙහි මට ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වියැ හැක්කේ ය. යමෙක දී මට ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වන්නේ නම්, එය මට උපාදානයෙක් වන්නේ ය. යමෙක් මට උපාදානයෙක් වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්ගමෝක්ෂ දෙකට බාධක වන්නේ ය” යනු යි.

ඉති සො උපාදානභයා උපාදානපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති ව්යාකරොති. න පනිදං අකුසලන්ති ව්යාකරොති. තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං: “එවම්පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො”ති.

මෙසේ හෙ තෙම උපාදනය කෙරෙන් බියෙන්, උපාදානය කෙරෙන් පිළිකුලින් ‘මෙය කුසලැ’ යි කියා හෝ නො පවසයි. ‘මෙය අකුසලැ’ යි කියා හෝ නො පවසයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දේ ම, “'මෙසේත් මගේ පිළිගැන්මෙක් නැත. එසේත් මගේ පිළිගැන්මෙක් නැත. අන් සැටියෙකිනුත් මගේ පිළිගැනීමෙක් නැත. ‘එසේ නැතැ’ යි කියාත් මගේ පිළිගැන්මෙක් නැත. ‘එසේ නැත්තේත් නො වේ’ යැ යි කියාත් මගේ පිළිගැන්මෙක් නැතැ”' යි වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙයි.

ඉදං භික්ඛවෙ දුතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමෙක එල්බැ අමාරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.

62. තතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං?

62. මහණෙනි, තෙවෙනි කාරණයෙහිත් - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අමරාවික්ෂේපක වුවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාති. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති: “අහං ඛො ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාමි. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙව ඛො පන ඉදං කුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානන්තො, ඉදං කුසලන්ති වා ව්‍යාකරෙය්‍යං, ඉදං අකුසලන්ති වා ව්‍යාකරෙය්‍යං, සන්ති හි ඛො පන සමණබ්‍රාහ්මණා පණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්‍දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ මං තත්‍ථ සමනුයුඤ්ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං. යෙ මං තත්‍ථ සමනුයුඤ්ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං, තෙසාහං න සම්පායෙය්‍යං. යෙසාහං න සම්පායෙය්‍යං, සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො, සො මමස්ස අන්තරායො”ති.

ඉති සො අනුයොගභයා අනුයොගපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති ව්‍යාකරොති. න පනිදං අකුසලන්ති ව්‍යාකරොති. තත්‍ථ තත්‍ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං: “එවම්පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො”ති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසලැ’ යි ඇති සැටියෙන් නො දනී. ‘මේ අකුසලැ’ යි ඇති සැටියෙන් නො දනී. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම් වනාහී මේ කුසලැ යි තත් වූ පරිදි නො දනිමි. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නො දනිමි. මම ද ‘මේ කුසලැ’ යි තත් වූ පරිදි නො දන්නෙම්, ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නො දන්නෙම්, ‘මේ කුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ‘මේ අකුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, නුවණැති සියුම් බුද්ධි ඇති මෙරමා හා කළ වාද ඇති අස්ලොමක් ඊයෙන් විද පළා ලන දුනුවාවන් බඳු වූ, තමන්ගේ තියුණු නුවණින් අනුන්ගේ ලබ්ධීන් බිඳ ලන්නවුන් බඳු වැ යම් කෙනෙක් හැසිරෙත් ද, එසේ වූ මහණබමුණු කෙනෙක් ඇත්හ, ඔහු ඒ කුශලාකුශලයෙහි මගේ ලබ්ධිය මා අතින් විචාරන්නාහ. ‘කවර කරුණෙකින් මේ අර්ථය ගනී දැ?’ යි කරුණු විචාරන්නාහ. මා කරුණු කී කළ්හි එහි දොස් දක්වා තර්ජනය කරන්නාහ. මම් ඔවුනට කරුණු දක්වා මගේ මතය ස්ඵුට කොට කියන්නට සමත් නො වෙමි. යම් කෙනෙක්නට කරුණු දක්වා ස්වමතස්ථාපනය කරන්නට මම් සමත් නො වෙම් ද, එය මට පිඩාවෙක. මට යම් පීඩාවෙක් වේද , එය මට ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන්නේ ය” යනු යි. මෙසේ හෙතෙම ප්‍රශ්න කරණුවට බියෙන්, ප්‍රශ්න කළ හොත් උත්තර දීමට බැරි වෙතැ’යි ලජ්ජායෙන් ‘මේ කුසලැ’ යි සෘජු වැ (ඉඳුරා) නො ම කියයි. ‘මේ අකුසලැ’ යි කියා හෝ සෘජු ව නො කියයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ ම, “මගේ මෙසේත් ගැන්මෙක් නැත. මගේ එසේත් ගැන්මෙක් නැත. අන් පරිද්දෙකිනුත් මගේ ගැන්මෙක් නැත. ‘නැතැ’ යි කියා මගේ පිළිගැන්මෙක් නැත. ‘එසේ නැත්තේත් නැතැ’ යි කියාත් මාගේ පිළිගැන්මෙක් නැතැ” යි වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත්.

ඉදං භික්ඛවෙ තතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමෙක එල්බැ අමාරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ තුන්වෙනි කාරණය යි.

63. චතුත්ථෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං?

63. සතර වැන්නෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ‘අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචරන ලද්දෝ ම වාක්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං: “අත්ථි පරො ලොකො’ති ඉති චෙ මං පුච්ඡසි, අත්ථි පරො ලොකො’ති ඉති චෙ මෙ අස්ස, අත්ථි පරො ලොකො’ති ඉති තෙ නං ව්යාකරෙය්යං. එවම්පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො. නත්ථි පරො ලොකො’ති? -පෙ- අත්ථි ච නත්ථි ච පරො ලොකො? -පෙ- අත්ථි සත්තා ඔපපාතිකා? -පෙ- අත්ථි ච නත්ථි ච සත්තා ඔපපාතිකා? -පෙ- නෙවත්ථි න නත්ථි සත්තා ඔපපාතිකා? -පෙ- අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො? -පෙ- නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො? -පෙ- අත්ථි ච නත්ථි ච සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො? -පෙ- නෙවත්ථි න නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො? -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ති? ඉති චෙ මං පුච්ඡසි “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති ඉති චෙ මෙ අස්ස, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති ඉති තෙ නං ව්යාකරෙය්යං. එවම්පි මෙ නො. තථා’ති’පි මෙ නො. අඤ්ඤථා’ති’පි මෙ නො. නො’ති’පි මෙ නො. නො නො’ති’පි මෙ නො”ති.

මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මද නුවණැත්තේ වෙයි, බොහෝ සේ මූඪ වෙයි. හේ නුවණ මඳ බැවින්, බොහෝ සේ මූඪ බැවින්, ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලද්දේ ම, වාග් වික්ෂේපයට අපර්යන්ත වික්ෂේපයට පැමිණෙයි. ඒ මෙසේ ය: ‘පරලොවක් ඇද්දැ?’ යි මෙසේ මා අතින් විචාරයි නම්, ‘පරලොවෙක් ඇතැ’ යි මෙසේ මට හැඟීමෙක් වී නම්, ‘පරලොවක් ඇතැ’ යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ‘මට මෙසේත් හැඟීමක් නැත. අන් පරිද්දෙනුත් හැඟීමෙක් නැත. මට හැඟීමෙක් නැත්තේත් නො වෙයි, මට හැඟීමෙක් නැති නො වන්නේත් නො වෙයි. ‘පර ලොවක් නැද්දැ?’ යි විචාරයි නම් ... ‘පර ලොවෙක් ඇත්තේත් නැත්තේත් වේ දැ?’ යි විචාරයි නම් ... ‘පරලොවෙක් නො ම ඇත්තේත් නො ම නැත්තේත් වේ දැ?’ යි විචාරයි නම් ... ‘උප්පාදුක(=මැරී උපදනා) සත්වයෝ ඇත්තෝ දැ?’ යි විචාරයි නම් ... ‘උප්පාදුක සත්ත්වයෝ නැත්තෝ දැ?’ යි ... ‘උප්පාදුක සත්වයෝ ඇත්තෝත් නැත්තෝත් වෙත් දැ?’ යි ... ‘උප්පාදුක සත්ත්වයෝ නො ම ඇත්තොත් නො ම නැත්තෝත් වෙද් දැ?’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇද්දැ?’යි ... ‘සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නැද්දැ?’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵළ විපාක නොම ඇත්තේත් නොම නැත්තේ ත් වේ දැ?’ යි ... ‘සත්ත්වයා මරණින් මතු වන්නේ දැ?’ යි ... ‘සත්ත්වයා මරණින් මතු නො වන්නේ දැ?’ යි ... ‘සත්ත්වයා මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද?’ යි විචාරයි නම්, ‘සත්ත්වයා මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ යැ’ යි මට හැඟීමෙක් වේ නම්, ‘සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ යැ’ යි එය තට විසඳන්නෙමි. එහෙත් මෙසේ මට හැඟීමෙක් නැත. එසේත් මට හැඟීමෙක් නැත. අන් ලෙසෙකිනුත් මට හැඟීමෙක් නැත. එසේ නැතැ යි කියාත් මට හැඟීමෙක් නැත. නැත්තේ ම නැතැ යි කියාත් මට හැඟීමෙක් නැත” යනු යි.

ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමරාවික්ෂේපක වූහු, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට අපර්යන්ත වික්ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ සතර වන කාරණය යි.

64. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

64. මහණෙනි, ඒ මහණබමුණෝ අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලද්දෝ ම මේ සතර වස්තුයෙන් වාග්වික්ෂේපයට, අපර්‍යන්තවික්ෂේපයට පැමිණෙත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ අමරාවික්ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්ෂේපයට පැමිණෙත් නම්, අපර්‍යන්තවික්ෂේපයට පැමිණෙත් නම්, ඒ සියල්ලෝ මේ වස්තු සතරින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ වාග් වික්ෂේපයට අපර්‍යන්තවික්‍ෂේපයට පැමිණෙත්. මෙයින් පිටත් හි වස්තුවෙක් ඔවුනට නැත.

65. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති: “ඉමෙ දිට්ඨිට්ඨාතා එවං ගහිතා එවං පරාමට්ඨා එවංගතිකා භවිස්සන්ති එවංඅභිසම්පරායා”ති. තඤ්ච තථාගතො පජානාති. තතො ච උත්තරීතරං පජානාති. තඤ්ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තං යෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො භික්ඛවෙ තථාගතො.

65. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාකගති ඇත්තෝ වන්නාහ, මෙ බඳු පරලොව ඇතියෝ වන්නාහ’ යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම ‘මම මෙය දනිමි’ යි තෘෂ්ණාමානදෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නොකරන ඔහු විසින් පරෝපදේශ නැති වැ (තමා විසින් ම) තමාගේ කෙ‍ලෙස් නිවීම දන්නා ලද්දේ වෙයි. (‘මෙහි සුවපත් වම්හ’ යි ‘අසෝ තැනැ සුවපත් වම්හ’ යි සිතමින් යම් සැප වේදනාවන්හී ඇලුණු අන්තොටුවෝ නානාවිධ දෘෂ්ටිගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තතු වූ පරිදි දැන ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.

ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්චිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ , සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සන් විසින් නො දැක්කැ හැකි වූ, එහෙයින් ම සෙස්සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ, සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දතහැකි වූ ඒ ධර්මයෝ ය.

66. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි?

66. මහණෙනි, අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු ආත්මය ද ලෝකය ද අකාරණෝත්පන්න කොට (හේතු ප්‍රත්‍යය නැති ව උපන්නවුන් කොට) කරුණු දෙකෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ දෙ කරුණෙකින් ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට (ඉබේ පහළ වූවන් කොට) පණවත් ද? යත්:

සන්ති භික්ඛවෙ අසඤ්ඤසත්තා නාම දෙවා. සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති. ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ සඤ්ඤුප්පාදං අනුස්සරති තතො පරං නානුස්සරති. සො එවමාහ: “අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච. තං කිස්ස හෙතු? අහං හි පුබ්බෙ නාහොසිං. සො’ම්හි එතරහි අහුත්වා සන්තත්තාය1 පරිණතො”ති.

මහණෙනි, අසංඥසත්ව නම් දෙව් කෙනෙක් ඇත්හ. ඒ දෙවියො අන් සසංඥ භවයෙක ප්‍රතිසන්ධිසංඥාවගේ පහළ වීමෙන් ම ඒ බ්‍රහ්මනිකායෙන් ච්‍යුත වෙත්. ‘එක්තරා සත්ත්වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත් බවට පැමිණේ. හේ මේ මිනිසත් බවට ආයේ ම ගිහිගෙයින් නික්මැ පැවිදි බිම් වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුන පුනා වැර වඩුම් නිසා සිහිය නිසා සම්‍යඞ්මනස්කාරය නිසා යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි ඒ ප්‍රතිසන්ධිසංඥාවගේ උත්පත්තිය සිහි කේරේ ද, එයින් යට සිහි නො කෙරේද , එසේ වූ චිත්තසමාධියක් ලබයි’ යන යමක් ඇද්ද , මේ කාරණය ඇත්තේ ම ය. (මෙය සිදු වන දැයෙකි.) හෙ තෙමේ “ලෝකය ද ආත්මය ද කාරණ රහිත ව (ඉබේ) පහළ විය. ඒ එසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහී පෙරැ නො විමී. ඒ මම් පෙරැ නො ඇති වී දැන් ඇති බවට පිරිනැමුණෙමි” යි මෙසේ කිය යි.

ඉදං භික්ඛවෙ පඨමං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, මේ ඒ පළමුවන කාරණය යි.

67. දුතියෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති?

67. දෙවෙනි කරුණෙහි - භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් ද? යත්:

ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං එවමාහ: “අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො චා”ති.

මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක විතර්ක කරන්නේ වෙයි. අයෝනිසෝමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවති, ‘ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න ය’ යන තමාගේ හුදු වැටහීම මෙසේ කියයි.

