1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.
3. එකල්හි ඒ භික්‍ෂූහු හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.
4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) එකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
5. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.
6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතුසේක.
8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?" යි සිත් වි ය.
9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.
10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?" යි භික්‍ෂූන්ට සිත් වි ය.
11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.
12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.
13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්"යි අවමන් කෙරෙත්, නින්දා කෙරෙත්, දොස් කියත්.
14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.
16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.
17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.
18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ."
19. එකල්හි සවග මහණෝ එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තෝ දැන දැන ආවාසය ඉක්මවා යෙත්.
20. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තහු විසින් දැන දැන ආවාසය නො ඉක්මවිය යුතු ය. යමෙක් ඉක්මවන්නේ නම්, දුකුළාඇවැත් වේ’’
21. එකල්හි මගධෙශ්වර වූ සෙනා ඇති බිම්බිසාර රජ තෙමේ වස් මුලට අදිනු කැමැත්තේ “ආර්‍ය්‍යයෝ ලබන පුර පසළොස්වක් තිථියෙහි වස් එළඹෙන්නාහු නම් යෙහෙකැ" යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
22. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි" යි වදාළසේක.
23. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක් සැවැත් නුවරට පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක.
24. එකල්හි කොසොල්දනව්වෙහි උදෙන නම් උපාසකයා විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ.
25. හෙ තෙමේ “පින්වතුන් වහන්සේ වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි" යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
26. භික්‍ෂූහු, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය යි පණවන ලද්දේ ය, (එහෙයින්) උදෙන උපාසක තෙමේ යම් තාක් භික්‍ෂූහු වස් වෙසෙත් ද, ඒ තාක් බලාපොරොත්තු වේවා. වස් පැවරූවෝ (වස් වැස පවරා නිමවූවෝ) එන්නාහ. යම් ලෙසකින් ඉක්මනින් කළ යුතු කටයුත්තෙක් වන්නේ නම්, එහි ම ආවාසික භික්‍ෂූන්ගේ වෙත විහාරය පිහිටුවාවා" යි කීහ.
27. උදෙන උපාසක තෙමේ "පින්වතුන් වහන්සේ මා පණිවිඩ එවූ කල්හි කෙසේ නම් නො එත් ද? මම දායකයෙක් වෙමි. කටයුතු කරන්නෙක් වෙමි. සඞ්ඝොපස්ථායකයෙක් වෙමි" යි අවමන් කරයි. නින්දා කරයි. දොස් කියයි.
28. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන උදෙන උපාසකයාගේ කතාව ඇසූහ.
29. එකල්හි භික්‍ෂූහු මේ වග භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන් වෙතට සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. මහණෙනි, මහණ මෙහෙණ හික්මෙන්නිය හෙරණ හෙරණි උපාසක උපාසිකා යන මේ සත් දෙනා වෙතට පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. සතියෙන් ආ පසු ඊම කට යුතු ය."
30. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ඉදින් “පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය, සතියෙන් ආපසු ඊම කළ යුතු ය."
31. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දේ වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නි ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– කැප කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– වැසි කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින් හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි' යි භික්‍ෂූන් වෙත දූතයකු එවන්නේ නම් මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියකින් ආපසු ඊම කළ යුතු ය.”
32. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුවක් උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දේ වේ. වැසිකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඬ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට බණ අසන්නට භික්ෂූන් දකින්නට කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
33. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් මෙහෙණි සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා – පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණෙරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දේ වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දී වේ. චඬ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දී වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි' යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආපසු ඊම කළ යුතු ය.
34. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක කැණිමඬලෙන් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිලක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මණක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර සාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූයේ හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍රධර්‍මයක් හෝ කියයි. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් නො නැසේ ද, ඊට පෙර මේ සුත්‍රධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ ද, ඔහුගේ අන් කිසක් හෝ කටයුත්තක් හෝ වේ ද, (එකල) හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
35. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ඉදින් ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක් වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට, දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය."
36. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දී වේ. වැසිකිළියක් කරවන ලද්දී වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඬ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.
37. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්ෂුනමක් උදෙසා –පෙ– මෙහෙණසඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණෙරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක් කැණිමඬලින් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– කඩ පිලක් කරවන ලද්දේ වේ. කඩපිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඬ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූවා හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍ර ධර්‍මයක් හෝ කියයි. –පෙ– ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් පලුදු වේ ද, ඊට පෙර මේ සූත්‍ර ධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී ද, ඈ පිළිබඳ කළයුතු එක්තරා කටයුත්තෙක් හෝ වේ ද, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතු ය."
38. “මහණෙනි, මෙහි මහණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– මෙහෙණක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හික්මෙන්නියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණකු විසින් සඬ්ඝයා උදෙසා –පෙ– හෙරණියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් මහණකු උදෙසා –පෙ– මෙහෙණ සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණෙරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දී වේ. සක්මනෙක් කරවන ලද්දේ වේ. චඬ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයක් කරවන ලද්දේ වේ. ආරාමයක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතුය.”
39. එකල්හි වනාහි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වෙමි. භික්ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවූයේ ය.
40. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ. “මහණෙනි, මහණෙක මෙහෙණක හික්මෙන්නියක හෙරණෙක හෙරණියක යන පස් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? මහණෙනි, මේ පස්දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.’’
41. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. භික්ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි. උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය."
42. “මහණෙනි, මෙහි මහණෙකුහට සසුන්හි කළකිරීමෙක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට කළකිරීමෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා, භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දුතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'කළකිරීම බැහැර කරන්නෙමි හෝ බැහැර කරවන්නෙමි. ඔහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
43. “මහණෙනි, මෙහි මහණෙකුහට කුකුසෙක් උපන්නේ වේ. හෙ තෙමේ “මට කුකුසෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'කුකුස දුරු කරන්නෙමි යි හෝ, දුරු කරවාලන්නෙමි යි හෝ, මොහුට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
44. “මහණෙනි, මෙහි මහණෙකුහට මිසදිටුවක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට මිසදිටුවක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මොහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
45. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම ගරු ඇවැතට පැමිණි යේ පිරිවෙසට සුදුසු වූයේ වෙමි. භික්ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘පිරිවෙස් දීම ඉක්මන් කරන්නෙමි යි හෝ (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යායුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
46. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මූලායපටිකස්සන' නම් විනයකර්‍මයට සුදුසු වූයේ වේ. හෙතෙමේ ‘මම ‘මූලායපටිකස්සන' විනයකර්‍මයට සුදුසු වූයේ වෙමි. භික්ෂූහු එත්වා, භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මූලායපටිකස්සනකර්‍මය' ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.”
47. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මානතට සුදුසු වේ. හෙ තෙමේ "මම මානතට සුදුසු වූයේ වෙමි. භික්ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
48. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම අබ්භානයට සුදුසු වූයේ වෙමි. භික්ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'අබ්භානය දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
49. “මහණෙනි, මෙහි මහණෙකුහට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛෙපණීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. හෙතෙමේ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ වේ. භික්‍ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො ම කරන්නේ ද? කර්‍මය සැහැල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
50. “මොහුට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණියකර්‍මය හෝ උක්ඛෙපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. හෙ තෙමේ “සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. භික්‍ෂූහු එත්වා. භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවතින්නේ ද? මහණුන්ට අනුලොම් ව පවතින්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ' යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේද? සතියෙන් නැවැතිය යුතු ය.”
