ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 3. තික නිපාතය » 4. අබ්භන්තර වර්ගය

(283) 3. වඩ්ඪකීසූකර ජාතකය

454. ව්‍යාඝ්‍රය තෝ පෙරැ මේ පෙදෙසේ සියලු හූරන් මැඩ ගෙන (හූරන් කෙරෙහි) උතුම් හූරන් මරමින් හැසිරුනෙහි ය. දැන් තෝ තනිව බැහැර වැ සිතමින් සිටින්නෙහි ය. ව්‍යාඝ්‍රය අද තාගේ කායශක්තිය නැත්තේ ද?

455. මේ හූරෝ පෙරැ භයින් පීඩිත වැ රැකෙන තැන් සොයන්නෝ වෙන් වෙන් වැ දිශාවෙන් දිශාවට යති. දැන් ඔහු එක් රැස් වැ එක්වලා නාද කෙරෙති. යම් තැනෙක සිටියා වූ මොහු අද මා විසින් මැඩලිය නො හැකියෝ යි.

456. රැස් වූ හූරු සමූහයාට නමස්කාර වේවා! අද්භූත වූ මිතුරු බවක් තෙමේ දැකැ කියමි. යම් තැනෙකලා දළැති හූරෝ ව්‍යාඝ්‍රයා දිනූ ද, දළ බල කොට ඇති හූරන්ගේ සමගි බලය නිසා සතුරා මැඩ මරණයෙන් මිදුණාහ.

3. වඩ්ඪකීසූකර ජාතක යි.