ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 2 » 16. ඤාණවිභඞ්ගය

16. ඤාණ විභඞ්ගය

807. එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්‍රන්ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නොපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්කසවිචාරයෝ නො වෙති, අවිතර්කවිචාරමාත්‍ර නො වෙති, අවිතර්කඅවිචාරයෝ ය, ප්‍රීතිසහගත නො වෙති, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය, නො ම ආචයගාමී නො ද අපචයගාමීහ, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂයෝ ය, පරිත්තයෝ ය, කාමාවචරයෝ ය, රූපාවචර නො වෙති, අරූපාවචර නො වෙති, පර්‍ය්‍යාපන්නයෝ ය, අපර්‍ය්‍යාපන්න නො වෙති, අනියතයෝ ය, අනෛර්‍ය්‍යාණිකයෝ ය, උත්පන්නයෝ ය, මනෝවිඥානයෙන් දත යුත්තාහ, අනිත්‍යයෝ ය, ජරාභිභූතයහ.

පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය, පුරෙජාතවස්තුකයෝ ය, පුරෙජාතආලම්බනයෝ ය, ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය, නිරුද්ධ නො වූ වස්තු ඇත්තාහු ය, නිරුද්ධ නො වූ ආලම්බන ඇත්තාහු ය, නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය, අන්‍යොන්‍යගෝචරවිෂය නො විඳිති, සමන්වාහාර රහිත වැ නූපදිති, මනසිකාර රහිත වැ නූපදිති, අව්‍යාකීර්ණ ව නූපදිති, පෙරපසු නො වැ නූපදිති, අන්‍යොන්‍යයන්ට සමනන්තර ව නූපදිත්.

පඤ්චවිඥානයෝ ආභොග රහිතයෝ ය, අභිනිපාතමාත්‍රයක් (හමුවට පැමිණි) රූපාදි අරමුණු හැර පඤ්චවිඥානයන්ගෙන් (කුශලාකුශලාදි) කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කිසි ඊර්‍ය්‍යාපථයෙක් නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් කායකර්මය වාක්කර්මය නො කෙරෙයි. පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කායකර්මය වාක්කර්මය නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශල ධර්මසමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කුශලාකුශලධර්ම සමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද සමවත් නො අවදියි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද ච්‍යුත නො වෙයි, නූපදී, පඤ්චවිඥානයෙන් නො හොවියි, නො පිබිදෙයි, සිහින නො දකියි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද නො හොවී, නො පිබිදෙයි, සිහින නො දකියි, ඇති සැටි වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාව යි.

මෙසේ එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වේ.

808. ද්විප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ලෞකික ප්‍රඥා ය, ලෝකොත්තර ප්‍රඥා යි. කිසි විඥානයෙකින් දතයුතු ප්‍රඥා ය, කිසි විඥානයෙකින් නො දතයුතු ප්‍රඥා යි. සාස්‍රව ප්‍රඥා ය, අනාස්‍රවප්‍රඥා යි. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි. සංයෝජනියප්‍රඥා ය, අසංයෝජනියප්‍රඥා යි. සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි. ග්‍රන්ථනීයප්‍රඥා ය, අග්‍රන්ථනීයප්‍රඥා යි. ග්‍රන්ථවිප්‍රයුක්තග්‍රන්ථනීයප්‍රඥා ය, ග්‍රන්ථවිප්‍රයුක්තඅග්‍රන්ථනීයප්‍රඥා යි. ඕඝනීයප්‍රඥා ය, අනොඝනීයප්‍රඥා යි. ඕඝවිප්‍රයුක්තඕඝනීය ප්‍රඥා ය, ඕඝවිප්‍රයුක්තඅනොඝනීයප්‍රඥා යි. යෝගනීයප්‍රඥා ය, අයෝගනීයප්‍රඥා යි. යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි. නීවරණියප්‍රඥා ය, අනීවරණියප්‍රඥා යි. නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි. පරාමෘෂ්ටප්‍රඥා ය, අපරාමෘෂ්ටප්‍රඥා යි. පරාමර්ශවිප්‍රයුක්තපරාමෘෂ්ටප්‍රඥා ය, පරාමර්ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටප්‍රඥා යි. උපාදින්නප්‍රඥා ය, අනුපාදින්නප්‍රඥා යි. උපාදානියප්‍රඥා ය, අනුපාදානියප්‍රඥා යි. උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි. සාංක්ලෙශිකප්‍රඥා ය, අසාංක්ලෙශිකප්‍රඥා යි. ක්ලේශවිප්‍රයුක්තසාංක්ලෙශිකප්‍රඥා ය, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලෙශිකප්‍රඥා යි. සවිතර්කප්‍රඥා ය, අවිතර්කප්‍රඥා යි. සවිචාරප්‍රඥා ය, අවිචාරප්‍රඥා යි. සප්‍රීතිකප්‍රඥා ය, අප්‍රීතිකප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි. සුඛසහගතප්‍රඥා ය, සුඛසහගත නො වූ ප්‍රඥා යි. උපේක්ෂාසහගතප්‍රඥා ය, උපේක්ෂාසහගත නො වූ ප්‍රඥා යි. කාමාවචරප්‍රඥා ය, කාමාවචර නො වූ ප්‍රඥා යි. රූපාවචරප්‍රඥා ය, රූපාවචර නො වූ ප්‍රඥා යි. අරූපාවචරප්‍රඥා ය, අරූපාවචර නො වූ ප්‍රඥා යි. පර්‍ය්‍යාපන්නප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය, අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි. නියතප්‍රඥා ය, අනියතප්‍රඥා යි. සඋත්තරප්‍රඥා ය, අනුත්තරප්‍රඥා යි. විපාක සඞ්ඛ්‍යාත අර්ථ උපදවන ප්‍රඥා ය, උපදවන අර්ථ ඇති ප්‍රඥා යි.

මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

809. ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වෙයි: චින්තාමයප්‍රඥා ය, ශ්‍රැතමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. දානමයප්‍රඥා ය, ශීලමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. අධිශීලයෙහි ප්‍රඥා ය, අධිචිත්තයෙහි ප්‍රඥා ය, අධිප්‍රඥායෙහි ප්‍රඥා යි. වෘද්ධිකෞශල්‍ය ය, හානිකෞශල්‍ය ය, උපායකෞශල්‍ය යි. විපාකප්‍රඥා ය, විපාකස්වභාවධර්මප්‍රඥා ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්මප්‍රඥා යි. උපාදින්නොපාදානියප්‍රඥා ය, අනුපාදින්නොපාදානියප්‍රඥා ය, අනුපාදින්නඅනුපාදානියප්‍රඥා යි. සවිතර්කසවිචාරප්‍රඥා ය, අවිතර්කවිචාරමාත්‍රප්‍රඥා ය, අවිතර්කඅවිචාරප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, සුඛසහගතප්‍රඥා ය, උපේක්ෂාසහගතප්‍රඥා යි. ආචයගාමිනීප්‍රඥා ය, අපචයගාමිනීප්‍රඥා ය, නො ම ආචයගාමී නො ද අපචයගාමිනීප්‍රඥා යි. ශෛක්ෂප්‍රඥා ය, අශෛක්ෂප්‍රඥා ය, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂප්‍රඥා යි. පරිත්තප්‍රඥා ය, මහද්ගතප්‍රඥා ය, අප්‍රමාණප්‍රඥා යි. පරිත්තාලම්බනප්‍රඥා ය, මහද්ගතාලම්බනප්‍රඥා ය, අප්‍රමාණාලම්බනප්‍රඥා යි. මාර්ගාලම්බනප්‍රඥා ය, මාර්ගහේතුකප්‍රඥා ය, මාර්ගාධිපතිප්‍රඥා යි. උත්පන්නප්‍රඥා ය, අනුත්පන්නප්‍රඥා ය, උත්පාදිනීප්‍රඥා යි. අතීතප්‍රඥා ය, අනාගතප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නප්‍රඥා යි. අතීතාලම්බනප්‍රඥා ය, අනාගතාලම්බනප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා යි. අධ්‍යාත්මප්‍රඥා ය, බාහිරප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරප්‍රඥා යි. අධ්‍යාත්මාලම්බනප්‍රඥා ය, බාහිරාලම්බනප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා යි.

