988. කැණිමඬල උසින් රියන් එකහමාරකි. අට වියතෙක් එය පිරිකෙව් කෙරෙයි. (වටප්රමාණය වියත් අටකි.) එලය නැති ඇට්ටේරිය අරටුවෙන් සෑදු කැණිමඩල කොහි පිහිටියා (බිමට) නො වැටේ ද?
989. සෘජු නැති සාරදාරුයෙන් තැනූ තිසක් පමණ ගොනැස්හු හාත්පසින් සම ව පිරිවරා සිටියාහු ද ඔවුහු (එකිනෙක) මනා කොට එකට බලයෙන් පෙළන ලද්දාහු මනාකොට එකට බැඳී සමබරට උඩින් සිටියාහු වෙත් ද, එහෙයින් නො වැටෙත්.
990. මෙසේ නුවණැති රජ දඩි මිතුරු වූ නො බිඳෙන සුලු වූ පිරිසුදු ගති පැවැතුම් ඇති මැතිවරුන් හා දඩිසේ සම්බන්ධ වූයේ, මනාසේ සම්බන්ධ වූ ගොණැස් බර දරන කැණිමඩල මෙන් රාජසම්පතින් නො පිරිහේ.
991. යම්සේ අවි ඇත්තේ ඝන ලෙල්ල ඇති නාරන්ගෙඩියේ ලෙල්ල සැස ඉවත් නො කරන්නේ, නාරන්ගෙඩියේ රස තිත්ත කෙරේ ද, ලෙල්ල සැස ඉවත් කරන්නේ රස මිහිරි කෙරේ ද, තුනී ලෙල්ල සැස ඉවත් කරන්නේ (එහි රසය) අමිහිරි කෙරේ ද,
992. මෙසේ නුවණැති රජ තෙමේ සැහැසි නො වී ගම්නියම්ගම්හි අයබදු අය කරන්නේ අනුන් නො පෙළා දහම් අනුව පැවැත්මෙන් පිළිපදනේ හේ අභිවෘඬිය කරන්නේ ය.
993. පොකුණුවල සුදුමුල් ඇති පිරිසුදු ජලයේ හටගත් හිරු රැසින් පිපුණු පියුම්හි යම්සේ මඩ හෝ රජස් (දූවිලි) හෝ ජලය හෝ නො තැවරේ ද,
994. අගති රහිත ව නඩු විනිශ්චය කරන සාහසික ක්රියා නැති, පාපක්රියා නැති හෙයින් පවිත්ර වූ රජ තෙමේ පොකුණුවල හටගත් පියුම (පොකුණුදිය හා නො තැවරෙන්නා) මෙන් කර්ම ක්ලෙශ හා නො වැකෙයි.
1. කුක්කු ජාතක යි.