ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දේවපුත්‌ත සංයුත්‌තය » 2. අනාථපිණ්ඩික වර්ගය

2.2.5. චන්‍දනසුත්තං

2.2.5. චන්දන සූත්‍රය

96. සාවත්ථියං---

96. සැවැත්නුවර:-

එකමන්තං ඨිතො ඛො චන්දනො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:–

එකත්පසෙක සිටි චන්දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

කො සූ4 ධ තරති ඔඝං රත්තින්දිවමතන්දිතො,
අප්පතිට්ඨෙ අනාලම්බෙ කො ගම්භීරෙ න සීදතීති.

මෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?

[භගවා:]

[භගවත්හු:]

සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සුසමාහිතො,
ආරද්ධවිරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං.

හැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.

විරතො කාමසඤ්ඤාය රූපසඤ්ඤොජනාතිගො,
නන්දිරාගපරික්ඛීණො5 සො ගම්භීරෙ න සීදතීති.

කාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්ෂීණ වූ නන්දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.