සවිතර්කසවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්ම වූයෙක් ඇත, නො ම විපාක නො ද විපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමිනී වූයෙක් ඇත, අපචයගාමිනී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමිනී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත. මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්ගාලම්බන වූයෙක් ඇත, මාර්ගහේතුක වූයෙක් ඇත, මාර්ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇති. ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.

අවිතර්කවිචාරමාත්‍රප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති.

අවිතර්කඅවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්ගාලම්බන වූයෙක් ඇත, මාර්ගහේතුක වූයෙක් ඇත, මාර්ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.

ප්‍රීතිසහගතප්‍රඥාව ... සුඛසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. සවිතර්කසවිචාර වූයෙක් ඇත, අවිතර්කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්කඅවිචාර වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්ගාලම්බන වූයෙක් ඇත, මාර්ගාහේතුක වූයෙක් ඇත, මාර්ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.

උපේක්ෂාසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නොපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්ගාලම්බන වූයෙක් ඇත, මාර්ගහේතුක වූයෙක් ඇත, මාර්ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.

මෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

810. චතුෂ්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: කර්මස්වකතාඥාන ය, සත්‍යානුලෝමික ඥාන ය, මාර්සමඞ්ගීහුගේ ඥාන ය, ඵලසමඞ්ගීහුගේ ඥාන යි. දුඃඛයෙහි ඥාන ය, දුඃඛසමුදයයෙහි ඥාන ය, දුඃඛනිරෝධයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. ධර්ම (මාර්ගප්‍රඥා) යෙහි ඥාන ය, අන්වය (කාරණ) යෙහි ඥාන ය, පරිච්ඡේදයෙහි (සිත පරිසිඳීමෙහි) ඥාන ය, සංවෘතිඥාන යි. ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, අපචය පිණිස වූ ආචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ආචය පිණිසත් අපචය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. හානභාගීප්‍රඥා ය, ස්ථිතිභාගී ප්‍රඥා ය, විශේෂභාගී ප්‍රඥා ය, නිර්වේදභාගී ප්‍රඥා යි.

සතර ප්‍රතිසංවිද්ඥාන ය, සතර ප්‍රතිපද්ඥාන ය, සතර ආරම්මණයෝ යැ, ජරාමරණයෙහි ඥාන ය, ජරාමරණසමුදයයෙහි ඥාන ය, ජරාමරණනිරෝධයෙහි ඥාන ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. ජාතියෙහි ඥාන ය ... භවයෙහි ඥාන ය ... උපාදානයෙහි ඥාන ය ... තෘෂ්ණායෙහි ඥාන ය ... වේදනායෙහි ඥාන ය ... ස්පර්ශයෙහි ඥාන ය ... ෂඩායතනයෙහි ඥාන ය ... නාමරූපයෙහි ඥාන ය ... සංස්කාරයන්හි ඥාන ය, සංස්කාරසමුදයයෙහි ඥාන ය, සංස්කාරනිරෝධයෙහි ඥාන ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.

මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

811. පඤ්චප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චාඞ්ග වූ සම්‍යක්සමාධි ය, පඤ්චඥානික වූ සම්‍යක්සමාධි ය, මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

812. ෂට්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ෂට් අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

813. සප්තප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සත්සැත්තෑ ඥානවස්තූහු ය, මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

814. අෂ්ටප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සතර මාර්ගයන්හි සතර ඵලයන්හි ප්‍රඥා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

815. නවප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: නව අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

816. දශප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: තථාගතයන් වහන්සේගේ තථාගත බලයෝ දශ දෙනෙකි: යම් බලයෙකින් සමන්වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි. කවර දශබලයෙක් ද යත්: මෙහි තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇතිසැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.

තවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙකි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.

තවද තථාගතයෝ සර්වත්‍රගාමීමාර්ගය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සර්වත්‍රගාමීමාර්ගය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ සත්ත්වයන්ගේ නානාධිමුත්තික බව ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්වයන්ගේ නානාධිමුක්තික බව ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරාවරභාවය (වෘද්ධිහානිය) ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරාවරභාවය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ ධ්‍යානවිමොක්ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්ථානය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ධ්‍යානවිමොක්ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්ථානය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ පූර්වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පූර්වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.

තවද තථාගතයෝ ආස්‍රවක්ෂය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ආස්‍රවක්ෂය ඇති සැටියෙන් දැනගනිත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගත බලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි. මොහු දසදෙන තථාගතයන්ගේ තථාගතබලයෝ යි. යම් බලයෙකින් සමන්වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි. මෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

මාතෘකා යි.

817. පඤ්චවිඥානයෝ හේතු නො වූවාහු ම ය, අහේතුකයෝ ම ය, හේතු විප්‍රයුක්තයෝ ම ය, සප්‍රත්‍යයෝ ම ය, සඞ්ඛතයෝ ම ය, අරූපයෝ ම ය, ලෞකිකයෝ ම ය, සාස්‍රවයෝ ම ය, සංයෝජනියයෝ ම ය, ග්‍රන්ථනීයයෝ ම ය, ඕඝනීයයෝ ම ය, යෝගනීයයෝ ම ය, නීවරණියයෝ ම ය, පරාමෘෂ්ටයෝ ම ය, උපාදානියයෝ ම ය, සාංක්ලෙසිකයෝ ම ය, අව්‍යාකෘතයෝ ම ය, සාලම්බනයෝ ම ය, අචෛතසිකයෝ ම ය, විපාකයෝ ම ය, උපාදින්නොපාදානියයෝ ම ය, අසාංක්ලිෂ්ටසංක්ලෙසිකයෝ ම ය, සවිතර්කසවිචාර නො වූවාහු ම ය, අවිතර්කවිචාරමාත්‍ර නො වූවාහු ම ය, අවිතර්කඅවිචාරයෝ ම ය, ප්‍රීතිසහගත නො වූවාහු ම ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ම ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ම ය, නෛවාචයගාමිනාපචයගාමීහු ම ය, නෛවශෛක්ෂනාශෛක්ෂයෝ ම ය, පරිත්තයෝ ම ය, කාමාවචරයෝ ම ය, රූපාවචර නො වූවාහු ම ය, අරූපාවචර නො වූවාහු ම ය, පර්‍ය්‍යාපන්නයෝ ම ය, අපර්‍ය්‍යාපන්න නො වූවාහු ම ය, අනියතයෝ ම ය, අනෛර්‍ය්‍යාණිකයෝ ම ය, උත්පන්න ය, මනෝවිඥානයෙන් දතයුත්තෝ ම ය, අනිත්‍ය ම ය, ජරායෙන් මඩනා ලද්දාහු මැ යි.

පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය යනු: උපන් වස්තුයෙහි උපන් අරමුණෙහි උපදිත්. පුරෙජාතවස්තුකයෝ ය, පුරෙජාතාලම්බනයෝ ය යනු: පළමු උපන් වස්තුයෙහි පළමු උපන් අරමුණෙහි උපදිත්. ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ වස්තුව ආධ්‍යාත්මික ය, ආලම්බනයෝ බාහිරයෝ යි. අසම්භින්නවස්තුකයෝ ය, අසම්භින්නආලම්බනයෝ ය යනු: අනිරුද්ධවස්තුයෙහි අනිරුද්ධආලම්බනයෙහි උපදිත්. නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය යනු: චක්ෂුර්විඥානයාගේ වස්තුව (ප්‍රසාදය) ත් ආලම්බනයත් අනෙකෙක, ශ්‍රොත්‍රවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ඝ්‍රාණවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ජිහ්වාවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, කායවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙකි. අන්‍යොන්‍ය ගෝචරවිෂය නො විඳිති යනු: චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ශ්‍රෝත්‍රවිඥානය තෙමේ නො විඳියි, ශ්‍රොත්‍ර විඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ඝ්‍රාණවිඥානය නො විඳියි. ඝ්‍රාණවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය කායවිඥානය නො විඳියි. කායවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. ශ්‍රොත්‍රවිඥානයාගේ ... ඝ්‍රාණවිඥානයාගේ ... ජිහ්වාවිඥානයාගේ ... කායවිඥානයාගේ ගෝචරවිෂය චක්ෂුර්විඥානය නො විඳියි. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ශ්‍රොත්‍රවිඥානය නො විඳියි. ශ්‍රොත්‍රවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ඝ්‍රාණවිඥානය නො විඳියි. ඝ්‍රාණවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. අසමන්වාහාර ව නූපදිති යනු: සිත්හි ලා එළවන්නහුට උපදිත්. අමනසිකාරව නූපදිති යනු: මෙනෙහි කරන්නහුට උපදිත්. අව්‍යාකීර්ණව නූපදිති යනු: පිළිවෙළින් නූපදිත්. පෙරපසු නො ව නූපදිති යනු: එකක්ෂණයෙහි නූපදිත්.

ඔවුනොවුන්ට සමන්තර ව නූපදිති යනු: චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ශ්‍රොත්‍රවිඥානය නූපදියි, ශ්‍රොත්‍රවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ඝ්‍රාණවිඥානය නූපදියි, ඝ්‍රාණවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තරව කායවිඥානය නූපදියි, කායවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. ශ්‍රොත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය උපන් සමනන්තර ව චක්ෂුර්විඥානය නූපදියි, චක්ෂුර්විඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ශ්‍රොතවිඥානය නූපදියි, ශ්‍රොත්‍රවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ඝ්‍රාණවිඥානය නූපදියි, ඝ්‍රාණවිඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී.

පඤ්චවිඥානයෝ අනාභොගයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ ආවර්ජනයෙක් හෝ අභොගයෙක් හෝ සමන්වාහාරයෙක් හෝ මනසිකාරයෙක් හෝ නැති. පඤ්චවිඥානයෙන් කිසි ධර්මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයෙන් අභිනිපාතමාත්‍රය හැර ආපාත (හමුවට පැමිණ රූපාදී අරමුණු) මාත්‍රය හැර (කුශලාකුශලාදි) කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමන්තර ව ද කිසි ධර්මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයට සමන්තර ව ද කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් නො ද කායකර්මය නො ද වාක්කර්මය පිහිටුවයි යනු: පඤ්චවිඥානයෙන් කායකර්මය නො පිහිටුවයි, වාක්කර්මය නො පිහිටුවයි. පඤ්චවිඥානයට සමන්තරව ද නො ද කායකර්මය නො ද වාක්කර්මය නො පිහිටුවයි යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කායකර්මය නො පිහිටුවයි, වාක්කර්මය නො පිහිටුවයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්මය සමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ. පඤ්චවිඥානයට සමනන්තර ව ද කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ.

පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි. සමවතින් නො නැඟේ.

පඤ්චවිඥානයට සමන්තර ව ද සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ.

පඤ්චවිඥානයෙන් ච්‍යුත නො වෙයි, නූපදී යනු: පඤ්චවිඥානයෙන් ච්‍යුත නො වෙයි, නූපදී. පඤ්චවිඥානයට සමනන්තර ව ද ච්‍යුත නො වෙයි, නූපදී යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු ච්‍යුත නො වෙයි, නූපදී.

පඤ්චවිඥානයෙන් නො හොවී, නුපුබුදී, සිහින නො දකී යනු: පඤ්චවිඥානයෙන් නො හොවී, නුපුබුදී, සිහින නො දකී.

පඤ්චවිඥානයට සමනන්තර ව ද නො හොවී, නුපුබුදී, සිහින නො දකී යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු නො හොවී, නුපුබුදී, සිහින නො දකී. මෙසේ ඇති සැටියෙන් වස්තූන් ප්‍රකට කරන ප්‍රඥාව වෙයි.

මෙසේ එක් ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

එකක යි.

818. තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ලෞකිකප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ලෝකොත්තරප්‍රඥා යි.

හැම ප්‍රඥාව කිසි විඥානයෙකින් දතයුතු ය, කිසි විඥානයෙකින් නො දත යුතු ය.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාස්‍රව ප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනාස්‍රවප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසංයෝජනියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්ථනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අග්‍රන්ථනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්ථවිප්‍රයුක්තග්‍රන්ථනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ග්‍රන්ථවිප්‍රයුක්තඅග්‍රන්ථනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනොඝනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඕඝනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඅනොඝනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අයෝගනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනීවරණියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව පරාමෘෂ්ටප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපරාමෘස්ටප්‍රඥා යි.

තුන් භූමියෙහි විපාකයෙහි ප්‍රඥාව උපාදින්නප්‍රඥා ය, තුන් භූමියෙහි කුශලයෙහි තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතයෙහි සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදින්නප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදානියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාංක්ලෙසිකප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසාංක්ලෙසිකප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ක්ලෙශවිප්‍රයුක්තසාංක්ලෙශිකප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ක්ලෙශවිප්‍රයුක්තඅසාංක්ලෙශිකප්‍රඥා යි.

විතර්කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිතර්කප්‍රඥා ය, විතර්කවිප්‍රයුක්තප්‍රඥාව අවිතර්කප්‍රඥා යි.

විතර්කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිචාරප්‍රඥා ය, විචාරවිප්‍රයුක්තප්‍රඥාව අවිචාරප්‍රඥා යි.

ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව සප්‍රීතිකප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව අප්‍රීතිකප්‍රඥා යි.

ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි.

සුඛසම්ප්‍රයුක්තප්‍රඥාව සුඛසහගතප්‍රඥා ය, සුඛවිප්‍රයුක්තප්‍රඥාව සුඛසහගත නො වූ ප්‍රඥා යි.

උපේක්ෂාසම්ප්‍රයුක්තප්‍රඥාව උපේක්ෂාසහගතප්‍රඥා ය, උපේක්ෂාවිප්‍රයුක්තප්‍රඥාව උපේක්ෂාසහගත නො වූ ප්‍රඥා යි.

කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය. රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු කාමාවචර නො වූ ප්‍රඥා යි.

රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු රූපාවචර නො වූ ප්‍රඥා යි.

අරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්න ප්‍රඥා ය යන මොහු අරූපාවචර නො වූ ප්‍රඥා යි.

තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතප්‍රඥාව පර්‍ය්‍යාපන්නප්‍රඥා ය. සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.

සතර මාර්ගයෙහි ප්‍රඥාව නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය. තුන් භූමියෙහි කුශලයෙහි, සතර භූමියෙහි විපාකයෙහි, තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි.

සතර මාර්ගයෙහි ප්‍රඥාව නියත වූ ප්‍රඥා ය. ත්‍රෛභූමකකුශලයෙහි, චාතුභූර්මක විපාකයෙහි, චාතුභූර්මකක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අනියත වූ ප්‍රඥා යි.

ත්‍රෛභූමකකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සඋත්තරප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුත්තරප්‍රඥා යි.

එහි අර්ථොත්පාදකප්‍රඥාව කවර යත්: (ශෛක්ෂපෘතග්ජනයන්ගේ) චාතුර්භූමක කුශලයෙහි, අභිඥා උපදවන්නා වූ සමාපත්ති උපදවන්නා වූ රහත්හුගේ ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අර්ථොත්පාදකප්‍රඥා ය, චාතුර්භූමකවිපාකයෙහි, රහත්හුගේ උපන් අභිඥායෙහි, උපන් සමාපත්තියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව උත්පාදිතාර්ථප්‍රඥා යි.

මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

ද්විකයි.

819. එහි චින්තාමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද (යෝගවිහිත) කර්මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව අනිත්‍ය’ යි හෝ ‘සංඥාව අනිත්‍ය’ යි හෝ ‘සංස්කාරයෝ අනිත්‍යහ’ යි හෝ ‘විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රෙක්ෂාවක් ධර්මනිධ්‍යානක්ෂාන්තියක් මෙරමාගෙන් නො අසා ලබා ද, මේ ‘චින්තාමයප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ශ්‍රැතමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද කර්මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව ... සංඥාව ... සංස්කාරය ... විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුවියක් මුතියක් ප්‍රෙක්ෂාවක් ධර්මනිධ්‍යානක්ෂාන්තියක් මෙරමාගෙන් අසා ලබා ද, මේ ‘ශ්‍රැතමයප්‍රඥා’ යි කියනු ලැබේ. හැම සමාපන්නයාගේ හැම ප්‍රඥාව ‘භාවනාමයප්‍රඥා’ නම් වේ.

එහි දානමයප්‍රඥා කවර යත්: දානචෙතනාව ඇරැබැ දානචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දානමයප්‍රඥා යි කියනු ලැබේ.

එහි ශීලමයප්‍රඥා කවර යත්: ශීලචෙතනාව නිසා ශීලචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ ‘ශීලමයප්‍රඥා’ යයි කියනු ලැබේ. සමාපන්නයාගේ හැම ප්‍රඥාව භාවනාමයප්‍රඥා නම් වේ.

එහි අධිශීලයෙහි ප්‍රඥා කවර යත්: ප්‍රාතිමොක්ෂසංවරය රක්නහුට යම් ප්‍රඥාවක් ප්‍රජනනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිශීලයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි අධිචිත්තයෙහි ප්‍රඥා කවර යත්: රූපාවචරඅරූපාවචර සමවත් සමවදනහුට යම් ප්‍රඥාවක් ප්‍රජනනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිචිත්තයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි අධිප්‍රඥායෙහි ප්‍රඥා කවර යත්: සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාවය. මේ ‘අධිප්‍රඥාවෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි ආයකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්මයෝත් නූපදිති උපන් අකුශලධර්මයෝත් ප්‍රහීණ වෙති, යළි මේ ධර්මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්මයෝත් නූපදිති, උපන් කුශලධර්මයෝත් බහුල බවට විපුල බවට භාවනායෙන් වැඩීමට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘ආයකෞශල්‍යය’ යි කියනු ලැබේ.

එහි අපායකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්මයෝත් නූපදිති, උපන් කුශලධර්මයෝත් නිරුද්ධ වෙති, යළි මේ ධර්මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්මයෝත් උපදිති, උපන් අකුශලධර්මයෝත් බහුල බවට විපුල බවට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘අපායකෞශල්‍ය’ යි කියනු ලැබේ.

සියලු ම ඒ ඒ තැන්හි උපායප්‍රඥාව උපායකෞශල්‍ය නම් වේ.

සිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව විපාකප්‍රඥා නම, සිවු බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘විපාකස්වභාවධර්මප්‍රඥා’ නම, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවවිපාකනවිපාකස්වභාවධර්මප්‍රඥා’ නම් වේ.

තුන් බිම්හි විපාකයෙහි ප්‍රඥාව ‘උපාදින්නොපාදානියප්‍රඥා’ නම, තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නොපාදානියප්‍රඥා’ නම. සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නඅනුපාදානියප්‍රඥා’ නම් වේ.

විතර්කවිචාරයන් හා සම්ප්‍රයුක්ත ප්‍රඥාව ‘සවිතර්කසවිචාරප්‍රඥා’ නම. විතර්ක විප්‍රයුක්ත වූ විචාරය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්කවිචාරමාත්‍ර ප්‍රඥා’ නම. විතර්ක විචාරයෙන් විප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්කඅවිචාරප්‍රඥා’ නම් වේ.

ප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘ප්‍රීතිසහගතප්‍රඥා’ නම. සුඛය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘සුඛසහගතප්‍රඥා’ නම. උපේක්ෂාව හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘උපේක්ෂාසහගතප්‍රඥා’ නම් වේ.

තුන් බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘ආචයගාමිනීප්‍රඥා’ නම. සතර මාර්ගයෙහි ප්‍රඥාව ‘අපචයගාමිනීප්‍රඥා’ නම. සතර බිම්හි විපාකයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවාචයගාමීනාපචයගාමිනීප්‍රඥා’ නම් වේ.

සතර මාර්ගයෙහි තුන් ඵලයෙහි ප්‍රඥාව ‘ශෛක්ෂප්‍රඥා’ නම. මත්තෙහි වූ අර්හත්‍ව ඵලයෙහි ප්‍රඥාව ‘අශෛක්ෂප්‍රඥා’ නම. තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි විපාකයෙහි තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවශෛක්ෂනාශෛක්ෂප්‍රඥා’ නම් වේ.

කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘පරිත්තප්‍රඥා’ නම, රූපාවචරඅරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘මහද්ගතප්‍රඥා’ නම, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අප්‍රමාණප්‍රඥා’ නම් වේ.

එහි පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: පරිත්තධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මහද්ගතාලම්බනප්‍රඥා කවර යත්: මහද්ගතධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මහද්ගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අප්‍රමාණලම්බනප්‍රඥා කවර යත්: අප්‍රමාණධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි මාර්ගාලම්බනප්‍රඥාව කවර යත්: ආර්‍ය්‍යමාර්ගය නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘මාර්ගාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මාර්ගාධිපතිප්‍රඥා කවර යත්: ආර්‍ය්‍යමාර්ගය අධිපති කොට ගෙන යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මාර්ගාධිපතිප්‍රඥා’ යි කියනු ලැබේ. සිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි. ‘අනුත්පන්න’ යි නො කියයුතු ය. සිවු බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ යි. ‘උත්පාදී’ යි නො කියයුතුයි.

හැම ප්‍රඥාව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ යි.

එහි අතීතාලම්බනප්‍රඥා කවර යත්: අතීතධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ අතීතාලම්බනප්‍රඥා ’ යි කියනු ලැබේ. එහි අනාගතාලම්බනප්‍රඥා කවර යත්: අනාගතධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අනාගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා කවර යත්: ප්‍රත්‍යුත්පන්නධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

හැම ප්‍රඥාව අධ්‍යාත්ම ද වන්නේ ය, බාහිර ද වන්නේ ය, අධ්‍යාත්මබාහිර ද වන්නේ යි.

එහි අධ්‍යාත්මාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි බාහිරාලම්බනප්‍රඥා කවර යත්: බාහිරධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘බාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මබාහිරධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

මෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

ත්‍රික යි.

820. එහි කර්මස්වකෘතඥාන කවරෙ යත්: ‘දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, පූජායෙහි ඵල ඇත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මව් ඇත, පියා ඇත, ඕපපාතිකසත්වයෝ ඇත, යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි යම් මෙ බඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘කර්මස්වකෘතඥාන’ යි කියනු ලැබේ. සත්‍යානුලෝමිකඥානය තබා සියලු ම සාස්‍රවකුශලප්‍රඥාව කර්මස්වකෘතඥාන නම. එහි සත්‍යානුලෝමිකඥානය කවරෙ යත්: රූපය අනිත්‍ය යි හෝ වේදනාව - සංඥාව - සංස්කාරය - විඥානය අනිත්‍ය යි හෝ යම් මෙබඳු අනුලෝමික වූ ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රෙක්ෂාවක් ධර්මනිධ්‍යානක්ෂාන්තියක් වේ ද, මේ ‘සත්‍යානුලෝමිකඥාන’ යි කියනු ලැබේ. සතර මාර්ගයෙහි ප්‍රඥාව මාර්ගසමඞ්ගීහුගේ ඥාන යි. සතර ඵලයෙහි ප්‍රඥාව ඵලසමඞ්ගීහුගේ ඥාන යි. මාර්ග සමඞ්ගීහුගේ (යම්) ඥානයෙක් වේ ද, තෙල දුඃඛයෙහි ඥාන ද වෙයි, දුඃඛසමුදයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.

එහි දුඃඛයෙහි ඥාන කවරෙ යත්: දුඃඛය නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘දුඃඛයෙහි ඥාන’ යි කියනු ලැබේ. දුඃඛසමුදය නිසා දුඃඛනිරෝධය නිසා දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.

කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය, රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය, අරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.

එහි ‘ධර්මයෙහි ඥාන’ කවරෙ යත්: සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ධර්මයෙහි ඥානය යි. හෙතෙම මේ දන්නා ලද, දක්නා ලද පැමිණෙන ලද ප්‍රකට කරන ලද බැසැගෙන සිටි මාර්ගඥාන සඞ්ඛ්‍යාත ධර්මයෙන් අතීතානාගතයෙහි නයසඞ්ඛ්‍යාත ප්‍රත්‍යෙවක්ෂාඥානයට පමුණුවයි. ‘අතීතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළහ. අනාගතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අන්වයෙහි ඥාන’ යි කියනු ලැබේ.

එහි ‘පරිච්ඡෙදයෙහි ඥාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තමාගේ) සිතින් පිරිසිඳ දැනගනියි. සරාග වූ හෝ සිත සරාග වූ සිතැ යි දැනගනියි, වීතරාග වූ හෝ සිත වීතරාග වූ සිතැයි දැනගනියි, සදොස වූ හෝ සිත ... වීතදොෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත ... සංක්ෂිප්ත වූ හෝ සිත ... වික්ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... මහද්ගත නො වූ හෝ සිත ... සඋත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... සමාහිත නො වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත ... විමුක්ත නො වූ හෝ සිත විමුක්ත නො වූ සිතැ යි දැනගනී යයි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිච්ඡෙදයෙහි ඥාන’ යි කියනු ලැබේ.

ධර්මයෙහි ඥානය තබා අන්වයෙහි ඥානය තබා පරිච්ඡෙදයෙහි ඥානය තබා අවශෙෂ ඥානය සංවෘතිඥාන යි.

එහි ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥා කවර යත්: කාමාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිස වෙයි, අපචය පිණිස නො වෙයි, සතර මාර්ගයෙහි ප්‍රඥාව අපචය පිණිස වෙයි, ආචය පිණිස නො වෙයි. රූපාවචරඅරූපාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිසත් අපචය පිණිසත් වෙයි. අවශෙෂප්‍රඥාව නො ම ආචය පිණිස නො ද අපචය පිණිස වේ.

එහි නිර්වේදය පිණිස වූ, ප්‍රතිවේධය නො වූ ප්‍රඥා කවර යත්: යම් ප්‍රඥායෙකින් කාමයෙහි පහ වූ රාග ඇත්තේ වේ ද, නො ද අභිඥාවන් නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද, මේ ‘නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. හෙ ම ප්‍රඥායෙන් කාමයෙහි පහ වූ රාග ඇත්තේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරෙයි. නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි. මේ ‘ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. සතර මාර්ගයෙහි ප්‍රඥාව නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වෙයි. අවශෙෂප්‍රඥාව නො ම නිර්වේදය පිණිස නො ද ප්‍රතිවේධය පිණිස වේ.

එහි හානභාගිනීප්‍රඥා කවර යත්: ප්‍රථමධ්‍යානලාභීහු කාමසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගීනීප්‍රඥා ය. තදනුරූප වූ (මිථ්‍යා) ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනී ප්‍රඥා ය, අවිතර්ක (ද්වීතීයධ්‍යාන) සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේද සඞ්ඛ්‍යාත විදර්ශනාඥාන සහගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මනසිකාරයෝ (නිවන් පසක් කරනු පිණිස) පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

ද්වීතීයධ්‍යානලාභීහු විතර්කසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්ෂාසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

තෘතීයධ්‍යානලාභීහු ප්‍රීතිසුඛසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

චතුර්ථධ්‍යානලාභීහු උපේක්ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

ආකාසානඤ්චායතනලාභීහු රූපසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

විඤ්ඤාණඤ්චායතනලාභීහු ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

ආකිඤ්චඤ්ඤායතනලාභීහු විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.

එහි සතර ප්‍රතිසංවිදා කවර යත්: අර්ථප්‍රතිසංවිදා ය, ධර්මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්ථ(හේතුඵල)යෙහි ඥානය අර්ථප්‍රතිසංවිදා ය, ධර්ම(හේතු)යෙහි ඥානය ධර්මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. මොහු සතර ප්‍රතිසංවිදාවෝ යි.

එහි සතර ප්‍රතිපදා කවරහයත්: දුඃඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා ය, දුඃඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා යි.

එහි දුඃඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් (ලෝකොත්තර) සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ ලෝකොත්තරසමාධි සඞ්ඛ්‍යාත ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි දුඃඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි සුඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි සුඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥප්‍රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති ක්ෂිප්‍රාභිඥප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ප්‍රතිපදාවෝ යි.

