ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 2. රථකාර වර්ගය

3.1.2.8.

3.1.2.8.

18. සචෙ වො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: දෙවලොකූපපත්තියා ආවුසො සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති?1 නනු තුම්හෙ භික්ඛවෙ එවංපුට්ඨා අට්ටීයෙය්යාථ, හරායෙය්යාථ, ජිගුච්ඡෙය්යාථාති? එවම්භන්තෙ. ඉති කිර තුම්හෙ භික්ඛවෙ දිබ්බෙන ආයුනා අට්ටීයථ, හරායථ, ජිගුච්ඡථ, දිබ්බෙන වණ්ණෙන – දිබ්බෙන සුඛෙන – දිබ්බෙන යසෙන – දිබ්බෙන ආධිපතෙය්යෙන, අට්ටීයථ, හරායථ, ජිගුච්ඡථ. පගෙව ඛො පන භික්ඛවෙ තුම්හෙහි කායදුච්චරිතෙන අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං. වචීදුච්චරිතෙන –පෙ– මනොදුච්චරිතෙන අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං.

18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, දෙව්ලොව උපදනා සඳහා මහණගොයුම්හු කෙරෙහි බඹසරවස් වැසෙන්නේ වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, තෙපි මෙසේ පුළුවුස්නා ලද්දහු පීඩිතවන්නහු නොවවු ද, ලජ්ජිතවන්නහු නොවවු ද, ජුගුප්සා ඇත්තහු නොවවු දැ යි. වහන්ස, එසේය. මහණෙනි, මෙසේ තෙපි දිව්‍ය ආයුෂින් පීඩිත වව, ලජ්ජිත වව, හටගත් ජුගුප්සා ඇති වව, දිව්‍ය වූ වර්‍ණයෙන් – දිව්‍ය වූ සුඛයෙන් – දිව්‍ය වූ යශසින් – දිව්‍ය වූ ආධිපත්‍යයෙන් පීඩිත වව, ලජ්ජිත වව, ජුගුප්සා ඇති වව, මහණෙනි, තොප විසින් කැල ම කායදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව. වාග්දුශ්චරිතයෙන් ... මනොදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව.