1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං1 එතදහොසි:
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහද් භික්ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.
“අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච, යන්නූන මයම්පි යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකං ගාථං2 භාසෙය්යාමා”ති.
එ කල්හි “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සැහැ රටැ කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙන් ද භාග්‍යවතුන් වහන්සේත් භික්ෂූසංඝයාත් දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්. අපි දු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමෝ නම්, එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එක් එක් ගයක් කියන්නමෝ නම් යෙහෙකැ”යි සතර සුදවැසි බඹලෝ වැසි දෙවියනට මේ සිත විය.
2. අථ ඛො තා දෙවතා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං3 වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජය්‍ය,4 එවමෙව සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහෙසුං.5 අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
2. ඉක්බිති ඒ දෙවියෝ, බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරනු ද, දික් කළ අතක් වක් කරනු ද සෙයින් ම සුදවැසි දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු, භගවත් බුදුරජුන් හමුයෙහි පහළ වූහ. එයට පසු ඒ දෙවියෝ භගවත් බුදුරජුන් වැඳ එක් පසෙකැ සිටියාහ. (ඔවුනතුරෙන්) එක් පසෙකැ සිටියා වූ ම එක් දෙවියෙක් භගවත් බුදුරජුන් හමුයෙහි මේ ගාථාව කී ය: (ගාථාවේ අර්ථය)
“මහාසමයො පවනස්මිං දෙවකායා සමාගතා,
ආගතම්හ ඉමං ධම්මසමයං දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝන්ති.”
“මහ වෙනෙහි මහ මුළුවෙකි.<br/>දෙව්මුළුහු රැස් වූහ.<br/>කෙලෙසුන්ගෙන් නොපැරැදුණු<br/>සඟන දක්නට මේ දම් සමාම් ආමු.”
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එ විටැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“තත්‍ර භික‍්ඛවො සමාදහංසු චිත‍්තමත‍්තනො උජුකමකංසු,
සාරථීව නෙත‍්තානි ගහෙත්‍වා ඉන්‍ද්‍රියානි රක‍්ඛන‍්ති පණ‍්ඩිතා”ති.
“එ දහම් සමාම්හි මහණහු තමන් සිත එකඟ කළහ. (තමන් සිත) සෘජු කළහ. රියසැරියක්හු රැහැන් ගෙන (රිය හසුරුවන්නා) මෙන් නැණැත්තෝ ඉඳුරන් රකිත්” යැ යි ගයෙකින් පැවැසී ය.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“ඡෙත්‍වා ඛීලං ඡෙත්‍වා පලිඝං ඉන්‍දඛීලං ඌභච්ච1 මනෙජා,
තෙ චරන්ති සුද්ධා විමලා චක්ඛුමතා සුදන්තා සුසු නාගා’ති.
“ඒ තරුණ නාගයෝ (රහත්හු) පසැසි බුදුරජුන් විසින් මොනොවට දැමුණාහු, කෙලෙස් හුල සිඳ, කෙලෙස් කණයම ද සිඳ, රාගද්වේෂ මෝහ ඉන්ද්‍රකීලය උදුරා පියා, තෘෂ්ණා නැති ව, පිරිසිදු වැ, නිර්මල වැ හැසිරෙත්” යි ගයින් කී ය.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ න තෙ ගමිස්සන්ති අපායභූමිං2
පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්තී’ති.
“යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු අපායට නො යන්නාහ. මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ” යි ගයින් කී ය.
3. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, “යෙභුය්‍යෙන භික්ඛවෙ, දසසු ලොකධාතූසු දෙවතා සන්නිපතිතා හොන්ති, තථාගතං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච, යෙ පි තෙ භික්ඛවෙ අහෙසුං, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමා3 යෙව දෙවතා සන්නිපතිතා අහෙසුං සෙය්‍යථාපි මය්හං එතරහි. යෙ පි තෙ භික්ඛවෙ, භවිස්සන්තිඅනාගතමද්ධානංඅරහන්තොසම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමා යෙව දෙවතා සන්නිපතිතා භවිස්සන්ති සෙය්‍යථාපි මය්හං එතරහි. ආචික්ඛිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි, කිත්තයිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි, දෙසිස්සාමි භික්ඛවෙ දෙවකායානං නාමානි. තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමී”ති. “එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා, “මහණෙනි, බොහෝ සෙයින් දස (දහසක්) ලෝදාහි දෙවියෝ තථාගතයන් ද බික් සඟන ද දක්නට මුළුදෙවුණාහු වෙත්. මහණෙනි, ඉකුත් කලැ යම් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුන්ගේ ද, දැන් මගේ (මෙ සමයෙහි) මෙන්, මෙ පරම කොට (මෙ පමණ) ම වූ දෙවියෝ රැස් වූහ. මහණෙනි, අනා කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු ද, ඔවුන්ගේ ද දැන් මගේ (මෙ සමයෙහි) සෙයින්, මෙතෙක් ම (මෙ පමණ) ම දෙවියෝ රැස් වන්නාහ.
මහණෙනි, දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන්ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.
“එසේ ය, වහන් සැ” යි ම එ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
4. සිලොකමනුකස්සාමි යත්‍ථ භුම්මා තදස්සිතා,
යෙ සීතා ගිරිගබ්භරං4 පහිතත්තා සමාහිතා.
පුථූ සීහා’ව සල්ලීනා ලොමහංසාභිසම්භුනො,
ඔදාතමනසා සුද්ධා විප්පසන්නා මනාවිලා.5
4. “සිලොවක් කියන්නෙමි. යම් තැනෙක බූමාටු දෙවියෝ ඇත් ද, රහත් හු එ තැන් ඇසුරු කළාහු වෙත්. නිවන් කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති, ලොමුදහ ගැනුම් මැඩැලූ, පිරිසිදු සිතැති, නො කිලිටි වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු ඒ රහත්හු විචික්ත වූ බොහෝ සිංහයන් සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්.”
භිය්‍යො පඤ්චසතෙ ඤත්‍වා වනෙ කාපිලවත්‍ථවෙ,
තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ.
දෙවකායා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො.
තෙ ච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස සාසනං.
කිඹුල්වත් පුර අසල වෙනෙහි දී ශාස්තෘහු සස්නැ ඇලුණු පන්සියකට වැඩි සව්වන් දැන, ඉක්බිති ඔවුන් අමතා, ‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන්ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.
තෙසං පාතුරහු ඤාණං අමනුස්සානදස්සනං,
අප්පෙකෙ සතමද්දක්ඛුං සහස්සං අථ සත්තරිං.
වහා ම ඔවුනට අමනුෂ්‍යයන් දක්නා නුවණ පහළ විය. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යයන් සියයක් දුටුහු, ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සැත්තෑදහසක් දුටුහු.
සතං එකෙ සහස්සානං අමනුස්සානමද්දසුං,
අප්පෙකෙ’නන්තමද්දක්ඛුං දිසා සබ්බා ඵුටා අහු.1
ඇතැම් මහණ කෙනෙක් සියදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙව් බඹුන් දුටුහු. සියලු දිශාවෝ දෙව්බඹුන් ගෙන් පැතිරගත්තෝ වූහ.
5. තඤ්ච සබ්බං අභිඤ්ඤාය වවත්ථිත්වාන2 චක්ඛුමා,
තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ.
5. පසැස් ඇති ශාස්තෲන්වහන්සේ ඒ සියල්ල වෙසෙසි නුවණින් දැනැ වෙන් කොට දැක ඉක්බිති සස්නැ ඇලුණු ඒ සිය සව්වන් බණවා,
“දෙවකායා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො,
යෙ වො’හං කිත්තයිස්සාමි ගිරාහි අනුපුබ්බසො.
