ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දේවපුත්‌ත සංයුත්‌තය » 1. සුරිය වර්ගය

2.1.10. සූරිය{1:1. සූරිය - මඡසං.}සුත්තං

2.1.10. සුරිය සූත්‍රය

91. සාවත්‍ථියං---

91. සැවැත්නුවර -

තෙන ඛො පන සමයෙන සුරියො1 දෙවපුත්තො රාහුනා අසුරින්‍දෙන ගහිතො හොති. අථ ඛො සුරියො1 දෙවපුත්තො භගවන්තං අනුස්සරමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:

එකල්හි හිරුදෙව්පුත් තෙමේ රාහුඅසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි හිරුදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.

“නමො තෙ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බධි,
සම්බාධපටිපන්නොස්මි තස්ස මෙ සරණං භවාති.”

බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනෙහි. මම පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.

අථ ඛො භගවා සුරියං1 දෙවපුත්තං ආරබ්භ රාහුං අසුරින්‍දං ගාථාහි2 අජ්ඣභාසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ හිරු දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.

“තථාගතං අරහන්තං සුරියො1 සරණං ගතො,
රාහු සුරියං1 පමුඤ්චස්සු බුද්ධා ලොකානුකම්පකාති.

එම්බා රාහුඅසුරය, හිරුදෙව්පුත් තෙමේ අර්හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. හිරු දෙව්පුතු මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.

යො අන්‍ධකාරෙ තමසී3 පභඞ්කරො වෙරොචනො මණ්ඩලී උග්ගතෙජො,
මා රාහු ගිලී චරං අන්තලික්ඛෙ4 පජං මම රාහු පමුඤ්ච සූරියන්ති.”

එම්බා රාහුඅසුරය, යමෙක් ගනඳුරෙහි එළිය කරන්නේ ද, බබලන්නේ ද, මඬුලු සටහන් ඇත්තේ ද, උග්‍රතේජස් ඇත්තේ ද, අහසෙහි හැසිරෙණ එබඳු හිරු නො ගිලුව. එම්බා රාහුඅසුරය, මා දහම්පුත් හිරු මුදව.

අථ ඛො රාහු අසුරින්‍දො සුරියං1 දෙවපුත්තං මුඤ්චිත්‍වා තරමානරූපො යෙන වෙපචිත්ති අසුරින්‍දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො රාහුං අසුරින්‍දං වෙපචිත්ති අසුරින්‍දො ගාථාය අජ්ඣභාසි:

ඉක්බිති රාහු අසුරිඳු තෙමේ හිරු දෙව්පුත් මුදා වෙළෙවිසැහැවී ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහුඅසුරිඳු හට වෙපචිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කී ය.

“කින්නු සන්තරමානොව රාහු සුරියං පමුඤ්චසි,
සංවිග්ගරූපො ආගම්ම කින්නු භීතොව තිට්ඨසීති.”

එම්බා රාහු, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් හිරු මිදුවෙහි ද? සංවෙග ස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?

“සත්තධා මෙ ඵලෙ මුද්ධා ජීවන්තො න සුඛං ලභෙ,
බුද්ධගාථාභිගීතොම්හි නො චෙ මුඤ්චෙය්ය සූරියන්ති.”

බුද්ධගාථායෙන් අභිගීත (සංධායභාෂිත වශයෙන් වෙසෙසින් ගයන ලදුයෙම්) වෙමි. ඉදින් හිරු නො මිදුවෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සුව නො ලබන්නෙමි.