ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » 3. උදායි වර්ගය

2.3.7. නිරොධසුත්තං

2.3.7. නිරෝධ සූත්‍රය

573. යො භික්ඛවෙ, මග්ගො යා පටිපදා තණ්හානිරොධාය සංවත්තති, තං මග්ගං තං පටිපදං භාවෙථ. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා පටිපදා තණ්හානිරොධාය සංවත්තති: යදිදං සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො –පෙ– උපෙඛාසම්බොජ්ඣඞ්ගො. කථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා තණ්හානිරොධාය සංවත්තන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති –පෙ– උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා තණ්හානිරොධාය සංවත්තන්තීති.

573. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී ද? මේ සත් බොජ්ඣඞ්ගයෝ යි, කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපෙඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලද්දාහු මෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් යි.