24. එ සමයෙහි වනාහි මහණහු ද මෙහෙණන් හා විවාද කෙරෙත්, මෙහෙණහු ද මහණුන් හා විවාද කෙරෙත්. ඡන්න මහණ ද මෙහෙණන්... මැදට වැද මහණුන් හා විවාද කෙරෙයි. මෙහෙණන්ගේ පක්ෂය ගන්වයි. අල්පේචඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ඡන්න මහණ තෙම කෙසේ නම් මෙහෙණන් මැදට වැද මහණුන් හා විවාද කරන්නේ ද? මෙහෙණන්ගේ පක්ෂය ගන්වන්නේ දැ?’ යි අවඥා කෙරෙත්, දොස් නඟත්, අගුණ පතුරුවා බෙණෙත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ‘මහණෙනි, එය සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘වහන්ස සබැවැ’ යි ඒ මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා, දැහැමි කතා කොට, ඔවුන් බණවා මෙය වදාළ සේක:
25. “මහණෙනි, විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්‍යධිකරණය, කාත්‍යාධිකරණයැ යි මේ සතර අධිකරණ කෙනෙක් වෙත්.
එහි විවාදාධිකරණය කවර යැ. මහණෙනි, මෙහි මහණහු ‘මේ දහමැ යි කියා හෝ නොදහමැයි කියා හෝ විනයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් විසින් වදාරණ ලද්දේ ය, පවසන ලද්දේයැ යි කියා හෝ තථාගතයන් විසින් නො වදාරණ ලද්දේ ය, නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් විසින් ආචීර්ණ (කරණ ලද) යැ යි කියා හෝ තථාගතයන් විසින් අනාචීර්ණයැ යි කියා හෝ තථාගතයන් විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් විසින් නො පණවන ලදැ යි. කියා හෝ මේ ඇවැතැ යි කියා හෝ මේ නො ඇවැතැ යි කියා හෝ මේ ලුහු ඇවැතැ යි කියා හෝ මේ ගරු ඇවැතැයි කියා හෝ මේ සාවශේෂ ඇවැතැයි කියා හෝ මේ අනවශේෂ ඇවැතැයි කියා හෝ මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානා වාදයෙක් අන්‍යථාවාදයෙක් විරුද්ධ ව්‍යවහාරයෙක් (පරුෂවචනයෙක්) කල බැගෑනියෙක් වෙයි ද මේ විවාදාධිකරණ යැ යි කියනු ලැබේ.
එහි අනුවාදාධිකරණ නම් කවර යැ? මහණෙනි, මෙහි මහණහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්), අනුවදනයෙක්, පුන පුනා දොස් නැඟීමෙක් පුන පුනා දොස් කීමෙක් පුන පුනා අවනත කරන බවෙක්, දිරිගන්වා කීමෙක්, අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණ නමැ යි කියනු ලැබේ.
එහි ආපත්තාධිකරණ නම් කවර යැ? ඇවැත් කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත්කඳු සත ම ආපත්තාධිකරණ යි. මේ ආපන්නාධිකරණ නමැයි කියනු ලැබේ.
එහි කිච්චාධිකරණ නම් කවර යැ ? අපලොකනකර්‍ම ය, ඥප්තිකම් ය, ඥප්තිද්වීතීයකම් ය, ඥප්තිවකුර්ථකම් යැ යි සංඝයාගේ යම් ඒකාන්තයෙන් කර්ම කළ යුතු බවෙක්, කාර්ය භාවයෙක් වේ ද, මේ කිච්චාධිකරණයැ යි කියනු ලැබේ.
25. විවාදාධිකරණයාගේ මුල කවර යැ? විවාද මූල සය විවාදාධිකරණයට මුල් ය. තුන් අකුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය. තුන් කුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය.