51. “මහණෙනි, මෙහි මෙහෙණක් ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා හෝ, බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
52. “මහණෙනි, මෙහි මෙහෙණකට කළකිරීමක් වේ. ඕ තොමෝ ‘මට කළකිරීමක් උපන. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'කළකිරීම සංසිඳුවන්නෙමි යි හෝ, සංසිඳුවා ලන්නෙමි යි හෝ, මෑට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනුම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
53. “මහණෙනි, මෙහි මෙහෙණකට කුකුසෙක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට කුකුසෙක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, ‘මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි’ යි හෝ, දුරු කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
54. “මහණෙනි, මෙහි මෙහෙණකට මිසදිටුවක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට මිසදිටුවක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
55. “මහණෙනි, මෙහි මෙහෙණක් ගරු ඇවැතට පැමිණියා මානතට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම ගරු ඇවතට පැමිණියා මානතට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
56. “මහණෙනි, මෙහි මෙහෙණක් මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වේ. ඕ තොමෝ ‘මම මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මූලායපටිකස්සනකර්‍මය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
57. “මහණෙනි, මෙහි මෙහෙණක් අබ්භානයට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම අබ්භානයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවුඩ නො එවූ කල්හි ද ‘අබ්භානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
58. “මහණෙනි, මෙහි මෙහෙණකට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛෙපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝතෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො කරන්නේ ද කර්‍මය සැහැල්ලු කිරීම පිණිස හෝ පෙරළන්නේ දැයි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
59. “මෑට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණියකර්‍මය හෝ උක්ඛෙපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවත්නේ ද? මහණුන්ට අනුලොම් ව පවත්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවත්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ' යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
60. “මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ගිලන් වූවා වෙයි. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයා සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි’ උවැටන් හෝ කරන්නෙමි'යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
61. “මහණෙනි, මෙහි හික්මෙන්නියකට කළකිරීමක් වේ. –පෙ– හික්මෙන්නියකට කුකුසෙක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකට මිසදිටුවක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකගේ ශික්ෂා තොමෝ කිපියා වේ. ඕ තොමෝ ‘මාගේ ශික්ෂා තොමෝ කිපියා ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
62. ‘මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ‘මම උපසපන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
63. “මහණෙනි, මෙහි සාමණෙරයෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
64. “මහණෙනි, මෙහි හෙරණකුට කළකිරීමක් වේ. –පෙ– හෙරණකුහට කුකුසෙක් වේ. –පෙ– හෙරණකුහට මිසදිටුවක් වේ. –පෙ– හෙරණෙක් තෙමේ වස් විචාරණු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම වස් විචාරණු කැමැත්තේ වෙමි. භික්ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි”යි භික්ෂුන්ගේ සමීපයට දුතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ කියන්නෙමි"යි හෝ සත්තාහකරණියයෙන් යායුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය”
65. “මහණෙනි, මෙහි හෙරණෙක් තෙමේ උපසපන් වනු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම උපසපන් වනු කැමැත්තේ වෙමි. භික්ෂූහු එත්වා භික්ෂූන්ගේ ඊම කැමැත්තෙමි’යි භික්ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’’යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
66. මහණෙනි, මෙහි මෙ හෙරණක් තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද 'ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.
67. “මහණෙනි, මෙහි සාමණෙරියකට කළකිරීමක් වේ. –පෙ– සාමණෙරියකට කුකුසක් වේ. සාමණෙරියකට මිසදිටුවක් වේ. –පෙ– සාමණෙරියක් තොමෝ වස් විචාරණු කැමැත්තී වේ. ඕ තොමෝ ‘මම වස් විචාරණු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ, කියන්නෙමි’යි හෝ සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
68. “මහණෙනි, මෙහි සාමණෙරියක් තොමෝ ශික්‍ෂාසමාදානය කැමැත්තී වේ. ඕ තොමෝ “මම ශික්‍ෂා සමාදන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
69. එකල්හි එක්තරා මහණකුගේ මවු තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍රතෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි” යි පුත්‍රයාගේ සමීපයට දුතයකු යැවූ ය.
70. එකල්හි ඒ භික්‍ෂූහුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ටත් පණිවිඩ නො එවූ කල්හි ද පස් දෙනකුන්ගේ සමීපයට යන්ටත් පණවන ලද්දේය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මාගේ මේ මවු තොමෝ ගිලන් වූවා ය. ඕ තොමෝත් උපාසිකාවක් නො වූවා ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මෙබඳු සිතෙක් උපන.
71. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මහණ මෙහෙණ හික්මෙන්නිය සාමණෙරය සාමණෙරිය මවු පියා යන මේ සත් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
72. “මහණෙනි, මෙහි මහණකුගේ මවු ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා, පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි’ යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් කරන්නෙමි’ යි හෝ සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
73. “මහණෙනි, මෙහි මහණකුගේ පියා ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි, යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානොපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් හෝ කරන්නෙමි යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු කිම? සතියෙන් නැවතිය යුතු ය.”
74. “මහණෙනි, මෙහි මහණකුගේ බෑයෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ "මම ගිලන් වූයේ වෙමි මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. බෑයාගේ ඊම කැමැත්තෙමි’ යි බෑයාගේ සමීපයට දුතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
75. “මහණෙනි, මෙහි මහණකුගේ බුහුනක් ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. භ්‍රාතෘගේ ඊම කැමැත්තෙමි’යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
76. “මහණෙනි, මෙහි මහණකුගේ නෑයෙක් ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේ වඩින සේක්වා. පින්වතුන් වහන්සේගේ ඊම කැමැත්තෙමි’යි මහණකුගේ සමීපයට දූතයකු යවන්නේ නම්, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
77. “මහණෙනි, මෙහි භික්‍ෂූන්ගේ මෙහෙකරුවෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
78. එකල්හි සඞ්ඝයාගේ මහාවිහාරයක් නැසී යයි. එක්තරාඋපාසකයකු විසින් වනයෙහි දැවබඩු සිඳවන ලද්දේ වේ. හෙ තෙමේ “පින්වතුන් වහන්සේලා ඒ බඩු අදවා (ගෙන්වා) ගන්නාහු නම්, මම ඒ බඩු පින්වතුන් වහන්සේලාට දෙමි” යි භික්ෂුන්ගේ සමීපයට දුතයකු යැවී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා පිළිබඳ කටයුතු නිසා යන්ට අනුදනිමි. සතියෙන් නැවතිය යුතු ය.”
වස්සාවාසභාණවාරය නිමි.
1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂුහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙති. අල්වා ද ගත්හ. මරා ද හෙළුෑහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්වා ද ගණිත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය'යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
2. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු සර්‍පයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ඩැසීම ද කෙරෙත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
3 “මහණෙනි, මෙහි එළැඹි භික්‍ෂුහු සොරුන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්ලා ගණිත්. ආයුධ වලින් පහර ද දෙත් ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
4. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු පිශාචයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ආවිෂ්ට ද වෙත්. ශරීරඕජාව ද ගණිත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
5. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙති. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
6. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන් ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’යයි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
7. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ජලයෙන් යට වි ය. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’ යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
8. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන ජලයෙන් යට වි ය. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
9. එකල්හි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම සොරුන් විසින් නගා හරිණ ලද්දේ ය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගම පිහිටි තැනට යන්ට අනුදනිමි”. ගම දෙකට බිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉතා බොහෝ ගණනක් ගම් වැස්සන් ඇති තැනට යන්නට අනුදනිමි” ඉතා බොහෝ දෙනෙක් ශ්‍රද්ධා නැත්තෝ නො පහන් වූවෝ වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැදැහැති පහන් මිනිසුන් ඇති තැනට යන්නට අනුදනිමි”.
10. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
11. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
12. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
13. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් ලබත්. සුදුසු වූ උපස්ථායකයකු නො ලබත්. ‘මේ ම අන්තරාය’යයි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
14. “මහණෙනි, මෙහි ස්ත්‍රියක් 'ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමි. නුඹ වහන්සේට රන් හෝ දෙමි. නුඹ වහන්සේට කෙතක් හෝ දෙමි. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමි. නුඹ වහන්සේට ගවයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියක හෝ දෙමි. නුඹ වහන්සේට දාසයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියකු හෝ දෙමි. නුඹ වහන්සේට භාර්‍ය්‍යාව පිණිස දුව හෝ දෙමු. මම හෝ නුඹවහන්සේගේ භාර්‍ය්‍යා වෙමි. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමි’ යි වස් එළැඹි භික්‍ෂුනමකට නිමන්ත්‍රණය කෙරෙ යි. එහි දී ඒ භික්‍ෂුහුහට 'සිත යුහු ව පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ම ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
15. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂුනමකට වෙසඟනක් නිමන්ත්‍රණය කරයි. –පෙ– විවාහයට නො පැමිණ වයසට පත් ස්ත්‍රියක් නිමන්ත්‍රණය කරයි. –පෙ– පණ්ඩකයෙක් නිමන්ත්‍රණය කරයි. –පෙ– නෑයෝ නිමන්ත්‍රණය කරත්. –පෙ– රජහු නිමන්ත්‍රණය කරත්. –පෙ– සොරු නිමන්ත්‍රණය කරත් –පෙ– ධූර්‍තයෝ හෝ ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමු. නුඹ වහන්සේට රන් හෝ දෙමු. නුඹවහන්සේට කෙතක් හෝ දෙමු. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමු. නුඹවහන්සේට ගවයකු හෝ දෙමු. නුඹවහන්සේට දෙනකු හෝ දෙමු. නුඹවහන්සේට දාසයකු හෝ දෙමු. නුඹ වහන්සේට දාසියක හෝ දෙමු. භාර්‍ය්‍යාව පිණිස නුඹ වහන්සේට දුව හෝ දෙමු. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමු' යි නිමන්ත්‍රණය කරත්. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම් බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
16. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ හිමියන් නැති නිධානයක් දකි යි. එහි දී ඒ මහණහුට 'සිත වහා පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
17. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ සඞ්ඝභෙදයට උත්සාහය කරන්නා වූ බොහෝ භික්‍ෂූන් දකී. එහි දී ඒ මහණහුට ‘සඬ්ඝභෙදය තෙමේ බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝ තෙමේ නො බිඳේවා' යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
18. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභෙදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝතෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
19. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභෙදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන් හට සඞ්ඝභෙදය රුචි නො වේවා" යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
20. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභෙදයට උත්සාහය කෙරෙත් ල’ යි අසයි. මහණෙනි, එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභෙදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
21. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය ආයුෂ්මතුන්හට සඞ්ඝභෙදය රුචි නො වේවා යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය' යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
22. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂුන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. මා විසින් කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභෙදය රුචි නො වේවා’යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
23. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභෙදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ ය. ඔවුන්ට මම ‘නැගනියෙනි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභෙදය රුචි නො වේවා’ යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය” යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
24. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභෙදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ නො වෙත්. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔහු මාගේ යෙහෙළියෝ වෙත්. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභෙදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු' ය යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
25. ‘මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී ඒ මහණහුට ඒ මෙහෙණො මාගේ යෙහෙළියෝ ය. මම ඔවුන්ට ‘නැගනියෙනි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභෙදය රුචි නො වේවා" යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
26. මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී මහණහුට “ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ නො වෙත්. එහෙත් යම් මෙහෙණෝ ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔවුන් මාගේ මිතුරෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභෙදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභෙදය රුචි නො වේවා' යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
27. එකල්හි එක්තරා මහණෙක් ගාලෙහි වස් එළැඹෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාලෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි. ගාල අන් තැනකටගියේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාල ගොස් සිටි තැනට යන්නට අනුදනිමි’.
28. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි ගැල් පදවන්නන් හා යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, ගැලේ වස් එළැඹෙන්නට අනුදනිමි.”
29. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි නැවක යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි.
30. එකල්හි භික්‍ෂූහු ගස් සිදුරෙක වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “පිශාච පැටවුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගස් සිදුරෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
31. එකල්හි භික්‍ෂූහු රුක් වෙළෙප්හි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මුව වැද්දන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි රුක් වෙළෙප්හි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
32. එකල්හි භික්‍ෂූහු එලිමහනෙහි වස් එළැඹෙත්. වැසි වස්නා කල රුක් මුලට ද (ගෙවල්හි) අගුසෙවනට ද දුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එලිමහනෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
33. එකල්හි භික්‍ෂූහු සෙනසුන් නැත්තාහු වස් එළැඹෙත්. සීතයෙන් ද උෂ්ණයෙන් ද ක්ලාන්ත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
34. එකල්හි භික්‍ෂූහු සොහොන්කිළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මිනී දවන්නන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සොහොන් කිළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
35. එකල්හි භික්‍ෂූහු ඡත්‍රය යට වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “ගොපලුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඡත්‍රය යට වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
36. එකල්හි භික්‍ෂූහු සැළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “තීර්‍ත්‍ථකයන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඅැවැත් වේ.”
