ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 3. සතිපට්ඨාන සංයුක්තය » 5. අමත වර්ගය

3.5.10. ආසවසුත්තං

3.5.10. ආසව සූත්‍රය

1228. තයො’මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො: කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො ආසවා. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං පහානාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු –පෙ– චිත්තෙ –පෙ– ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං පහානාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.

1228. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මෙ ආස්‍රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.