ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » කථාවස්‌තුප්‍රකරණය 2 » 3. තෘතීය වර්ගය

3.12. නෙවසඤ්ඤානාසඤ්ඤායතන කථා

[‘නෙවසඤ්ඤානාසඤ්ඤායතන, යන වචන වශයෙන් ඒ භවයෙහි සංඥායෙක් නැති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නෙවසඤ්ඤානාසඤ්ඤායතනකථා එයි.]

1. ස. පු: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසංඥභවය, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයොනි, අසංඥාත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සංඥාභවය, සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායොනි, සංඥාත්මභාවප්‍රතිලාභ නො වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ඉදින් සංඥාභවය සංඥාගති ... සංඥාත්මභාවප්‍රතිලාභ වේ නම්,

අනු. පා: භවත, ’නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ, යනු නො කියැයුතු යැ.

2. ස. පු: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: එකවොකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: චතුවොකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ඉදින් චතුවොකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,

අනු. පා: භවත, ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු යැ’ යනු නො කියැයුතු මැ යැ.

3. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයොනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ස. අනු: (තොප මතයෙහි) ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයොනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ. ඒ එකවොකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: (තොප මතයෙහි) නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ එකවොකාරභවයත්, ගති, සත්ත්‍වාවාස, සංසාර, යොනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: (තොප මතයෙහි) ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: (තොප මතයෙහි) ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවොකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවොකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව නො වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ඉදින් ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වේ නම්,

අනු. පා: භවත,’නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇත යනු නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.

8. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආකාසානඤ්චායතනය චතුවොකාරභව වෙයි. ආකාසානඤ්චායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: ‘ආකාසානඤ්චායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව නො වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ඉදින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වේ නම්,

අනු. පා: භවත, ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.

13. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’ යි නො කියැයුතු ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආකාසානඤ්චායතනය … විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: ආකාසානඤ්චායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවොකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ප. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇති යි හෝ නැති යි කියැයුතු වේ ද?

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නො?

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ඉදින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වේ නම්,

අනු. පා: එකරුණින් භවත, ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’ යනු කියැයුතු මැ යැ.

17. ස. පු: ‘ නෙවසඤ්ඤානාසඤ්ඤායතන යැ’යි (වචනය ප්‍රමාණ) කොට ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි හෝ නැති යි හෝ නො කියැයුතු වේ ද?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ‘අදුක්ඛමසුඛාවෙදනා’ යන වචනය ප්‍රමාණ කොට අදුක්ඛමසුඛවෙදනායෙහි ‘වෙදනා’ යයි හෝ ‘අවෙදනා’ යයි හෝ නො කියැයුතු වේ ද?

ප. පටි: එසේ නො කියැයුතු යැ …

නෙවසඤ්ඤානාසඤ්ඤාකථා නිමි.