ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 4. කුණ්‌ඩධාන වර්ගය

36. අධිමුත්ත ස්ථවිරාවදානය

1086. මනුෂ්‍යොත්තම වූ අත්ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදි සිතින් යුතු ව භික්ෂු සඞ්ඝයාට උපස්ථාන කෙළෙමි.

1087. සෘජු ගුණ යුත් එකඟ සිත් ඇති සංඝරත්නය පවරා මඩුවක් කරවා උතුම් සඞ්ඝයාට උක් වැළඳවීමි.

1088. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යොනියක උපදිම් නම්, සියලු සත්ත්වයන් අභිභවනය කරමි. මේ (එ ම) පුණ්‍යකර්මයාගේ ඵලය යි.

1089. කල්ප එක්දහස්අටසියයකට පෙර වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක් දනෙහි මේ විපාකය යි.

1090. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.

අධිමුත්තස්ථවිරාවදානය සවැනි යි.