3124. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. කතමෙ චත්තාරො:
ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි –පෙ– චිත්තසමාධි –පෙ– වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමීති.
3124. මහණෙනි, යම් කෙනකුන් විසින් සිවු ඉදුපා වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම්කිසි කෙනකුන් විසින් සිවු ඉදුපා අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ ය. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර සෘද්ධිපාදයෝ වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර සෘද්ධිපාදයෝ අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ යි.