කවර විවාද මුල් සයෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බද්ධ වෛර ඇත්තේ වේ ද, හේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්ෂායෙහි ද පරිපූරකාරී (සම්පූර්ණ කරන්නේ) නො වෙයි, මහණෙනි, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි ද, ධර්මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ... ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු විවාද මූලය ඉදින් තමා කෙරෙහි හෝ තමාගෙන් පිටත්හි හෝ දක්නේ නම්, මහණෙනි, එහි තෙපි ලාමක වූ ඒ විවාදමූලයේ ම ප්‍රහාණය පිණිස වැයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි එබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ (අනුන් කෙරෙහි හෝ) නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ලා ඒ විවාදමූලයාගේ ම මත්තෙහි තමන් කෙරෙහි පහළ නොවන්නට පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වේ.
26. තවද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ වේ ... ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු වේ, ... ශඨ වූයේ මායා සහිත වේ, ... ලාමක ඊප්සා ඇත්තේ මිසදිටු වේ, ... තමා ගත් දෘෂ්ටිය දැඩි කොට ගත්තේ ආධානගාහී වූයේ තමාගේ දෘෂ්ටිය දුරැලිය නො හැක්කේ වේ. මහණෙනි, යම් මහණෙක් තමාගේ දෘෂ්ටි දැඩි කොට ගත්තේ ආධානගාහී (දෘඪග්‍රාහී වූයේ) ත් දුක සේ බැහැර කළයුතු දෘෂ්ටි ඇත්තේත් වේ නම්, හේ ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යමෙක් ශාස්තෘහු කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ධර්මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, සඩ්ඝයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වේ නම්, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තෙපි තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත් හි හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ විවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ තෙපි නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක විවාදමූලයාගේ ම මත්තෙහි තමන් සතන්හි නො පහළ වනුවට පිළිපදිවු. මෙසේ ඒ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ විවාදමූල සය විවාදාධිකරණයට මුල ය.
27. කවර අකුසල් මුල් තුනෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ‘දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ විනයයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණලද්දේ ය, පවසන ලද්දේ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේ ය. නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් ආචීර්ණ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් අනාචීර්ණ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නො ඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ ලුබ්ධ සිතැත්තෝ විවාද කෙරෙත් ද, විෂ්ට සිතැත්තේ විවාද කෙරෙත් ද, මූඪ සිතැත්තෝ විවාද කෙරෙත් ද, මෙසේ මේ තුන් අකුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
කවර කුසල්මුල් තුනෙක් විවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ ලුබ්ධ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, විෂ්ට නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මූඪ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මෙහි මේ තුන් කුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
28. අනුවාදාධිකරණයට මුල කවර යැ? අනුවාදයට (චෝදනාවට) මුල් වූ දෑ සය අනුවාදාධිකරණයට මුල් වේ. තුන් අකුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. තුන් කුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. කය ද අනුවාදාධිකරණයට මුල් වේ, වචනය ද අනුවාදාධිකරණයට මුල් වේ.
කවර නම් අනුවාදමූල සයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ, බැඳගත් වෛර ඇත්තේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ක්‍රෝධ කරන්නේ, බද්ධ වෛර ඇත්තේ වේ ද, හෙ තෙම ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද,ධර්මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හෙ තෙම සඞ්ඝයා කෙරෙහි චෝදනා උපදවයි. ඒ චෝදනාව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස ද වේ මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම මත්තෙහි නොඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි.
29. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ ඊර්‍ෂය්‍යා කරණුයේ මසුරු වූයේ වෙයි, ශඨ වූයේ මායා ඇත්තේ ... ලාමක ඊප්සා ඇත්තේ ... මිසදිටු වෙයි ... තමාගේ දෘෂ්ටීය දැඩි කොට ගන්නා සුලු වූයේ ආධානගාහී දුපපටිනිග්ගී (දුරැලීමට දුෂ්කර දෘෂ්ටි ඇත්තේ) වෙයි. හේ ශාස්තාහු කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත්පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේද, ධර්මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේ ද, ශික්ෂායෙහි පරිපූරකාරී නොවන්නේ ද, හේ සඞ්ඝයා කෙරෙහි අනුවාද (චෝදනා) උපදවයි. ඒ අනුවාදය බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමා කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා ඒ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය පිණිස වැයම් කරවු, මහණෙනි,ඉදින් මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්,මහණෙනි, තෙපි එහි ලා ඒ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නො ඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ අනුවාදමූල සය අනුවාදාධිකරණයේ මුල ය:
30. කවර තුන් අකුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්; මහණෙනි, මෙහි මහණ කෙනෙක් ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ මහණකුට ලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, ද්විෂ්ට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, මූඪ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙහිලා) මේ තුන් අකුසල් මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
කවර තුන් කුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ අලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, අද්විෂට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද අමූඨ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙසේ) මේ තුන් කුසල්මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
31. කවර කයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කරන්නාහු නම් එසේ වූ නොමනා පැහැ ඇත්තේ, නොමනා දැකුම් ඇත්තේ, අඟුටුමිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ කොරෙක් හෝ පිළෙක් හෝ පක්ෂාඝාතියෙක් හෝ වෙයි. මේ ඔහුගේ කය (මෙසේ) අනුවාදාධිකරණයට මුල් වෙයි.
කවර වචනයෙක් අනුවාදාධිකරණයට මුල් වෙයි ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කෙරෙද්ද එසේ වූ දුර්‍වචයෙක්, මුමුනන්නෙක්, කෙලතොලුවෙක් වෙයි. මෙහි මේ වචනය අනුවාදාධිකරණයට මුල් වන නියා යි.
32. ආපත්‍යධිකරණයට මුල කවර යැ ආපත්තිසමුත්ථාන සය ආපත්‍යධිකරණයට මුල් වෙයි. යම් ඇවැතෙක් කයෙන් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙන් නැඟේ ද, කයින් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් නැඟේ ද, සිතින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් සිතිනුත් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, කයින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. මේ ආපත්තිසමුත්ථාන සය ආපත්‍යධිකරණයට මුල් ය.
33. කෘත්‍යාධිකරණයට මුල කවර යැ? කෘත්‍යාධිකරණයට එක් මුලෙකි. ඒ සඩ්ඝ තෙමේ ය.
34. විවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? නැතහොත් අව්‍යාකෘත වේ ද? යත්: විවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය. ඔවුන් අතුරෙන් කුසල් වූ විවාදාධිකරණය කවර යැ ? මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තාහු මේ ධර්මයැ යි කියා හෝ අධර්මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නො දුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් පරුෂ ව්‍යවහාරයෙක් අරගලයෙක් වේ ද, මේ කුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණකෙනෙක් අකුසල් සිතැත්තාහු ධර්මයැ යි කියා හෝ අධර්මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මේ අකුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යකෘත වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණහු අව්‍යකෘත සිතැත්තාහු, මේ දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක්, කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මෙය අව්‍යකෘත විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
35. අනුවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? අනුවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
ඔවුන් අතුරෙන් කුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද? යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් චෝදනාවෙක්, දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණීමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ කුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් අකුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනාවෙක් ... උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ අකුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත වූ අනුවාදාධිකරණය කවරේ වේ ද? මහණෙනි, මෙහි මහණ කෙනෙක් අව්‍යාකෘත සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද. එහි යම් චෝදනාවෙක් ... අනුබල දීමෙක් වේ ද, මෙය අව්‍යාකෘත අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
36. ආපත්‍යධිකරණය අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? කිසි ආපත්‍යධිකරණයෙක් (ඇවැත් පිළිබඳ නඩුවෙක්) අකුසල් වන්නේ ය, කිසි ආපත්‍යධිකරණයෙක් අව්‍යාකෘත වන්නේ ය. කුසල් වූ ආපත්‍යධිකරණයෙක් නැත.
