1705. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්‍රිය ... පඤ්ඤින්ද්‍රිය යී. මහණෙනි, මම යම්තාක් මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බොධිය (=බුද්ධත්වය) අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දත්තෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බොධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට පස්විකුම්නැණ ද පහළ විය. මාගේ අරහත්ඵලවිමුක්තිය නො සැලේ (නො පිරිහේ). මේ අන්තිම ඉපැද්ම යි. දැන් පුනර්භවයෙක් නැතැ යි.