“මහණෙනි, දෙව්මුළුවෝ එළැඹියාහ. වචනවලින් පිළිවෙළින් ඒ යම් දෙවිකෙනෙකු හෙළි කරන්නෙම් ද ඔවුන් දැන ගනිවු” යැ යි වදාළ සේක.
සත්තසහස්සා තෙ යක්ඛා භුම්මා කාපිලවත්ථවා,
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො.
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං,
“කිඹුල්වත්පුර වැසි, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සත්දහසක් බූමාටු දෙවියෝ සතුටු වන්නාහු, රහත් මහණ මුළුව දක්නට වනය කරා එළැඹියාහ.
ඡ සහස්සා හෙමවතා යක්ඛා නානත්තවණ්ණිනො.
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
හිමවත් වැසි, නන්වැදෑරුම් පැහැ සපු ඇති, ඉදුමත්, බබළන පැහැපත්, යශස් ඇති සදහසෙක් දෙවියෝ සතුටු වන්නාහු ඒ රහත් මහණ දක්නට වනය කරා එළැඹියාහ.
6. සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං
6. සාතගිරි පර්වතවාසී, නන්වැදෑරුම් පැහැසපුව ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යසස් ඇති තුන්දහසෙක් දෙවියෝ සතුටු වෙමින් භික්ෂූ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
ඉච්චෙතෙ සොළසසහස්සා යක්ඛා නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
මෙසේ නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සොළොස් දහසෙක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
වෙස්සාමිත්තා පඤ්චසතා යක්ඛා නානත්තවණ්ණිනො,
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං
විශ්වාමිත්‍රපර්වතවාසී, නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, පැහැපත්, යසස් ඇති පන්සියයෙක් දෙවියෝ සතුටු වෙමින් ඒ රහත් භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
කුම්භීරො රාජගහිකො වෙපුල්ලස්ස නිවෙසනංa
භිය්යො නං සතසහස්සං යක්ඛානං පයිරුපාසති
කුම්භීරො රාජගහිකො සොපාග සමිතිං වනං.
රජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනෙවියෙක් වෙයි. විපුලගිරි පව්ව ඔහු වසන තැන ය. සිය දහසකටත් වැඩි යක්කු ඔහු ඇසුරු කෙරෙත්. රජගහවැසි ඒ කුම්භීර තෙමේ ද භික්ෂූ සමාගමය දක්නට වනයට පැමිණි යේ ය.
7. පුරිමඤ්ච දිසං රාජා ධතරට්ඨො පසාසති.b
ගන්‍ධබ්බානං ආධිපති මහාරාජා යසස්සි සො.
පුත්තාපි තස්ස බහවො ඉන්‍දනාමා මහබ්බලා
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
7. පෙර දිගට රජ වූ දහරට් (ධෘතරාෂ්ට්‍ර) තෙම එ දෙස පාලනය කරයි. ගන්ධර්වයනට අධිපති යශස් ඇති ඒ (වරම්) මහරජ ද මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඉන්ද්‍ර යන නම ඇති බොහෝ වූ ඔහු පුත්තු ද සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
දක්ඛිණඤ්ච දිසං රාජා විරූළ්හො තං පසාසති
කුම්භණ්ඩානං අධිපති මහාරාජා යසස්සි සො.
පුත්තාපි තස්ස බහවො ඉන්‍දනාමා මහබ්බලා
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
විරුළු (විරූඪක) වරම් රජ ඒ දකුණු දෙස පාලනය කෙරෙයි. කුම්භාණ්ඩයනට අධිපති වූ ඒ යශස්වී මහරජ ද, මහත් බල ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
පච්ඡිමඤ්ච දිසං රාජා විරූපක්ඛො පසාසති
නාගාණඤ්ච අධිපති මහාරාජා යසස්සි සො.
පුත්තාපි තස්ස බහවො ඉන්‍දනාමා මහබ්බලා
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
විරූඇසි (විරූපාක්ෂ) වරම් රජ ඒ පැසිම් දෙස පාලනය කෙරෙයි. නාගයනට අධිපති වූ යශස්වී වූ ඒ වරම් මහරජ ද, මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද, සතුටු වන්නාහු භික්ෂූසමාගමය දක්නට වනයට එළැඹියාහ.
උත්තරඤ්ච දිසං රාජා කුවෙරො තං පසාසති
යක්ඛානඤ්ච අධිපති මහාරාජා යසස්සිසො.
පුත්තාපි තස්ස බහවො ඉන්‍දනාමා මහබ්බලා
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
වෙසවුණු (කුවෙර) වරම් රජ ඒ උතුරු දිග පාලනය කෙරෙයි. යක්ෂයනට අධිපති වූ යශස්වී වූ ඒ මහරජු ද ඉන්ද්‍ර යන නමැති මහ බලැති, ඉදුමත්, ද්‍යුතිමත්, වර්ණවත්, යශස්වී වූ ඔහුගේ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
8. පුරිමං දිසං ධතරට්ඨො දක්ඛිණෙන විරූළ්හකො
පච්ඡිමෙන විරූපක්ඛො කුවෙරො උත්තරං දිසං.
චත්තාරො තෙ මහාරාජා සමන්තා චතුරො දිසා
දදල්ලමානා අට්ඨංසු වනෙ කාපිලවත්‍ථවෙ.
8. ධෘතරාෂ්ට්‍ර වරම් රජ පෙර දිග ද, විරූඪක වරම් රජ දකුණු දිග ද, විරූපාක්ෂ වරම් රජ පැසිම් දිග ද, කුවෙර වරම් රජ උතුරු දිග දැ යි ඒ සතර වරම් මහරජුහු කිඹුල්වත් පුර වනයෙහි හාත්පසැ අතිසයින් බබළමින් සිටියාහ.
9. තෙසං මායාවිනො දාසා ආගුං වඤ්චනිකා සඨා
මායා කුටෙණ්ඩු වෙටෙණ්ඩු විටුච්ච විටුඩො සහ
9. ඔවුන්ගේ මායාවී වූ වංචනික වූ ශඨ වූ කපට වූ කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටු, විටුඩ යන දාසයෝ ද,
චන්දනො කාමසෙට්ඨා ච කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච,
පනාදො ඔපමඤ්ඤො ච දෙවසූතො ච මාතලි.
චිත්තසෙනො ච ගන්ධබ්බො නළො රාජා ජනෙසභො1
චන්දන, කාමසෙට්ඨ, කින්නිඝණ්ඩු, නිඝණ්ඩු, පනාද, ඕපමඤ්ඤ, දෙව්රියැදුරු මාතලී යන දෙවියෝද, චිත්‍ර, සේන, චිත්‍රසේන යන ගඳැවු තිදෙනා ද, නළ නම් දෙව්රජ ද, ජනවසභ දෙව්පුත් ද,
ආගුං පඤ්චසිඛො චෙව තිම්බරු සුරියවච්චසා
එතෙ චඤ්ඤෙ ච රාජානො ගන්ධබ්බා සහ රාජුභි,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
පන්සිළු දෙව්පුත් ද, තිම්බරූ නම් ගඳැවූ රජ ද, සුරියවච්චසා දෙව්දු ද යන මේ සියල්ලෝ ද, අන් ගඳැවු රජුහු ද සතුටු වන්නාහු සිය රජුන් සමඟ භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
තව ද ආකාශස්ථ නාගයෝ ද, විසාලා නාගපුර වැසි නාගයෝ තක්ෂක නම් නාගයන් කැටුව ආහ. කම්බල අස්සතර යන කුල දෙකේ නාගයෝ ද ප්‍රයාගවාසී නාගයෝ ද නෑයන් කැටුව ආහ.
යාමුනා ධතරට්ඨො ච ආගුං3 නාගා යසස්සිනො
එරාවණො මහානාගො සොපාග සමිතිං වනං
යශස් ඇති, යමුනානදි වසන නාගයෝ ද, ධෘතරාෂ්ට්‍ර කුලයට අයත් නාගයෝ ද, ඓරාවන නම් ඒ මහානාගයා ද භික්ෂූ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
10. යෙ නාගරාජෙ සහසා හරන්ති
දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ,
වෙහාසයා4 තෙ වනමජ්ඣපත්තා
චිත්රා සුපණ්ණා ඉති තෙසං නාමානි5.
10. පිරිසිදු ඇස් ඇති යම් දිව්‍ය ගරුඬ පක්ෂී කෙනෙක් නාරජුන් වහා ඩැහැගෙන යෙත් ද, ඔහු අහසින් වනයට පැමිණියාහ. චිත්‍ර ද සුපර්ණ ද යනු ඔවුන්ගේ නම් ය.
අභයං තදා නාගරාජානමාසි
සුපණ්ණතො ඛෙමමකාසි බුද්ධො,
සණ්හාහි වාචාහි උපව්හයන්තා
නාගා සුපණ්ණා සරණමගංසු6 බුද්ධං.
එ දා නාරජුනට අභය (බිය නැති බව) විය. බුදුරජුහු ගරුඬයන් කෙරෙන් නිරුපද්‍රැත බව කළහ. නාගයෝ ද ගරුඬයෝ ද මොළොක් බසින් උනුන් කැඳවන්නාහු බුදුරජුන් සරණ ගියාහ.
11. ජිතා වජිරහත්ථෙන සමුද්දං අසුරා සිතා
භාතරො වාසවස්සෙතෙ ඉද්ධිමන්තො යසස්සිනො.
11. විදුරත් (සක්දෙව්) විසින් දිනන ලද, මුහුද ඇසුරු කළ, සක් දෙව් රජුගේ භ්‍රාතෘ වූ, ඉදුමත්, යශස් ඇති අසුරයෝ ද,
කාලකඤ්ඡා මහාභිස්මා7 අසුරා දානවෙඝසා
වෙපචිත්ති සුචිත්තී ච පහාරාදො නමුචි සහ.
කාලකංජ දානවේඝස යන නම් ඇති මහ බියකුරු අසුරයෝ ද, වේපචිත්ති සුචිත්ති යන අසුරයෝ ද, පහාරාද (ප්‍රහ්ලාද) නම් අසුර ද නමුචිහු කැටුව ආහ.
සතඤ්ච බලිපුත්තානං සබ්බෙ වෙරොචනාමකා
සන්නය්හිත්වා බලිං සෙනං8 රාහුභද්දමුපාගමුං,
‘සමයො’ දානි භද්දන්තෙ භික්ඛූනං සමිතිං වනං’.
හැම දෙනා ම වේරොච යන නම් ඇති, බලි අසුරයා පුත් සිය දෙනා ද බල සෙන් සන්නද්ධ කොට ගෙන රාහු අසුරිඳු වෙත එළැඹියාහ. ‘ඔබට සෙත් වේ වා’! දැන් භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට යන්නට කල් පැමිණියේ යැ යි ඔහු සැළ කළාහ.
12. ආපො ච දෙවා පඨවී ච තෙජො වායො තදාගමුං
වරුණා වාරුණා9 දෙවා සොමො ච යසසා සහ.
මෙත්තාකරුණාකායිකා ආගුං දෙවා යසස්සිනො
12. අබ් දේවතාවෝ ද පෘථිවි දේවතාවෝ ද තේජෝ දේවතාවෝ ද වායු දේවතාවෝ ද එයට ආහ. වරුණ, වාරුණ යන දෙව්හු ද සෝම දෙවියා ද යශස් නම් දෙවියා කැටුව ආහ. යශස් ඇති මෙත්තාකායික කරුණා කායික දෙවියෝ ද ආහ.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො.
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
නන් වැදැරුම් පැහැති දස පරිද්දෙන් වූ ඉදුමත් වූ ද්‍යුතිමත් වූ වර්ණවත් වූ යශස්වී වූ දශ දේව සමූහයෝ සතුටු වන්නාහු, භික්ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස අයුරෙකින් එළැඹුණාහ.