එහි අකුසල් වූ ආපත්‍යධිකරණය කවරේ ද? දන්නේ, හඳුනන්නේ, සිතා, උපක්‍රම විසින් මැඩ යම් සිකපදයක්හු පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අකුසල් වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණය කවරේ ද යත්; නොදන්නේ, නොහඳුනන්නේ, නො සිතා, උපක්‍රම නො කොට යම් සිකපදයක් පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
37. කෘත්‍යාධිකරණය කුසල් ද අකුසල් ද අව්‍යාකෘත ද යත්: ඇතැම් කෘත්‍යාධිකරණයෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
එහි කුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද සඞ්ඝ තෙමේ කුසල් සිතැත්තේ අපලෝකනකර්ම ඥප්තිකර්ම, ඥප්තිද්වීතීයකර්ම, ඥප්ති චතුර්ථ කර්ම යන යම් කර්මයක් කරන්නේ ද, මේ කුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද? සඞ්ඝ තෙමේ අකුසල් සිතැත්තේ අපලෝකනකර්ම, ඥප්තිකර්ම, ඥප්තිද්විතීයකර්ම, ඥප්ති චතුර්‍ථකර්ම යන යම් කර්මයක් කරන්නෙන් ද, මේ අකුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත කෘත්‍යාධිකරණය කවරේද? සඞ්ඝ තෙමේ අව්‍යාකෘත සිතැත්තේ ආලෝකනකර්ම, ඥප්තිකර්ම, ඥප්තිද්වීතීයකර්ම, ඥප්ති චතුර්ථ කර්ම යන යම් කර්මයක් කරන්නේ ද, මෙය අව්‍යාකෘත වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
38. විවාදයෙක් වූ විවාදාධිකරණයෙකි, විවාදයෙක් වූ අධිකරණ නො වූවෙකි, අධිකරණයෙක් වූ විවාද නො වූයෙකි, අධිකරණ ද විවාද ද වූවෙකි. ඇතැම් විවාදයෙක් විවාදාධිකරණ වන්නේ ය, ඇතැම් විවාදයෙක් අධිකරණ නො වන්නේය, ඇතැම් අධිකරණයෙක් විවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද විවාද ද වන්නේ ය.
එහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ධර්ම යැ යි කියා හෝ අධර්ම යැයි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් අරගලයෙක්, කලහයෙක්, උනුනට විරුද්ධ නැන්මෙක්, විරුද්ධ වාදයෙක්, නානාවාදයෙක්, අන් පරිද්දෙකින් වූ වාදයෙක්, සිතැ දුක් පහළ කරනු පිණිස වූ වචනයෙක්, රළු බස් දෙඩුමෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වෙයි.
එහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: මව ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද පියා හා විවාද කෙරෙයි, බෑයා ද බිහිනිය හා විවාද කෙරෙයි, බිහිනි ද බෑයා හා විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා විවාද කෙරෙයි. මේ විවාදය යි, අධිකරණයෙක් නො වේ.
එහි කවර දැයෙක් අධිකරණ වේ ද? විවාදයෙක් නො වේ ද? යත්: අනුවාදාධිකරණය ද ආපත්‍යාධිකරණය ද යන කෘත්‍යාධිකරණය ද යන මෙය අධිකරණ වෙයි, විවාදයෙක් නො වෙයි.
එහි කවරෙක් අධිකරණයත් විවාදයත් වේ ද යත්: විවාදාධිකරණය අධිකරණයත් විවාදයත් වේ.
39. අනුවාද වූ අනුවාදාධිකරණයෙකි, අනුවාදවූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ අනුවාද නොවූයෙකි, අධිකරණ ද අනුවාද වූයෙකි, ඇතැම් අනුවාදයෙක් අනුවාදාධිකරණ වන්නේ ය, ඇතැම් අනුවාදයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් අනුවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද අනුවාද ද වන්නේ ය.
එහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්) දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණිමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වෙයි ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
එහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ද යත්; මව ද පුතුට චෝදනා කෙරෙයි, පුතා ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතාට චෝදනා කෙරෙයි, පුතා ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බිහිනියට චෝදනා කෙරෙයි, බිහිනි ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරෙයි. මේ අනුවාදය යි (චෝදනාව යි), අධිකරණයෙක් නො වෙයි.