ඉදං භික්ඛවෙ දුතියං ඨානං යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.

68. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි.

68. මහණෙනි, ඒ මහණබමුණෝ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ මේ දෙ කරුණින් ම ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත්.

යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වීහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා.

මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ දෙ කරුණින් ම හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ එසේ පණවත්. මේ දෙකින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.

69. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ-1* යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

69. මහණෙනි, ‘මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වූ පරලොව ඇතියෝ වන්නාහ’ යි තථාගත තෙමේ මේ දෙවැදෑරුම් දෘෂ්ටිගතය ම නන් අයුරින් දනී. තථාගත තෙමේ එය ද දනී ... තථාගත බුදුහුගේ ඇති සැටියෙන් කියන්නට තැත් කරන්නෝ යමෙකින් කියන්නෝ නම් ... ඒ ධර්මයෝ වනාහි මොහු වෙති.

70. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨාරසහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

70. මහණෙනි, ඒ මහණබමුණෝ පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තය අනු වැ පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු අටළොසින් පුර්වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන (දර්ශන වාද හඟවන වචන) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තය අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇත්තෝ පූර්වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන කීයත් ද, ඒ සියල්ලෝ මේ කරුණු අටළොසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ කියන්නාහ. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.

71. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති “ඉමෙ දිට්ඨිට්ඨානා එවං ගහිතා එවං පරාමට්ඨා එවංගතිකා භවිස්සන්ති එවංඅභිසම්පරායා”ති. තඤ්ච තථාගතො පජානාති. තතො ච උත්තරිතරං පජානාති. තඤ්ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො භික්ඛවෙ තථාගතො.

71. මහණෙනි, “මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු නිරයාදී විපාකගති ඇතියෝ වන්නාහ, මෙබඳු පරාලොව ඇතියෝ වන්නාහ” යි මේ අටොළොස් දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වූ සියල්ලත් දනී. ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එය පරාමර්ශනය නො කරන ඒ තථාගත බුදුහු විසින් පරෝපදේශ රහිත වැ (තමා විසින් ම) කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. (යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නන් වැදෑරුම් දෘෂ්ටිගහනයට වදිත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් වූ පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වේ.

ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තතනන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ, සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්කැ හැකි වූ, සෙස්සන්වුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වු, තර්කයෙන් බැස ගත නො හැකි වූ , සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය.

72. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි?

72. මහණෙනි, අපරාන්තකල්පික වු, අනාගත ස්කන්ධපරම්පරාව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්, ඒ අනාගත ස්කන්ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇති, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු අනාගත ස්කන්ධපරම්පරා කොටස ඇරැබැ කරුණු සුසාළිසෙකින් නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශක වචන කියත්. ඒ භවත් මහණබමුණෝත් කුමක් නිසා කිමෙකැ එල්බැ අපරාන්තකල්පික වූවෝ, අපරාන්තය අනුවැ ගිය දෘෂ්ටි ඇත්තෝ සුසාලිස් කරුණෙකින් අපරාන්තය ඇරැබැ නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශන වචන කියත් ද? යත්:

73. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි?

73. මහණෙනි, උද්ධමාඝාතනික වූ (‘මරණින් මතු ආත්මය ඇතැ’යි කියන) ‘ඒ ආත්මය සංඥා ඇත්තෙකැ’යි දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු මරණින් මත්තෙහි වූ ආත්මය සංඥා ඇත්තක්හු කොට කරුණු සොළොසෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරැබැ ‘මරණින් මත්තෙහි ආත්මය සංඥියැ’ යි දෘෂ්ටි ඇත්තෝ වස්තු සොළොසෙකින් මරණින් මත්තෙහි ආත්මය සංඥාවත් කොට පණවත් ද? යත්:

රූපී අත්තා හොති අරොගො පරම්මරණා සඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අරූපී අත්තා හොති අරොගො පරම්මරණා සඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. රූපී ච අරූපී ච අත්තා හොති -පෙ-. නෙව රූපී නාරූපී අත්තා හොති -පෙ-. අන්තවා අත්තා හොති -පෙ-. අනන්තවා අත්තා හොති -පෙ-. අන්තවා ච අනන්තවා ච අත්තා හොති -පෙ-. නෙවන්තවා1 නානන්තවා ච අත්තා හොති -පෙ-. එකත්තසඤ්ඤී අත්තා හොති -පෙ-. නානත්තසඤ්ඤී අත්තා හොති -පෙ-. පරිත්තසඤ්ඤී අත්තා හොති -පෙ-. අප්පමාණසඤ්ඤී අත්තා හොති -පෙ-. එකන්තසුඛී අත්තා හොති -පෙ-. එකන්තදුක්ඛී අත්තා හොති -පෙ-. සුඛදුක්ඛී අත්තා හොති -පෙ-. අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා සඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති.

කෙනෙක් ‘ආත්මය රූපවත් ය, මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තේ යැ’ යි පණවත්. ඇතැම් කෙනෙක් ‘ආත්මය රූපවත් නොවේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තෙකැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය රූපීත් වේ, අරූපීත් වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය රූපයක් ඇත්තෙක් ද නොවේ, රූපයක් නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. තවත් කෙනෙක් ‘ආත්මය (එය පැතිරැ ඇති ප්‍රදේශ වශයෙන්) කෙළවරක් ඇත්තෙක, එහෙත් මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. තවත් කෙනෙක් ‘ආත්මය (පැතිරැ පැවැති ප්‍රදේශ වශයෙන්) කෙළවරක් නැත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය (උඩු යැටි දෙදිගින්) සීමාසහිත ය, සරසින් සීමාරහිත ය, මරණින් මතු නිත්‍ය ය සසංඥයැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය (ප්‍රදේශ වශයෙන්) සීමාවක් ඇත්තෙක් ද නොවේ, ‍නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය ඒකාකාර සංඥා ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය නානාවිධ සංඥා ඇත්තේ ය, මරණින මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය ප්‍රමාණ වශයෙන් නොමහත් සංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය අප්‍රමාණසංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’යි පණවත්. ඇතැම්හු ‘ආත්මය ඒකාන්ත සැප ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. ඇතැම්හු ‘ආත්මය ඒකාන්ත දුක් ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහර කෙනෙක් ‘ආත්මය සුව ද දුක් ද ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය සුව ද දුක් ද යන දෙක ම නැත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්.

74. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි.

74. මහණෙනි, ‘මරණින් මතු ආත්මය ඇතැයි එය සසංඥ යැ’ යි දෘෂ්ටි ගත් ඒ මහණබමුණෝ මේ සොළොස් කරුණින් මරණින් මතු සංඥා සහිත වූ ආත්මයක් පණවත්.

යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සබ්බෙ තෙ ඉමෙහෙව සොළසහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මරණින් මතු සංඥා සහිත ආත්මයක් ඇතැ’ යි දෘෂ්ටි ගත්තෝ සංඥා ඇති ආත්මයක් පණවත් ද, ඒ සියල්ලෝ ම මේ වස්තු සොළසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.

75. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති “ඉමෙ දිට්ඨිට්ඨානා එවං ගහිතා එවං පරාමට්ඨා එවංගතිකා භවිස්සන්ති එවංඅභිසම්පරායා”ති. තත්ථ තථාගතො පජානාති තතො ව උත්තරිතරං පජානාති. තඤ්ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයංච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො භික්ඛවෙ තථාගතො.

75. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව ඇත්තෝ වන්නාහ’ යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී, එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන්ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නො ගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ) වේදනාවන්ගේ හට ගැන්ම ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිඃශරණය ද තත් වූ පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.

76. ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්චිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

76. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ ගැඹුරු වූ දූර්දර්ශ වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුන වූ පණ්ඩිතවෙද්‍ය වූ ධර්මයෝ ය.

දුතියභාණවාරං.

දෙවෙනි බණවර නිමියේ ය.

77. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි?

77. මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇති (මරණින් මතු ආත්මය අසංඥි යැ යි පණවන) ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත්. ඒ භවත්හු කුමක් නිසා කුමක් ඇරැබැ උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද? යත්:

78. ‘රූපී අත්තා හොති අරොගො පරම්මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘අරූපී අත්තා හොති -පෙ- රූපී ච අරූපී ච අත්තා හොති -පෙ-. නෙව රූපී නාරූපී අත්තා හොති -පෙ-. අන්තවා අත්තා හොති -පෙ-. අනන්තවා අත්තා හොති -පෙ-. අන්තවා ච අනන්තවා ච අත්තා හොති -පෙ-. නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණා අසඤ්ඤී ති නං පඤ්ඤාපෙන්ති.

78. මහණෙනි, ඇතැම්හු “ආත්මය රූපවත් ය, මරණින් පසු නො බිඳෙන්නේ ය හෙවත් නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. ඇතැම් කෙනෙක් “ආත්මය අරූපී ය, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. ඇතැම්හු “ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය” යි පණවත්. ඇතැම්හු “ආත්මය රූපවත් ද නො වේ, අරූපී ද නො වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තයක් ඇත්තේ වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තරහිතය යැ යි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තවත් ද, අනන්ත ද වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තවත් ද නො වේ, අනන්ත ද නො වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥීයැ” යි පණවත්.

79. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

79. මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇති ඒ මහණබමුණෝ මේ අට කරුණින් මරණින් මතු සංඥා රහිත අත්මයක් පණවත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින් මතු අසංඥී ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ ම මේ අට කරුණකින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.

80. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ- යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

80. මහණෙනි, තථාගත බුදුහුගේ ඇති පරිදිම වූ ගුණය මොනවට කියනු කැමැත්තෝ කියන්නාහු නම්, ... මේ ඒ ගැඹුරු වූ දුර්දර්ශ වූ ... කරුණු යි.

81. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනා නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි?

81. මහණෙනි, උද්ධමාඝාතනික නේවසඤ්ඤිනාසඤ්ඤී වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් මරණින් මතු සංඥා නොමැති වූත් අසංඥ නොවූත් ආත්මයක් අට කරුණෙකින් පණවත්.

ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා, කුමක් අරමුණු කොට, උද්ධමාඝාතනික නේවසඤ්ඤිනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු අසංඥත් නො වූ සසංඥත් නො වූ ආත්මයක් අට කරුණෙකින් පණවත් ද? යත්:

82. “රූපී අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘අරූපී අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘රූපී ච අරූපී ච අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘නෙවරූපී නාරූපී අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤඤාපෙන්ති. ‘අන්තවා අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘අනන්තවා අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘අන්තවා ච අනන්තවා ච අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී’ති නං පඤ්ඤාපෙන්ති. ‘නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණා නෙවසඤ්ඤී නාසඤ්ඤී”ති නං පඤ්ඤාපෙන්ති.

82. “ආත්මය රූපවත් වේ, මරණින් මතු නිත්‍ය ය, අසංඥත් නො ම වේ, සසංඥත් නො වේ යැ” යි සමහරු පණවත්. සමහරු “ආත්මය අරූපී වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය රූපීත් අරූපීත් වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නො ම වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය රූපී ම ද අරූපී ම ද නො වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ම ද අසංඥ ම ද නොවේ යැ” යි පණවත්. සමහරු “ආත්මය සසීම (සීමාසහිත) වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ” යි පණවති. සමහරු “ආත්මය සසීම ද අසීම ද නො වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය සීමාසහිත මත් නො වේ, සීමා රහිත මත් නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නො ම වේ” යැ යි පණවත්.

83. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනා නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනා නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

83. මහණෙනි, උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇති, ඒ මහණබමුණෝ මේ අට කරුණකින් මරණින් මතු සසංඥ ද අසංඥ ද නො වූ ආත්මයක් පණවත්. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා සහිත ම නො වූත් සංඥා රහිත ද නො වූත් ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ මේ අට කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණක් ඔවුනට නැත.

84. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ- යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

84. මහණෙනි, ඒ කාරණය ... තථාගත තෙමේ දනී. මහණෙනි, යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති සැටියෙන් ම වූ ගුණය කියනු කැමැත්තෝ කියන්නාහු නම් ... මේ ඒ ගැඹුරු වූ දූර්දර්ශී වූ ... කරුණු යි.

85. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි?

85. මහණෙනි, උච්ඡේදදෘෂ්ටික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු විද්‍යාමාන වූ සත්ත්වයාගේ මුල්සුන් වීම, විනාශය, භව විගමය, කරුණු සතෙකින් පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් අරමුණු කොට උච්ඡේදදෘෂ්ටික වූවෝ ඇති සත්හුගේ සීඳීම්, වැනැස්ම, නො පැවැත්මට පැමිණීම සත් කරුණෙක් පණවත් ද? යත්:

86. ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි: ‘යතො ඛො භො අයං අත්තා රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති. න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

86. මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. (කෙසේ ද යත්:) “පින්වත, යම් හෙයකින් මේ ආත්මභාවය රූපවත් ද, සතර මහා භූතයන්ගෙන් නිපන්නේ වේ ද, මාපියන්ගේ ශුක්‍රශෝනිතයෙන් හටගත්තේ වේද, කරජ කය බිඳීමෙන් මරණින් මතු සිඳේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නොවේ ද, පින්වත, මේ පමණෙකින් ම මේ ආත්මභාවය මුළුමනින් ම සිඳී ගියේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.

87. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා දිබ්බො රූපී කාමාවචරො කබලිඞ්කාරා1හාරභක්ඛො, තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

87. ඔහුට අනෙකෙක් මෙසේ කිය යි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැ යි නො කියමි. භවත මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නොවේ. භවත රූපී වූ, කාමාවචර දෙව්ලෝ සයට ඇතුලත්, කබලීකාර ආහාර වළඳන, දිව්‍ය වූ අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එකී දිව්‍යාත්මය යම් හෙයෙකින් කය බිඳීමෙන් මරණින් මතු සිඳී යන්නේ ද, වැනසෙන්නේ ද, මරණින් මතු නොවන්නේ ද, මෙ පමණින් ම මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.

88. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. න සො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා දිබ්බො රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්රියො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

88. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වෙයි. භවත, රූපී වූ (ධ්‍යාන) සිතින් උපන්, සියලු අඟපසඟ ඇති, නො පිරිහුණු ඉඳුරන් ඇති, දිව්‍ය වූ අන් ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ඒ කය බිඳීමෙන් සිඳීයේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භවත, එතෙකින් ම මේ ආත්මය මුළුමනින් සුන් වූයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.

89. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා2 නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

89. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වේ. භවත, හැම ලෙසින් ම රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා නිරුද්ධ වීමෙන්, නානාත්වසංඥා නො මෙනෙහි කිරීමෙන්, ‘අහස අනන්ත යැ’ යි ධ්‍යාන වඩා ආකාශානන්තායතන භූමියට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දනී, නො දකී. එය මම දනිමි, දකිමි. භවත, එ කී ආත්මය වනාහී ඒ (නාම) කය බිඳීමෙන් සිඳී යේ, වැනසේ, මරණින් මතු නො වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.

90. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

90. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය, එය නැත්තේ යැ යි නො කියමි. භවත එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුල්සුන් නො වෙයි. භවත, හැම ලෙසින් ම අනන්ත ආකාශ අරමුණ ඉක්මැ ‘විඥානය අනන්තයැ’ යි සමාධි වඩා විඥානානන්තායතනභූමියට පැමිණැ සිටින අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එකී ආත්මය යම් හෙයකින් ඒ (නාම) කය බිඳී යෑමෙන් මුල් සිඳී යේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.

91. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො සො අත්තා යං ත්වං වදෙසි. න සො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

91. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය, එය නැත්තේ යැ”යි නො කියමි. “භවත, එතෙකුදු වුවත් ඒ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වේ. භවත, හැම ලෙසින් විඥානානන්තායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා ආකිඤ්චන්‍යායතනභූමියට පැමිණ සිටින අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳෙන බැවින්, වැනැසෙන බැවින්, මරණින් මත්තෙහි නො වන බැවින් භවත, මෙතෙකින් මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.

92. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම සන්තමෙතං පණීතමෙතන්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

92. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. වැලි දු භවත, මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නොවේ. භවත, හැම පරිද්දෙන් ආකිංචන්‍යායතනය ඉක්මැ, ‘මෙය ශාන්තය මෙය උතුමැ’ යි සමාධි වඩා නේවසංඥානාසංඥාභූමියට පැමිණ සිටින අන්‍ය වූ ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳී යන බැවින්, වැනසෙන බැවින්, මරණින් මත්තෙහි නොවන බැවින් මෙතෙකින් ම, භවත, මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.

93. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව සත්තහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

93. මහණෙනි, ඒ මහණබමුණෝ උච්ඡේදදෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සතෙකින් විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්. මහණෙනි, යම් උච්ඡේදදෘෂ්ටික මහණබමුණු කෙනෙක් විද්‍යාමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, විභවය පණවත් නම් ඒ සියල්ලෝ මේ කරුණු සතින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත කරුණෙක් ඔවුනට නැත.

94. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ- යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

94. මහණෙනි, ඒ කාරණය තථාගත තෙමේ දනී ... තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගැඹුරු වූ දූර්දර්ශ වූ … කරුණු යි.

95. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි?

95. මහණෙනි, දෘෂ්ටධර්මනිර්වාණදෘෂ්ටි ගත් සමහර මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ දෘෂ්ටධර්මනිර්වාණදෘෂ්ටි ගත්තෝ විද්‍යාමන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද? යත්:

96. ඉධ භික්ඛවෙ එකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි ‘යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.

96. මහණෙනි මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. (කෙසේ ද? යත්:) “භවත, යම් හෙයකින් මේ අත්බව පස්කම්කොටසින් සමර්පිත වැ (මොනවට පිහිටා, ඇලී), සමන්විත වැ ඉඳුරන් පිණවා ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වෙයි” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයා පිළිබඳ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

97. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? කාමා හි භො අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො භො අයං අත්තා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.

97. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. එතෙකුදු වුවත්, භවත, එය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො වෙයි. ඒ කවර හෙයින? යත්: භවත, පස්කම්හු වූ කලී අනිත්‍ය හ, දුක් හ, පෙරැළෙන සුලු හ. ඔවුන්ගේ පෙරැළීමෙන්, අන් පරිද්දෙකින් වීමෙන් හෝ හැඬුම්, වැලැපුම්, දුක් දොම්නස්, සිත තුළැ දැඩී පෙළුම් උපදී. භවත, යම් විටෙක මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමුන්ගෙන් වෙන ව ම, විතර්කසහිත විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති ප්‍රථමධ්‍යානයට ලැබ වෙසේ ද, භවත, මේ පමණෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

98. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ විතක්කිතං විචාරිතං එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.

98. ඔහුට අනෙකෙක් මෙසේ කිය යි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. එතෙකුදු වූවත්, භවත, මේ ආත්ම ය, මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබූයේ නො වෙයි. ඒ කවර හෙයින? යත්: යම් බඳු වූ ම විතර්කයෙක් විචාරයෙක් වේද , එයින් මෙය ඖදාරික වැ වැටහෙයි. එහෙත් යම් විටෙක මේ ආත්මය විතර්කවිචාරයන්ගේ සංසීඳීමෙන් සිය සිත්සතන් වෙසෙසින් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති දෙවෙනි ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙ පමණකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

99. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථිති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ පීතිගතං චෙතසො උබ්බිල්ලාවිතත්තං එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.

99. ඔහුට අනෙකේ මෙසේ කිය යි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැත්තේ නො වේ. භවත, එතෙකුදු වුවත් මේ ආත්ම ය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ නොවේ ඒ කවර හෙයින? යත්: එහි යම් ප්‍රීතියෙක් සිතේ ඉල්පුණු බවෙක් වේද, මෙයින් මේ දෙවෙනි ධ්‍යානය ඖදාරික වැ (දළ වැ) වැටහෙයි. භවත, යම් විටෙක වනාහි මේ ආත්මය ප්‍රීතියෙනුත් වෙන් වීමෙන් උපේක්ෂාව ඇත්තෙක් වී ද, සිහි ද ඇත්තේ, නුවණීන් දක්නේ වෙසේ ද, සුවයත් තම කයින් විදී ද, ආර්‍යයෝ යමක් හේතු කොට ගෙන ඔහුට ‘මේ තෙමේ උපෙක්ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය, සුවවිසුම් ඇත්තෙ යැ’ යි කියත් නම්, ඒ තුන්වන ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරම දෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

100. තමඤ්ඤො එවමාහ: ‘අත්ථි ඛො භො එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථිති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ සුඛමිති චෙතසො ආභොගො එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා1 අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.

100. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. එහෙත්, භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ නො වේ. ඒ කවර හෙයින? යත්: එහි ‘සුව’ යැ යි (ධ්‍යානයෙන් නැගී සිටියහුගේ ඒ සුවයෙහි) සිතේ නැමුණුබවෙක් වේ ද, මෙයින් මේ ධ්‍යාන ඖදාරික වැ (දළ වැ) වැටහේ. භවත, යම් විටෙක වනාහී මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම (කලින් ම) සොම්නස් දොම්නස් දුරු වී යෑමෙන්, දුක් නැති සුව නැති උපේක්ෂාස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිව්වන ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

101. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව පඤ්චහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

101. මහණෙනි, ඒ මහණබමුණෝ දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ මේ කරුණු පසින් විද්‍යාමාන සත්ත්වයෝ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.

මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුණු පසින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.

102. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ- යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

102. මහණෙනි, ... ඒ කරුණ තථාගත තෙමේ දනී … යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ගුණ මොනොවට කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගම්භීර වූ දූර්දර්ශී වූ … කරුණුයි.

103. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතුචත්තාරීසාය වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

103. මහණෙනි, ඒ මහණබමුණෝ අපරාන්තකල්පික වූවෝ (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අනාගත ස්කන්ධ කොටස කල්පනා කොට ගත් ලබ්ධි ඇත්තෝ), අපරාන්තය (අනාගත ස්කන්ධ කොටස) අනුව ඇති කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්ධ කොටස අරමුණු කොට අනේකවිධ අධ්‍යුක්තිපද (දර්ශනවාදප්‍රකාශකවචන) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපරාන්තකල්පික වූවෝ අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්කන්ධ කොසට) අරමුණු කොට දර්ශනවාදප්‍රකාශක වචන කියත් නම්, ඔහු හැම මේ කරුණු සූසාළිසෙන් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එසේ කියත්. මෙයින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.

104. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති -පෙ- යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

104. මහණෙනි, එය තථාගත තෙමේ දනී ... යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගැඹුරු වූ දුක සේ දැක්ක යුතු වූ … කරුණුයි.

105. ඉමෙහි ඛො තෙ භික්ඛවෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වාසට්ඨියා වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන. නත්ථි ඉතො බහිද්ධා.

105. මහණෙනි, පුර්වාන්තකල්පික වූ ද අපරාන්තකල්පික වූ ද ඒ මහණබමුණෝ අතීත ස්කන්ධ පරම්පරා කොටස ද අනාගත ස්කන්ධ පරම්පරා කොටස ද අරමුණු කොට මේ කරුණු දෙසැටින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන (දෘෂ්ටිවාද හඟවන වචන) කියාපාත්. මහණෙනි, පුර්වාන්තාපරාන්තානුදෘෂ්ටික ද වූ යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් නම්, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය කියා පාත්. මෙයින් බැහැරැ වූ කරුණෙක් ඔවුනට නැත.

106. තයිදං භික්ඛවෙ තථාගතො පජානාති: ඉමෙ දිට්ඨිට්ඨානා එවං ආගතා එවං පරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති. තඤ්ච පජානනං න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො භික්ඛවෙ තථාගතො.

106. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙ බඳු (පරලො වැ) ගති ඇත්යෝ වන්නාහ. මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ හැ යි මේ කාරණය තථාගත තෙමේ දනී. එය ද තථාගත තෙමේ දනී. එයින් වැඩි දෑ ද දනී. ඒ දැන්ම ද තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නොකරන ඔහු විසින් පරෝපදේශ රහිත වැ තමා කෙරෙහි ම නිර්වාණය දන්නා ලද්දේ ය. වේදනාවන්ගේ ඉපැද් ම ද වැනැස්ම ද රසය ද දොස ද නික්මුම ද තතු වූ පරිදි දැන තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වේ.

107. ඉමෙ ඛො තෙ භික්ඛවෙ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්යුං.

107. මහණෙනි, තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් තෙමේ ම වෙසෙසා දැන පසක් කොට ලොවට පවසා ද, යම් දහම් කෙනෙකුන් කරණකොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි ම වූ ගුණ මොනොවට කියනු කැමැතියෝ කියන්නාහු ද, මොහු වනාහී ගැඹුරු වූ, දුක සේ දැක්ක යුතු වූ, දුක සේ අනුබෝධ කටයුතු වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නො හෙන, සියුම් වූ, නුවණැත්තන් විසින් දත යුතු වූ ඒ ධර්මයෝ ය.

108. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

108. මහණෙනි, එහි (ඒ දෘෂ්ටිවාදීන් අතුරෙහි) යම් මහණ බමුණු කෙනෙක් ශාශ්වතවාද ඇත්තෝ කරුණු සතරෙකින් ආත්මය ද ලෝකය ද ශාශ්වත කොට පණවත් නම්, එය ද තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි (තෘෂ්ණායෙන් සමන්විත) ඒ දෘෂ්ටිගතිකයන්ගේ (දෘෂ්ටිතෘෂ්ණා හුලින් විදුනා ලද බැවින් වූ) පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.

109. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

109. මහණෙනි, එහි ඒකත්‍යශාශ්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික ද වූ යම් මහණබමුණු කෙනෙක් කරුණු සතරෙකින් ආත්මය ද ලෝකය ද එක් කොටසක් ශාශ්වතත් එක් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, එය ද (එහි තතු) නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලීමෙක් ම ය.

110. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

110. මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙකු තුමූ අන්තානන්තික වාද ඇත්තෝ ලොව අන්තවත් බව හෝ අනන්තවත්බව සතර කරුණකින් පණවත් ද, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලෙනබවෙක් ම ය.

111. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ1 තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

111. මහණෙනි, හි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්ෂේපක වාද ඇත්තෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ සතර කරුණෙකින් වාග් වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.

112. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

112. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අධිච්චසමුප්පන්න යැ (හේතු රහිත ව උපනැ) යි කරුණු දෙකෙකින් පණවත් ද, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ මහණබමුණන්ගේ දෘෂ්ටිවේදනාවෙක්, තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.

113. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං අරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

113. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික වූවෝ, පුර්වාන්තානුදෘෂ්ටික වූවෝ අටළොස් කරුණෙකින් අතීතස්කන්ධපරම්පරා කොටස අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සසලබවෙක් ම ය.

114. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

114. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ මරණින් මතු සංඥී වූ ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.

115. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

115. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ කරුණු අටෙකින් මරණින් මත්තෙහි සංඥාරහිත ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැසැලුමෙක් ම ය.

116. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනා නෙවසඤ්ඤීං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

116. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ කරුණු අටෙකින් සංඥි නො ම වූත් අසංඥී නො ම වූත් ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.

117. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

117. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යාමාන වූ සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, කරුණු සතෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.

118. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

118. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.

119. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

119. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්ධ පරම්පරා කොටස ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද , එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.

120. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං, තණ්හාගතානං පරිතසිතවිප්ඵන්දිතමෙව.

120. මහණෙනි, එහි පූර්වාන්තකල්පික වූ ද, අපරාන්තකල්පික වූ ද, පුර්වාන්තාපරාන්තකල්පික වූ ද, පූර්වාන්තාපරාන්තදෘෂ්ටික වූ ද, යම් මහණබමුණු කෙනෙක් දෙසැටක් කරුණින් පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් නම්, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්දනයෙක් ම ය.

121. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

121. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටි ඇත්තෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, (එසේ පැණවීමට කරුණු වු) ඒ (දෘෂ්ට්‍යාස්වාද) වේදනාව ද (ෂඩායතනයන් නිසා සිතැ උපදනා) ස්පර්ශයාගේ ප්‍රත්‍යයයෙන් වේ.

122. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

122. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ද එකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට කරුණු සතරෙකින් පණවත් නම්, එයට කරුණු වූ ඒ වේදනා ව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

123. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

123. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තිකවාද ඇත්තෝ ලෝකය පිළිබඳ සසීම අසීම බව කරුණු සතරෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

124. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

124. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්ෂේපක වූවෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්ණ විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් ම වේ.

125. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

125. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වූවෝ ආත්මයත් ලෝකයත් ඉබේ ම පහළ වූවන් කොට කරුණු දෙකෙකින් පණවත් ද, එසේ පැණැවීමට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

126. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

126. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික වූවෝ පූර්වාන්තානුදෘෂ්ටික වූවෝ පුර්වාන්තය අරමුණු කොට අටළොස් කරුණෙකින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

127. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

127. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මත්තෙහි සොළොස් කරුණෙකින් සංඥාවත් වූ ආත්මය පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

128. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

128. මහණෙනි එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඥීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

129. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

129. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සංඥීත් නො ම වූ අසංඥීත් නො ම වූ ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

130. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

130. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ විද්‍යාමන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය කරුණු සතෙකින් පණවත් ද , එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

131. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

131. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පස් කරුණෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

132. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

132. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්ඛන්ධ පරම්පරා කොටස) ඇරැබැ කරුණු සූසාළිසෙකින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

133. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තදපි ඵස්සපච්චයා.

133. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පූර්වාන්තකල්පික ද අපරාන්තකල්පික ද පුර්වාන්තාපරාන්තකල්පික ද වූවෝ, පූර්වාන්ත අපරාන්ත අනුවැ පහළ කළ දෘෂ්ටි ඇත්තෝ අතීත ස්කන්ධ පරම්පරා කොටසත් අනාගත ස්කන්ධ පරම්පරා කොටසත් අරමුණු කොට දෙසැටක් කරුණු වලින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනා ව ද ස්පර්ශප්‍රත්‍යයයෙන් වේ.

134. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

134. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටික වූවෝ කරුණු සතරෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, ඔහු වූ කලී ඒ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන් මේ කරුණ විද්‍යමාන නොවේ.

135. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්ච අසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

135. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ඒකත්‍යඅශාශ්වතික වූවෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වතත් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ට්‍යාස්වාදය විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නොවේ.

136. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

136. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ කරුණු සතරෙකින් ලෝකය පිළිබඳ සසීම අසීම බව පණවත් ද, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ටිවේදනාව විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.

137. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

137. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්ෂේපක වූවෝ ඒ ඒ විෂයයෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්ෂේපයට අමරාවික්ෂේපයට පැමිණෙත් ද, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ දෘෂ්ටිවේදනාව විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.

138. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති ද්වීහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

138. මහණෙනි, එහි යම් මහණබමුණෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ, කරුණු දෙකෙකින් ආත්මයත් ලෝකයත් ඉබේ උපනැ යි පණවත් ද, ඔහු කලී ඒ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන කාරණය නැත්තේ ය.

139. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

139. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්වාන්තකල්පික වූවෝ, පූර්වාන්තය අනුව පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු අටොළොසෙකින් පූර්ව ස්කන්ධපරම්පරා කොටස ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඔහු ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ටිරසාස්වාදය විඳින්නාහ යන මේ කරුණ නො මැත්තේ ය.

140. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති සොළසහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

140. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා ඇති ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, ඔහු කලී ස්පර්ශයෙන් තොර වැ ඒ දෘෂ්ට්‍යාස්වාදය විඳින්නාහ යන මේ කරුණ නො මැත්තේ ය.

141. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

141. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා නැති ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, ඔහු කලී එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.

142. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අට්ඨහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

142. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මත්තෙහි සංඥී නො ම වූත් අසංඥී නො ම වූත් ආත්මයක් පණවත් ද, එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොරැ වැ විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.

143. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

143. මහණෙනි, එහි යම් මහණබමුණු කෙණෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යමාන සත්ත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය කරුණු සතෙකින පණවත් ද, ඔහු කලී එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විදින්නාහ යන මේ කරුණ නැත්තේ ය.

144. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති පඤ්චහි වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

144. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණවාද ඇත්තෝ, විද්‍යමාන සත්ත්වයා පිළිබඳ පරමදෘෂ්ටධර්මනිර්වාණය කරුණු පසෙකින් පණවත් ද, ඔහු කලී එයට කරුණු වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.

145. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

145. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ අපරාන්තය අනුවැ පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ කරුණු සූසාළිසෙකින් අපරාන්තය ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඔහු කලී එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.

146. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.

146. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්වාන්තකල්පිකත් වූවෝ, අපරාන්තකල්පිකත් වුවෝ, පුර්වාන්තාපරාන්තකල්පිකත් වූවෝ, පුර්වානතඅපරාන්තයන් ඇරැබැ පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු දෙසැටෙකින් පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, ඔහු කලී එසේ දෘෂ්ටි ගැන්මට කාරණ වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කරුනු විද්‍යාමාන නොවේ.

147. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤාපෙන්ති චතූහි වත්ථූහි, යෙ’පි තෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා අන්තානන්තිකා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා අමරාවික්ඛෙපිකා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා අධිච්චසමුප්පන්නිකා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා යෙ’පි තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා, යෙ’පි තෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා ච අපරන්තකප්පිකා ච පුබ්බන්තාපරන්තකප්පිකා ච, පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති ද්වාසට්ඨියා වත්ථූහි, සබ්බෙ තෙ ඡහි ඵස්සායතනෙහි ඵුස්ස ඵුස්ස පටිසංවෙදෙන්ති. තෙසං වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. යතො ඛො භික්ඛවෙ භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං පජානාති, අයං ඉමෙහි සබ්බෙහෙව උත්තරිතරං පජානාති.

147. මහණෙනි, එහි යම් මහණ බමුණුකෙනෙක් ශාශ්වතදෘෂ්ටි ගත්තෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, යම් මහණ බමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ද, යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අමරාවික්ෂේප වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පික ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණයවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික ද, යම් මහණබමුණු කෙනෙක් පුර්වාන්තකල්පිකත් අපරාන්තකල්පිකත් පූර්වාන්තඅපරාන්තකල්පිකත් වූවෝ පූර්වාන්තාපරාන්තානුදෘෂ්ටික වැ දෙසැටක් කරුණුවලින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, ඒ සියල්ලෝ ස්පර්ශායතන සයින් උපන් ස්පර්ශයෙන් රූපාදී අරමුණු ස්පර්ශකොට දෘෂ්ට්‍යාස්වාදය විඳිත්. ඔවුන්ගේ දෘෂ්ටිවේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ යන මොහු පහළ වෙත්. මහණෙනි, යම් කලෙක් වනාහී මහණ තෙම ස්පර්ශායතන සදෙනාගේ හේතුව ද නිරෝධය ද ආස්වාදය ද ආදීනවය ද ප්‍රහාණිය ද තතු වූ පරිදි දැන ගනී ද, මේ තෙමේ මෙකී හැම දෘෂ්ටිගතයනට වැඩියක් ම (ශිලසමාධිප්‍රඥා ප්‍රඥාවිමුක්ති යන් මේ සියල්ල ම) දැනැ ගනී.

148. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා පුබ්බන්තකප්පිකා වා අපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වාසට්ඨියා වත්ථූහි අන්තොජාලීකතා එත්ථ සිතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්ති.] එත්ථ පරියාපන්නා අන්තොජාලීකතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්ති.]* සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො කෙවට්ටො වා කෙවට්ටන්තෙවාසී වා සුඛුමච්ඡිකෙන ජාලෙන පරිත්තං උදකදහං ඔත්ථරෙය්ය, තස්ස එවමස්ස: “යෙ ඛො කෙචි ඉමස්මිං උදකදහෙ ඔළාරිකා පාණා, සබ්බෙ තෙ අන්තොජාලීකතා එත්ථ සිතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්ති]. එත්ථ පරියාපන්නා අන්තොජාලීකතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්තී”ති.]* එවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා පුබ්බන්තකප්පිකා වා අපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තකප්පිකා වා පුබ්බන්තාපරන්තානුදිට්ඨිනො පුබ්බන්තාපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වාසට්ඨියා වත්ථූහි අන්තොජාලීකතා එත්ථ සිතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්ති.]* එත්ථ පරියාපන්නා අන්තොජාලීකතා’ව උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති. [නිම්මුජ්ජමානා නිම්මුජ්ජන්ති.]*

148. මහණෙනි, පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පුර්වාන්තාපරාන්තකල්පික වූ හෝ යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පූර්වාන්ත අපරාන්ත අරමුණු කොට පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීතානාගත ස්කන්ධ පරම්පරා කොටස් අරමුණු කොට, අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාන්නෝ ද, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම (මගේ මේ) දේසනාදැල තුලට හසු කරන ලදුවෝ, මේ දේසනාදැලෙහි බැඳුණෝ ම, මෙහි තුළ ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙයට ඇතුළත් වූහු ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මහණෙනි, යම් සේ දක්ෂ වූ කෙවුළෙක් හෝ කෙවුළකුගේ අතැවැසියෙක් හෝ සියුම් ඇස් ඇති දැලින් මඳ දිය ඇති දියවළක් කිබිසිනි කොටැ අතුරන්නේ ද, “මේ දියවළෙහි යම් කිසි මහත් ප්‍රාණි කෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ම මේ දැලට හසු කැරැ ගන්නා ලද්දෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙහි ඇතුලත් වූවෝ දැල තුලට හසු වූවෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නෝ ගැලෙත් යැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පූර්වාන්තාපරාන්තකල්පික වූ හෝ පූර්වාන්ත අපරාන්ත දෙක අනුවැ පහළ කරැගත් දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෙසැටක් කරුණින් පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඒ සියල්ලෝ මේ දෙසැට කරුණින් ම (මගේ) දේසනාදැලට හසු වූවෝ ම, මේ දේසනාදැලෙහි බැඳුණෝ, මෙහි ම මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති. මෙහි ම ඇතුළත් වූවෝ මේ දේසනා දැල තුළට හසු වූවෝ ම, මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති.

149. උච්ඡින්නභවනෙත්තිකො භික්ඛවෙ තථාගතස්ස කායො තිට්ඨති. යාවස්ස කායො ඨස්සති, තාව නං දක්ඛින්ති දෙවමනුස්සා. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා න නං දක්ඛින්ති දෙවමනුස්සා.

සෙය්‍යථාපි භික්ඛවෙ අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි කානිචි අම්බානි වණ්ටපටිබද්ධානි, සබ්බානි තානි තදන්වයානි භවන්ති, එවමෙව ඛො භික්ඛවෙ උච්ඡින්නභවනෙත්තිකො තථාගතස්ස කායො තිට්ඨති. යාවස්ස කායො ඨස්සති, තාව නං දක්ඛින්ති දෙවමනුස්සා. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා න නං දක්ඛින්ති දෙවමනුස්සා’ති.

149. මහණෙනි, තථාගත බුදුහුගේ ශරීරය මුලින් සිඳිනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඔහුගේ කය සිටින්නේ ද ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජිවිතයාගේ පරික්ෂීණ වීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඒ බුදුහු නො දක්නාහ. මහණෙනි, යම් සේ අඹකැන නටුවෙන් ගිලිහුණු කල්හි, නටුව හා බැඳුණු යම් අඹ පල කෙනෙක් වූහු නම්, ඔහු හැම එය අනුව යන්නෝ වෙත් ද, එ පරිද්දෙන් ම තථාගත බුදුහුගේ කය මුල් සුන් වූ භවතෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඒ බුදුහුගේ කය සිටුනේ ද, ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජිවිතය පරික්ෂීණ වීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඔහු නොදක්නාහ.

150. එවං වුත්තෙ ආයස්මා ආනන්‍දො භගවන්තං එතදවොච: ‘අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, කො නාමායං භන්තෙ ධම්මපරියායො?’ති

“තස්මාතිහ ත්‍වං ආනන්‍ද ඉමං ධම්මපරියායං අත්‍ථජාලන්ති’පි නං ධාරෙහි. ධම්මජාලන්ති’පි නං ධාරෙහි. බ්‍රහ්මජාලන්ති’පි නං ධාරෙහි. දිට්ඨිජාලන්ති’පි නං ධාරෙහි. අනුත්තරො සඞ්ගාමවිජයො’ති’පි නං ධාරෙහී”ති.

150. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ, “වහන්ස, ආශ්චර්‍ය ය! වහන්ස, අද්භූතය! වහන්ස, මේ ධර්මක්‍රමය කිනම් වේ දැ?”යි මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “ආනන්දය එසේ නම්, මෙහි ලා මේ ධර්මපර්යාය අර්ථජාල නමැයි ද සලකා ගනුව. ධර්මජාල නමැ යි ද සලකා ගනුව. බ්‍රහ්මජාල නැමැ යි ද සලකා ගනුව. දෘෂ්ටිජාල නැමැයි ද සලකා ගනුව. නිරුත්තරසංග්‍රාමවිජය යැයි ද සලකා ගනුව” යි වදාළ සේක.

ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආරාධිත සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

ඉමස්මිං ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ දසසහස්සී ලොකධාතු අකම්පිත්ථාති.

මේ නිර්ගාථක සූත්‍රය වදාරනු ලබන කල්හි දසදහසක් ලෝ දා කම්පිත වී ය.

බ්‍රහ්මජාලසුත්තං නිට්ඨිතං පඨමං.

පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමියේ ය.