13. වෙණ්හූ ව දෙවා10 සහලී ච අස්මා ච දුවෙ යමා
චන්දස්සූපනිසා දෙවා චන්දමාගුං පුරක්ඛත්වා.
13. විෂ්ණු දේවනිකායයේ දෙවියෝ ද, සහලී නිකායේ දෙවියෝ ද, අසම නම් නිකායේ දෙවියෝ ද යම නම් දේව නිකාය දෙකෙක දෙවියෝ ද ආහ. සඳමඬල නිසා වසන දෙවියෝ (සඳ මඬලට අධිපති) සඳු දෙව්පුතු පෙරටු කොට ආහ.
සුරියස්සූපනිසා1 දෙවා සුරියමාගුං2 පුරක්ඛිත්වා
නක්ඛත්තානි පුරක්ඛත්වා ආගුං මන්දවලාහකා
වසූනං වාසවො සෙට්ඨො සක්කොපාග3 පුරින්දදො
හිරුමඬල නිසා වසන දෙවියෝ (හිරුමඬලට අධිපති) හිරුදෙව් පුතු පෙරටු කොට ගෙන ආහ. නකත් තරු ඇසිරැ වසන දෙවියෝ නකත් තරුනට අධිපති දෙවියන් පෙරටු කොට ගෙන ද ආහ. මන්‍දවලාහක දෙවියෝ ද ආහ.
වසු දේවතාවනට නායක වූ පුරින්‍දද යන අපර නාමධෙයයක් ඇති සක් දෙවිඳු ද ආයේ ය.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
නන් පැහැති ඉදුමත් ද්‍යුතිමත් වර්ණවත් යශස්වී වූ දස දේවනිකාය කෙනෙක් සතුටු වන්නාහු භික්ෂූන්ගේ ඒ සමාගමය දක්නට දස සැටියෙකින් වනයට ආහ.
14. අථාගුං සහභූ දෙවා ජලමග්ගි සිඛාරිව
අරිට්ඨකා ච රොජො ච උම්මාපුප්ඵනිභාසිනො.
වරුණා සහ ධම්මා ච අච්චුතා ච අනෙජකා
සූලෙය්ය රුචිරා ආගුං ආගුං වාසවනෙසිනො,
14. ඉක්බිත් සහභූ නම් දෙවියෝ ගිනිසිළු මෙන් දිලියෙන්නාහු වනයට ආහ. දියබෙරලිය මල් පැහැති අරිට්ඨක නම් දෙවියෝ ද රෝජ නම් දෙවියෝ ද, වරුණ, ධම්ම, අච්චුත, අනෝජක යන නම් ඇති දෙවියෝ ද ආහ. සූලෙය්‍ය රුචිර යන දෙවියෝ ද ආහ. වාසවනේසි නම් දෙවියෝ ද ආහ.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො,
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
නන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්ණවත් යශස්වී වූ මේ දශ දේවසමූහයෝ සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
15. සමානා මහාසමානා4 මානුසා මානුසුත්තමා
ඛිඩ්ඩාපදූසිකා ආගුං ආගුං මනොපදූසිකා.
අථාගුං හරයො දෙවා යෙ ච ලොහිතවාසිනො
පාරගා මහාපාරගා ආගුං දෙවා යසස්සිනො.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො.
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
15. සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම, ඛිඩ්ඩාපදෝසික නම් දෙවියෝ ද ආහ.මනෝපදොසික නම් දෙවියෝ ද ආහ. ඉක්බිති හරි නම් දෙවියෝ ද ආහ. රතුවත් හඳනා යම් දෙවි කෙනෙක් ඇද් ද, ඔහු ද යශස් ඇති පාරග මහාපාරග නම් වූ දෙවියෝ දැ යි මේ දස දෙව්මුළුහු භික්ෂූන්ගේ ඒ සමිතිය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
16. සුක්ක කරුම්හ වරුණ යන දෙවියෝ වේඛනස යන දෙවියන් හා ආහ. ඔදාතගය්හ පාමොක්ඛ විචක්ඛණ යන දෙවියෝ ද ආහ.