37. එකල්හි සැවැත් නුවර දී සඞ්ඝයා විසින් “වස ඇතුළත පැවිදි නො කළ යුතු ය” යි කතිකාවක් කරණ ලද්දී ය. මිගාරමාතු වූ විශාඛාවගේ මුනුබුරෙක් භික්‍ෂූන් කරා එළඹ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ‘ඇවැත්නි, ‘වස ඇතුළත පැවිදි නො කළ යුතු ය.’ යි සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද්දී ය. ඇවැත්නි, භික්‍ෂූහු යම් තාක් වස් වැස නිමවත් ද ඒ තාක් බලාපොරොත්තු වෙව, වස් වැස නිම කළාහු පැවිදි කරන්නාහු” යි මෙසේ කීහ.
38. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැස නිම කළාහු මිගාර මාතු වූ විශාඛාවගේ මුණුබුරාට “ඇවැත්නි, දැන් එව, පැවිදි වෙව” යි කීහ. හෙතෙමේ “ස්වාමීනි, මම පැවිදි වූයේ වීම් නම්, මම (සසුනෙහි) සිත් අලවා වසන්නෙමි. ‘ස්වාමීනි, මම දැන් පැවිදි නො වන්නෙමි’ යි මෙසේ කීයේ ය. මිගාරමාතෘ වූ විශාඛා තොමෝ ‘පින්වතුන් වහන්සේලා කෙසේ නම් වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකාවක් කරත් ද? “කිනම් කලෙක ධර්‍මය තෙමේ නො හැසිරිය යුතු දැ?’ යි අවමන් කරයි. නින්දා කරයි. දොස් කියයි.
39. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන මිගාර මාතෘ වූ විශාඛාවගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකා නො කට යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.
40. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් විසින් පසේනදි කොසොල් රජුගේ පෙරවස් විසීමට ආරාධනාවක් ගිවිස ගන්නා ලද්දේ ය.
41. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දුටුයේ ය. ඔහුට “මම මේ ආවාස දෙක්හි වස් වසන්නෙම් නම් යහපත් ය. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි මෙබඳු සිතෙක් වි ය.
42. හෙ තෙමේ ඒ ආවාස දෙක්හි වස් විසී ය. පසේනදි කොසොල් රජ තෙමේ “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආර්‍ය්‍ය උපනන්‍ද ස්ථවිර තෙමේ අපගේ වස් ආරාධනාව ගිවිස (පිළිගෙණ) වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?’ යි අවමන් කරයි. නින්දා කරයි. දොස් කියයි.
43. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන පසේනදි කොසොල් රජුගේ ඒ කතාව ඇසූහ. ඔවුන් අතුරෙහි යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
44. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භිකෂුසඞ්ඝයා රැස් කරවා ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් පිළිවිසිසේක. “උපනන්‍දය, පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙළෙහි සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබව”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, තෝ කෙසේ නම් පසේනදි කොසොල් රජුගේ වස් ආරාධනාව පිළි ගෙණ වෙනස් කෙළෙහි ද? හිස්පුරුෂය, මා විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ ද? හිස්පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නොවේ” යි ගැරහූසේක. ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතුසේක:
45. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස්ආරාධනාවක් පිළිගන්නා ලද්දේ ය. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දකියි. ඔහුට ‘මම මේ ආවාස දෙකෙහි වස් වසන්නෙම් නම් යෙහෙක. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි මෙබඳු සිතෙක් උපන. හෙතෙමේ ඒ ආවාස දෙකෙහි වස් විසී ය. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
46. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභොග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
47. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභොග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
48. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභොග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
49. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් (=වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභොග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
50. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුට පෙර වස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
51. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ පෙර වස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
52. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙතෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණ සතියක් ඇති කල්හි (=පවාරණ දිනයට සතියක් තිබිය දී) කටයුතු සහිතව බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වේවා මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. “ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
53. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසී මෙහි ද දුකුළාඇවැත් වේ.”
54. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙතෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
55. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණි සතියක් ඇති කල්හි කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
56. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසු වස ද නො පෙණෙයි ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
57. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඅඇවැත් වේ.”
58. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඅැවැත් වේ.”
59. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
60. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළා ඇවැත් වේ.”
61. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් (= වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
62. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ වර්‍ෂා මාස සතර අවසන්හි යෙදෙන කුමුදුමල් පිපුම් හෝ සඳරැස් ඇති ඉල් මස පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
63. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
64. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුට පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
65. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ චාතුමාසිනී කොමුදී නම් ඉල් පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
තෙවෙනි වස්සූපනායික්ඛන්‌ධකය නිමි.
එහි උද්දානය (වස්තු නාමමාලාව) මෙසේ ය:–
1. වස් එළඹෙන්නට අනුදැනීම, කවර සෘතුවක දැ යි පිළිවිසීම, කෙතෙක් දැ යි පිළිවිසීම, වස් වැස චාරිකාවෙහි හැසිරීම, වස් විසීමට නො කැමැති වීම, දැන දැන ආරාමය ඉක්මවීම, වස්සුක්කඩ්ඪනය, උදෙන උපාසක.
2. ගිලන් වීම, මවු ගිලන් වීම, පියා ගිලන් වීම, සොහොයුරකු ගිලන් වීම, නෑයකු ගිලන් වීම, මෙහෙකරු ගිලන් වීම, විහාරය, චණඩ වල් සිවුපාවුන්ගේ අන්තරාය, සර්පයන්ගේ අන්තරාය,
3. සොරුන්ගේ අන්තරාය, පිශාචයන්ගේ අන්තරාය, ගම ගින්නෙන් දෑම, සෙනසුන ගින්නෙන් දෑම, ගම හා සෙනසුන දියෙන් යට වීම හෝ අන්තරායට පත් වීම, ගම හැර යෑම, වැඩි ගම්වැස්සන් වෙතට යෑම, දෙන්නන් කරා යෑම.
4. රළු හෝ මිහිරි ආහාර නො ලැබීම, හිත බොජුන් නො ලැබීම, හිත බෙහෙත් නො ලැබීම, උපස්ථායකයකු නො ලැබීම, ස්ත්‍රිය, වෙසඟන, තරුණ කුමරිය, පණ්ඩක, නෑ යන මොවුන්ගෙන් වන අන්තරාය.
5. රජ, සොර, ධූර්‍ත යන මොවුන්ගෙන් වන අන්තරාය, නිධානය, සඞ්ඝභෙදය, ගාල, ගැල, නැව, රුක්සිදුර, රුක්වෙළෙප.
6. එලිමහනෙහි වස් විසීම, සෙනසුන් නැත්තහු වස් විසීම, සොහොන් කිළියෙහි, ඡත්‍රයෙහි, සැළියෙහි ඒ භික්‍ෂූහු වස් එළඹෙත් යන්න ද
7. කතිකාව, වස් ගිවිස බැහැර වස් විසීම, යන මොහු වෙත්. අන් තැනක පොහොය කොට වස් වසන තැනට පැමිණීම, පෙරවස පසුවස වශයෙන් සුදුසු පරිදි යොදන්නේ ය.
8. සත්තාහකරණියයෙන් නිකරුණේ බැහැර යයි. එසේ ම කරුණු සහිත ව බැහැර යයි. දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි.
9. පවාරණයට සත්දිනක් තිබිය දී ගොස් පෙරළා පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වසට අන්තරාය නැති බව – යන මොහු උද්දානයෙහි ඇතුළත් වස්තූහු වෙත්. පෙළමග නුවණින් පරීක්‍ෂා කරන්නේ ය.
මේ ඛන්‍ධකයෙහි වස්තූහු දෙපණසෙකි.