1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට වැසිසළුසිවුර අනුදන්නා ලද වෙයි. සවගමහණහු ‘භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නාලදැ’යි කැල ම වැසිසළුසිවුරු සොයති. කැල ම කොට නිවාසනය කෙරෙති, වැසිසළුසිවුර දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවග මහණහු කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළාහු ද, වැසිසළුසිවුරු දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි කැල ම වැසිසළුසිවුරු සොයවූ ල, කැල ම කොට නිවාසනය කරවූ ල, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමවු ලැ’යි. සැබව ‘භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “තුච්ඡපුරුෂයෙනි, කෙසේ නම් තෙපි කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළහු ද, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු ද. තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ ව සිටියේ යයි මහණහු විසින් වැසිසළුසිවුර සෙවියයුතු ය. ගිමන් සාරමස සම්බන්‍ධ අඩමසෙක් ශේෂ ව සිටියේ යයි කොට නිමවා හැන්ද යුතු ය. ඉදින් ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ යයි (කියයුතු තැනට) මෑත භාගයෙහි වැසිසළුසිවුරක් සොයා නම් ගිමන් සාරමස සම්බන්‍ධ අඩ මසෙක් ශේෂ යයි කියයුතු තැනට මෑතභාගයෙහි කොට නිවාසනය කෙරේ නම් නිසඟිපචිති වේ” යයි.
2. මාසො සෙසො ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං. පරියෙසිතබ්බං යනු: යම් මිනිස් කෙනෙක් පෙරත් වැසිසළුසිවුරු දෙද්ද ඔවුන් වෙත එළඹ මෙසේ කියයුත්තාහ: “වැසිසළුවට කාලය වෙයි. වැසි සළුවට සමය වෙයි. අන් මිනිස්සු ද වැසිසළු සිවුරු දෙතැ”යි. “මට වැසිසළුසිවුරක් දෙන්න. මට වැසිසළුසිවුරක් ගෙණෙන්න. මට වැසිසළුසිවුරක් පිරිවටා දෙන්න. මට වැසිසළුසිවුරක් විකොට ගෙණ දෙන්නැ”යි නො කියයුත්තාහ.
අද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්‍වා නිවාසෙතබ්බං යනු: අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හැන්ද යුතු ය.
ඔරෙන චෙ මාසො සෙසො ගිම්හානං යනු: අයිරා මසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළුසිවුර සොයා නම් නිසඟිපචිති වේ.
ඔරෙනද්ධමාසො සෙසො ගිම්හානං යනු: අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳී නම් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැදිය යුතු යි. මහණෙනි, මෙසේත් නිසැදිය යුතු යි: “වහන්ස, මගේ මේ වැසිසළුසිවුර අයිරා අඩමසක් ශේෂ ව සිටි. ගිම්හානයෙහි සොයන ලද්දේ අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳින ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙනේනේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
3. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරා සන් ඇතියේ වැසිසළු සිවුර සොයා නම්, නිසඟිපචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ වැසිසළුසිවුර සොයා නම් නිසඟි පචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ වැසිසළුසිවුරක් සොයා නම් නිසඟිපචිති වේ.
4. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ.
5.වැසිසළුව ඇතිකල්හි ලිහිණිව කය තෙමා නම් දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
6. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
7. ගිමන් සිවුමසින් මසක් ශේෂ යයි වැසිසළුසිවුරක් සොයා නම්, ගිමන් සිවුමසින් අඩමසක් ශේෂ යයි කොට නිමවා හඳී නම්, ගිමන් සිවුමසින් උනුමසක් ශේෂ යයි වැසිසළුසිවුර සොයා නම්, ගිමන් සාරමසින් උනුමසක් ශේෂ යයි කොට හඳී නම්, සොයන ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, හඳනා ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, දොවා බහා තැබියයුතු ය. සුදුසුකල්හි හැන්ද යුතු ය. අසිඳැගත් සිවුරු ඇතියාට, නටසිවුරු ඇතියාට, උවදුරු ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට, ඇවැත් නැත්තේ යි.
වස්සිකසාටික ශික්‍ෂාපදය නිමි.