සදාමත්තා හාරගජා මිස්සකා ච යසස්සිනො
ථනයං ආග පජ්ජන්නො7 යො දිසා අභිවස්සති.
යශස් ඇති සදාමත්ත භාරගජ යන නමැති දෙවියෝ ද මිස්සක නම් දෙවියෝ ද ආහ. යමෙක් දිශාවන් තෙමන්නේ ද, ඒ පර්ජන්‍ය දෙවි ද අහස ගුගුරුවමින් ආය.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
නානා වර්ණ ඇති ඍද්ධිමත් වූ ද්‍යුතිමත් වූ වර්ණවත් වූ යශස්වී වූ මේ සියලු දශ දේව සමූහයෝ සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට දස පරිද්දෙන් වනයට ආහ.
17. ඛෙමියා තුසිතා යාමා කට්ඨකා ච යසස්සිනො
ලම්බීතකා ලාමසෙට්ඨා ජොතිනාමා ච ආසවා,
නිම්මාණරතිනො ආගුං අථාගුං පරනිම්මිතා.
17. කීර්තිමත් ඛේමිය නම් දෙවියෝ ද තුසිත යාම කට්ඨක ලම්බිත කාලාම සෙට්ඨ ජෝති ආසව නම් දෙවියෝ ද, නිම්මානරතී නම් දෙවියෝ ද ආහ. ඉක්බිති පරනිම්මිත නම් දෙවියෝ ද ආහ.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො
ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො
මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
නන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්ණවත් යශස් ඇති මේ දශ දේව නිකායයෝ සතුටු වෙමින් භික්ෂූන්ගේ සමාගමය දක්නට දස අයුරින් වනයට එළැඹියාහ.
18. සට්ඨෙතෙ දෙවනිකායා සබ්බෙ නානත්තවණ්ණිනො,
නාමන්වයෙන ආගඤ්ඡුං1 යෙ චඤ්ඤෙ සදිසා සහ.
18. නන් පැහැති, මේ සියලු සැටෙක් දේව නිකායයෝ, තව ද තමනට සමාන යම් අන් දෙව් කෙනෙක් ඇද්ද, ඔවුන් ද කැටුවැ නම් පිළිවෙළින් ආහ.
පවුත්ථජාතිමඛිලං2 ඔඝතිණ්ණමනාසවං,
දක්ඛෙමොඝතරං නාගං චන්දංව අසිතාතිගං
‘වැසැ නිමැවූ ජාති ඇති, කෙලෙස් හුල් නැති, සතර කෙලෙස් මහ වතුරු තිනූ, ආසව නැති අරී සඟන ද, ඔඝයන් තිනූ, අගතියට නොයන (නොහොත් පව් නැති) අඳුරු පැහැ ඉක්මි සඳුහු වැනි බුදුරජු ද දකුම්හ’ යි ආහ.
සුබ්‍රහ්මා පරමත්තො3 ච පුත්තා ඉද්ධිමතො සහ,
සනඞ්කුමාරො තිස්සො ච සොපාග සමිතිං වනං.
ඍද්ධිමත් බුදුරජුගේ (ආර්‍ය්‍ය) ශ්‍රාවක පුත්‍ර වූ සුබ්‍රහ්ම පරමාත්ම යන දෙවිහු ද සනත්කුමාර බඹහු හා ආහ. ඒ තිස්ස නම් බ්‍රහ්ම ද භික්ෂූන්ගේ සමාගමයට වනයට ආ ය.
සහස්සං බ්රහ්මලොකානං මහාබ්රහ්මාභිතිට්ඨති,
උපපන්නො ජුතිමන්තො භිස්මාකායො යසස්සි සො.
