549. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා. දස්සනම්පහං1 භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං2 වදාමි. සවනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. උපසඞ්කමනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. පයිරුපාසනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. අනුස්සතිම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. අනුපබ්බජ්ජම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. තං කිස්ස හෙතු: තථාරූපානං භික්ඛවෙ, භික්ඛූනං ධම්මං සුත්වා ද්වයෙන3 වූපකට්ඨො විහරති කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. සො තථා වූපකට්ඨො විහරන්තො තං ධම්මං අනුස්සරති අනුවිතක්කෙති.
549. මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ශීලසම්පන්න වෙත් ද, සමාධිසම්පන් වෙත් ද, ප්‍රඥාසම්පන්න වෙත් ද, විමුක්තිසම්පන්න වෙත් ද, විමුක්තිඥානදර්ශනසම්පන්න වෙත් ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ දැක්මත් බොහෝ උපකාර යැ යි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන්ගේ (වදන් ) ඇසීමත් බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන් වෙත එළඹීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්ෂූන් ඇසුරු කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්ෂූන් සිහි කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්ෂූන් අනුව පැවිදිවීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, එබඳු භික්ෂූන්ගේ දහම් අසා කායවිවේකය, චිත්තවිවේකය යන උභයවිවේකයෙන් යුතු වැ වෙසේ. හෙතෙමේ එසේ වෙන් ව වසන්නේ ඒ දහම සිහිකරයි, පුනපුනා සිතයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු යථා4 වූපකට්ඨො විහරන්තො තං ධම්මං අනුස්සරති අනුවිතක්කෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ තස්ස භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති.
මහණෙනි, මහණ යම්කලෙක යම්සේ වෙන් ව වසන්නේ ඒ ධර්මය සිහි කෙරේ ද පුනපුනා සිතා ද එසමයෙහි ඒ මහණහු විසින් සතිසම්බොඡ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. යම්කලෙක මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ සතිසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයයි. නුවණ හසුරුවයි. විමසීමට පැමිණේ.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං.
මහණෙනි, මහණ යම්කලෙක එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයාද, නුවණ හසුරුවා ද, විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහු විසින් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. මහණ යම් සමයක ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි ඒ මහණහුගේ ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන ඔහුගේ වීර්යය අරඹන ලද වෙයි, සංලීන නො වේ.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා.
මහණෙනි, යම් කලෙක ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන මහණහුගේ වීර්යය අරඹන ලද වේ ද අසංලීන වේ ද, එසමයෙහි මහණ විරියසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ විරියසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඇරඹූ වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. පීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති.
මහණෙනි, යම් කලෙක ඇරඹූ වැර ඇති මහණහුට නිරාමිස ප්‍රීතිය උපදී ද එසමයෙහි මහණහු විසින් පිතිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වේ. යම් කලෙක මහණ තෙමේ පිතිසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පිතිසම්බොඡ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කයත් සැහැල්ලු වේ, සිතත් සැහැල්ලු වේ.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං යස්මිං1 සමයෙ භික්ඛු භාවෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. පස්සද්ධකායස්ස සුඛං හොති සුඛිනො චිත්තං සමාධියති.
මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සැහැල්ලු වේ ද සිතත් සැහැල්ලු වේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. සැහැල්ලු කාය ඇතියහුට සුවය වේ. සුව ඇතියහුගේ සිත එකග වේ.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
මහණෙනි, යම් සමයෙක සැහැල්ලු කය ඇති මහණහුගේ සිත එකග වේ ද එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් සමයෙක මහණ සමාධිසම්බොඡ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ සමාධිසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ මහණ එසේ එකග වූ සිත මැනවින් මැදහත් ව බලන්නේ වෙයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
මහණෙනි, යම් කලෙක මහණ එසේ එකඟ වූ සිත මනා කොට මැදහත් ව බලන්නේ වේ ද එසමයෙහි මහණහු විසින් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, සත්තසු බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසු සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්ත ඵලා සත්තානිසංසා: දිට්ඨෙව ධම්මෙ පටිගච්ච2 අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති.
මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හී මෙසේ බහුල කල කල්හී සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියය යුතුය. කවර සත් පල කෙනෙක් ද කවර සත් අනුසස් කෙනෙක් ද, යත්: දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් එකල්හි මැරෙන කළ රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් එකල්හි ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් නො ගෙවා) අතර පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හී ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් ගෙවා කෙළවර) ළගට පැමිණ පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හී ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු වෙයි.
නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා සසංඛාරපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා සසඞ්ඛාරපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, සත්තසු බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසු ඉමෙ සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු නො වේ නම්, එකල්හී ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිතව පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නොවේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිතව පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිත ව පිරිනිවෙනසුලු නොවේ නම්, එකල්හී ඔරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අකනිටා යනසුලු උද්ධංසොතයෙක් වෙයි. මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි සත් ඵලයෝ සත් අනුසස්හු කැමති විය යුත්තාහු යි.