එහි සතර ආලම්බනයෝ කවරහ යත්: පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා ය, පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා යි.

එහි පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී (කැමැති සේ ලබන සුලු) නො වූ සමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ පරිත්තාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී නො වූ සමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ අප්‍රමාණාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

එහි අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ආලම්බනයෝ යි.

මාර්ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජරාමරණයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණසමුදයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.

එහි ජරාමරණයෙහි ඥාන කවරෙ යත්: ජරාමරණය ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණයෙහි ඥාන’ යි කියනු ලැබේ. ජරාමරණසමුදය ඇරැබැ ... ජරාමරණනිරෝධය ඇරැබැ ... ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.

මාර්ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජාතියෙහි ඥානය ද වෙයි ... භවයෙහි ඥානය ද වෙයි ... උපාදානයෙහි ඥානය ද වෙයි ... තෘෂ්ණායෙහි ඥානය ද වෙයි ... වේදනායෙහි ඥානය ද වෙයි ... ස්පර්ශයෙහි ඥානය ද වෙයි ... ෂඩායතනයෙහි ඥානය ද වෙයි ... නාමරූපයෙහි ඥානය ද වෙයි ... විඥානයෙහි ඥානය ද වෙයි ...

තෙල සංස්කාරයන්හි ඥානය ද වෙයි, සංස්කාරසමුදයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානය ද වේ. එහි සංස්කාරයන්හි ඥානය කවර යත්: සංස්කාරයන් නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරයන්හි ඥාන’ යි කියනු ලැබේ. සංස්කාරසමුදය නිසා ... සංස්කාරනිරෝධය නිසා ... සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.

මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

චතුෂ්ක යි.

821. එහි පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි කවරෙ යත්: පීතිඵරණතා ය, සුඛඵරණතා ය, චෙතොඵරණතා ය, ආලෝකඵරණතා ය, පච්චවෙක්ඛණානිමිත්ත යි. (ප්‍රථම ද්වීතීය) ධ්‍යානද්වයෙහි ප්‍රඥාව පීතිඵරණතා ය, ධ්‍යානත්‍රයෙහි ප්‍රඥාව සුඛඵරණතා ය, පරචිත්තයෙහි ප්‍රඥාව චෙතොඵරණතා ය, දිව්‍යචක්ෂුස ආලෝකඵරණතා ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටියහුගේ ප්‍රත්‍යවේක්ෂාඥානය පච්චවෙක්ඛණානිමිත්ත යි. මේ ‘පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.

එහි පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය කවරෙ යත්: මේ (අර්හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්නසුඛයත් ආයතිසුඛවිපාකත් ඇත්තේ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය ආර්‍ය්‍ය ය, නිරාමිෂ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය මහාපුරුෂයන් විසින් සෙවුනා ලදැ යි තමා කෙරෙහි ම ඥානය උපදී. මේ සමාධිය ශාන්ත ය, ප්‍රණීත ය, කෙලෙසුන් සන්හිඳුවීමෙන් ලබන ලද ය. එකඟ බැවින් පැමිණෙන ලද ය, සප්‍රෙයෝග සිතින් නිග්‍රහ කොට කෙලෙස් වරා පැමිණියේ නො වේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ මම මේ සමාධියට සිහි ඇති ව සමවදිමි සිහි ඇති ව (ඉන්) නැඟෙමී තමා කෙරෙහි ම ඥානය උපදී. මේ පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය වේ. මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

822. එහි ෂට් - අභිඥාවන්හි ප්‍රඥා කවර යත්: සෘද්ධිවිධයෙහි ඥානය, ශ්‍රෝතධාතු විශුද්ධියෙහි ඥාන ය, පරචිත්තයෙහි ඥාන ය, පූර්වනිවාසානුස්මෘතියෙහි ඥාන ය, සත්ත්වයන්ගේ ච්‍යුති - උපපාතයෙහි ඥාන ය, ආස්‍රවක්ෂයයෙහි ඥාන යි. මේ ෂට් - අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

823. එහි සත්සැත්තෑ ඥානවස්තුහු කවරහ යත්: ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිති (ප්‍රත්‍යයාකාර) ඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙක, භවප්‍රත්‍යයෙන් ජාතිය වේ යැ යි ඥානයෙක ... උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යැ යි ඥානයෙක ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වේ යැ යි ඥානයෙක ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැ යි ඥානයෙක ... ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා වේ යැ යි ඥානයෙක ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ යැ යි ඥානයෙක ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැ යි ඥානයෙක ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වේ යැ යි ඥානයෙක ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වේ යැ යි ඥානයෙක ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතැ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වූහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වන්නාහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිතිඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙකි. මොහු සත්සැත්තෑ ඥානවස්තූහු වෙත්. මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

824. එහි සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥා කවර යත්: ශ්‍රොතාපත්තිමාර්ගයෙහි ප්‍රඥා ය, ශ්‍රොතාපත්තිඵලයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීමාර්ගයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීඵලයෙහි ප්‍රඥා ය, අනාගාමිමාර්ගයෙහි ප්‍රඥා ය, අනාගාමීඵලයෙහි ප්‍රඥා ය, අර්හන්මාර්ගයෙහි ප්‍රඥා ය, අර්හත්ඵලයෙහි ප්‍රඥා යි. මේ සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥායි. මෙසේ අෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

825. එහි නව අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා කවර යත්: ප්‍රඥමධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ද්විතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, තෘතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, චතුර්ථධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකාසානඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, සංඥාවෙදයිතනිරෝධසමාපත්තියෙන් නැඟීසිටියහු ගේ ප්‍රත්‍යවෙක්ෂණාඥාන යි. මේ අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

826. එහි තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙය අහේතුක ය, අනවකාශ ය. මෙ කරුණ නො පැනේ යයි මෙහි තථාගත තෙමේ දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.

යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම මව දිවි ගලවන්නේ නම් මේ හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙම මව දිවිගලවන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම පියා දිවිගලවන්නේ නම් ... රහත්හු දිවිගලවන්නේ නම් ... දුෂ්ට වූ සිතින් බුදුන් සිරිරින් ලෙහෙ සොලවා නම් ... සඞ්ඝභෙද කෙරේ නම් ... අන් ශාස්තෘවක්හු උදෙසා නම් ... අට වැනි භවයෙක උපදනේ නම් හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ නො පැනේ යයි දනී. යම් කරුණෙකින් පෘථග්ජන තෙම අටවැනි භවයෙක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.

යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි අර්හත් සම්මාසම්බුදුවරයෝ දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මෙ කරුණ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් අර්හත් සම්මාසම්බුදුවරයෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි සක්විතිරජවරු දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් අර්හත් සම්මාසම්බුදු වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් අර්හත් සම්මාසම්බුදු වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් සක්විතිරජ වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් සක්විතිරජ වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් ශක්‍ර බව ... මාර බව ... බ්‍රහ්ම බව කෙරේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් බ්‍රහ්ම බව කෙරේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.

යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතයාගේ ... මනස්සුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනස්සුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.

යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතසමඞ්ගී වූ ... මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.

යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතසමඞ්ගී වූ ... මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට ගති වූ නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට හේතු වෙත් ද ප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්මය පිණිස කාරණ ය, යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට හේතු නො වෙත් ද, ප්‍රත්‍යය නො වෙත් ද, ඒ ඒ ධර්මය පිණිස අකාරණ යැ යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.

827. එහි තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ විපාකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දනී. කෙසේ ද යත්: ‘ගතිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තීන් බාධිත ව විපත නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත. ප්‍රයෝගසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇතැ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ විපාකය ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.

828. එහි තථාගතයන්ගේ සර්වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නානුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මේ මඟ මේ පිළිවෙත නිරයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත තිර්‍ය්‍යග්යොනිගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත ප්‍රෙත්‍යවිෂයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත මනුෂ්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත දිව්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත නිර්වාණගාමී යි දැනගනී යි එහි යම් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ සර්වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.

829. එහි තථාගතයන්ගේ අනෙකධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම ස්කන්ධනානාත්වය දැනගනී. ආයතනනානාත්වය දැනගනී. ධාතුනානාත්වය දැනගනී. අනෙකධාතුනානාධාතුලෝකනානාත්වය දැනගනී යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ අනෙධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.

830. එහි තථාගතයන් සත්ත්වයන්ගේ නානාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දැනගනි යි. කෙසේ ද යත්: හීනාධිමුක්තික සත්ත්වයෝ වෙති, ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ වෙත්, හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්‍යුපාසනය කෙරෙත්, අතීතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කළහ, භජනය කළහ, පර්ය්‍යුපාසනය කළහ, ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කළහ, භජනය කළහ, පර්ය්‍යුපාසනය කළහ, අනාගතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්‍යුපාසනය කරන්නාහු යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන් සත්ත්වයන්ගේ හීනාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.

831. එහි තථාගතයන් පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම සත්ත්වයන්ගේ ආසය දැනගනී, අනුසය දැනගනියි, චරිතය දැනගනියි, අධ්‍යාශය දැනගනියි, අල්පරජස්ක වූ මහාරජස්ක වූ (ශ්‍රද්ධාදි) තියුණු වූ ඉන්ද්‍රිය ඇති මෘදු වූ ඉන්ද්‍රිය ඇති සුන්දර වූ ආකාර ඇති නපුරු වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍ය වූ සත්ත්වයන් දැනගනී.

සත්ත්වයන්ගේ ආසය කවරෙ යත්: ලෝකය ශාස්වත යැ හෝ ලෝකය අශාස්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ ම ජීව යැ එ ම ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ද නො වන්නේත් වේ යැ හෝ මෙසේ ශාස්වත දෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ උච්ඡෙදදෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ සත්ත්වයෝ වෙති. මේ අන්තද්වයට නො පැමිණ ඉදංප්‍රත්‍යයභාවයෙහි ද ප්‍රතීත්‍යසමුත්පන්නධර්මයන්හි ද විදර්ශනාඥාන සඞ්ඛ්‍යාත අනුලොමක්ෂාන්තිය ලබන ලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද වේ. මේ ‘සත්ත්වයන්ගේ ආසය’ යි.

සත්ත්වයන්ගේ අනුසය කවරෙ යත්: අනුශයයෝ සත් දෙනෙකි: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. යමෙක් ලෝකයෙහි ප්‍රියරූප සාතරූප වේ ද, මෙහි සත්ත්වයන්ගේ රාගානුශය පවතී. යමෙක් ලෝකයෙහි අප්‍රියරූප අසාතරූප වේ ද, මෙහි සත්ත්වයන්ගේ ප්‍රතිඝානුශය පවතී. මෙසේ මේ දෙ දහම්හි අවිද්‍යාව (අරමුණු වශයෙන්) පතිත වෙයි. තදෙකස්ථ වූ මානය ද දෘෂ්ටිය ද විචිකිත්සාව ද දතයුතු. මේ සත්ත්වයන්ගේ අනුශය යි.

සත්ත්වයන්ගේ චරිතය (කරන ලද්ද) කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහද්ගතභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්වයන්ගේ චරිත යි.

සත්ත්වයන්ගේ අධ්‍යාශය කවරෙ යත්: හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ඇත. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ඇති. හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයන් සේවනය කෙරෙති භජනය කෙරෙති, පර්ය්‍යුපාසනය කෙරෙත්. අතීතකාලයෙහි දු ... අනාගත කාලයෙහි දු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තික සත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තික සත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්‍යුපාසනය කරන්නාහු යි. මේ සත්ත්වයන්ගේ අධිමුක්ති යි.

ඒ මහාරජස්කසත්ත්වයෝ කවරහ යත්: කෙලෙශවස්තූහු දශදෙනෙකි: ලෝභ ය ද්වේෂ ය මෝහ ය මාන ය දෘෂ්ටි ය විචිකිත්සා ය ස්ත්‍යාන ය ඖද්ධත්‍ය ය අහ්‍රීකය ය අනපත්‍රපා යි. යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ දශක්ලෙශවස්තූහු සෙවුනා ලද්දාහු ද වඩනා ලද්දාහු ද බහුල කරන ලද්දාහු ද උත්සද (විපුල) කරන ලද්දාහු ද, මොහු ඒ මහාරජස්ක සත්ත්වයෝ යි.

එ අල්පරජස්කසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ දශක්ලෙශවස්තූහු නො සෙවුනා ලද්දාහු ද නො වඩනා ලද්දාහු ද බහුල නො කරන ලද්දාහු ද උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ අල්පරජස්කසත්ත්වයෝ යි.

එ මෘද්වින්ද්‍රියසත්ත්වයෝ කවරහ යත්: ඉන්ද්‍රියයෝ පස් දෙනෙකි: ශ්‍රද්ධෙන්ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්ද්‍රිය ය, ස්මෘතින්ද්‍රිය ය, සමාධීන්ද්‍රිය ය, ප්‍රඥෙන්ද්‍රිය යයි. යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ පඤ්චෙන්ද්‍රියයෝ නො සෙවුනා ලද්දාහු ද, නො වඩනා ලද්දාහු ද, බහුල නො කරන ලද්දාහු ද, උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ මෘද්වින්ද්‍රියසත්ත්වයෝ යි.

ඒ තීක්ෂ්ණෙන්ද්‍රියසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ පඤ්චෙන්ද්‍රියයෝ සෙවුනා ලද්දාහු ද, වඩනා ලද්දාහු ද, බහුල කරන ලද්දාහු ද, උත්සද කරන ලද්දාහු ද, මොහු ඒ තීක්ෂ්ණෙන්ද්‍රියසත්ත්වයෝ යි.

ඒ ද්වාකාරසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් අකුශලාධ්‍යාශය ඇත්තාහු ද, පාපානුශය ඇත්තාහු ද, ලාමකචරිත ඇත්තාහු ද, ලාමකඅධ්‍යාශය ඇත්තාහු ද, මහාරජස්කයෝ ද, මෘද්වින්ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ද්වාකාරසත්ත්වයෝ යි.

ඒ ස්වාකාරසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කල්‍යාණ ද, කල්‍යාණාධ්‍යාශය ඇත්තාහු ද, කල්‍යාණ චරිත ඇත්තාහු ද, කල්‍යාණාධිමුක්ති ඇත්තාහු ද, අල්පරජස්කයෝ ද, තීක්ෂ්ණොන්ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ස්වාකාරසත්ත්වයෝ යි.

