27. අථ ඛො ආයස්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ්කමි –පෙ– එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්‍දො –පෙ– භගවන්තං එතදවොච :
27. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
‘භවො, භවො’ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, භවො හොතීති?
වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි?
කාමධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථාති?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො.1 අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති2 පුනබ්භවාභිනිබ්බත්ති හොති.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි කර්‍මචෙතනාව පිහිටියාය, කර්‍මප්‍රාර්‍තථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
රූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා'ති?
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම්, රූපධාතුව කිම, පැණේ ද?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නොවේ මැයි.
ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා, පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව රූප ධාතුයෙහි පිහිටියාය, කර්‍මප්‍රාර්‍තථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්භව සඞ්ඛ්‍යාත අභිනිර්වෘතිය වෙයි.
අරූපධාතුවෙපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථාති?
ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ මැයි.
ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා. පත්ථනා පතිට්ඨිතා. එවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හොති. එවං ඛො ආනන්ද, භවො හොතීති.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචෙතනාව අරූපධාතුයෙහි පිහිටියාය. කර්‍මප්‍රාර්‍තථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්භව සඞ්ඛ්‍යාත අභිනිර්වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.