ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 5. උපාලි වර්ගය

44. සන්නිට්ඨාපක ස්ථවිරාවදානය

1184. (මම) ලාභ අලාභ දෙකින් ද, යස අයස දෙකින් ද, (සම සේ) සතුටු වූයෙම් කඳු අතුරෙහි වූ අරණෙහි කුටියක් කොට (ගෙණ) වෙසෙමි.

1185. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෘහයක් වැනි වූ පදුමුත්තර බුදුරජතෙමේ සියක් දහසක් භික්ෂූන් විසින් පිරිවරණ ලදුයේ මාගේ සමීපයට එළඹියේ ය.

1186. එළඹ සිටි පදුමුත්තර නම් වූ මහාවීරයන් වහන්සේ (දැක) මම ඒ ශාස්තෲන් වහන්සේට තණ ඇතිරියක් පණවා දිනිමි.

1187. පැහැදුනු සිත් ඇති සොම්නස් සහිත වූ මම සෘජුගුණ ඇති බුදුරජානන් වහන්සේට පහන් සිතින් කැකිරි ද පැන් ද දිනිමි.

1188. මෙයින් කල්ප ලක්ෂයකින් පෙර වූ එකල්හි (මම) යම් දනක් දුන්නෙම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. කැකිරි දානයාගේ මේ ඵලය යි.

1189. එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුක්ත වූ මහත් බල ඇති අරින්දම නම් සක්විතිරජෙක් වීමි.

1190. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සන්නිට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

සන්නිට්ඨාපක ස්ථවිරාවදානය සිවුවැනි යි.