මහබඹ තෙම බඹලෝ දහසක් අභිබවා සිටී. බඹලොවැ උපන්, ද්‍යුතිමත් බිහිසුණු මහකයක් ඇති, කීර්තිමත් හෙ තෙමේ ද ආයේ ය.
දසෙත්ථ ඉස්සරා ආගුං පච්චෙකවසවත්තිනො,
තෙසඤ්ච මජ්ඣතො ආග හාරිතො පරිවාරිතො.
වෙන් වෙන්වැ තම පිරිස් සිය වශයෙහි පවත්වන, ඊශ්වර වූ බඹහු දස දෙනෙක් ද මෙහි ආහ. ඔවුන් මැදින් බඹ පිරිස විසින් පිරිවැරුණු හාරිත නම් බ්‍රහ්ම තෙම ආයේ ය.
19. එළැඹැ සිටි ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ඒ සියලු දෙවියන් කරා මරසෙන්හු පැමිණියාහ. බලව මරහුගේ මුළා වෙක සැටි!
‘එථ ගණ්හථ බන්‍ධථ රාගෙන බන්‍ධමත්‍ථු වො,
සමන්තා පරිවාරෙථ මා වො මුඤ්චිත්‍ථ කොචි නං’.
ඉති තත්‍ථ මහාසෙනො කණ්හසෙනං අපෙසයි,
පාණිනා ථලමාහච්ච සරං කත්‍වාන භෙරවං.
“එවු, ගනිවු, බඳිවු, මොහු හැම රාගයෙන් බඳනා ලදුවෝ ම වෙත් වා. හාත්පසින් පිරිවරවු (වටා මුර කොට සිටිවු). තෙපි ඒ කිසිවකු දු නො මුදවු.” මෙසේ බිහිසුණු හඬ කොට, අත්ලෙන් පොළොව පැහැරැ මහසෙන් (මරදෙව්පුත්) තෙම මරසෙන් එහි යැවී ය.
20. යථා පාවුස්සකො මෙඝො ථනයන්තො සවිජ්ජුකො.
තදා සො පච්චුදාවත්ති සඞ්කුද්ධො අසයංවසී.
20. යම් සේ වැසි සමයෙහි වසින මේඝය ගර්ජනා කරනුයේ විදුලිය සහිත වනුයේ ද, එසේ ම එදා ඒ මරදෙව් පුත් ඒ දෙව්පිරිස තමා වශයෙහි පැවැත්විය නුහුණුයේ, ඉතා කිපියේ, පෙරැළා නැඟී ගියේ ය.
තඤ්ච සබ්බං අභිඤ්ඤාය වවත්ථිත්වාන චක්ඛුමා
තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ
මාරසෙනා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො.
පසැස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල දැන, වෙසෙසා දැක, ඉක්බිති සස්නැ ඇලුණු ඒ සව්වන් බණවා, “මහණෙනි, මරසෙන්හු ආහ. ඔවුන් දැනැගනිවු” යි වදාළ සේක.
තෙච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස සාසනං
වීතරාගෙහපක්කාමුං නෙසං ලොමම්පි ඉඤ්ජයුං
ඔහු ද බුදුරජුන්ගේ අනුශාසනය අසා වැර වැඬූහ. පහ වූ රාග ඇති ඒ භික්ෂූන් කෙරෙන් මරසෙන්හු ඉවත් ව ගියහ. ඒ රහතුන්ගේ ලෝමයකුදු සොලවනු නො හැකි වූහ.
සබ්බෙ විජිතසඞ්ගාමා භයාතීතා යසස්සිනො
මොදන්ති සහ භූතෙහි සාවකා තෙ ජනෙසුතා”ති.
ජනයා කෙරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සව්වෝ දිනූ මර යුද ඇතියාහු, බිය ඉක්මියාහු, එහෙයින් ම කීර්තිමත් වූවාහු, අරිසව්වන් හා සතුටු වෙත්.
මහාසමයසුත්තං සමත්තං.
සත්වැනි මහාසමය සූත්‍රය නිමියේ ය.