එහි කිමෙක් අධිකරණ වේ ද? අනුවාද නො වේ ද යත්: ආපත්‍යධිකරණය, කෘත්‍යාධිකරණය, විවාදාධිකරණය යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වෙයි.
එහි කවරෙක් අධිකරණයත් අනුවාදයත් වේ ද යත්: අනුවාදාධිකරණය අධිකරණ ද වේ අනුවාද ද වේ.
40. ආපත්ති වූ ආපත්‍යධිකරණයෙකි, ආපත්ති වූ අධිකරණ නොවූ එකෙක, අධිකරණ වූ ආපත්ති නොවූ එකෙක, අධිකරණ ද ආපත්ති ද වූ එකෙක, ඇතැම් ආපත්තියෙක් ආපත්‍යධිකරණ වන්නේ ය, ඇතැම් ආපත්තියෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් ආපත්ති නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණත් ආපත්තිත් වන්නේ ය.
එහි ආපත්ති වූ ආපත්‍යධිකරණය කවරේ ද ආපත්තිස්කන්‍ධ පස ම ආපත්‍යධිකරණ යි, ආපත්තිස්කන්ධ සත ම ආපත්‍යපධිකරණ යි. මේ ආපත්ති ද ආපත්‍යධිකරණ ද වූ දැය යි.
එහි කවර දැයෙක් ආපත්ති වේ ද? අධිකරණ නොවේද යත්: කෘත්‍යාධිකරණය විවාදාධිකරණය අනුවාදාධිකරණය යන මේ අධිකරණ වෙයි, ආපත්ති නො වෙයි.
එහි කවර එකෙක් ආපත්ති වේ ද, අධිකරණ නො වේ ද යත්: ශ්‍රෝත ආපත්තිය ද සමාපත්තිය ද යන මේ ආපත්ති යි, අධිකරණ නො වෙයි.
එහි කවර එකෙක් අධිකරණ වේ ද, ආපත්ති නො වේ ද? යත්: කෘත්‍යාධිකරණය විවාදාධිකරණය අනුවාදාධිකරණය යන මෙය අධිකරණයි, ආපත්ති නො වේ.
එහි කවරෙක් අධිකරණත් ආපත්තිත් වේ ද යත්: ආපත්‍යධිකරණය අධිකරණ ද ආපත්ති ද වේ.
41. කෘත්‍යය වූ කෘත්‍යාධිකරණයෙකි, කෘත්‍යය වූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ කෘත්‍යය නොවූයෙකි, අධිකරණ ද කෘත්‍ය ද වූයෙකි. ඇතැම් කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වන්නේ ය, ඇතැම් කෘත්‍යයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් කෘත්‍ය නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද කෘත්‍ය ද වන්නේ ය.
එහි කවර කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වේ ද යත්: අපලෝකන කර්ම, ඥප්ති කර්ම, ඥප්තිද්විතීයකර්ම, ඥප්තිචතුර්‍ථකර්ම යන සංඝයාගේ යම් කෘත්‍ය කරන බවෙක් කටයුතු කරන බවෙක් වේ ද, මේ කෘත්‍ය ද කෘත්‍යාධිකරණ ද වේ.
එහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ ද යත්: ඇදුරන් පිළිබඳ කිස, උපාධ්‍යායයා පිළිබඳ කිස, සමාන උපාධ්‍යායයා පිළිබඳ කිස, සමානාචාර්යා පිළිබඳ කිස යන මේ අධිකරණ නොවූ කෘත්‍යය ය.
එහි කවරෙක් කෘත්‍ය නොවූ අධිකරණයෙක් වේ ද යත්: විවාදාධිකරණ අනුවාදාධිකරණ ආපත්‍යධිකරණ යන මෙය අධිකරණ ය, කෘත්‍ය නො වේ.
එහි කවර එකෙක් අධිකරණයත් කෘත්‍යයත් වේ ද යත්; කෘත්‍යාධිකරණය, අධිකරණය ද වේ, කෘත්‍යය ද වේ.