ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 9. තිමිර වර්ගය

90. පදූමපුප්ඵිය ස්ථවිරාවදානය

1547. මම නෙළුම් වනයට (=පොකුණකට) පිවිසියෙම් මල් බිඳින්නෙම් (=නෙළන්නෙම්) දෙතිස්මහපුරිස්ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.

1548. මම නෙළුම්මල් ගෙණ (ඒ බුදුරජුන් උදෙසා) අහසට දැමීමි. ඒ ප්‍රසන්නකර්‍මය කොට අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි.

1549. පැවිදි ව සංවරණය කළා වූ කයින් ද සිතින් ද යුතු ව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.

1550. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1551. කල්ප අටළොසක පදුමාභාස නම් වූ අටළොස් රජකෙනෙක් වූහ. (එසේ ම) අටසාළිස් රජකෙනෙක් ද වූහ.

1552. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

පදුමපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.