ඒ දුර්විඥාප්‍යසත්ත්වයෝ කවරහ යත්: යම් මැ කෙනෙක් ඒ ද්වාකාරසත්ත්වයෝ නම් ඔහු මැ ඒ දුර්විඥාප්‍යසත්ත්වයෝ යි. යම් මැ කෙනෙක් ඒ ස්වාකාරසත්ත්වයෝ නම් ඔහු මැ ඒ සුවිඥාප්‍යසත්ත්වයෝ යි.

ඒ අභව්‍යසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගතයෝ ද, ක්ලේශාවරණයෙන් සමන්වාගතයෝ ද, විපාකාවරණයෙන් සමන්වාගතයෝ ද, අශ්‍රද්ධායෝ ද, කුශලච්ඡන්ද රහිතයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, කුශලධර්මයන්හි සම්‍යක්ත්වනියාම සඞ්ඛ්‍යාත මාර්ගයට බැසගන්නට අභව්‍ය වූවාහු ද, මොහු ඒ අභව්‍ය සත්ත්වයෝ යි.

ඒ භව්‍යසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, ක්ලේශාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, විපාකාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, ශ්‍රද්ධා ඇත්තාහු ද, කුශලච්ඡන්ද ඇත්තාහු ද, ප්‍රඥා ඇත්තාහු ද, කුශලධර්මයන්හි සම්‍යක්ත්ව නියාම සඞ්ඛ්‍යාත මාර්ගයට බැසගන්නට භව්‍යයෝ ද, මොහු ඒ භව්‍යසත්ත්වයෝ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයයෙක්, සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.

832. එහි තථාගතයන් ධ්‍යානවිමොක්ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලෙශව්‍යවදාන ව්‍යුත්ථාන ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: ධ්‍යායී යනු: ධ්‍යායීහු සතර දෙනෙකි: සම්පත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සම්පත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.

අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: ලැසි ව සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් ලැසි ව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, ලැසි ව සමවදී නම් ලැසිව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.

අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: සමාධියෙහි සමාධිකුශල වේ නම්, සමාධියෙහි සමාපත්තිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාපත්තිකුශල වේ නම් සමාධියෙහි සමාධිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාධිකුශල වේ නම් සමාධියෙහි සමාපත්තිකුශල ද වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි නො ම සමාධිකුශල වේ නම් සමාධියෙහි නො ද සමාපත්තිකුශල වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු වෙත්.

ධ්‍යාන යනු: ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්වීතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්ථධ්‍යාන යි.

විමොක්ෂ යනු විමොක්ෂ අටෙකි: රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී. මේ ප්‍රථම විමොක්ෂ ය, අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බාහ්‍යරූපයන් දකී. මේ ද්වීතීය විමොක්ෂ ය. ශුභ යයි අධිමුක්ති ඇත්තේ වෙයි. මේ තෘතීය විමොක්ෂ ය, සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මේ චතුර්ථවිමොක්ෂ ය, සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ පඤ්චමවිමොක්ෂය යි. සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ෂෂ්ඨවිමොක්ෂය යි. සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ සප්තමවිමොක්ෂය යි. සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවෙදයිතනිරෝධයට පැමිණ වාස කෙරේ. මේ අෂ්ටමවිමොක්ෂය යි.

සමාධි යනු: සමාධි තුනෙකි: සවිතර්කසවිචාරසමාධි ය, අවිතර්කවිචාරමාත්‍රසමාධි ය, අවිතර්කඅවිචාරසමාධි යි.

සමාපත්ති යනු: අනුපූර්වවිහාරසමාපත්ති නවයෙකි. ප්‍රථමධ්‍යානසමාපත්ති ය, ද්වීතීයධ්‍යානසමාපත්ති ය, තෘතීයධ්‍යානසමාපත්ති ය, චතුර්ථධ්‍යානසමාපත්ති ය, ආකාසානඤ්චායතනසමාපත්ති ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ය, සඤ්ඤාවෙදයිතනිරෝධසමාපත්ති යි.

සංකෙලෙශ යනු: හානභාගිය ධර්ම යි.

වොදාන යනු: විශේෂභාගිය ධර්ම යි.

ව්‍යුත්ථාන යනු: ව්‍යවදානය ද ව්‍යුත්ථාන ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටීම ද ව්‍යුත්ථාන යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් ධ්‍යානවිමොක්ෂසමාධිසමාපත්තීන්ගේ සාංක්ලෙශව්‍යවදානව්‍යුත්ථාන ඇති සැටියෙන් දන්නා නුවණ’ යි.

833. එහි තථාගතයන්ගේ පූර්වනිවාසයන් (පෙරවිසූකඳපිළිවෙළ) ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම නන්වැදෑරුම් වූ පූර්වනිවාසය සිහි කෙරෙයි. හෙ මෙසේ යි: එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියයකුදු, ජාති දහසකුදු, ජාති ලක්ෂයකුදු, නොයෙක් සංවර්තකල්පයනුදු, නොයෙක් විවර්තකල්පයනුදු, නොයෙක් සංවර්තවිවර්තකල්පයුනුදු, අසුවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගොත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු අහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගොත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මියි මෙසේ ආකාර සහිත ව උද්දෙශ සහිත ව නන්වැදෑරුම් වූ පූර්වනිවාසය සිහි කෙරේ යයි, එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ පූර්වනිවාසයන් ඇති සැටියෙන් දන්නා නුවණ යි.

834. එහි තථාගතයන් සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිවඇසින් ච්‍යුතවන්නා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්ණ වූ දුර්වර්ණ වූ සුන්දරගති ඇති නපුරුගති ඇති සත්ත්වයන් දකී. මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්වාගතයහ, ආර්‍ය්‍යොපවාදකයහ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහ. මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති විවස ව පතිත වන නිරයෙහි උපන්නාහු ය. තවද මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් සමන්වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්වාගතයහ, ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටි ඇත්තාහ, සම්‍යග්දෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සුන්දරගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහු යි මෙසේ මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්ණ වූ දුර්වර්ණ වූ සුන්දරගති ඇති නපුරුගති ඇති සත්ත්වයන් දකී. කම්වූපරිද්දෙන් ගිය සත්ත්වයන් දැනගනී යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.

835. එහි තථාගතයන්ගේ ආස්‍රවක්ෂයයෙහි යථාභූතඥානය කවරෙ යත්: මෙහි තථාගත තෙම ආස්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි ම තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වෙසේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් සංලක්ෂණයෙක් ප්‍රත්‍යුපලක්ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් (අනිත්‍යාදි) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂායෙක් පෘථුලප්‍රඥායෙක් මෙධායෙක් පරිණායිකායෙක් විදර්ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතොදප්‍රඥායෙක් ප්‍රඥෙන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ ආස්‍රවක්ෂයයෙහි යථාභූතඥාන’ යි. මොහු තථාගතයන්ගේ දශතථාගතබලයෝ යි. යම් බලකෙනකුන්ගෙන් සමන්වාගත වූ තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ නම් පිරිස්හි අභීතනාද කෙරේ නම් ශ්‍රේෂ්ඨ වු ධර්මචක්‍රය පවත්වා නම් ඔහු යි.

මෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

ඥානවිභඞ්ග නිමි.