[දෙවතා:]
[දෙවි:]
54. කිංසු වත්‍ථු මනුස්සානං කිං සූධ පරමො3 සඛා,කිංසු භූතූපජීවන්ති4 යෙ පාණා පඨවිංසිතාති.
54. මිනිසුන්ට කුමක් පිහිට වේ ද? මෙහි උතුම් යහළුවා කවරෙක් ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද්ද?
[භගවා:]
[භගවත්හු:]
පුත්තා වත්‍ථු මනුස්සානං භරියාව1 පරමො2 සඛා,වුට්ඨිං භූතූපජීවන්ති3 යෙ පාණා පඨවිංසිතාති.4
54. පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙත්. බිරිය ම උතුම් යහළු ය. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.