ත්‍රිපිටකය » විනය පිටකය » පරිවාරපාළි 1 » ශමථ භෙදය

12. විනයවාරය

විනය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය විනය වෙයි. විනය යෙභුය්‍යසිකා වෙයි, යෙභුය්‍යසිකාව විනය වෙයි. විනය සතිවිනය වෙයි, සතිවිනය විනය වෙයි. විනය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය විනය වෙයි. විනය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය විනය වෙයි. විනය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව විනය වෙයි. විනය තිණවත්ථාරකය වෙයි, තිණවත්ථාරකය විනය වේ.

1. විනය කිසිවිටෙක සම්මුඛාවිනය වෙයි, කිසිවිටෙක සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය විනය ද සම්මුඛාවිනය ද වේ.

2. විනය කිසිවිටෙක යෙභුය්‍යසිකාව වෙයි, කිසිවිටෙක යෙභුය්‍යසිකාව නො වෙයි. යෙභුය්‍යසිකාව විනය ද යෙභුය්‍යසිකා ද වේ.

3. විනය කිසිවිටෙක සතිවිනය වෙයි, කිසිවිටෙක සතිවිනය නො වෙයි. සතිවිනය විනය ද සතිවිනය ද වේ.

4. විනය කිසිවිටෙක අමූළ්හවිනය වෙයි, කිසිවිටෙක අමූළ්හවිනය නො වෙයි අමූළ්හවිනය විනය ද අමූළ්හවිනය ද වේ.

5. විනය කිසිවිටෙක පටිඤ්ඤාතකරණය වෙයි, කිසිවිටෙක පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය විනය ද පටිඤ්ඤාතකරණය ද වේ.

6. විනය කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව වෙයි, කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව නොවෙයි. තස්සපාපිය්‍යසිකාව විනය ද තස්සපාපිය්‍යසිකා ද වේ.

7. විනය කිසිවිටෙක තිණවත්ථාරකය වෙයි, කිසිවිටෙක තිණවත්ථාරකය නො වෙයි. තිණවත්ථාරකය විනය ද තිණවත්ථාරකය ද වේ.

දොළොස්වන විනයවාරය නිමි.