2266. ලොකයාගේ පූජාවන් පිළිගන්නා වූ පස්මරුන් ජයගත් පසැස් ඇති පදුමුත්තර බුදුරජහු වනයෙන් නික්ම විහාරයට වඩිති.
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත්සිත් ඇති තාදී ගුණ යුත් බුදුරජුන් පිදීමි.
2268. ඒ චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභව කොට මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනෙමි.
2269. මෙයින් පණස්වෙනි කපෙහි මහත් මහත් බල ඇති ජනාධිපති වූ සමිත්තනන්‍දන නම් සක්විති රජෙක් වීමි.
2270. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.