311. මම ජීවීකාර්ර්‍ථ වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.
312. එකත්තෙන් මේ කය බිඳී යේවා, මාංශපෙශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.
313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.
314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පරාක්‍රමය බලව, (මා විසින්,) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ.
බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මුදිත ස්ථවිරගාථා යි.