604. අසංයත වූ තා ශ්‍රමණයෙකැ යි සිතමින් ලඟට ආවෙමි. හෙතෙම අශ්‍රමණයකු මෙන් මට දණ්ඩකින් පහර දුනි.
605. අඥානය, තට ජටා කුමට ද? තට අඳුන් දිවිසම් කුමට ද? තාගේ අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් ගහන ය. එසේ වුව ද (සිරුර) ඔප කරන්නෙහි ය.
606. ගෝධය, මෙහි එව නවතුව, ඇල්හාලේ බත බුදිනු. (තවත්) බොහෝ තලතෙල්, ලුණු, වගපුල් මට ඇත.
607. ඒ මම සතපොරිස ප්‍රමාණය වූ තුඹසකට යලිත් ඇතුළු වෙමි. තලතෙල් ලුණු ඇතැ යි කියහි. වගපූල් ආදිය මට අපථ්‍ය යි.
5. ගෝධ ජාතක යි.