ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 3. තික නිපාතය » 4. අබ්භන්තර වර්ගය

(288) 8. මච්ඡුද්දාන ජාතකය

469. මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා අගිතී යන්න අදහන්නෙක් නැත. මෙහි මට ද මාසක සතක් ඇත. මම ද ඒ මාළු වැළ මිල දී ගතිමි.

470. මසුන්ට කෑම දී මට පින් අනුමෝදන් කෙළේ ය. තා අනුමෝදන් කළ ඒ පින සිහි කරන මා විසින් තොපගේ ධනය රක්නා ලදී.

471. දුෂ්ටසිත් ඇතියාට දෙලෝ දියුණුව සිදු නො වේ. අධර්‍මකර්‍ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වඤ්චා කෙළේ ද දෙවියෝ ඔහු නො පුදත්.

8. මච්ඡුද්දාන ජාතක යි.