ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 19. කුටජපුප්‌ඵිය වර්ගය

185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය

2175. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)

2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභොග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලොකබන්ධු වූ බුදුරජුන්හට දුනිමි.

2177. එහි අටලක්ෂයක් බුද්ධශ්‍රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්‍ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.

2178. ඒ චිත්තප්‍රසාදය හේතුකොටගෙණ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.

2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.

2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.