ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » කථාවස්‌තුප්‍රකරණය 3 » 23. තෙවිසිවන වර්ගය

23.5. අපරිනිප්ඵන්න කථා

[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශෙෂ ස්කන්‍ධායතනධාතුඉන්ද්‍රිය ධර්‍මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හෙතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]

1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්‍ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරොධස්වභාව ඇත්තේ නො, විපරිනාමස්වභාව ඇත්තේ නො වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරොධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,

ස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,

ස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.

3. ස. පු: වෙදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුරායතන … ධර්‍මායතන … චක්‍ෂුර්ධාතු … ධර්‍මධාතු … චක්‍ෂුරින්ද්‍රිය … අඤ්‍ඤාතාවින්ද්‍රිය අපරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ්‍ඤාතාවින්ද්‍රිය අනිත්‍ය නො වේ ද … විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අඤ්‍ඤාතාවින්ද්‍රිය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ නො?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: ඉදින් අඤ්‍ඤාතාවින්ද්‍රිය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරොධර්‍ම, විපරිණාමධර්‍ම වී නම්,

ස. පා: භවත, ‘අඤ්‍ඤාතාවින්ද්‍රිය, අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.

4. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ‘යමක් අනිත්‍ය නම් ඒ දුඃඛ වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? අඤ්‍ඤාතාවින්ද්‍රිය අනිත්‍ය නො?

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: ඉදින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ’යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, අඤ්‍ඤාතාවින්ද්‍රිය අනිත්‍ය වී නම්,

ස. පා: භවත, ‘දුඃඛය මැ පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.

අපරිනිෂ්ඵන්න කථා නිමි.