1748. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං –පෙ– පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්තීති.
1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්‍රිය ... පඤ්ඤින්ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.